මාතර කොටු දොරකඩ ලගට ගියෙත් නිකං බාගෙට මැරිලා වගේ. අම්මපා මේ රස්නේ නම්. කියලා වැඩක් නෑ ඉර අතිජාත මිත්‍රයෙක් වගේ ලගටම ඇවිත් දස වද දෙනවා. කණ පැලෙන්න හීතල දවසටනම් මේ ඉර පැත්ත පලාතක් බලන්නේ නෑ මගේ. ඒත් අදනං ඉන්නවා මටම වද දෙන්න. දිසාපති කාර්යාලයට යන්නේ අද ලොකු වැඩක් කරගන්න තියන නිසා. කොච්චර වෙලාවක් ගියත් දෙයියම්පා වැඩේ කරගන්නේ නැතුවනම් එන්නේ නෑ. දවස් ගණනක් තිබුණු වැඩ කන්දරාව නිසා මේකට එන්න වුනෙත් නෑ. ඒත් අදනං කරගෙන මිසක් යන්නෙත් නෑ. හෙමින් හෙමින් කොටුවට ප්‍රධාන දොරෙන්ම ඇතුල් වුනා.
හමුදා කෑම්ප් එක ඉස්සරහ මහින්ද විජේසේකර පිට්ටනියේ කොල්ලෝ ටිකක් පුට්බෝල් සෙල්ලම් කරනවා ගිනි කාස්ටකේ. අනේ මුන්ට පිස්සුද මංදා.මුන්ට විතරක් නෙවෙයි එහෙනම් මටත් පිස්සු වෙන්න එපායැ.මීට සතිගාණකට කලින් මමත් මේ වගේම අපේ සෙට් එක එක්ක මෙතන සෙල්ලං කලානේ. වෙනසකට තිබ්බේ අපි ගැහුවේ ක්‍රිකට්. ඉතිං මම හෙමින් හෙමින් ගියා දිසාපති කාර්යාලේ පැත්තට. සතියේ දවසක් නිසා ගොඩක් සෙනග කොටුවේ ඇතුලේ එහාට මෙහාට යනවා. මම නිකමට වගේ රෙපෙරමාදු පල්ලිය දිහා බැලුවා. බලලා ආයෙත් පාරේ අනික් පැත්ත බැලුවා. සුන්දර අහිංසක යුවතියක්...එකපාරටම මම කොහොමද ඒක නිගමනේ කලේ. මගුල තමයි. එහෙම එකපාරටම කියන්න පුළුවන්ද. ඕන සරස්වතී කෙනෙක් කාලි අම්මා වෙන්න යන්නේ තත්පරයයි. ඒත් අනේ මේ කෙල්ල හරි අහිංසකයි. ලස්සන සාරියක් ඇදන් කොණ්ඩෙත් කඩාදාගෙන.චාම් අත් බෑගයත් දාගෙන හෙමි හෙමින් අඩිය තියනවා කොටුව ඇතුලට. දැක්කම ආසාවේ බෑ. මගේ හිතත් මොකද්දෝ වුණා.
එයා ටිකක් වේගෙන් යනවා. මගේ විකාර හිතටත් මේ දහසක් වැඩ තියන වෙලාවේ මේ කෙල්ල පස්සෙන් යන්න හිතුනනනේ. ඉතිං හිතගිය තැන මාලිගාව කියන්නේ නිකංද. කමක් නෑ ටිකක් ගිහිං බලනවා කියලා ගියා පස්සෙන්. අනේ හරි ලස්සන ගමන් ලතාව. රියසකයුරු නිතඹ..කවිසිතුවිලි ගලාගෙන ආවා. අතේ තිබුණු ජංගමේන් හරි මූණු පොතේ කවියක් ලියන්න හිතුනා ඒ වෙලාවෙම. විකාර මටත්..කොහේවත් යන කෙල්ලෙක් පස්සෙන් යනවා මදිවට කවිත් ලියන්න හදනවා.
ටොප් ගියර් එකේ ගියා මදැයි ටිකක් දුර ගිහින් බලද්දි මං ඉන්නේ කොටුව මැදි නුග ගහ ලග හංදියේ. මගේ විකාර හිත මාවත් අරගෙන රූබර අහිංසක යුවතිය එක්ක මාවත් අරගෙන දිසාපති කාර්යාලේ පහුකරගෙන ඇවිත්. මෙතන තියෙන්නේ මැතිවරණ කාර්යාලේ. මොකද නාම යෝජනා බාර දෙන්නද..... එපාර හිත කියනවා ඔච්චර ආපු එකේ තව ටිකක් පලයන් කියලා. ඉතිං මමත් යනවා. මම දැන් එයාට ගොඩක් ලගින් යන්නේ.
මෙහෙම ගියපු සොදුරු රුවැත්ති තමන්ගේ අත්බෑගේ දුන්නා....කාටද ?කොටුවේ කඩේ බෑග් කවුන්ටර් එකට. දීලා එයා ආපහු ආවෙ මගේ පැත්තට. ඒ මට ලංවෙන් න නෙවෙයි මං පහුකරලා කොටුවේ කඩේට ඇතුල් වෙන්න. මමත් ඉතිං මගේ හිතත් තුරුල් කරන් ගියානේ එයාගේ පස්සෙන්. යකෝ දහසක් වැඩ තියාගෙන මම කරන දේවල්..ඕකට කියන්නේ හිතට වහල් වීම.
ගැණූ ලමයෙක් කොටුවේ කඩේට ඇතුල් උනාම පුරුදු විදියට ඇහැයන සෙන්ට් පවුඩර් තියන තැනට එයා ගියා. මාත් ගියා. එයා සෙන්ට් තෝරනවා. මම ෆේස්වොෂ් තෝරනවා. එයා අන්තිමට ගාඩිනියා සුවද සෙන්ට් එකක් අතට ගත්තා..දෙයියනේ ඒක මමත් හරි ආස බ්‍රෑන්ඩ් එකක්නේ. මෙහෙම වෙන්නේ හොදකට නෙවෙයි යකෝ...හිත පිස්සු නටනවා..මමත් ඔන්න මොකක්දෝ එකක් අතට ගත්තා වගේ මතකයි.
ඊට පස්සේ එයා ගියා රෙදි තිබුණ පැත්තට. එයා එක එක ඒවා තෝරනවා. මම ඉතිං එතන ඉන්න බැරිනිසා ටිකක් මෙහාට වෙලා එක එක ඒවා තෝරනවා. මම ඒ අතරේ බැලුවා ඒ පුංචි මූණු පොඩ්ඩ දිහා.. මාරයි...මාරම මාරයි..ලස්සන ඇස්දෙක..නිල් මැණික් දෙකක් වගේ..ලස්සන තොල්දෙක රෝස මල්පෙති වගේ..ලස්සන නහය මොකක් වගේද? නෑ උපමාවක් ආවේ නෑ..මං උපමා කිරිල්ල නැවැත්තුවා. ඇත්තටම එයා සුන්දරයි. ඔන්න මට ආයෙත් කවියක් ලියන්න හිතෙනවා..
මම විකාර කර කර එක එක ඒවා තෝරනවා. ඒ අතරේ මං ලගින් පුංචි හඩක් ඇහුනා.
...එක්ස් කියුස් මී...අයියා...
මම හැරුණා පිටිපස්සට...දෙයියනේ අර රුවැති මල මගේ ඉස්සරහා..හරි සුන්දර හිනාවක් එක්ක.මම මගේ වම් අතින් කකුල කොනිත්තලා බැලුවා හීනයක්ද කියලා...ඌයි රිදුණා මටම...නෑ හීනයක් නෙවෙයි...මම කන්න වගේ එයා දිහා පුදුම වෙලා බලන් හිටියා.
...එක්ස් කියුස් මී අයියා...
එයා ආයෙත් කිව්වා.
පට්ටා පට්ටා...මේක මරු :)
ReplyDelete...එක්ස් කියුස් මී අයියා...කියුවම කන්න වගේ බලන් ඉනේ නෑ නේ බොල.. එහාට වෙලා ඉඩ දෙනවා මිස..:P
ReplyDeleteහප්පේ... අමු අමුවෙ පැණිය පෙරිල්ලක්නෙ... ටිකක් ඩීසන්ට් විදිහට කරන්න තිබුනෙ නැද්ද බන්... ;)
ReplyDeleteහ්ම්ම්..ලස්සන කතාව.ලියල තියෙන තෑන් දන්න නිසා මෑවිලා පේනව වගේ.හි හි..ඈත්ත කතාවක්ද මන්ද.ඉතුරු කොටසත් ඉක්මනට දාන්නකෝ අය්යේ.
ReplyDeleteමොකක් ? එහ්? වෙන්න බැ වෙන්න බැ.. මට උනා නම් මේක ජිවිතේට වෙන්න බැ.. මට පේන්නම බැරි දෙයක් තමා ඇදුම් කඩ :D
ReplyDeleteමගේ මූන කන්න හිනා උනත්.. ජිවිතෙට මං පස්සෙන් නම් ගිහින් නෑ :D
එක්ස්කුයුස් මී අයියා මගෙ මහත්තයා ඔයාගෙ සයිස්. එයාට ෂර්ට් එකක් තෝරන්න ආවෙ. එයාට මේ සයිස් එක හරි යයිද... හූ.. එතකොට කෝමද...
ReplyDeleteapoi deiyane.he he
ReplyDeleteඅනේ ජනරඟ ඔයාගේ බ්ලොග් එකේ පරණ පෝස්ට් බලන්නේ කොහොමද?? ඇයි blog archive එකක් නැත්තෙ... මම මේ කොටස කියෙව්වෙත් නෑ..පළවෙනි කොටස කියවලම ඉන්න ඕනේ නිසා.. :D
ReplyDeleteමාතර කතාවක් වගෙයි... ඔන්න දේව්දාස් අදයි ආවේ මේ පැත්තේ... දිගටම එනවා... දිගටම ලියන්න දේව්දාස් ගෙන් සුභ පැතුම්..!
ReplyDeleteදේව්දාස්...
වාව් . .
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා . . .
පොඩි මෑන්ගේ කතාවට ෂානු දාපු ලින්ක් එකීන් ආවේ . .
මීට කලින් ඇවිත් තියෙනවා කියලා මතකයි . .
ඒත් පහුගිය කාලයක් තිස්සේ බ්ලොග් ලියන්න කියවන්න වෙලාව හොයා ගන්න බැරි උනු නිසා එන්න ඇත්තේ කාලෙකට කලින් වෙන්න ඕන . . .
ලස්සනයි . .
අන්තිම කොටසත් ඉවර කරලා නිසා නිවී හැනහිල්ලේ කියවන්න ඇහැකි . .
ම්ම්ම්...මරු අයියා..මම ඉතිරි ටිකත් කියවනවා.....
ReplyDelete