Jul 5, 2010

නියාස් මව්ලවිතුමනි, ඔබ නැති අඩුව තුන්හෙළයටම තදින් දැනේවි..




" හොඳ මිනිසුන් ජීවත්වන්නේ කෙටි කාලයකි, ඒ කෙටි කාලයේ ඔවුන් ශතවර්ෂ ගණනාවකට වටිනාදේ ලොවට ඉතිරි කර යයි." යන්න අපට පිළිගැනීමට සිදුවන ධර්මතාවයකි.එම ධර්මතාවට අපට දරාගත නොහැකි මට්ටමේ උදාහරණයක් සම්පාදනය කරමින් ඊයේ උදැසන අල්හාජ් මොහොමඩ් නියාස් මව්ලවි තුමන් මෙලොවින් සදහටම සමුගත්හ.දැන් අප සතුව ඉතිරි වී ඇත්තේ එතුමන්ගේ මතකයන් පමණකි.

සිංහල බෞද්ධයන් වන අපි අන්‍යාගමික යතිවරයෙකුට ගරු කිරීම සම්ප්‍රදායකි. එම සම්ප්‍රදායන්ට එහා ගිය සෙනෙහසකින් අපි එතුමන්ට ගරුකළහ.ඒ හා සමානව අපි ගරුකළ තවත් අන්‍යාගමික යතිවරයාණන් වහන්සේ නමක් වීනම් ඒ ගරු මර්සිලින් ජයකොඩි පියතුමාණන් පමණි. අදටත් එතුමන් හදුන්වන්නේ "පන්සලේ පියතුමා" ලෙසිනි. අල්හාජ් මොහොමඩ් නියාස් මව්ලවිතුමන් ගේ දේශනයක් මා මුලින්ම ශ්‍රවනය කලේ ඉස්ලාම් ආගමික දේශනයක් අවස්ථාවේදීය. අනතුරුව " දොරමඩලාව" එතුමන්ගේ අගය වටහාගත්හ.

ආගමික හා ජාතික සහජීවනය උදෙසා එතුමන් තුල තිබුණු උනන්දුව මා කිසිකලක වෙනත් එවැනි යතිවරයානන්වහන්සේ කෙනෙක් වෙතින් නොදැක්කේය. අන්‍යාගම් පිලිබඳ එතුමන් සතුවුණා වූ දැනුම විශ්මයදනවන සුළුය. විශේෂයෙන්ම අප බුදුදහම පිලිබඳ එතුමන්තුල ගැඹුරු අවබෝධයක් විය. "ධම්මපදය' වැනි ද මෙන්ම පාලි සහ සංස්කෘත ගාථා එතුමන්ට කටපාඩම් විය. එය වනාහි මා අතීතයේ කිසිදු ඉස්ලාමීය යතිවරයාණන් කෙනෙක් වෙතින් නුදුටු මට්ටමේ දැනුමකි. මම එවැනි මට්ටමේ තත්වයක් අනාගතයේ එවැනි යතිවරයෙකු තුලින් දකින්නට අපේක්ස්හාද නොකරමි, ඒ මන්දයත් එතුමන් වන්නෙක් තවත් නොවන බැවිනි

කාතන්කුඩි මුස්ලිම් සංහාරයෙන් ත්‍රස්තවාදය පවතින්නේ සිංහලයන්ට විරුද්ධව පමණක් නොවන බව පෙන්වීමට පෙර පටන්ම මව්ලවි තුමන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමියයුතුය යන ස්ථාවරයේ සිටියහ. එතුමන් ත්‍රස්තවාදයට එරෙහිව ධර්ම අවි අමෝරා සිටියහ. එදා ත්‍රස්තවාදය අවසන්කර සේනාධිනායකයානන් ලක්පොලව සිපගත් මොහොතේ මව්ලවිතුමන් කදුළු වගුරවමින් "සිංහල ඉතිහාසපොතේ " ගීතය ගායනා කළහ. එම සිද්ධිය සිහිවන හැම මොහොතකම මෙන්ම අදද මගේ සිතට මහා කම්පාවක් දැනේ. ඒ මන්දයත් එතුමන් වැනිවූ උතුමා නායකයෙක් අනාගත පරපුර වෙනුවෙන්ද සිටියයුතුව තිබුන බැවිනි. අවාසනාවකට මේ සසර දුකින් කෙටි විවේකයක් ගැනීමට එතුමන්ට සිදුවිය.

ජනපති තුමන් සැම ආගමකටම එකලෙස සලකමින් දියත් කරන ධාර්මික සමාජ වැඩපිළිවලට එතුමන් දැඩි වෙහෙසක් දැරීය. ආගමික උපදේශක වරයෙක් වශයෙන් ඉස්ලාම් ආගම පමණක් නොව සියලුම ආගම් වෙනුවෙන් කැපවුණු එතුමන්ගේ වැඩපිළිවෙල දැකීමට මම පින්කර ඇතුවා නිසැකය. නියාස් මව්ලවි තුමන්ගේ වාග් විලාශයට අපි සැමදා ආදරය කළෙමු. එතුමන් සිටින වියත් මඩුල්ලක්තුල කිසිදු අඩුවක්නම් නොවිය. පසුගිය දිනක ජනපතිතුමන්ගේ ආරාධනාවකට අනුව අරලියගහ මැදුරේ පෝදා ධර්ම දේශනාවකටද නිරහංකාර සිතින් සහභාගීවී සැදැහැවත් බෞද්දයෙක් මෙන් එකත්පස්ව ධර්ම ශ්‍රවනය කළහ.
අප මව්ලවිතුමන්ට ගරුකරන්නේ එතුමන් මේ රටේ උන්නතිය වෙනුවෙන් සැබෑ ජාතිකවාදියෙක් ලෙසින් නොබියව කටයුතුකළ නිස්සවෙනි. එවන්වූ උතුමෙක්ගේ අඩුව තුන්හෙළයටම දරුණුලෙස දැනෙනු ඇත.

මව්ලවිතුමනට එතුමන්ගේ ආගම අනුව හිමි අල්ලා දෙවියන්වහන්සේ සමීපයට යන්නට ලැබේවායි මුළුමහත් ඉස්ලාම් භක්තිකයන් ප්‍රර්ථනා කරනු ඇත. අප ලගින් සිටි කෙනෙකු අහිමි ලෙසින් දුක දැනෙන්නා වූ මේ මොහොතේ බෞද්ධයන් වන අපගේ පැතුම වන්නේ,

මේ රටේ ජනතාව වෙනුවෙන් හදවතින් ඇප කැපවී ක්‍රියාකළ අල්හාජ් මොහොමඩ් මව්ලවිතුමනි ඔබට අජරාමර නිවන්සුව !


7 comments:

  1. ඔබේ ලිපිහ හා 100%ක්ම එකඟවෙමි. මව්ලවිතුමනි මතු උපදින භවයකදී ඔබට නිවන්සුව පතමි!

    ReplyDelete
  2. මමත් ඔබත් එක්ක එකගයි..... අජරාමර නිවනින් සැනසිම ලැබෙවා

    ReplyDelete
  3. සහතික ඇත්ත. මමත් එකගයි.

    ReplyDelete
  4. ඵතුමා නැති වු‍නේ අපට,රටට අවශ්‍යම වෙලාවක.ඵතුමා පැතු යම් සම්පතක් වේ නම් ඵය අත් වේවා!

    ReplyDelete
  5. දැනගත් මොහොතෙ දැසට කදුලු අාව.ඒතරමටම අපේ සිතට ලංවු අන්‍ය අාගමික පුජක තුමෙක් නැතිතරම්.ගෞරව කල යුතු තැනට ඒය දිම නියාස් මවුලවි තුමාගෙ උසස් ගුණාංගයක්. ඒවන් අාගමික නායකයින් විරලයි.මෙ කොයි අගමත් මිනිසුන් යහමගට ගැනිමයි කරන්නෙ.බෞද්ධයින් වන අපට මෙසැමට ගරුකල හැකියි.ඒ කාරය මෙලෙස ඉටුකල ඔබට මගෙ ප්‍රණාමය.

    ReplyDelete
  6. ඇත්ත කථාව ජාතික සමගිය ගැන හිතන අය අද හරිම අඩුයි. හැම දේම වචන වලට විතරයි. මේ මව්ලවිතුමා ඒ අතින් ආයේ කවදාවත් දකින්ට නොලැබෙන ආකාරයේ උත්තමයෙක්.

    ReplyDelete
  7. මේකෙ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් අපට comment ලෙසියි. පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.

    ReplyDelete