ලංකාවේ දුම්රිය සේවය විදුලි දුම්රිය බවට පත්කරන්න මූලික පියවරක් විදිහට 2027 අයවැයෙන් රුපියල් බිලියන 80 වෙන්කරලා තියනවා. මේක ඉදිරි අවුරුදු කීපය ඇතුළත හරියට ක්‍රියාත්මක වුනොත්, 2030 වෙද්දි කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදානේ ඉඳන් මාකුඹුර දක්වා, ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන ඉඳන් රාගම දක්වා වගේම, වෙරළබඩ දුම්රිය මාර්ගයේ මරදානේ ඉඳන් පානදුර දක්වා දුම්රිය මාර්ග කොටස් ටික විදුලි දුම්රිය විදිහට සංවර්ධනය වෙනවා.
සාමාන්‍යයෙන් මම දන්න විදිහට සාම්ප්‍රදායික දුම්රිය සහ මාර්ග පද්ධතියක් විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් බවට පත්කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඇත්තටම අලුතින්ම විදුලි දුම්රිය පද්ධතියක් හදන එක ඊට වඩා ලේසි වෙන්න පුළුවන්. කොහොමවුනත් ලෝකයේ ගොඩක් රටවල් විදුලි දුම්රිය වෙනුවෙන් පාවිච්චි කරන්නේ Overhead Line Equipment (OLE) ක්‍රමය, ඒ කියන්නේ දුම්රිය මැදිරිවලට ඉහළින් විදුලි රැහැන් ජාලයක් හරහා දුම්රිය මැදිරි උඩ සවිකරණ pantograph උපාංගය මගින් විදුලිය සැපයීමේ ක්‍රමය.

මේ ක්‍රමයෙදි දුම්රිය මාර්ගය දිගටම කණු සහ රැහැන් මගින් දුම්රියට විදුලිය ලබාදෙන නිසා දැන් තියන පාලම් සහ වෙනත් ඉදිරිකිරීම් ඉවත් කරන්න, වෙනස් කරන්න සිද්ධවෙනවා. ඒ වගේම විදුලි දුම්රිය වෙනුවෙන්ම කැපකරපු විදුලි පද්ධතියක් නිර්මාණය කරන්නත් වෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ විදුලිය බිඳවැටීම් සුලබ රටවලදි දුම්රිය ධාවනය අඩපණ නොවෙන්න නම් වෙනම BESS පද්ධතියක් හරි අවශ්‍ය වේවි.
කොහොමවුනත් සාම්ප්‍රදායික දුම්රියට වඩා වේගයෙන් වගේම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් නිසා විදුලි දුම්රිය පද්ධතියක් ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ අනාගතයට සෑහෙන්න වැදගත් වේවි. මොකද අධිවේගී මාර්ග හරහා පටන්ගත්ත නගරාන්තර බස් සේවය, මෑතකදි හඳුන්වාදීපු Metro බස් සේවය වගේ දේවල්වලට ලංකාවේ මගීන් බොහොම ඉක්මණින් හුරුවීමත් එක්ක දුම්රිය පද්ධතියේ තියන අඩුපාඩු තවත් වැඩිවෙලා පෙනෙන්න පටන්ගන්නවා.
ඒ නිසා ලංකාවේ දුම්රිය පද්ධතියත් මේ විදිහට පොඩි තැනකින් ආරම්භවෙලා ඉදිරි දශක කිහිපය ඇතුළත විදුලි දුම්රිය පද්ධතියකට මාරුවෙන එක ඉතාම වැදගත් පියවරක්. හැබැයි කඳුකර මාර්ගවලට සහ පාරිසරික ආකර්ෂණය වැඩි පළාත්වලට ගැලපෙන්නේ බොහෝවිට විදුලි දුම්රිය නෙවෙයි. ඒ නිසා ඒවාට ගැලපෙන්න ඩීසල් දුම්රිය පවත්වාගෙන යන්න වෙයි.
මොකද අපි දකිනවා ජපානය වගේ දුම්රිය සේවය ඉතාම දියුණු තැනක තියන රටවල් පවා ග්රාමීයව සහ කඳුකර මාර්ගවලට තවමත් සාම්ප්‍රදායික දුම්රිය යොදාගන්නවා.
හැබැයි මට තියන එකම ගැටළුව තමයි ලංකාවේ දුම්රිය පද්ධතියේ සැලකිය යුතු වෙනසක් කරන්න ලංකාවේ දුම්රිය සේවය සහ ඒකේ අභ්‍යන්තර සංස්කෘතිය සූදානම්ද කියන එක?

No comments:
Post a Comment