පත්තර රස්සාවට
ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට
තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම
සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට
බණ කියාගෙන පාත්තර පුරවගන්න අය පට සළුපිලි ගලවලා දාලා ඉන්නකොට මහ පොළවේ පයගහල ඉන්න
කාඩ යක්කු කියලා තේරෙන්න එච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙම වෙලාවට ජීවිතය බවට පත්වෙලා
තියන පත්තර රස්සාව තවදුරටත් රස්සාවක්ම මිස ජීවිතය නෙවෙයි කියන තැනට නිරායාසයෙන්ම
එන්නේ හිතට එන කාළකණ්ණි හැඟීම් සමුදාය එක්කම තමයි. කොහොමවුණත් බොරු වෙස්මූණු
දාගත්ත දෙවිවරුන්ගේ පෙරේත ආත්මයන් දැකගන්න ලැබෙන්නත් ලේසි පහසු පින් කරලා බෑ.
පේ‍්‍රමකීර්ති එදා ගුවන් විදුලියේ හිටිද්දි ’කන්ද
කෙන්ද කරනු පිණිස’ ගීතය ලියන්නේ ඒ උපමා උපමේය අතරේ හැංගිලා තියන තමන්ගේ ජීවිතේ එදා
මුහුණදෙමින් තිබුණ අත්දැකීම් විස්තර කරන්නත් එක්කයි. කොච්චර දක්ෂයෙක් සහ
නිර්මාණාත්මක කලාකරුවෙක් වුනත් ඒකම පේ‍්‍රමකීර්තිගේ අවාසියට හේතුවෙන්නේ ඉස්සරහට
ගමනක් යන්න වේගයෙන් අඩිය තියන මිනිහගේ කකුලෙන් අදින අමනයන් රැුළක් කොහෙත් ඉන්න
නිසාමයි. එදා ගුවන් විදුලියේ තමන්ට පහර ගහන,
කකුලෙන් අදින,
චෝදනා කරන අමනයන්ට පේ‍්‍රමකීර්ති අතින් පයින් හෝ කේලාම්,පෙත්සම්
වලින් හරි උත්තර නොදී නිර්මාණාත්මක විදිහට උත්තර දීපු නිසයි අද පේ‍්‍රමකීර්ති
නැතිවුණත් නම ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ඔහු කිව්ව කතාව සදාකාලික සත්‍යයක් කියලා
අපිට තේරුම්ගන්න වෙනවා. ’අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා’ කියලා
කියන කතාව හැම කෙන්දකට වගේම හැම කන්දකටත් අදාලයි.