Jun 29, 2010

පාපන්දුවේ සුපිරි සටන..අපේ ඇසින්




පාපන්දු ක්‍රීඩාව යනු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව බව අපි කව්රුත් හොදින්ම දනී. කෙටි කාලයකින් ප්‍රතිපල ලැබෙන බැවින් කව්රුත් මෙම ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වති.බොහෝ දෙනෙක් මේ පාපන්දු ක්‍රීඩාවට දක්වන ආසාව උන්මාදයක් බවට හරවාගෙන තිබේ.

කෙසේවෙතත් මෙවර ලෝක කුසලාන පාපන්දු සටන පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේය. එය අප්‍රිකාවට ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවුණා පළමු අවස්තාව වේ. ගියවර ශූරයන් වුන ඉතාලිය අනුශූරයන් වුන ප්‍රංශය සහ සත්කාරක දකුණු අප්‍රිකාව ඇතුළු ප්‍රබල ගනයේ කණ්ඩායම් රැසක් මේ වනවිට තරඟාවලියෙන් ඉවතට විසිවී ඇත. එය තරඟාවලියේ උණුසුම තවත් වර්දනය කරන්නකි.

මෙවරත් දක්ෂ පාපන්දු තරු රැසක් පිටියට අවතීර්ණ වී ඇත. ඉන් බොහෝදෙනෙක් නවකයන් වේ. තරුණ ජවය ක්‍රීඩාවට මැනවින් ලැබීම එහි උන්නතියට විශාල දායකත්වයකි. අවසන් කණ්ඩායම් 8 තරග බිමට පිවිසෙන ඉදිරි දින කීපය ලෝකයේම හදවත් නතර කරන දින කීපයක් වේවි.

එදා සුපිරි පාපන්දු ක්‍රීඩක පෙලේ කීවේ මෙය "ලස්සන ක්‍රීඩාවක්" කියාය. ඉතින් මෙහි ලස්සන විදගන්න ලොවපුරා කොටි ගණනක් එකතුවීම පුදුමයක් නොවෙති


Jun 25, 2010

දළදා වීදියේ දෙපසට යනෙන සඳ..පෙර අප සැරිසැරූ මතකය හඬනවද...


නුවර වැව රවුම වටේ ඇවිදගෙන යන හැම මොහොතකම මතකෙට එන්නේ එකම එක හිනාවයි. ඒ එදා අපි දෙන්න මේ පාරේම ඇවිදගෙන යනකොට මම කියපු දේවල්වලට අහිංසක විදියට හිනාවුණා ඔයාගේ රත්තරන් හිනාවයි. වැව රවුම ගොඩවෙලා විනාසවෙලා ගියත්..දළදා වීදීය යටවෙලා ගියත් මට ඒ කිසිම දෙයක් ජීවත් වෙනකම් අමතක වෙන්නේ නෑ.අන්තිමට ඉතුරුවුනෙත් ඒ සුන්දර මතක ටික විතරමයි. හැමදාටම එකට ඉන්නවා කියල ඔලුවේ ඇත තියල පොරොන්දු වෙච්ච ඔය අද නොදන්නා පලාතක ජීවිතේට හිතපු නැති කෙනෙක් ළඟ. මේ නුවර ටවුන් එක තාමත් දන්නේ නැතුව ඇති ඒ ඇයි කියලා. අඩුමගනනේ මටවත් හිතාගන්න බැරිවුනකොට. හැමදාම හවසට අපි ඇවිදගෙන ගියපු මේ දළදා වීදියේ අද දහස් ගණන් දෙනා ඇවිදගෙන යනවා එත් අපේ මතක් මේ පාරේ වැළලිලා ගිහින් වගේ..

ජීවිතේ ඔහොම තමයි කියලා හිත හදාගෙන ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් කියල නෑ. දළදා හාමුදුරුවෝ වැඩඉන්න මේ පින්බිමට ආපු හැම දවසෙම ඒ රත්තරන් ඇස්දෙක දිහා බලලා ප්‍රර්ථනා කලේ එකම දෙයයි. ඒ කවදාහරි අපි දෙන්නට හැමදාටම සතුටින් ඉන්න එකතුවෙන්න ලැබෙන්න කියලා, අනේ හිතාගන්න බැරිවිදියට ඒ පැතුම උඩු හුළගේ ගහගෙන ගිහිල්ලා, අදටත් මම මේ දළදා වීදියේ පුරුදු විදියට ඇවිදිනවා, මගේ මතකත් තුරුල් කරන්..එත් ඉස්සරවගේ සතුටින්නම් නෙවෙයි..ළඟම තුරුල්වෙලා හිටපු ඔයා නැතිව දළදා වීදියේ මොන සතුටක්ද..

කවදාහරි ඔයත් දළදා විදියට ආපු දවසට මට වගේම දුකක් දැනේවි..ඒ තාමත් ඔයාගේ මතකේ මම ඉන්නවනම් විතරයි..එත් අද මගේ එකම ප්‍රාර්ථනය ඔයාට එහෙමවත් පුංචි හරි දුකක් දැනෙන්න එපා කියලයි..


සදා නොවෙනස් - නෙත්සර...

Jun 21, 2010

"ආදරේ කරන්න මම දන්නේ නෑ"..කෙල්ලන්ගේ අලුත්ම style එක


අද කාලේ ගැණු ළමයින්ගේ අලුත්ම විලාසිතාව තමයි තමන් ආදරේ කිරීමට නොදන්නා බව ලෝකයට පෙන්වීම. මෙම විලාසිතාව ප්‍රදර්ශනය කරන්නේ පිරිමි ළමුනට පමණක් නොවීමද විශේෂත්වයකි.මෙම මෝස්තරයට හේතුව මටනම් තවමත් වටහා ගැනීමට නොහැකිවීම කනගාටුදායක කාරණයකි.නමුත් මේ පිලිබදව ඔබත් යම්තාක් දුරට හෝ දන්නවා ඇති. .ලෝකයා වෙනස් වනවිට බාලිකාවියන්ද එම වෙනසට අනුගතවීමක් ලෙසින් එහෙමත් නැත්නම් උපනතියකට(Trend) ඇබ්බැහි වීමක් ලෙසකට මෙය ගත හැකි වුවත්අවාසනාවකට මෙම ක්‍රියාදාමයේ අවසානය කෙසේවෙවිද යන්න තේරුම්ගැනීමට කෙටිකලක් ගතවනු ඇති. එතෙක් ඉවසා සිටීම වඩා වටී

Jun 16, 2010

ඈතට ගිය ඔබ...(දිනුෂා ජයවර්ධන )


ඈත ඉමකට හිත ඇදී ගොස්
සයුරු තෙර වෙත යන්න සිතුවද
හදේ කැලතෙන සුසුම් හැරදා
හිතට සුවයක් දෙන්න හැකිවේද?
සයුරුතෙර විත් වෙරළ සිම්බත්
වෙරළ කිසිදා සයුර දැක නැත
මාව හැරදා ඈත ගියමුත්
මගේ සුසුමන් දුටුවේ නෑ ඔබ



දිනුෂා ජයවර්ධන
කළමනාකරණ හා මුල්‍ය පීඨය
රුහුණ විශ්ව විද්‍යාලය

Jun 12, 2010

සඳක්බව හැඟුනි මට....(සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ)


මල්බර වසන්තය කුරගගා ඇදෙද්දී
දයාබර සෙනෙහෙ වේසි හිසමතට වැටෙද්දී
සංසාර නවාතැන නුඹම බව හිතෙද්දි
දුව එන්න හිතයි මට සරසවිය මැද්දෙදි

කිරිකෝඩු නොවේ නුඹ මාද මුණගැසෙද්දී
හිරු සඳුද ගොළුවෙවී අපිට අපි දැනෙද්දී
මහරුතක් දුන් කවිය පෙම්පාට කරද්දී
විශ්වයකි මට නුඹව සෙනෙහෙදිය දොවද්දී

හිස්තැනක් වූ හීන රන්පැහැය ගනිද්දී
සත්පියුම් පිබිදිලා අපිට සුබ පතද්දී
දුර ඈත ඉදන් හිරුකිරණ උණුසුම දිදී
සදක් බව හැඟුනි මම ප්‍රපාතය වැටෙද්දී...

සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

නිරිතදිග සුළඟ(සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ)


නිරිතදිග සුළඟ ඇවිදින්
හිතට මැසිවිලි කියන මොහොතක
ආදරයේ සුළිසුළඟ හමලා
කේඩෑරිව ඇත මගේ සිත අද...

දියපොදක් නැති කතර මද හිඳ
ඇඟිලි ගැන්නෙමි සෙනෙහෙ දියකට
වියලි සුළඟින් නොලැබී සැනසුම
දෙතොල් තව වියැලි ගියා මිස...

කාත් කව්රුත් නොමැති මුඩූබිම
අඳුරටත් බිය සිතුනු හන්දම
ගිනිවැදුණු දුර අහසේ ඉරටම
ආදරේ මම කරමි තව තව ...

සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Jun 2, 2010

මට හුගක් දුකයි....(වෙනුර සනත් කුමාර)

මං තවම සීතල කළුවරේ (වෙනුර සනත් කුමාර)


මෙම නිර්මාණය කලේ අපේ කාලයේ දක්ෂ යොවුන් නිර්මාණකරුවෙක් වන වෙනුර සනත් කුමාර විසින්. "අපේ ඉසව්ව" බ්ලොග් අඩවිය "ආරාධිත නිර්මාණ" යනුවෙන් බාහිර නිර්මාණකරුවන්ට අපේ අඩවියේ ඉඩකඩ ලබාදීමේ පළමු පියවරලෙස වෙනුරගේ ආකර්ශනීය නිර්මාණයක් ඔබ වෙත ගෙනෙනවා

May 30, 2010

ගෝත්‍රවාදය හා වංශය කබල්ගෑම


වංශය, කුල ගැන කතා කරන්නට පෙර බුදුන්ගේ බණ පදයක් මතක් කල යුතුය."නචච්ජා වසලෝ හෝති නචච්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහ්මණෝ" මෙහි අරුත අපි උගත් පරිදිනම් යමෙක් බමුණෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු හෝ ඇයගේ ක්‍රියාකලාපය අනුවය යන්නයි.මෙය අතීත කුල කේන්ද්‍රික සමාජයට පමණක් නොව වත්මන් සමාජයටත් එකලෙස ගැලපේ.විවාහයක් කරගන්නට ගියත්, ව්‍යාපාරයක් කරන්නට ගියත්,මැතිවරණයට තරඟකලත්,සසුනේ පැවදි වෙන්නටත් පමණක් නොවෙයි ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වීමට පවා කුලය වැදගත්ය.කොහේගියත් කුල ප්‍රශ්නය මත සිදුවන හිත් අමනාපකම්,අසාධාරණනම් එමටය.නූතන ලෝකයේ පවා මිනිසුන් ජීවත් වන්නේ හැම ලෙයකම පාට රතුය යන්න හා සැමදෙනාම මියගියවිට යන්නේ එකම තැනටය යන්න නොදන්නා ලෙසය.මේ ගෝත්‍රවාදය කෙසේ හෝ නිමාවක් දැකිය යුතුය.එසේ නොවන්නට එකට සිටින්නන් පවා පාගාදමන්නාවූ මේ කුල ප්‍රශ්නයෙන් පීඩාවිඳින්නන්ගේ ප්‍රමාණය තව තව වැඩිවනු ඇත.සැම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමි මේ සමාජයේ මේ උස් පහත් කුලමල භේද ඉවත දැමීමට තවමත් ප්‍රමාද නැත.එවිට මේ සමාජය තවතවත් ලස්සන වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

May 25, 2010

වෙසක් ලබන්නට පෙර අපේ පැතුම


වෙසක් සමරන මේ පින්බිමට සදහම් වැස්සක් ලෙසින් උතුම් ඇරයුමෙන් නැවතත් වඩිනු මැනවි සම්මා සම්බුදු පියාණනි