Nov 18, 2026

ලංකාව විදුලි දුම්රියට සූදානම් ද?

 


ලංකාවේ දුම්රිය සේවය විදුලි දුම්රිය බවට පත්කරන්න මූලික පියවරක් විදිහට 2027 අයවැයෙන් රුපියල් බිලියන 80 වෙන්කරලා තියනවා. මේක ඉදිරි අවුරුදු කීපය ඇතුළත හරියට ක්‍රියාත්මක වුනොත්, 2030 වෙද්දි කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදානේ ඉඳන් මාකුඹුර දක්වා, ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන ඉඳන් රාගම දක්වා වගේම, වෙරළබඩ දුම්රිය මාර්ගයේ මරදානේ ඉඳන් පානදුර දක්වා දුම්රිය මාර්ග කොටස් ටික විදුලි දුම්රිය විදිහට සංවර්ධනය වෙනවා.