
ඔන්න ඊයේ ඉදිරිපත් කරපු Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම 1 කොටස කියවලම ඉන්න නොකියවපු අය..මේක එකපාරට දැම්මේ නෑ කියලා මම අහපු බැනුම්..හිතාගත්තා තවත්නම් අත්දැකීම් ලියන්නෙත් නෑ කියලා
*********************************
වරුණයා මගේ කාමරේට කඩාපාත් වුණේ ඔළුවේ අත්දෙක තියාගෙන. ඒක අහලා මගේ මොලෙත් කොලොප්පන්වුණා. මටත් ඉස්පාසුවක් නෑ දැනගන්න කවුද පසන් කාරයාගේ හිත ගත්තු අසාමාන්ය කුමාරි කියලා. වරුණයා විකාරෙන් වගේ කියවනවා මිසක් හරියට දෙයක් කියන්නේ නෑ. මම කීප සැරයක්ම ඇහුවා.
"යකෝ මේකා ට්රයි කරන්නේ ******* මුඩුක්කු ඒරියා එකේ කළුම කළු කෙල්ලෙක්ට..ඒකනම් කමක් නෑ කියමු..ඒකි තනිකර කොල්ලෙක් වගේ බජාර් එක රන් කරන එකක්..යකෝ ඒකි මල්ටි චුට්ටගේ එකම නංගී බං"






