Nov 17, 2011

වසා මගේ නෙතුකැන්- නුඹ හිඳී වළාකුල මෙන්

ජීවිතය කියන වන්දනා ගමනට තනියම සහභාගීවෙලා තනියම පාද යාත්‍රා කිරීම කොතරම් හුදෙකලා සිතුවිල්ලක්ද?ඒත් සමහර අයට එම සිතුවිල්ලම සුවයක් ගෙනෙන දෙයක්. ඒත් මේ ජීවිත වන්දනාවට හදවතේ පැත්තක් පුරා අසුන් අරගෙන නැත්නම් එක් අතක වෙලිලා තනියට පරිපාද චාරිකාව වෙන්න කෙනෙක් ඉන්නවනම් එම චාරිකාවේ වටිනාකම ඊටත් වඩා ඉහල යනවා. ඒ වගේමයි ඒ චාරිකාවේ තමන්ට ඉගනගන්න තියන දේවල්, තමන්ට කියලා දෙන්න පුළුවන් දේවල් ගණනාවක්ම ලැබෙනවා. එතකොට ඒ ජීවන චාරිකාව සංසාරය පුරාම මතක සටහන් එක් කරන චාරිකාවක් බවට පත්වෙනවා.


හිතේ සැනසිල්ල කියන්නේ අපි උකහා ගන්න උත්සහ කරන එකම දෙයයි.මුදල් මගින්,බලහත්කාරයෙන්,උපක්‍රමශීලී හෝ මොනයම් ආකාරයෙන්වුණත් අපි ලඟාකරගන්න බලන්නේ අන්න ඒ හිතේ සැනසීමනේද? එච්චර අමාරුවෙන් ලඟාකරගන්න උත්සහකරන හිතේ සැනසීම සත පහකවත් වියදමක් නැතිව දරාගන්නත් අමාරු විදියට ලඟින්ම ඉඳන් ජීවිතය පුරාවටම කව්රුහරි ලබාදෙනවනම් ඒකේ වටිනාකම කියලා නිමකරන්න පුළුවන්ද.

කොල්ලෙක්ගේ ආදරේ හරියටම හිතන්න හිතක් ලැබුණු යන්ත්‍රයක් වගේ. පුළුවන් උපරිමෙන් ධාරිතාවය,කාර්යක්ෂමව ලබාදෙනවා. ඒත් හැලහැප්පීම්වලදී බොහොම තද විදියට ක්‍රියාකරනවා. ඒත් ඒ සෘජු තීරණ වැරදි වගේම නිවැරදි වෙන වෙලාවල් බහුලයි. ඒත් ඒ කරන ආදරේ බැඳීමකට එහා ගොස් චිත්තාභ්‍යන්තරෙන් පැන නගින සංකල්පයක් වගේ තමන්ගේ හදවතින්ම මුදාහැරීම කොල්ලෙක්ගේ ස්වභාවයයි.

නමුත් කෙල්ලෙක් ආදරේ කරන්නේ වතාවතක් කරනවා වගෙයි. තමන්ගෙන් තමන්ගේ පෙම්වතාට ලැබිය යුතුම දෙයක් නොවරදවාම දෙනවා වගෙය. ඒ තේවාව කරන්න කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ හැම කැපකිරීමම කරන්න සූදානම්.ගැටළුවකදි සංවේදී වුනත් තමන්ගේ හිතට දැනෙන තෙතමනයක් ඇති ඕනෑම අදහසක් ඇයට ශක්තියක්.

එතකොටස කොල්ලෙක්ගේ ජීවිතේට කෙල්ලෙක් කියන්නේ ලොකුම දෑවැද්දයි. භෞතිකවම වගේම ආධ්‍යාත්මිකවත්.මෙහි වටිනාකම් මනින්න මිනුම් ඒකක නැතිවුණත් මැන්නොත් ජීවිතේ නොලැබෙන වටිනාකමකින් එයට ලංසු තියන්න පුළුවන්. එතරම් වටින හදවතක් තමන් සන්තකයේ තියෙද්දි ඕනම කොල්ලෙක් ඕනෑම එඩිතර දෙයක් කරන්න පසුබට වෙන්නේ නෑ කියලා සහතිකයි.

ආදරේ කරන හිත් අපි අතර අනන්තයි.අප්‍රමාණයි.මම මේ කිව්ව කාරණා ටික නිර්ව්‍යාජ සිතුවිල්ලකින් තමන්ගෙම හිතින් අහලා බලන්න. තමන් තමන්ට කොච්චර ආදරේද? තමන්ගෙන් තමන්ගේ අයට කොච්චර ආදරයක් ලැබෙනවද? ඒ වගේම ජීවිත ගමනේ හෙවණැල්ල වගේ ඉන්න කෙනාගෙන් තමන්ට කොච්චර ආදරයක් ලැබෙනවාද කියලා.

ඔව් ඔබලා හැමෝටම ඒ ආදරේ වටිනාකම තව තව දැනේවි දැන්.කොල්ලෙක්ටනම් තමන්ගේ පෙම්වතිය,බිරිඳ කොතරම් තදින් වතාවතක් වගේ ආදරය කරනවද කියලා ඔයාලට දැනේවි.ඔව් ඔයාලට නිදසුන් මැවිලා පෙනේවි. කෙල්ලෙක්ටනම් තමන්ගේ පෙම්වතා හෝ සැමියා තමන්ට කොච්චර තදින් සහ ඇල්මෙන් ආදරේ කරනවද කියලා හදවතටම දැනේවි. ඒ වගේම එහෙම කරන විදියත් මැවිලො පෙනේවි. හදවතේ රිද්මයත් ඒත් එක්කම වැඩිවේවි. 

ඔබට පුළුවන් ඒ ආදරේට දෙන්න පුළුවන් උපරිමේ දෙන්න ආදරේ අඩු නැතිව. අද වෙනකොට ආදරේ යන්තම්වත් අඩුවෙලා තිබුණනම් ඒක තව  කීප ගුණයකින් ඔබ වැඩි කරාවි. ඒ වගේම හදවත පුරාවටම ආදරේ කලා නම් ඔබ තවත් වැඩි වැඩියෙන් ආදරේ කරාවි.මේ හැමදේම හිතේ තියාගෙන.

11 comments:

  1. ආදරේ තමයි මස්සිනා මිනිස්සු ජීවත් කරවන්නේත්,මරන්නේත්, නොමරා මරන්නේත්. හොඳට භාවිතා කලොත් හොඳ දෙයක් වෙනවා..උඹ ගණන් ගන්න එපා බනියා.අම්මා හොයලා දෙයි...

    ReplyDelete
  2. ඇත්ත ඇති හැටියෙන්ම ලියලා,.දෙපාර්ශවයම ගැන හිතද්දී 100%ක්ම නිවැරදියි කියලා කියන්න පුළුවන් ජනරඟ, ,.

    ReplyDelete
  3. අාදරේ කෙප්පයකි! කතා දෙක්ක නැත

    ReplyDelete
  4. @ප්‍රාර්ථනා- බොහොම ස්තූතියි සහෝදරී.හැඟෙන දැනෙන දේවල් ගැන ගොඩක් ලියන්න පුළුවන්.ඒ වගේම ජීවිතේ වැරදුණු,වැරදි කරපු තැන් හදාගන්නත් සිතුවිලි ගොඩක් වැදගත්.

    ReplyDelete
  5. @තනි අලියා- ආදරේ නම් කෙප්පයක් තමයි.ඒත් ඕනම කෙප්පයක් ඇත්ත කරන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි ඕනම ඇත්තක් කෙප්පයක් කරන්නත් පුළුවන්.ඒකට බලපාන්නේ ආකල්ප සහෝදරයා..ගොඩක් ස්තූතියි අදහසට

    ReplyDelete
  6. ආදරේ.. මේ දවස් වල මං නොහිතනම මාතෘකාවක්.. නමුත් ඔබේ කියමන ලස්සනයි..
    ඔය පින්තූරේ ඉන්න ගායිකාවට මං ගොඩක් කැමතියි...

    ReplyDelete
  7. @මේ දවස්වල සහෝදරයා ඒ ගැන නොහිතුවට ඉක්මණටම හිතාවි.ඔන්න බලන්නකෝ

    ReplyDelete
  8. 100%ක් ඇත්ත මල්ලි.කෙල්ලො වතාවත් කරනවා වගේ ආදරේ කරනවා නේන්නම්.

    ReplyDelete
  9. ස්තූතියි අක්කණ්ඩියේ.හොඳාකාරවම දන්නවා ඒ දේ.ඒකයි සිතුවිල්ලකට පෙරලුවේ

    ReplyDelete
  10. සහෝ කසාද නොබැන්දට මොකෝ ඇඬෙන්නම ලියලා තියෙනවා. ඔබ කියපු කාරණා ටික ප්‍රායෝගිකව අත්විඳින කෙනෙක් විදියට ඔයාගේ ඔය වචන ටිකට මට ගොඩක් සන්තෝෂයි. මොකද ජීවිතේ ඇති සැටියෙන් පේන්නේ අල්පයක් දෙනාට නිසා. ගොඩක් දෙනා ජීවිතේ අල්ලන් ඉන්නේ වැරදි තැන් වලින්. ඒත් මොනවා නැතත් කනුවට ලනුව වගේ ලඟ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ගින්දරට වුනත් පනින්න ෆිට් තමයි. ඒක ඉතින් මෙහෙම වචන වලින් කිව්වට සමහරුන්ට තේරෙන්නෑ. කරලම, විඳලම බලන්න ඕනේ...! ඒකත් හැමෝටම ලැබෙන්නෙත් නෑ. ලැබෙන හැමෝම විඳන්නෙත් නෑ... හැබැයි ලැබුනු එකා වාසනාවන්තයි... මම හිතන්නේ සහෝටත් ලැබිලා නේද ???

    ReplyDelete