Sep 28, 2011

සිංහ චර්යාව

දේශපාලනයේ යෙදෙන්නා වූ පුද්ගලයන් ගැන අප අනන්තවත් විවිධ කතා අසා තිබේ. නමුත් බහුතරයක් අප්‍රසන්න, නිරර්ථක කතා වේ.එහෙත් ඒ අතර දේශපාලනය නැමති මඩ ගොහොරුව මත පිපී එහි නොවැදී සිටින අතලොස්සක් වූ නායකයන් දරණී තලයේ පිනට පහල වුනි. ඒ අතින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එයට සාධාරණ අර්ථකථනයක් භාවිතාවෙන්ම සැපයූ පුද්ගලයෙකි. විවිධ මත දරන්නන් අතර එතුමන් පිළිබඳ විවිධ මත පැවතියත් මේ සිදුවීම අප්‍රකට මෙන්ම වැදගත් සංසිද්ධියකි.

  වරක් පණ්ඩිත් නේරු අමරිකානු සංචාරයක් අවසන් කර නැවත භාරත් දේශය වෙත පැමිණෙන මොහොතේ ඉතාලියේ රෝම නගරයට ගොඩ බැසීමට සිදුවිය. ඒ එවකට සෘජු ගමන් සේවා අමරිකාවේ සිට ඉන්දියාවට නොතිබුණු බැවින්ය. පණ්ඩිත් නේරුට තවත් කීපදෙනෙක් සමගින් ඉතාලියේ රෝමයේ ගුවන් තොටුපලේ සවස 6 වනතෙක් ගිමන් හැරීමට සිදුවිය. 

 එවකට ඉතිලියේ පාලකයා වූයේ ජෙනරල් සිඤ්ඤෝර් මුසලෝනිය. මහා ඇලෙක්සැන්ඩර් රජුගෙන් පසුව බිහිවූ මහා බලවත්ම පාලකයා ලෙස අභිසෙස් ලබාසිටි මුසලෝනි ලෝකෙටම අයියා ලෙසින් වැජඹිනි. භාරතය නැමති යටත් විජිතවාදය අතුගෑමේ කර්තව්‍යයේ මහා බලකණුව ලෙසින් වැජඹෙන රාජ්‍යයේ නායකයා මෙලෙසින් තමන්ගේ අගනගරයේ ගුවන් තොටුපලේ රැඳී සිටින බව මුසලෝනිට දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් මේ භාරත් පුරුෂයා ගැන කණින් කොනින් අසා තිබූ මුසලෝනිට මොහු මුණ ගැහෙන්නට සිත්විය. මෙය ඉන්දියාව වැනි නැගී සිටිමින් සිටින රටක රාජ්‍ය නායකයෙක්ට එකල ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් විය. වරක් ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ට මුසලෝනි ආරාධනා කලවිට ඔහු ඇවිත් බදාගත්තේ ඉතාමත් ප්‍රීතියෙන්.


  ඉතින් මුසලෝනිගේ නියෝජිතයා රෝම ගුවන්තොටුපල බලා පිටත්වුනේ භාරත් නායකයාට පණිවිඩය ද න්වනු පිණිසයි. නමුත් මේ සමයේ නේරු සිටියේ මුසලෝනි ගැන මරු කේන්තියකින්ය. ඊට හේතුව වූයේ මුසලෝනි විසින් සිය හමුදා යොදවා ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර එහි ජනතා නායකයා වූ හේල් සේලි පන්නා දමා තම හෙන්චයියෙක් පත්කිරීම සම්බන්ධව අන්ත ලෙසටම කිපීය. මේ තරහ හිතේ තියෙද්දී පැමිණි මුසලෝනිගේ නියෝජිතයා පැවසූයේ...ඔබ ජවහර්ලාල් නේරුද? මම පැමිණියේ අති උත්තම මහා ප්‍රතාපවත් සිංඤ්ඤෝර් මුසලෝනිගේ පණිවුඩයක් රැගෙනයි..ඔහු ඔබ බැහැ දැකීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා...


....නමුත් ඔහුව බැහැ දකින්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ...සාම්ප්‍රදායික ඉන්දියන් ඇඳුමින් සැරසී සිටි මෙම ප්‍රතාපවත් නායකයාගේ බසින් නියෝජිතයා ගල් ගැසිනි. මෙවන් ස්වර්ණමය අවස්ථාවක් මග අරින්නේ කිනම් අඥානයෙක්ද යන්න ඔහු සිතීය.


...ඔබතුමන් ඔය සිහියෙන්ද කතාකරන්නේ? මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ ලෝකයේ අතලොස්සකටයි..ඔබ හොඳින් කල්පනා කරන්න..


නියෝජිතයා නැවත වරක් පවසා සිටියා.


...මම තරම් හොඳ සිහියෙන් සිටින තවත් අයෙක් මේ රෝම නගරයේ  නෑ..මට ඔහු හමුවෙන්න කිසිම වුවමනාවක් නෑ..ඔබ ගිහින් ඔහුට ඒ බව දැනුම් දෙන්න..


මේ ප්‍රතාපවත් නායකයාගේ ඛ්‍යාම ප්‍රභාව හමුවේ නියෝජිතයා සසල විය. හිස් අතින් යන්නට උනොත් සිදුවන අකරතැබ්බද සිහිවිය. පැය ගණනක් තිස්සේ විවිධ අයුරින් ඇවටිලි කලද නේරු නොව තම මතය මොහොතකටවත් වෙනස් කලේ.


 හරියටම සවස 6 ට මුසලෝනිගේ නියෝජිතයාට තම ඔරලෝසුවේ වෙලාව පෙන්වා තමන් යන බව පවසා පිටව ගියේ රෝම ඉතිහාසයේ නටඹුන් අතරට සුන්දර පුවතක් ඉතිරි කරමින්ය.

5 comments:

  1. මම අහලා නොතිබුන කතාවක් මේක... නේරුතුමන්ගේ චරිතය ඇත්තෙන්ම ගොඩක් ආදර්ශමත්...

    ReplyDelete
  2. ස්තූතියි දිනේෂ් සහෝදරයා..මොතිලාල් නේරු(ජවහර්ලාල්ගේ පියා) හා ජවහර්ලාල් එක් වූ තැන ඇඳුනු සොඳුරු කතා බොහොමයකි ඒ වගේම නේරු,ගාන්ධි,පාතෙල් යන ඉන්දියානු සටනේ ත්‍රිමූර්තිය ගැනත් කතා අපමණයි..

    ReplyDelete
  3. මමත් අහලා තිබුනේ නෑ නෙ.අන්න මිනිස්සු.ඇත්තටම ඒ වගේ මිනිස්සු තව තවත් පහල වුනොත් අපේ ලෝකය සුන්දර වේවි.

    ReplyDelete
  4. කලින් අහල නොතිබුන ලස්සන කතාවක්...

    ReplyDelete
  5. @නිසුපා - ඇත්තටම නේරු තුමාගේ ජීවිතයෙන් ගතහැකි ආදර්ශ රාශියක් තියනවා.එතුමන් හැඳින්වූයේ එවකට ඉන්දීය නිදහස් සටනේ රැඩිකල් ලකුණ ලෙසයි..

    @LPS - ස්තූතියි යාළුවා..සුප්‍රකට පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක් කියන්නේ ඇත්තටම කතා සාගරයක්

    ReplyDelete