Jun 23, 2012

“ගී මිහිර “ - මාගේ කුළුදුල් අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන



ඔබ දන්නවා ඇති අද ලංකාවේ බොහොමයක් ගුවන් විදුලි නාලිකා තිබෙනවා, ඒ වගේම අන්තර්ජාලය මාධ්‍ය කරගත් ගුවන් විදුලි නාලිකාත් බහුලව තිබෙනවා. ඒ වගේම ඒවාහි විවිධ මාදිලියේ වැඩසටහන් විකාශය වනවා. ඔබ ඒවා විවිධ කෝණවල සිටි විඳිනවා ඇති. ඒ අතර අසන්නෙක් ලෙසින් රැඳුනු මමද අහිංසක උත්සහයක නිරත වෙන්නට තීරණය කලේ ගුවන් විදුලි මාධ්‍යය පිළිබඳ ඇති ආසාව සහ වසර 6 කට ආසන්න අත්දැකීම්වල එකතුවක් ලෙසින්.


  “ගී මිහිර“ නමින් අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ උත්සහයේ පලමු පියවරයි. ගී මිහිර යනු හුදෙක් සංගීත වැඩ සටහනකි. මෙම වැඩසටහන් හරහා මා බලාපොරොත්තු වන්නේ ඔබ දන්නා මෙන්ම රසවත් ගීත පිළිබඳව රසමුසු සිදුවීම්, ඒවායේ නිර්මාණය සහ අර්ථය සම්බන්ධ සිදුවීම් හා ගීත සමග බැඳුනු  මාගේ පුද්ගලික අත්දැකීම් මෙම වැඩසටහන මගින් ශ්‍රාවක ඔබට තිලිණ කරයි. එසේම අදාල ගීතද ඒ සමග ඉදිරිපත් කෙරේ. මෙහි විශේෂය වන්නේ සිංහල ගීත වලට පමණක් මෙම වැඩසටහන් සීමා නොවීමයි. බුද්ධිමය රසාස්වාදනයක් උදෙසා යම්තාක් දුරට හෝ මේ වැඩසටහනෙන් දායකත්වයක් ලබාදීම මගේ අරමුණයි.



   මෙම වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා අවම හා ප්‍රාථමික තාක්ෂණික උපායමාර්ගයන් හා උපාංග භාවිතයෙන් බැවින් මෙම වැඩසටහන් ඉතාමත් ඉහල ගුණාත්මකභාවයකින් ඉදිරිපත් කිරීමට අපහසු විය. එසේම මගේ ශක්ති ප්‍රමාණයෙන් මෙම වැඩසටහන ඉදිරිපත් කරන අතර ශ්‍රවණය කිරීමේදී යම් අපහසුවක් සිදුවුවහොත් ඒ පිළිබඳ මගේ කණගාටුව ප්‍රකාශ කරමි. මෙම අහිංසක උත්සහයේ පර්යේෂණ විකාශය පිළිබඳ ඔබගේ අදහස් උදහස් පලකරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.
“ගී මිහිර“ පලමු වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න

19 comments:

  1. keep up the good work.best of luck!!!

    ReplyDelete
  2. ශා නියම වැඩක් සුබපැතුම්!! එලටම කරමු
    අපිත් එනවා ඔන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ගොඩක් ස්තූතියි පුබුදු

      Delete
  3. ජනරඟ සහෝ... නියම වැඩක්... හොඳ උත්සාහයක්...!!!

    පුළුවන් නම් Audio එක sound editing software එකකින් පොඩ්ඩක් එඩිට් කරලා දාන්න. රෙකෝඩ් කරද්දී මයික් එක කටෙන් අඟල් 2-3 ඈතින් තියන්න. recording level අඩු වුනාට කමක් නෑ. ඒක පස්සේ edit කලෑකි...

    Audio editing අමාරු නම් මට පුළුවන් උදව්වක් කරන්න... දිගටම කරගෙන යං සහෝ... පුළුවන් නම් බස් රේඩියෝ එකෙන් උදව්වක් ගන්න... ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් ස්තූතියි චතුරංග..පුංචි උත්සහයට ලැබුණු වටිනා අදහස් ටිකක්..අනිවාර්යයෙන්ම උදව්වක් වුවමනාවුන ගමන්ම ඉල්ලනවා

      Delete
  4. මට විෂය වන දෙයක් නොවුනත්
    ............සුබ පැතුම්........!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමිත් අයියා..

      Delete
  5. hoda utsahayak ayya.....digatama karagena yanna.onna mamat me wadasatahana ahanna enawa hode.......onna ayyata magenut suba patum....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි..ඒ වචන ටිකම ඇති ලොකු දෙයක් කරන්න.ලොකු හියියක්

      Delete
  6. onna ayya oyage kana mama pari........ssamata ewwa hode.... :)

    ReplyDelete
    Replies
    1. හා හා ඒක ලැබුණා.තෑන්ක්ස්..ඒත් එක කොනිත්තලා තිබුණා හරිද..මම ඒවට පස්සේ අල්ලගන්නම්කෝ

      Delete
  7. ඔයා හොද උත්සහයක් අරන් තියෙන්නේ..ගොඩක් වටිනවා ඒක.. සුබපතනවා මන් ඔයාට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරී..යොදුන් දහසක දුර ගමනක් එක් පියවරකින් ආරම්භයට වටින සුබ පැතුමක්

      Delete
  8. hu.....hu.....puluwannam mawa allagannako......... :))ottui oyata be mawa allanna....

    ReplyDelete
  9. නියමයි ඉදිරිය සුබ වන්නට යැයි පතමි

    ReplyDelete
  10. සුභ අනාගතයක් මිතුර! :)

    ReplyDelete
  11. මේ පුංචි පියවර යෝධ ගමනක ඇරඹුමක් වන බවට සැකයක් නැත..
    සුබ පැතුම් සහෝ...!

    ReplyDelete