Jan 4, 2014

සංකලනී - 7 වැනි කොටස


පසුගිය කොටස්  1  2  3  4  5  6 

ආදරයක් හිතේ මෝදු වෙද්දි ඒකට සීමා මායිම් තියෙන්න විදියක් නෑ. මොකද එහෙම සීමා මායිම් එක්ක වැඩෙන දෙයක් නෙවෙයි ආදරේ කියන්නේ. මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරේ දවසින් දවස ටිකින් ටික වැඩිවෙන්නේ කොල්ලා කෙල්ල ගැන හිතන වාර ගණන වැඩිවෙනවත් එක්කමයි. ඒ අතරේ සංකිගේ අහංකාරකම් නිසා තව තවත් ඒ ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ. ඒත් මිතුලගේ හිතේ තිබුණ වේදනාව තමයි තමන් කරන කිසි දේකට සංකි ආදරේ වෙනුවෙන් ප්‍රතිචාරයක් නොදෙන එක.

   ඒ අතරේ සංකි අනිත් පැත්තේ ගෙදරට වෙලා හිටියේ තරහින් පිපිරි පිපිරි. කෙල්ලට හිතාගන්න බෑ පන්සලේදී තමන්ව වතුර බාල්දියකින් නාවලා ඉවරවෙලා බලහත්කාරයෙන් වගේ සමාව ගන්නත් හදලා ඒ මදිවට දැන් පාරෙ තොටේ යන්නවත් දෙන්නේ නැතුව මේ යකා කරදර කරන්නේ ඇයි කියලා. කොච්චර කිව්වත් සංකිගේ හිත පිළිගන්නෙම නෑ එදා පන්සලේදී තමන්ගේ ඔලුවට මිතුල වතුර බාල්දිය පෙරලුවේ අත්වැරැද්දකින් කියලා. ඒක තවත් ඔප්පු වෙන්න හේතුවුනේ මිතුලගේ මුරණ්ඩු වැඩමයි. දවසේ වැඩි හරියක් සංකිට මතක් වෙන්නේ මිතුල.හැබැයි ඒ මතක්වෙන වාරයක් පාසා හිතට එන තරහා නිසා මේ වෙනකොට බර ගාණක් සංකිගෙන් බැනුම් අහලා තිබුණා. ඒ නිසාම සංකි මේ ටිකේම ඉන්නේ හරි නොසන්සුන්කමකින්. සංකි හිතාගත්තා ආයෙත් තමන්ට කරදර කරන්න ආවොත් මිතුලට හොඳ දෙකක් කියනවා ආයෙත් රෙදි ගැලවෙන්නම කියලා. ඒ අතරේ මිතුල හිතින් සැලසුම් හදන්නේ සංකිට කොහොමහරි ලංවෙන්න..හැමදෙයක් මැදින්ම හෙනේට හිටියේ කෙහෙල්මල් වතුර බාල්දියයි ගමේ තමන්ගැන තිබුණ නසරානි ප්‍රතිරූපයයි කියලා මිතුල තේරුම් අරගෙන තිබුණා.

Dec 30, 2013

නිහඬ නුඹ නොදැන සිටින ආදරේ


ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළිගන්න වෙන සත්‍යයක් බවට පත්වෙලා. සමහර විට ජීවිතේ අපි වඩාත්ම ආදරේ කරන දේවල් අපේ ඇස් ඉදිරිපිට සිතුවමක් බොඳවෙලා යන්න වගේ නැතිවෙලා යන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයයි. ආදරේ කියන අකුරු අතරේ ඒ වේදනාත්මක මතක බොහොමයක් ලියවෙන්නේ ඒ හින්ඳම වෙන්න ඇති.

   සංසාරය කියන සංකල්පේ එක්ක අපි ජීවිතේ ගැන ගැඹුරට හිතද්දි සංසාරය පුරාවටම අපි විසින් එකතු කරගෙන එන දේවල් අතර ප්‍රිය වර්ගයාද රැගෙන ඒම නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒත් ඒ ප්‍රිය වර්ගයා මේ ජීවිත කාලය තුල කරන බොහෝ දේවල් වලින් හිතටම දැනෙන වේදනාව මෙතෙක් කියලා කියන්න මිම්මක් නෑ. සමහර විට අපි ආදරේ කරද්දි හරි ආත්මාර්ථකාමීව ආදරේ කරනවා. ඒ ආදරේ අපිටම විතරයි, එයින් අංශුමාත්‍රයක්වත් බෙදාහදාගන්න අපි කැමති නෑ. පොදු සමාජයේ විචාරක ඇසට මෙය විවේචනයට ප්‍රස්තුතයක් වුනාට පෘතග්ජන හිතට මෙය සාමාන්‍ය කාරණයක් බව තේරුම්ගත යුතුයි.

Dec 25, 2013

සංකලනී - 6 වැනි කොටස (පමාවට සමාවුව මැනවි)


පහුගිය කොටස් - 1 2 3 4 5


බස් එකේ ෙමහ සෙනගක් මැද්දේ දැකපු මිතුලගේ මූණ නිසා සංකලනී එකපාරටම තිගැස්සුණා. එදා පන්සලේදි වුණ හැමදෙයක්ම සංකිට මතක් වුණා. මේ යකා බස් එකේ මොන නාඩගමක් නටාවිද කියලා කෙල්ල කල්පනා කලා, කොහොම වුනත් හොඳම දේ නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එක තමයි කියලා සංකි තීරණය කලා. බලෙන්වගේ තමන්ගේ උකුල උඩින් තියපු බෑග් එක දිහා එක බැල්මක් හෙලපු සංකි ජනේලයෙන් එහා පැත්ත බලාගත්තා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් එලියට ඇවිත් වටරවුමෙන් හරවලා ටෙලිකොම් එක ඉස්සරහින් කොටුවේගොඩ පැත්තට සේන්දුවුණා. එතකොට කොන්දොස්තර ටිකට් නිකුත් කරමින් සල්ලි එකතු කරනවා. ඒ අතරේ සෙනග තෙරපෙනකොට මිතුලට ටිකක් ඉස්සරහට යන්න වුණා. දැන් සංකිව හොඳට පේනවා. ඒත් කෙල්ල ගල් පිළිමයක් වගේ ජනේලයෙන් පිටපේන මාකට් හරස්පාර පැත්තේ වාහන දිහා බලාගෙන ඉන්නවා.

“මහත්තයා  ‍කොහේටද..?“

Nov 10, 2013

සෙංකොට්ටං කියවනා සමාජ තලය මත හිඳ

සෙංකොට්ටං අතට ගත්තේ එතරම් ප්‍රසාදයකින් නොවේ. පසුගිය වසර කීපයේ ස්වර්ණ පුස්තක ලෙස ලේබල් ගැසූ නීරස සහ සැබෑ ලෙසම එවැන්නකට සුදුසුදැයි හැඟෙන මට්ටමේ පොත් කියවීමෙන් ලද කටුක අත්දැකීම නිසා සෙංකොට්ටම් යන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත කියවන්නට ගනිද්දීම හිතුනේ හරි නැත්නම් පැත්තකට දානවා යන්නය. ඒත් එක හුස්මට පිටු පනහක් අවසන් කිරීමේදීම හැඟුනේ සෙංකොට්ටං යනු අපි නොදන්නා රහක් ඇති රස කැවිල්ලක් බවයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මවා ඇති සෙංකොට්ටං වපසරිය තුල අපද ජීවත්වීම වැලැක්විය නොහැකිය. වත්මන් සමාජයේ පවා අළු යට ගිනි පුපුරු සේ පවතින මීට දශක කීපයකට කලින් සුළුතරයකට ආයුධයක්ද බහුතරයකට නින්දාවක්ද වූ ග්‍රෝතවාදය නොහොත් කුල ක්‍රමය තුල ජන සමාජයේ තිබූ නින්දා සහගත තත්වය සහ එයට ඈඳුනු අඩුයයි සම්මත පවුලක් තතු මත ඇඳෙන සෙංකොට්ටං කතාව කියාපාන කතා ගණනාවක්ම ඇත.

   “නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝත් බ්‍රාහ්මණෝ...කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ“ යන බුද්ධ වචනයේ අර්ථය නොපිළිගත් සිංහල බෞද්ධ සැදැහැවතුන් වාසයකල රටක් මීට දශක හතකට අටකට පෙරාතුව මේ රටේ තිබුණ බව වත්මන් සමාජ තලයට කියාදෙන කතාන්තරයක් ලෙස සෙංකොට්ටං හැදින්විය හැක. වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උප්පත්තියෙන් නොව තමන්ගේ කල්ක්‍රියාවෙන් බව උතුම් බුදු බණේ කියවෙද්දී, එයම පන්සලේ බණමඩුවේ සාධුකාර දී කමටහන් කරන රදල පැලැන්තියම පොදු සමාජයේදී අඩුකුල යයි සැලකූ පාර්ශව තලා දැම්මේ කෙසේද යන්න ඒ ජීවිත තුලටම එබීබලා විමසන්නට මහින්ද ප්‍රසාද් නියමාකාර අවස්ථාවක් ලබාදී ඇත.

Nov 8, 2013

දයාබර සර් වෙත ආදරයෙන් ....



“සර් සර්...දන්නවද වැඩක්...සසිනි යාළුයිලු නිශාන් එක්ක...“

පන්තියට ගොඩවෙද්දිම උණුසුම් ප්‍රවෘත්තියක් කියන්න වගේ දුවගෙන ඇවිත් කේලමක් කිව්වේ ශාලිකා. එහෙම කියලා මොකුත් නොදන්නවා වගේ ගිහින් පන්තියෙන් වාඩිවුණා. පන්තියේ තිබුණ මහ සද්දේ මම ඇතුල් වෙනවත් එක්කම අඩුවෙලා නැතිමවෙලා ගියා. ඒත් පන්තියට ගොඩවෙද්දිම කණට ගොඩවෙලා හිතට මහා යගදාවකින් පහර දීපු ප්‍රවෘත්තිය නිසා පන්තියට ගොඩවුණාද කියලවත් මතකයක් තිබුණේ නෑ. 

   සසිනි,...පුදුම කෙල්ලෙක්..තමන්ගේ පාඩුවේ වැඩකරගෙන හිටපු පන්තියේ එකම කෙල්ල..අනිත් අයගේ කතාවලට සම්බන්ධ වෙන්නේ නැතුව තමන්ගේ වැඩ බොහොම උනන්දුවෙන් කරගෙන හිටියා. සසිනි ගණන් වලට බොහොම දක්ෂයි. ඒ නිසාම පන්තිය පටන් ගත්තු දවසේ ඉඳලම සසිනි කියන නම මගේ කටින් දස දහස් වාරයක් පිටවෙලා ඇති..සසිනි ගෙදර වැඩ කලාද?...සසිනි හදපු ගණන ටිකක් දෙන්න...සසිනි මේක මෙහෙම නෙවෙයි මෙහෙම හැදුවම වැඩිය ලේසියි...සසිනි බොහොම හොඳයි දරුවෝ... මේ වගේ සසිනිගේ නම නිතරම මුවට හුරුවෙලා තිබුණා.

Nov 7, 2013

කජු කිරි කොල්ලන්ගේ සිනමාවේ තුන්වෙනි දිගහැරුම..ලඟදීම


මේ අපේ රටේ දේශීය සිනමා කර්මාන්තයට ටිකක් විතර හොඳ කාලයක්, පලමුවෙනි වතාවට දෙමල චිත්‍රපටයක් ලංකාවේ ප්‍රධාන සිනමා උළෙලකදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලු ප්‍රබල සම්මාන කීපයක් උරුම කරගන්නවා, ඒ අශෝක හඳගමගේ “ඉනියවන්“. දන්න තරමින් හඳයාවත් හිතන්න නැතුව ඇති දෙමල සිනමා පටයකට එහෙම තැනක් ලැබෙයි කියලා 83 න් පස්සේ. ඒ වගේම තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන රසිකයාගේ හදගැස්මට තට්ටුකරන නිර්මාණකරුවා දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගරිල්ලා මාර්කටින් වලටත් එහා ගියපු ආධ්‍යාත්මික ආදරයකට කරන ආමන්ත්‍රණයක් පරිද්දෙන් නිර්මාණය කරපු “සමනල සංධ්වනිය“ චිත්‍රපටයත් ඉතාමත් රසික ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වනවා. ඒ අතරේ අපේ ඉසව්වෙන් මීට ටික කාලෙකට කලින් විස්තර කියපු කජු කිරි කොල්ලන් රංචුව ආයෙත් වෙනස් විදියයේ නිර්මාණයක් කරලා එය ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආධුනික සිනමා කරුවන් විදියට ක්ෂේත්‍රයට අඩිය තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන් ටික තමයි “නැව් ටෝක්ස්“ කියන කෙටි විනෝදාත්මක මෙන්ම නිර්මාණශීලී චිත්‍රපට මාලාව නිර්මාණය කල කණ්ඩායම. මේ කජුකිරි කොල්ලන්ගේ සිනමාව ගැන කලින් ලියපු ලිපිය නිසා ඒ කණ්ඩායම විශේෂයෙන් හඳුනගන්න ලැබූණා. ඒ අතරින් සචිත්‍ර යෂ්මින්ද ඉදිරි කටයුතු ගැන මාව දැනුවත් කලා.

Nov 6, 2013

සංකලනී - 5 වැනි කොටස


පසුගිය කොටස්  1  2  3  4


කෙල්ලෙක්ගේ හිතට ආදරේ දැනුනම ඒකට ප්‍රතිචාර දක්වනවටත් වඩා හිතට තරහා දුක දැනුනම ප්‍රතිචාර දක්වන විදිය බොහොම ප්‍රබලයි. වෙන මොනදේකට හිත හදාගන්න බැරිවුනත් කෙල්ලෙක්ට තරහ පිටකරන්නනම් ක්‍රම ගණනාවක් හරි අපූරුවට හදාගන්නවා. සංකලනිත් කලේ ඒකම තමයි. වැරදිලාවත් ඔලුව උස්සලා බණ මඩුවේ තමන්ට පේන මානේ හිටපු මිතුල දිහා බැලුවේ නෑ. මිතුලගේ හිතට වදදීපු කාරණත් ඒකම තමයි. මිතුල වැරදිලාවත් බණමඩුවේ පිරිත් දිහා නොබලා සංකලනී දිහාම බලාගෙන හිටියා, බණ මඩුවේ ඒ වෙනකොට හිටපු මහා සෙනග අතරේ හිටපු කීපදෙනෙක්ටම මිතුලගේ මේ බැලිල්ල සලකුණු වෙලා තිබුණා. 

“මේ.උඹ ඔය කන්න වෙගේ බලන් හිටියට ඕකි බලන්නේ නෑ බං..පේනවනේ මූණේ තියන තරහා...“

ඕෂධ සංකලනිව හොඳට අධ්‍යයනය කරලා වගේ කිව්වා. ඒ කතාව ඇත්ත කියලා මිතුලට තේරුණා.

“ඒ වගේ තමයි බං...“

කාලේ ගෙවිලා ගියේ බොහොම හිමින්. ඒත් මිතුලගේ හිතේ බලාපොරොත්තු ටිකින් ටික කඩාගෙන වැටුණා.මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙද්දි සංකලනී ගොඩක් දුරට ගිහින්.

Oct 17, 2013

සංකලනී - 4 වැනි කොටස


පසුගිය කොටස් 1 2 3 


ඉඟුරු කෑලි කැපිලා යන ඉක්මණට හිතේ සතුට පිරිලා යන නිසාද කොහෙද සංකලනිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා. ඒත් එදා තමන්ගේ අතින් බාල්දිය පෙරලෙද්දි මේ හිනාව තිබුණේ නෑ නේද කියලා මිතුලට මතක් වුණා. ඒ සිද්ධිය මතක් වෙද්දිත් මිතුලගේ ඇඟට හීන් දාඩිය දානවා. කොහොමවුනත් මේ වෙලාවේ ඒක මතක් කරලා හිත නරක් කරගන්න මිතුලට කැමැත්තක් තිබුණේ නෑ. මිතුල දන්ගෙට ඇතුල් වෙලා බුලත් පුවක් තියලා තිබුණ මේසේ ලඟට ගියා ඕෂධ එක්ක

   සංකලනිගේ ලඟ හිටපු ගමේ ගෑණු ලමයෙක් මිතුලගේ දිහා බලලා හිනාවුනා. ඒත් සංකලනී දැක්කේ නෑ, බැලුවෙත් නෑ. 

“මචං වාතාවරණය එච්චරම නරක නෑ..උඹ ස්ථානගත වෙලා පොඩ්ඩක් බලාගනින් ඒ පැත්ත“

Oct 12, 2013

සංකලනී - 3 වැනි කොටස


සංකලනී පසුගිය කොටස්   1  2 

- මිතුල ඇඟිලි ගැණ ගැන හිටියේ කඨිනේ දවසට අදාල පැය ගාණ එනකම්. හරියට වැඩක් කරගන්නෙත් නැතුව පිස්සු නටපු නිසා එදා නිවාඩු දාලා කඨිනේ වැඩවලට උදව් කරන්න පන්සලට ගියා. කොහොමත් මිතුල යාළුවෝ එක්ක එකතුවෙලා වැඩ කරද්දි මරුමුස් වැඩ කරනකොට වගේම බොහොම කැපවීමෙන් වැඩකරනවා කියලා ගමම දන්නවා. ඒ හොඳනම නැතිවෙන්නේ කරන අවලම් වැඩනිසාම තමයි. 

   ගමේ පන්සලේ කඨිනේ කියන්නේ ගමේ උදවියට බොහොම වැඩ රාජකාරි පැවරෙන දවසක්. වස් කාලේ ඉවරකරන්න පිරිත් එහෙම කියලා පහුවෙනිදා උදේ දානෙන් ඉවරවෙන කඨිනේ වැඩවලට ගමේ මිනිස්සු බොහොම කැමැත්තෙන් දායක වෙනවා. ධම්මවංශ ලොකුහාමුදුරුවොත් එක්ක හොඳ නොහොඳකම් තියන හැමෝම වැඩවලට උදව්කරනවා, මොකද ගමේ පන්සලේ වැඩේ නිසා. වෙනදට එලි පහලියට බහින්නේ නැතුව ගමේ කොල්ලන්ගේ ඇස්වලින් වහන් වෙලා හිටපු සංකලනිත් ඇස්වලට අහුවුණේ කඨිනේ වැඩවලට ආපු නිසා.

Oct 4, 2013

සංකලනී - 2 වැනි කොටස


පලමුවෙනි කොටස

මිතුලට ඊට පස්සේ මොනවද උනේ කියලා මතකයක් තිබුණේ නෑ. පංසල් වත්තේ හිටපු ගමේ උදවිය බොහෝ දෙනෙක් තමන්ට බැන්නා කියලා මතකයි. ඒ වගේම තාරුකා එක්ක හිටපු යාළුවෝ කීපදෙනෙක් සංකී..සංකී කියාගෙන දුවලා තාරුකාගේ හිත හදලා අඬන එක නවත්තගෙන ගෙදර එක්කගෙන යනවා දැක්කා. තමන්ගේ යාළුවෝ ටිකත් තුෂ්නිම්භූත වෙලා ඉන්නවා මිතුල දැක්කා. කොහොමහරි ඒ වෙලාවේ තමන් අපවාද වලින් බේරගන්න ඉදිරිපත්වුනේ පොඩි හාමුදුරුවෝ කියලත් මිතුලට මතකයි. ඊට පස්සේ වැඩක් කරන්න තරම් මානසිකත්වයක් නොතිබුණ නිසා මිතුල ගෙදර ඇවිත් නිදාගත්තා. තමන් වැරැද්දක් කරන්න හිතාගෙන නොකරපු දෙයක් නිසා මිතුලට සෑහෙන්න හිතට අමාරුයි. වැඩියත්ම ඒ කෙල්ල දැකපු වෙලාවේ ඉඳන් හිතට දැනුන දේවල් දැන් අකමැත්තෙන් වුනත් අතුගාලා දාන්න වෙන නිසා.

    හවස් වරුවේ මිතුල ගෙදර ගේට්ටුවෙන් පාර දිහා බලාගෙන කල්පනාවක ඉන්න ගමන් ගමේ මිතුලගේ වයසෙම ගෑණු ළමයෙක් පාරේ යනවා. මිතුල දැකලා පාර මාරුවෙලා මිතුලගේ පැත්තට ආවා. පොඩි කාලේ ඉඳලම ගමේ ඉස්කෝලෙත් මිතුල එක්ක ඉගනගත්ත ඒ වගේම ගමේ ළමා සමිතිවල මිතුල එක්ක එකට වැඩ කරපු කෙල්ලෙක් නිසා ඒ කෙල්ල මිතුල ගැන හොඳට දන්නවා.

“මිතුල මොකද මේ දැන් පොඩි කෙල්ලන්ට බාල්දි පෙරලන්නේ?“