Nov 18, 2011

සුභ උපන්දිනයක්...ජනාධිපතිතුමනි!

විවිධ කාලයට විවිධ නායකයන් බිහිවෙති.විවිධ නායකයන් නැතිවෙති. නමුත් ඉතිහාසයට නම් තැබූ ඉතිහාසය වෙනස්කල නායකයන් අල්පය. ඒ අතරින් ඉතිහාසයේ රටවෙනුවෙන් අතිමහත් සේවයක් කර නරේන්ද්‍රයන්ට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ නැමති මැදමුලනෙන් ඉපිද,බෙලිඅත්තෙන් දේශපාලනය ජනමලාභය දුන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් රටේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව රට වෙනස්ම මගකට යොමුකරමින් ශ්‍රී ලාංකේය අභිමානයට නව පණක් දුන්හ. එහෙයින් ජනපතිතුමන්,ආරක්ෂක ලේකම්තුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, මහජන නියෝජිතයන් ඇතුලු පොදු මහජනතාවගේ සියල්ලන්ගේම සමූහ ප්‍රයත්නයක් ලෙස රට ඝාතකයාගෙන් බේරාගත්හ. එයට තවමත් අප ණයගැති වෙමු. කොතරම් විවේචන පැවතුනත් හදවතට එකඟව එම කටුක සත්‍ය අප පිලිගත යුතුය.


අතීතයේ නායකයන් බිහිවී ත්‍රස්තවාදයේම පියවරක් ලෙසින් නැතිවී ගිය කලෙක දතට දත,නියට නිය, ලෙයට ලෙය න්‍යායෙන් රට බේරාගත හැකිය යන ආකල්පය ජනතාව අතරට ගෙනයාමට ජාතිකවාදී ව්‍යාපාරවල දායකත්වය ලබාගෙන ජනතාවට ඉහල ආකල්පමය සවියක් ලබාදෙමින් අවසානයේ රට ගලවාගත්හ. හොඳ දෙයට හොඳ ප්‍රතිඵල ලැබෙන්නාක් මෙන්ම නැවතත් ජනවරම ලබාගෙන තවමත් සිරිලක් පොලවේ ජනපතිඳුන් ලෙසින් ඔහු සිටී.

කොතරම් වැරදි තිබුණත්, කොතරම් හොඳ දේ කලත් විවේචනය කරන සමාජ වටපිටාවක අපි එතුමන්ගේ වැරදි දෙයට සෘජුවම විරුද්ධ වෙමු, හොඳ දෙයට හදවතින් එකඟවෙමු. එබැවින් එතුමන්ට අදටත් වඩා හොඳ දේ කරන්නට ප්‍රඥාව පහලවේවා, එසේම වැරදි දේ නොකරන්නට සත්‍ය සිතුවිලි පහලවේවා යයි අපේ පැතුමයි. 

මෙහිදී ප්‍රංශ ජාතික විද්වත් සාහිත්‍යවේදියෙක් කල කතාවක කොටසක් සිහිපත් කල යුතුය “ඔබගේ දේශයට සිටින නරේන්ද්‍රයා සැමවිටම නිවැරදි නොවේ, නමුත් ඔහු සැමවිටම වැරිදද නොවේ.එවැනි නරේන්ද්‍රයන් නිවැරදි කිරීම ඔහුට ශක්තිය දුන් දෑත්වල හා සිත්වල යුතුකමකි. එසේ නොකර කඩු, කිනිසි ඔසවා අවසන කොතරම් අත්පොලසන් දී කෑ ගොස්සන් දුන්නත් අවසන එම ජනතාවටම දැකිය හැකිවන්නේ නරේන්ද්‍රයාද පරාජය කර තමන්ද පරාජය වී ඇති බව පමණි. එබැවින් එක් නරේන්ද්‍රයෙක් රැකීම තවත් නරේන්ද්‍රයන් දහසක් බිහි කරනවාට වඩා උතුම්ය“

ඔබට සුභ උපන්දිනයක් ගරු ජනාධිපතිතුමණි!

12 comments:

  1. මේඋපන් දිනේ සතුටින් ගෙවෙනවා ඇතී අරූ හිරෙත් ගියානෙ....

    ReplyDelete
  2. රෙදි නැතුව කඩේ යනවට උබට ගෙවනවද බන් හොර රජා

    ReplyDelete
  3. Muta hena 7ma wediyan

    ReplyDelete
  4. බොහොම ස්තූතියි යාළුවනේ..

    ReplyDelete
  5. ඒක විතරක් නෙවෙයි යාළුවනේ විවේචන ඉදිරිපත් කරන්න කලින් මේකත් බලලම ඉන්න http://apeisawwa.blogspot.com/2011/10/blog-post_20.html

    ReplyDelete
  6. හෙණම ගහපං ඕකට රටක් බේරගත්ත වීරයට කරපු බලු වැඩේට

    ReplyDelete
  7. ANE.....P'...O..UBATH MARATA P..A..DENAWADA

    ReplyDelete
  8. YAKO... OKATA..SUBA UPANDENAYAK NAWAI...NIWANSAPA KIYAPAN

    ReplyDelete
  9. මම සුභ පතන්නට හෝ ශාප කරන්නට නොයමි. නමුත් ඔබ අවසාන ඡේදයෙන් ගෙන හැර පෑ අදහසට සම්පූර්ණයෙන් එකඟවෙමි. සිංහලයාට බොහෝදේ ඉක්මනින් අමතක වෙන්නේය. එමෙන්ම සැම විටම මුලින් ආ කනට වඩා පස්සේ ආ අඟ ලොකු වෙන්නේය. මුලින් මහින්ද වී පසුව ෆොන්සේකා වු උදවිය හෙට තව කවුරුන් හෝ ආවොත් උන් දෙන්නාටම බැන බැන අර අළුත් වීරයාට ආවඩනු ඇත. මේ ලංකාවේ හැටි නිසා කමෙන්ට් ගැන කලබල වෙන්න ඕනේ නෑ. තමන්ගේ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් කියන්න පුළුවන් නොවැ. ඇනෝ ඇවිත් බැනලා යන එක නම් අනුමත කරන්න බෑ. ඒත් ඒවත් තියෙන්න ඕනේ. නැත්නම් ගතියක් නෑ... !

    සහෝ දේශපාලනය ගාවා නොගන්නවා නම් මම කැමතියි. අදහසක් පමණයි. යෝජනාවක් නෙවෙයි... ජය!!!

    ReplyDelete
  10. සුභ පතන්න තිබ්බා SF ව එළියට දැම්මනං....

    ReplyDelete
  11. තාත්ත කරපු දේ පුතා නොකරොත් ඌ නොට්ටිගේ පුතාලු නේද?? :D

    ReplyDelete
  12. buruwekuge upandine gena karadara wena mee harak

    ReplyDelete