අප්‍රේල් 18 කියන්නේ අපේ ඉසව්ව සහ සිතුවිලි පලස කියන නිවුන් බ්ලොග් අඩවි දෙකේ සංවත්සරය සැමරෙන් දවස. හරියටම 2010 වර්ෂයේ අප්‍රේල් 18 වෙනිදා උදෑසන ගාල්ල වටරැක ප්‍රදේශයෙන් මුලින්ම අන්තර්ජාලයට එක්කල බ්ලොග් අඩවි දෙක අදවන විට සිව් වසරක කඩඉම පසුකරලා. නිරාමිස ප්‍රීතියක් විඳින්නට හැකි මට්ටමට මේ බ්ලොග් අඩවි දෙක අද පත්වෙලා. “සිව් අවුරුදු අස්වැන්න“ නෙලන මොහොතේ ඒ සතුට විඳින්නට හැකිවීම ඉතාමත් තෘප්තිජනක සිදුවීමක්.
සිංහල සයිබර් අවකාශයට දෛනිකව එකතුවන බ්ලොග් අතරේ බොහොමයක් රසවිඳින්න අද අන්තර්ජාලයේ සිංහල වපසරිය තුල සැරිසරන හිතවතුන්ට හැකිවෙලා තියනවා. අපේ ඉසව්ව නිර්මාණය කලේ කාලීන, දේශපාලනික මති මතාන්තර ඉදිරිපත් කිරීමට සහ නව කතා, කෙටි කතා වෙනුවෙන්මයි. එහි ප්‍රතිපලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5ක් ඉදිරිපත් කරන්නට හැකිවුනේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි. ඒ අතරේ පාඨක සිත් ඇද බැඳ තබාගත් නව කතා තුනක් සම්පූර්ණ කල අතර “සංකලනි“ නවකතාව තවමත් පලවෙමින් පවතිනවා.









