“ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් ආයෙමත්
ආයෙමත් වෙමු අපි අපේ..“
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් ආයෙමත්
ආයෙමත් වෙමු අපි අපේ..“
මිතුල සාලේ සෝපාවට වෙලා බර කල්පනවක ඉන්න ගමන් සිංදුවේ වචන ටිකත් ඉබේම වගේ කියෙව්වා. මිතුලගේ හිතේ තිබුණෙම සිසුරු කියපු කතාව. සංකලනි දැනටමත් අර කියපු කොල්ලට හිත දීලද දන්නේ නෑ කියලා හිතුනා. නැත්නම් මෙච්චර ගෙම්බර් දාන්න දෙයක් නෑනේ. මිතුල දිගින් දිගටම කල්පනා කලේ ඒක ගැන.
“මේ හලෝ...මොනවද ඔච්චර කල්පනා කරන්නේ..හිත ගෙවෙයි...“
අක්කා ඇවිත් මිතුල හිටපු කල්පනා ලෝකේ සුන්නද්දූලි කරලා දැම්මා. ෂික්.මේ ගෙදර හිතන්නවත් නිදහසක් නෑනේ හරියට.මිතුලට එහෙම හිතුනා.
“මොනවා කල්පනා කරන්නද හලෝ..මම මේ සින්දු අහනවා..“
“ඔව් මම දැක්කා සින්දු අහනවා..මේ ඒක නෙවෙයි මම දෙයක් අහන්න හිටියේ..“
“මොකක්ද අප්පා ඒ..“
“මට ආරංචියක් ආවා තමුසේ ගමේ කෙල්ලෙක්ගේ පස්සෙන් පැණි පෙර පෙර ඇවිදිනවා කියලා..වැඩේ ඇත්තද..“
අම්මපා මෙන්න මේ වෙලාවට තමයි පොලු කෑල්ලක් අරගෙන ගමටම නෙලාගෙන යන්න හිතෙන්නේ. යකෝ දෙයක් හිතට දැනුනත් ඇති ගමේ එවුන්ගේ ඇන්ටනා වලට අහුවෙන්න. මුන්ගේ තාක්ෂණේ එච්චරටම දියුණුයිද..දැන් මොනවා කරන්නද..වැඩේ මුලින්ම ගෙදරට මාට්ටු වෙන්න හදන්නේ. වස විලිලැජ්ජාවේ පණ යනවා.
“මොකක්..මේ මම..තමුසෙට පිස්සුද හලෝ..“
“දැනටනම් පිස්සුවක් නෑ...ඒත් තමුසෙට පිස්සු හැදෙන්න කලින් තමයි ඇහුවේ..මම දැනුත් දැක්කනේ මනෝ ගහගෙන ඉන්නවා..වෙනදා ඔහොම මනෝ ගහන්නේ නෑනේ..ගාල කඩාගත්ත හරකා වගේ ගම වටේ දුවනවනේ..“
අක්කා කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඉස්සර මෙහෙම ගෙදරකට වෙලා සිංදු අහන්නේවත් නෑනේ. සින්දුවක් ඇහුනත් ඇහෙන්න පාර දෙපැත්තේ තියන ගෙවල්වල රේඩියෝ වල සින්දු තමයි.
“මගුලක් කතා කරනවා..මේ ඊටත් වඩා මේ ගමේ කෙල්ලෝ ඉන්නවද..ඉන්නේ සේරම යක්කු සහ අම්බ යක්කු..තොවිල් නටන්න වෙනවා මේකේ කෙල්ලොන්ගේ පස්සෙන් ගියොත්..“
ඒ කතාවට අක්කටත් හිනා ගියා. ඒත් හිනාව තදකරගෙන බොර සීරියස් ගතියක් පෙන්නගෙන කතා කලා.
“මේ මම දන්නෑ ඒවා..මට ආපු ආරංචිය බොරු වෙන්න බෑ..මම අම්මට කියනවා හරිද..අම්මා තාත්තට කියාවි..එතකොට තමුසෙගේ විදේශ ප්‍රතිපාදන සියල්ලම තාත්තා කප්පාදු කරාවි හරිද..“
ඉදිරි ප්‍රතිඵල ගැන ඇහුවම මිතුලට තරු විසිවුනා.
“මේ ඕයි..පිස්සුනම් කෙලින්න එපා..එහෙම සීන් එකක් තියනම් මම තමුසෙට කලින්ම කියලා අවසර ගන්නවනේ..“
අක්කා එතනින් පිටවෙනකොට මිතුල සද්දේ වැඩිකරලම කිව්වා. අක්කා ඒක ඇහුනේ නැති ගාණට ගියා.
* * * * * * *
පහුවෙනිදා මිතුල වැඩ ඇරිලා බස් ස්ටෑන්ඩ් එකට එද්දි බස් එකක් තිබුණේ නෑ. හෝල්ට් එකේ සෙනගත් වැඩිය හිටියේ නෑ..අප්පා ඒ වුනත් සංකි ඉන්නවා දිලිසි දිසිලි..රට කජු ගොට්ටකට වග කියන ගමන් තනියම..ඇඟට හිර ඩෙනිම් එකයි..අත්කොට ටී ෂර්ට් එකයි මාරම විදියට සංකිට ගැලපුනා..කිසිම වගක් විභාගයක් නැතිව රට කජු ඇටෙන් ඇටේ සුද්ද කර කර කටට දාගන්න ගමන් සංකි බස් එක එනවද කියලත් ඉඳලා හිටලා බලනවා.
ඔන්න පුතේ තලනවනම් බටු කියලා මිතුලට හිතුනා. මිතුල හිතට ධෛර්ය ගන්න හොඳ හුස්මක් දෙකක් ගත්තා. වෙනදා නසරානි වැඩ කරද්දිවත් නැති විදියට සංකලනී ඉස්සරහදි මිතුල වෙවුලන එකනම් මිතුලට මාර ප්‍රශ්නයක් වෙලා තිබුණා.
මිතුල හෙමින් හෙමින් සංකලනී ගාවට ගියා. ඒ වෙලාවේ කොල්ලගේ ඇඟ අස්සේ ඉන්න දඩබ්බර කොල්ලා එලියට පැන්නා..හොඳට ද නරකට ද මන්දා..මිතුල සංකලනී ලඟට ගියපු ගමන් අතේ තිබුණ රටකජු ගොට්ට අරගෙන තමන්ගේ අතට ටිකක් දාගෙන ආයෙත් ගොට්ට සංකි අතට දුන්නා. සංකි ගැස්සිලා ගියා..ඒ මදිවට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව එලොවක් මෙලොවක් නැතුව හිටියා..සංකි හිතුවේ යාළුවෙක් කියලා. පුද්ගලයා කව්ද කියලා දැක්කම සංකිට තවත් යකා නැග්ගා.
“තෑන්ක්ස් හොඳේ...“
සංකලනී ලඟටම වෙලා කජු එකින් එක කන ගමන් කනට ටිකක් ලංකරලා මිතුල කිව්වා..සංකලනිගේ ඉවසීමේ සීමාව අන්තිම කොනේ තිබුණේ..ඒත් පොදු ස්ථානයක් නිසා ටිකක් විතර ඉවසුවා.
“තෑන්ක්ස්...තෑන්ක්ස් කියන්න මම කජු දුන්නේ නෑනේ තමුසෙට..තමුසේ උදුරගත්තනේ..“
තරහෙන් පිපිරි පිපිරි සංකි කියනකොට මිතුලට හිනාත් ගියා. තව ටිකක් කෙල්ලව තරහා ගස්සලා ඒ ලස්සන බලන්න හිතුනා. තරහා ගියාම සංකිගේ මූණ රතු වෙනවා..එතකොට තවත් ලස්සනයි..තොල් වෙවුලනවා..
“මේ හලෝ...කරුණාකරලා මට පාඩුවේ ඉන්න දීලා වැඩක් බලාගන්නවද..“
“එහෙම කියන්න එපා අනේ..ඔයා මට සමාව දුන්නනේ ඉතින්..දැන් ප්‍රශ්න ඉවරයිනේ සුදා..“
සුදා කිව්වම සංකිගේ මූණ තත්පරෙන් රාස්සියෙක්ගේ වගේ උනා.
“කරුණාකරලා තමුසේ මෙතනින් යනවද..නැත්නම් මම යන්නද..“
මිතුලට හිනාගියා මිසක් කොච්චර බැන්නත් දුකක් හරි තරහක් හරි දැනුනේ නෑ. වෙනදා මෙහෙම කවුරුහරි බැන්නනම් කොල්ලෙක්නම් දැනටමත් තුන හතරක් නෙලලා..කෙල්ලෙක්නම් හොඳවයින් දෙක තුනක් කියලා..ඒත් මේ කෙල්ලට බනින්නවත් හිතෙන්නේ නෑනේ.
“ඔයා ඔච්චරම කියනවනම් කණගාටුවෙන් වුනත් මම යන්නම් සුදා..මම ගියත් මගේ හිත මෙතන හොඳේ..පරිස්සමින් ඉන්න“
මිතුල රටකජු කනගමන් බොරු දුකක් පෙන්නගෙන ඇස්දෙකෙන් හිනාවෙවි කියනකොට සංකලනිට තමන් ගැනම තරහක් ඇතිවුනා. ගස්සලා අනික් පැත්ත බලා ගත්තා..
මිතුල අනිත් පැත්ත හැරිලා අඩියක් දෙකක් තියලා ස්ටෑන්ඩ් එකේ ඈත කෙලවරට යන්න ගියා.
“මේ හලෝ...“
මිතුල ටිකක් දුර යද්දි සංකි කතා කරන සද්දේ ඇහුණා. මිතුලට ඒක නිකන් හීනයක් වගේ. තත්පරේට මිතුල හැරිලා සංකි දිහා බැලුවා.
“ඇයි නංගි..“
“දැන්වත් ඔය රටකජු පොතු ඇරලා කනවා..මෙච්චර වෙලා කෑවේ පොතු එක්කනේ..නැත්නම් තමුසෙට කොළරාව හැදෙයි..“
එහෙම කිව්වමයි මිතුලට තමන්ගේ අතේ තිබුණ කජු ටික දිහා බැලුනේ..හත්තිලව්වේ ඇත්තනේන්නම්..මෙච්චර වෙලා මල විකාරෙන් පොතු එක්ක කජු කාලා. මිතුලගේ මූණ හතර විලි ලැජ්ජාවෙන් බෙරි වෙලා ගියා.
- මීළඟ කොටස මෙතනින් -
-අපේ ඉසව්ව ෆේස්බුක් පිටුව -
දැන් නම් මිතුලගේ විහිළු දුරදිග යන්න ළඟයි වගේ පුදුමයි කජු කන්න ගිහින් කුඩ පාරක් නොකෑවා
ReplyDeleteකුඩ පාරක් කෑවත් සැපයි නේ බං ලස්සන කෙල්ලෙක්ගෙන්..
Deleteමම අහලා තියනවා දකුණේ අය "තමුසේ " කියන වචනයට ලොකුවට අමනාප වෙන ගතියක් තියේ කියලා...ඇත්තද ඈ..?
ReplyDeleteඑහෙම බැලුවාම සංකිත් මාර නපුරියක්නේ...හ්ම්ම්
පරපුරු කීපයකට කලින්නම් එහෙම තත්වයක් තිබුණා නංගි. නමුත් තුන්වෙනි පරම්පරාව නිජබිම් සීමාව තුලින් ජාතික තලයටත් එතනින් එහාට ජාත්‍යන්තරයටත් සංක්‍රමණය වෙනකොට ඒ වගේ අනන්‍ය ලක්ෂණ සාමාන්‍යකරණය වෙලා තියෙනවා. අද වෙනකොට “තමුසෙ“ කියන වචනෙටත් ඒ දේම වෙලා. ඒ සංකිනම් රියල් නපුරියෙක්..
Deleteචික් විතරක්. කෙලි පෙරේතයෝ..
ReplyDeleteඅප්පද බොල..ස්වාමිපුරුෂයෙක් නෙව මේ කියන්නේ
Deleteඅම්මප ලයින් දාන්න ගියාම කන බොන දේත් අමතකයි.. හා හා ඊලග එකත් දැම්මනම්..
ReplyDeleteඔය කොයි කොල්ලත් එහෙමනේ බං..උඹ අපි කියලා ඕක වෙනස් වෙනවද
Deleteර්ර්‍රයිට් දැන් හරි.කෙල්ල ගානට නැමිගෙන එන්නෙ.අන්තිම දෙබසින් පෙනි යන්නෙ ටර්ගට් එක ඉතා ලග බවයි
ReplyDeleteඔවු පුතා දැන් තියෙන්නේ පොත්ත අරින්න විතරයි ;-)
ReplyDeleteපොතු එක්ක කෑම නං ටිකක් අභව්‍යයි වගේ.
ReplyDelete