එක්ස් කියුස් මී අයියා...
ඇය මොනවාදෝ කියනවා දැනුනත් ඒ කිසිදෙයක් ඇහුණේ මට නොවෙයි. රුවැත්තියගේ රුවට මම වශීවී සිටීම එයට හේතුවිය. අවසානයේදී මට වචන සොයාගත හැකි විය.
ඇයි නංගි....
මම යන්තම් වචන ගලපාගෙන ඇසීය.
අනේ අයියේ මේ මගේ පර්ස් එක අරින්න බෑ..චුට්ටක් ඇරලා දෙනවද..මම බැලුවා ගොඩක් අමාරුයි...
දෙවියන් යමක් දෙනකොට දෙන්නේ ටොකු ඇණ ඇණ උඩ පැන පැන යන්න සනාථ කරමින් සොදුරු රුවැත්තිය මගේ නෙත් ඉදිරිපිටටම පැමිණ ඇත. වහා ඇයට උදව් කිරීමට මම ඇගේ පසුම්බිය අතට ගතිමි.
දැඩිවෙර දමා විවෘත කිරීමට උත්සහ කලත් විවෘත නොවිණි. ඇය මහත් වුවමනාවෙන් සට සට ගා දගලන මගේ ඇගිලි තුඩු දෙස බලා සිටියාය. මගේ ඇගටද දාඩිය දාන්නට වූයේ එයත් සමගය.. අයියෝ මේ මගදාව ඇරෙන්නේ නෑනේ..වස ලැජ්ජාවේ පණයනවා මේකි ඉස්සරහ...
අමාරුනම් කමක් නෑ අයියා...





