Dec 3, 2010

දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැම පිටුපස ජයලත් සැබවින්ම සිටියාද....?

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි දිනේෂ ගුණවර්ධන මහතාගේ කතාවත් සමගින් රටපුරා ඇවිලි ගිය පුවත වූයේ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනයේදී ජනපතිතුමන්ගේ පැමිණීමට විරෝධය දක්වන විට හා ඒ සිදුවීම් දාමය පිටුපස එජාප පාර්ලිමේන්තු නියෝජිත දොස්තර ජයලත් ජයවර්ධන සිටයා යන්නයි. ඒ පිළිබදව තවමත් එකින් එක පරස්පර විරෝධී අදහස් මතුවෙමින් තිබේ. එසේ සිටියානම් එය සමාව දිය නොහැකි තරමේ වරදකි. එය දේශයට විනකරන කරතව්‍යයකි. ඒ සදහා දිය යුතු දඩුවම එදා පවන ගීත තැටියේ නන්දා මාලනී කියූ ලෙසම රට පාවා දෙනඋන්ගේ මුහුණට කෙළගැසිය යුතුය යන්න සිදුකල යුතුමය.

එහෙත් තවමත් එය ඔප්පු වී නොමැති හෙයින් ​එවන් වූ දැඩිදඩුවම් වලට අවතීර්ණ වීමට කල් වැඩිය. ජයලත් ජයවර්ධන මහතා යනු පසුගිය යුද සමයේද මෙවැනි චෝදනා වලට කීප අවස්ථාවකදිම ලක් වූ පුද්ගලයෙකි. කලක් කොටි දොස්තරයයි නමක්ද පටබැද තිබුණේ කොටි පුල්ලි පිටේ මතුවීමේ සැකයකටදැයි අපට එකල හැගුනේය. උතුරේ සංවර්ධන කටයුතු කියා හැමදාම එහි ගොස් කොටින් අතරින් මතුවීම එකල දැඩි මතභේදයකට තුඩු දුන් සිදූවීමක්ද විය.

කෙසේ වෙතත් දැන් තත්වය අනුව නැවතත් දොස්තර මහතාට එරෙහිම උත්තරිතර සභාගැබේදීම යථෝක්ත චෝදනාවම එල්ලවී ඇත. ඔහුටම මේ චෝදනාව එල්ල වන්නේ ගින්නක් නැතිව දුමක් නැගිය නොහැකි බවට සාධක සැපයීමක් ලෙසින්දෝ දැන් දැන් අපටද හැගී යයි. පසුගිය යුද සමයේදී රටම කොටින්ට විරැද්ධව කට​ ​හොලවද්දී මෙතුමන්ගේ කට වැසී තිබුනේ දන්ත රෝගයක් හේතුවෙන් වෙන්නට ඇතැයි අප උපකල්පනය කරමු.
ජයලත් ජයවර්ධන මහතා පසෙකින් තැබු පසු ජනපති සංචාරයට දින කිපයකට පෙර බිරිතානියේ සිට ඩයස්පෝරාව මෙහෙයවූ සම්මේලනයට සහභාගී වී කලු පැහැති වස්තරයකින් සැරසී සිරිලංකාව නිරැවත්කල විකාරබාහු කරැණාරත්න පිලිගත යුත්තේ කෙසේද යන්න අපට ගැටලුවක් ඇත. පිරබාහරන් නැමති අලුගෝසුවා සමග නාන තටාකයේ ජලකරනම් ගැසූ බවටද චෝදනා ලැබ සිටින ඔහු පිළීගැනීමට රටට හිතැති ඔබව බාර කිරීම අපේ ඉසව්වේ අපේ කාර්්‍යයි.




රජය තුලද රටට විනකරන පිරිසක් ඇත. ඔවුන්ද හොදින් හදුනාගැනීම වඩා ඉක්මණින් කලයුත්තකි. එවිට ඔවුන් පිළිගන්නා අයුරැද තීරණය කිරීම පහසුය. නමුත් අංගුලිමාල නැමති දාමරිකයාගේ කල්කිරියාවන් ගැන අංගුලිමාල නැමති තෙරැන්ට දෙස් තැබීමනම් අනුවණ කිරියාවකි. එය ඔලුවෙන් සිතිය යුත්තකි. ජයවර්ධන දොස්තර මහතා හෝ වේවා..විකාරබාහු හෝ වේවා...මනෝ ගනේෂන් නම් කොටින්ගේ කොළඹ නියෝජිතයා හෝ වේවා රටට වින කරයි නම් ඔවුන්ට කල යුත්ත ජනතා අධිකරණයට බාරය.

විකිලික්ස්....තහනම් කලේ ඇයි???.....ඇත්තම කතාව

අදවන විට අමරිකාව මූලික කරගෙන ලෝකයටම නවමු පුවත් යාවත්කාලීන කල විකිලීක්ස් වෙබ් අඩවිය ම​තභේදාත්මක හේතූන් මත අඩපණ කර ඇත. රටක රහස් ලොවට හෙලිකිරීම යහපත් හා සාධාරණීය කරණය කිරීමට අපේ ඉසව්ව ඉදිරිපත් නොවෙයි. ඒත් ඒ හෙලිකල රහස් අතර අපේ ලංකාවද රැදී තිබීම යනු අපද එම කතාවට තවත් එක් මාතෘකාවක් සපයා ඇති බවට හෙලිවීමත් සමගම අපි ඒ පිළිබද සත්‍ය තත්වය හෙලිදරව් කරගැනීම වඩා යෝග්‍ය බව අපි අවබෝධකරගත යුතුය.

අමරිකාව පවසා ඇති ආකාරය අනුව විකිලීක්ස් වෙබ් අඩවිය කර ඇති වැරැද්ද නම් අමරිකානු රහස් ​විකිලික්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙලිදරව් කිරීමයි. ඒ හේතුවෙන් මීට පෙර අමරිකානු රජය අදාල වෙබ් අඩවියේ හිමිකරැට රතු නිවේදනය නිකුත් කලත් ඉන්පලක් නොවූ අතර විකිලික්ස් තවදුරටත් අමරිකාවට මෙන්ම ලෝක දේශපාලනයටද වැදගත් වන රහස් රැසක් අමු අමුවේ ලොවට ගෙනහැර දැක්වීය.

එය ලෝකයටම උණු උණුවේ කැවුම් මෙන් පුවතක් විය. නමුත් අමරිකාවටනම් එය එසේ නොවීය. ඉරාක යුද්ධයේ අසමත් වූ තැන්..ජනසංහාර සිදුවීම්..ඇප්ගනිස්ථාන යුද්දයේ සිදුවූ වැරදීම් හා සංහාර පමණක් නොවෙයි පෙන්ටගනය හරහා ලෝක තහනම් සංවිධාන පෝෂණය කරමින් ලෝක සාමය ගැන පොලිස් පාට් දැමීමේ සැබෑ පුවත් ​විකිලික්ස් හරහා ලොවටට එලිදරව් වීම අමරිකාවට දරාගන්නටම බැරිවිය.


අවසානයේ තහනම් කිරිමට ඔන්න මෙන්න තිබියදී තවත් ඓතිහාසික හෙලිදරව් කිරීම් දෙකක් සිදුකලේය. එකක් නම් රැසියානු අගමැති වරයා සම්බන්ධ පුවතකි. අනෙක් කරැණෙන් කියවුනේ ලාංකික අපගේ ඇග කිලිපොලා යන පුවතකි. ඉන් කියවූයේ ලංකාව පිළිබද රහස් තොරතුරැ රැගත් ලිපියක් අමරිකානු තානාපති කාර්යාලය හරහා අමරිකාවට යවා ඇති බවයි. එහෙත් මේ පුවත එලිවීමත් සමගම වාගේ විකිලීක්ස් තහනම් විය.

අමරිකාව නොසිතූ නොපැතූ පරිදි මුලුගැන්වී කල නැටුම් පෙන්ටගනයෙන් පාරට පැන නිව්යෝර්ක් වොෂින්ටන් පමණක් නොව ඉන්දියාවේ ලංකාවේ වීදි වලද තෙනා කෙලින්නට වීම අමරිකාවේ නිරැවත ලොවට පෙන්නන්නක් විය. අමරිකාවේ වෙබ් අඩවියක් මගින් අමරිකාව පතුරැ ගැසීම ගැන එක පැත්තකින් දුකය. එක පැත්තකින් හිනහය තවත් පැත්තකින් භයානකය.


නියර මෙහෙමනම් කුඹුර කොහොමදැයි උපකල්පනය කරගත හැකිවාක් මෙන් මේ එලියට ආවේ සාම්පල් පමණය.තම කොපමණ ඇත්දැයි දන්නේද අමරිකාව පමනය. ඔය ආවේ කසකාරයාය....පෙරහැර තාම මග එති. එබැවින් තව තව ඒවා හෙලිදරව් විය හැකිය. ආරංචියේ හැටියට නම් මෙය ආරම්භකලේ විකිලික්ස් පමණක් වුවත් එය දිගට කරගෙන යාමට ලෝක පරසිදු පුවත් වෙබ් අඩවි ගණනාවක් සුදානමින් ඇති බවයි. එය එසේනම් අමරිකාව දැන් වැඩ වරද්දාගෙන තිබේ.

හිටපු අමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මේ වෙනුවෙන් පවසා​ සිටියේ මෙම කර්තව්‍යය නිසා සිදුවන්නේ බොහෝ දෙනෙකුගේ රැකියා නැතිවීමත් බොහෝ​ දෙනෙකුගේ ජීවිත නැතිවීමත් බවයි. අමරිකාව රහස් සංවිධාන (කොටි සංවිධානය ද ඇතුලුව) පෝෂණය කිරීමෙන් ලොවට කිරීමට බලාපොරොත්තුවූ කොඩිවිනය දැන් ආපස්සට හැරවී ඇත. එය විකිලීක්ස් තහනම් කිරිමෙන් නැවැත්විය හැකියයි අපි විශ්වාස නොකරයි. එබැවින් මේවා අතිසාරයට අමුඩ ගැසීම වැනි දෑය. එබැවින් අයාගත් දෑසින් කොඩිවිනය කෙටූ ඇත්තන්ටම එය හැරවී පල දෙන අයුරැ සයිබර් අවකාශයට වී අපි බලා සිටිමු.

සාපරාධී යුධ අපරාධ චෝදනා මත ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ තැතක් හෙලිවේ

තිස්වසරක කුරිරැ යුද්ධය අවසන් කල ජනපතිතුමන් සාපරාධී යුධ අපරාධ චෝදනා මත ලන්ඩනයේදි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති බවට අද ජාත්‍යන්තර වෙබ් අඩවි කීපයක්ම හෙලිදරව් කලා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇමරිකානු රහස් හෙලිකලායයි චෝදනා ලැබ සිටින විකිලීක්ස් වෙබ් අඩවිය විශේෂ හෙලිදරව්වක් කරමින් පවසා සිටියේ මෙරට අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලියවිල්ලක් පිළිබදවයි. නැවත වතාවක් අමරිකානු රජය මගින් අදාල වෙබ් අඩවියට රතු නිවේදන නිකුත් කිරිමට මෙය තවත් හේතුවක් විය.

තවද ජනපතිවරයාගේ බිරිතානී සංචාරයට පෙර එරට අගමැති සිදුකල අභූත චෝදනාවත්..චැනල් 4 ​වීඩීයෝවේ නැවත දර්ශනයත්..දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැමත් එක සිදුවීමක පුරැක් ලෙසින් සම්බන්ධ වෙමින් ඇති අතර අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලිපියද මෙහි තවත් පුරැකකි. මෙම සිදුවීම් දාමයේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ කොටි කාඩරයන් පරාජය කල රාජ්‍යය නායකයා සාපරාධී චෝදනා මත ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමයි. නමුත් එය කෙසේ හෝ වැලකිම යහපතකි

Dec 2, 2010

බිරිතානිය ලැජ්ජාවිය යුතුය....ඒත් එසේ ලැජ්ජාවක් නැති බව ද දනිමු

පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීමු අනුව තවමත් එල්.ටී.ටී.ඊ හොල්මන් ජාත්‍යන්තරය අතර හොල්මන් කරන බව මනා කොට පෙන්වීය. තිස් වසරක යුද්ධය නිමාකල අතිගරැ ජනාධිපතිදුන් ගේ එංගලන්ත සංචාරය ආරම්භකල මොහොතේම ලන්ඩනයේ ආරක්ෂාව වැඩිම හා වැඩිම පිරිසක් ආගමනය විගමනය වන ගුවන්තොටුපල බවට බිරිතානිය පාරම්බාන හීතෲ තොටුපලට රැස්වූ එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ කාඩරයන් උඩුබුරන්නට පටන්ගත්හ. කිසිදිනක බල්ලන්ගේ උඩුබිරැමට සිංහයන් බිය නොවන බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ මැතිදුන් තම ගමන නැවතීම සිදුනොකලහ

දරැණු යුද්ධයක් පැවති සමයේ පවා රාජ්‍ය නායකයින්ට යහතින් සිය කර්තව්‍යයන් කිරීමට තරම් සිරිලක් බිම සවිමත් වෙද්දී ලෝකෙට ලොක්කන් බවට නරිවාදන් දෙසා බාන බිරිතානියට ගරැගාම්භීර රාජ්‍ය නායකයෙක්ට ආරක්ෂාව සැපයීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුත්තේ නොවේද?

අද ලංකාවේ ඊලාම් කොඩියක් දිග අරින්නට හදන මොනයම් කාඩරයෙක්ට හෝ වේවා වෙන දෙය ඔබව වැටහෙනවා ඇත. ලංකාව කොටි අවසන් කර ඇත.බිංදුවටම අවසන් කර ඇත. නමුත් බිරිතානියට තහනම් සංවිධානයක් වන කොටින් ගේ නාඩගම් නතරකර ගැනීමට බැරිවීම විලිසංහදිය ඇති අයෙක්ට හිටගෙන මුත්තරා පිටවෙන වැඩකි

හැමදෙයින්ම පේන්නේ මේ පුංචි රට කොටි පැරැද්දවීම ගැන තවමත් ලෝකෙට ලොක්කන්ට හොදටම දැනී ඇති බවයි. ඒ ලැජ්ජාවට කරන්නට ඇති එකම දේ මෙය පමණක් බව අපට සිතාගත හැක. ඒත් හෙට දින වුවද එංගලන්ත අගමැති මේ සිරිලකට ආවොත් අවසන් සටන පැවති බිමට පවා ගෙන ගොස් පිරබාහරන් නැමති අලුගෝසුවා මරාදැම්මේ මෙහියයි පෙන්නන්නට තරම සවිමත් රණවිරැවන් පිරිසක් මේ රටේ සිටීම සිරිලක් අම්මාට මහා ආඩම්බරයකි.

මේ මොහොතේ බොරදියේ මාලුන් දඩයම් කරන්නන් සිටින බවද පෙනෙන නමුත් එදත් කොටින්ට අතදුන් සිංහල කොටින් ගේ පුල්ලි දැක බලා ගත හැකි තවත් ස්වර්ණමය අවස්තාවක් බව අප කිවයුතුමය. අපි මේ මොහොතේ ලාංකිකයන් වශයෙන් එකාවන්ව සිටිය යුතුය.

මේ පිළිබද ඡායාරෑප සහිතව අපේ අනෙක් අඩවියේ ලිපියකින්ද අනාවරණය කර ඇත. එය ඔබට මෙතැනින් එම ලිපිය බැලිය හැක.

මේ වකවානුව චැන්ල් 4..අල් ජසීරා..හියුමන් රයිට් වැනි ආයතන ලංකාවට සාපරාධී යුධ අපරාද චෝදනා එල්ල කරන සමයකි. එබැවින් සියලු දේ කනින් අසා නුවණින් කටයුතු කල යුතු සමයකි. එබැවින් ලෝකය ඉදිරියේ අපේ රට පෝරකයට ගෙනයාමට එරෙහිව අප පෙලගැසිය යුතු අවස්ථාවකි.


සිරිලක් පොළවේ කාදිනල් උතුමන්


එදා ලංකාවටම සතුට පිබිදුන දවසකි. ලංකාවාසී හැමදෙනාම කතාබහ කලේ කලකට පසුව මේ පුංචි දිවයිනෙන් බිහිවන කතෝලික දේව සභාවට ආලෝකයක් වන සිරිලක් පහන් තරැව ගැනයි. අතිඋත්තම මැල්කම් රංජිත් අගරදගුරු හිමාපාණෝ වතිකානුවේදී පාප් වහන්සේ අතින් කාදිනල් හිස් පළදනාව ලබන අයුරැ ආගමික භේදයකින් තොරව ලක්වැසියන් හද පිරි සන්තෝසයෙන් බලා සිටියහ.

කාදිනල් තනතුරේ වැදගත්කම ලෝකවාසි ජනතාව ඉතා හොදින්ම දන්නා අතර එය නිසිකලට අපේ අගරදගුරු තුමන්ට හිමිවීම ඉතා සතුට දනවන සිදුවීමක් බව හදවතින්ම ප්‍රකාශකල යුතුය.

උන්වහන්සේ ලක්පොලොවට පය තබන මොහොතේ ආගමික සහජීවනය පෙන්නුම කරමින් සෙත් පිරිත් සජ්ජායනය කිරීමත්, සැදැහැවත් ලෙසින් ඒ පිරිත් අසා සිටීමෙනුත් උන් වහන්සේ එය තවත භාවිතාවෙන්ම ඔප්පු කල සේක.

අපි උන්වහන්සේට උන්වහන්සේගේ ආගමික දර්ශනය අනුව දෙවි පිහිටාශිර්වාදය පතන අතර අපේ දර්ශනය අනුව සිරිලක් පොළවේ කාදිනල් උතුමන්ට තෙරැවණ් සරණ පතමු.



Oct 5, 2010

නිදහස් ගහේ ජාතික මල් පිපෙන තුරු...




1948 දී ලැබුනේ ඇත්තම නිදහසක් කියල හිතුවට මේ රටට වපුරන්න ඕන පරගැති චින්තනේ හැමදෙයක්ම වපුරලා තමයි යන්න ඕන හැම ආක්‍රමනිකයේක්ම ගියේ. එත් මේ රටේ මිනිස්සුන්ට ඕන උනානම් අඩුමගානේ ඉන්දියාව වගේවත් ස්වජාතික සංකල්පයක් යටතේ නැගිටින්න එකට ඕනෑතරම් ඉඩකඩ තිබුනා. අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර , එස්. මහින්ද හාමුදුරුවෝ, වගේ ජාති මාමක වීරයෝ සිංහලයා නැගිට්ටවන්නට උගුර බැරැන්ඩි වෙනකම්ම කැගහුවත් ඒවා බීරි අලින්ට වීනා වයනවා වගේ උනේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති..

කොතරම් ජාතික වාදී නායකයන් හිටියත් සිංහලයට තමන්ගේ රට ගැන හැබැම කැක්කුමක් දැනෙනකන් කිසිම දෙයක් හරියන්නේ නෑ කියන කතාව හරියටම හරි කියල හොදටම තේරුම් ගන්න අපිට පුළුවන්. කොහොම උනත් විවධ උවදුරු ආවම රට ජාතිය ගැන මතක් උනාට අනිත් හැම වෙලාවටම " බඩ එකට රට දෙකට " කියන සංකල්පේ නූලටම ක්‍රියාත්මක වෙනවා.

කොතරම් ජාතික වාදී නායකයන් හිටියත් සිංහලයට තමන්ගේ රට ගැන හැබැම කැක්කුමක් දැනෙනකන් කිසිම දෙයක් හරියන්නේ නෑ කියන කතාව හරියටම හරි කියල හොදටම තේරුම් ගන්න අපිට පුළුවන්. කොහොම උනත් විවධ උවදුරු ආවම රට ජාතිය ගැන මතක් උනාට අනිත් හැම වෙලාවටම " බඩ එකට රට දෙකට " කියන සංකල්පේ නූලටම ක්‍රියාත්මක වෙනවා.

Sep 19, 2010

අහිංසක මේ ඇස්...හැමදාම අහිංසකයි.. [ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]


සුහර්ථ,

මම දන්නේ නෑ මේවගේ ලියුමක් ලියන එක හරිද වැරදිද කියලවත් නමුත් මේදේ මම නොකලොත් මගේ හිතට තවත් ලොකු වදයක් වෙනවා. එකයි අමාරුවෙන් හරි මෙහෙම ලියන්නේ. අපි දෙන්නම කැම්පස් එකට ආවේ එකම දවසේ. අපි දෙන්න විතරක් නෙවෙයි රවිදුත් එහෙමයි. රවිදු මුල ඉදලම මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටිය. මට රවිදු ආදරේ කරනවා කියල දැනගත්තම මට ගොඩක් ලොකු සතුටක් දැනුන. මම එදා වගේම තමයි රවිදුට ආදරේ කරන්නේ. එකේ පොඩි හරි අඩුවක් තියනවා කියලා ඔයා වැරදිලාවත් හිතන්න එපා.

රවිදු කියන්නේ නිශ්ශබ්ද කෙනෙක් විතරක්ම නෙවෙයි හැමදේම හොදට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. එයට ලොකු ඉවසීමක් තියනවා, එකයි වැඩියත්ම මම එයට ආදරේ කලෙත් ඒ වගේම කරන්නෙත්. ඔයාව මම මුලින්ම දැක්කේ කැන්ටීන් එක ගාව පඩිපෙලේදී. එතකොටත් රවිඳුට මගේ ආදරේ දීල ඉවරයි. එකම බැජ් එකේ උනත් ඔයාව මම දැක්කේ එදාමයි. එකත් අහම්බෙන්. මම එදා ඔයා දිහා වුවමනාවකින් බැලුවේ නෑ අදටත් එකේ වෙනසක් නෑ. එදා පඩි පෙලේදී මම රවිඳුගේ කැප් එක දාගෙන හිටිද්දී ජීවිතේට කතාකරලා නැති ඔයා කොහෙද ඉඳගෙන ඇවිත් " ඔයා ඔය කැප් එක දාගෙන හිනාවෙනකොට හරිම සුන්දරයි" කියල කිව්වම මම ගල් ගැහිලා ගියා. ඒක විහිළුවක් කියලා තේරුනේ ඔයයි ඔයාගේ යාළුවො ටිකයි හොදට හිනා වෙනකොට තමයි. මාව ගල් ගැහිලා යන විහිළු කරලා ඔයාල හිනාවෙනකොට අතේ තිබුන බෑග් එකෙන්ම දෙන්න මට හිතුනා. රවිඳු ළඟ නැති අසරණකම හිතට දැනිලා මුණ රතුවෙනකොට ඔයා යාලුවොත් කතාකරන් එතනින් ගියේ මගේ මුණ දැකල වෙන්නැති.

ඔයා නිතර මුණ ගැහුනා, මමත් හිනාවුනා ඔයත් හිනාවුනා හරිම අමුතු විදියකට, මම රවිඳු එක්ක යද්දී පවා ඔයාගේ ඒ අමුතු බැල්ම නැතිවුනේ නෑ. මම ඒ දවස්වල නිතරම කල්පනා කළා ඒ ගැන. දවසක් රවිදුට කියන්නත් හදල මම නිකන් හිටිය. එත් ඔය හැමදාම මගේ ඇස්දෙක දිහා බලන්න ගත්තා..දෙයියනේ මම කොහොමද කලබල නොවී ඉන්නේ කොහෙවත් යන කොල්ලෙක් මගේ ඇස්දෙක දිහා එහෙම බලනකොට. රවිදු මගේ ඇස්දෙක දිහා බලනවටත් වඩා උනන්දුවෙන් ඔයා මගේ ඇස්දෙක දිහා බැලුවේ ඇයි සුහර්ථ,,මේ ඇස්දෙක රවිදුට ලියලාදීලා ඉවරයි..ඇස්දෙක විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේම එයාට දීලා ඉවරයි.

දවසක් මම පුස්තකාලේ පොතක් තෝරද්දී පොත් මිටියක් රාක්කෙන් අතට ගත්තම දැක්කේ පුරුදු අස්දෙකක් දෙයියනේ ඔයා එහා පැත්තේ ඉදන් මගේ ඇස්දෙක දිහා බලන් ඉන්නවා..ඒ වගේම දවසක් ලෙක්චර් හෝල් එකේ ඈත ඉදන් ඔය මගේ ඇස්දෙක දිහා හිනාවෙලා බලන් ඉන්නවා..කෙල්ලෙක් කොහොමද මේදේවල් ඉවසන්නේ..ඔයටනම් ඒවා තේරෙන්නේ නැතුව ඇති..එත් සුහර්ථ මම වෙනකෙනේක්ගේ..ඔයා ඔය ඇස්දෙකෙන් කියන දේ මට හොදට දැනෙනවා..එත් මම ඒ දේට ආස නෑ..මම හැමදාටම රවිදුගේ විතරමයි

දවසක් නොහිතපු වෙලාවක මගේ මොබයිල් එකට එස්. එම්. එස්. එකක් ආව ඔයාගෙන්.." ඔය ලස්සන ඇස් ළඟ මම නැවතිලා හෙලවෙන්නවත් බෑ..මව බේරගන්න කියලා.." අනේ සුහර්ථ..ඔය විදියට කෙල්ලෙක්ගෙ හිතත් එක්ක සෙල්ලම් කරන්න එපා..ඒක මහා පව් වැඩක්..මගේ හිත මෙච්චරටම කලබල කලේ ඔයයි..මගේ හිත පන්සලක බෝමළුවක් වගේ මම නිස්කලංකව තියාගෙනයි මම රවිදුට ආදරේ කලේ.... පින්සිද්දවෙයි මගේ හිත අවුල් කරන්න එපා..

ඔය මුණ දිහා බලාගෙන.. ඔය හිනාව දිහා බලාගෙන මට ඔයාගේ කම්බුලට ගහන්න මට බෑ..ඒක දවසක් හරි මත එක්ක කතා කරපු ඔයාට එහෙම කරදරයක් කරන්න මට බෑ..එකයි මෙහෙම ලියන්නේ..මගෙන් ඈතට යන්න..පුළුවන් තරම්..ඔයා තවත් මගේ අස්මායිමට එන්න එපා..මම රවිදුට ආදරෙයි..ඒ ආදරේට බාධා කරන්න එපා..මගෙන් ඔයාට වැඩක්නෑ..ඔයාට පණදෙන්න සූදානම් කෙල්ලෝ මේ කැම්පස් එකේ ඉන්නවා කියලා මම දන්නවා..අන්න ඒ කාටහරි ඔයාගේ ඔය හිනාවයි , ඇස්බැල්මයි දෙන්න හැමදාටම..මේ අහිංසක කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න..එයාගේ අහිංසක හිතට පාඩුවේ ඉන්න දෙන්න..එයාගේ හිත වෙනස්කරන්න හදන්න එපා ප්ලීස් ....

හිතවත් මිතුරිය,
ශානි..

Sep 18, 2010

අපේ සරසවියේ සුන්දරම පින්තූර ටිකක්...මගේ ඇසින්

ඔන්න මම හිතුව මේපාර අපේ විශ්ව විද්‍යාලයේ ලස්සන පින්තූර ටිකක් දාන්න. මේ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන සංකීර්ණය. නිර්මාණය කරලා තියෙන්නේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික "ජෙප්රි බාවා" විසින්
මේ විශ්ව විද්‍යාලය ළඟ තියන ස්වභාවිකව නිර්මාණය වුන. මේක හදුන්වන්නේ "වැව" කියල තමයි

මේ ප්‍රධාන පුස්තකාල සංකීර්ණය. බොහොම වැදගත් පොත් විශාල ප්‍රමාණයක් වගේම ආසියාවේ සුපිරි තාක්ෂනය මෙයට යොදාගෙන තියනවා

මේ ඉන්නේ වැව ගාව ෆොටෝස් ගත්තු මම. මෙතනට වැව හරිම ලස්සනයි

මේක තමයි අපේ විශ්ව විද්‍යාලයේ "එළිමහන් රංග පීට්ය" මෙතන අපිට බොහොම හුරුපුරුදු තැනක්

මේ ලස්සන මල් එක්ක බැලුවම ඈතින් පෙන්නේ බ්‍රව්න්ස් කදුවැටිය සහ එළියකන්ද ප්‍රදේශයයි


අරලිය මල් විශ්ව විද්‍යාලය පුරාම ලස්සනට හැදිලා පරිසරේම සුවඳ කරනවා


මේ කළා පීඨයේ ශ්‍රවනාගාරය තමයි. මෙතන ගොඩක් දවස්වලට මොනවමහරි තියනවා. අඩුමගානේ ෆිල්ම් එකක් හරි


ඉහල ආපන ශාලාව ළඟ ඉදන් බැලුවම විශ්ව විද්‍යාලයේ පිවිසුම පැත්ත පෙන්නේ මෙහෙමයි. මේක ගොඩක් උදෙන් ගත්තු එකක්..එකයි මෙච්චරටම ලස්සන


මේ විශ්ව විද්‍යාලේ ලස්සනම පීඨ අතරින් එකක්වන විද්‍යා පීඨයේ..උද්භිත විද්‍යා අංශයයි..මේ පරිසරය ගොඩක්ම ලස්සනයි

මේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයට යන පාර..මේ පාරේ ඇවිදින්න අපි හරිම කැමති..අපේ පීඨයට අයත් නොවුනත් මේ ලස්සන බලන්න අපි නිතරම එනවා.

ඉතින් පින්තූර ටිකක් බැලුවනේ.. ඉඩක් ලැබුනම තව ලස්සන පින්තූර ටිකක් දාන්නම්..දැන් කියන්න බලන්න මේ ටික ලස්සනද කියලා?

ආදර හිරු 4 - දයාබර හිරු [ සදරාණි ප්‍රියලංකා සුදුසිංහ ]


මට ඉර මුණගැහෙනකොට ඉරට ස්ථීර රස්සාවක් තිබුනේ නෑ. එත් මට ඒවා හිතන්න ඕන වුනේ නෑ . හුගක් සරල චාම් ජීවිතෙකට හීන දැකපු මට ඉර ළඟ තිබුණු සරල අව්‍යාජ මනුස්සකම් වලට හිට ගියා.

හිතන් ඇති මම බොළඳ කෙල්ලෙක් කියල..නෑ.. මම එතරම් බොළඳ නෑ. මම දන්නවා හතරක් සරසවිය තුල හිටපු විවිධාකාර චරිත එක්ක බලද්දී ඉර ගොඩක් දුර්ලභ සමහරවිට මම ආයෙම ජීවිත කාලෙම හෙව්වත් හමුනොවෙන විදියේ චරිතයක්. මහා ලොකු උපාධියක්, රස්සාවක්, නැති වුනාට මනුස්සකම උතුරන ඔය හිතට පුළුවන්කම තිබුනා මට ගුරුවරයෙක් වෙලා ජීවිතය කියලා දෙන්න.

මොහොතක්වත් තරහ නොගෙන පුදුම ඉවසීමකින් මගේ දඟකාරකම් දිහා බලන්න. මගේ වැරදි මටත් නොදැනීම නිවැරදි කරන්න කියලා දෙන්න, එත් එක යාලුකමක්ද,සහෝදරකමක්ද ? එහෙමත් නැත්නම් ආදරයමද කියල මට තාමත් හිතාගන්න බෑ.

Sep 15, 2010

ආදර හිරු 3 - පහන් තරුවට [ සදරාණි ප්‍රියලංකා සුදුසිංහ]


පහන් තරුව, මම දන්නවා ඔය ලෙන්ගතුකම හිත අද්දර නැංගුරම් දාන්න බලන් ඉන්න වග. එත් මගේ ලෝකේ හිටිය ඉර ඔය පහන් තරුවට වඩා මට ලක්ෂවාරයක් වටිනවා. හිතේ සුවඳ මම ලඟට දීලා ඈතට වෙලා හිනාවෙන මගේ දයාබර හිරු, මගේ හැම හුස්මක්ම අයිතිකරගෙන.

"හෙමින් වටේ ගොස් හිත ළඟ නතර වෙන
දඟකම් ගුරුකමක් වී හිත සනසවන
පැතුමක් සේම ඉසිවර වෙස් පටලමින
හිතට නෑවිදින් ඈතටම රැඳෙනු මැන

ඉරෙන් එළියගත් සඳ මා නිල අහස මත
පහන් තරුව ලෙස නුඹ ඉනු පෙර ලෙසම
විලක් ලෙසට කඳුළැලි මා වගිරුවද
මට තනි මකන්නට නෑවිත් ඉදින් නුඹ

දුවන මුවන් ළඟ හුන් බව උගත්තෙමි
නෙලන්නට පලා මසිතට සවි නොමැති
සැමදා නියං එකදා වැහි වලාවකි
සිත පෙරනිමිති ළඟ නුඹ මට හීනයකි

දුර ඉර බලා සැනසුණු හිත රිදෙනු දැනී
ලඟට ඇවිත් මා හිත පිරිමදිනු සකී
වෙහෙසකර හිතට නුඹ වැහි පොදක් වැනී
තෙමෙන්නට බයයි රෝදුක් ලකුණු ඇති "