Jun 17, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම(අවසන් කොටස)


ඔන්න ඊයේ ඉදිරිපත් කරපු Twilight Tubelight  හෙවත් පමාවී වැටහුණු පෙම 1 කොටස කියවලම ඉන්න නොකියවපු අය..මේක එකපාරට දැම්මේ නෑ කියලා මම අහපු බැනුම්..හිතාගත්තා තවත්නම් අත්දැකීම් ලියන්නෙත් නෑ කියලා
*********************************

 වරුණයා මගේ කාමරේට කඩාපාත් වුණේ ඔළුවේ අත්දෙක තියාගෙන. ඒක අහලා මගේ මොලෙත් කොලොප්පන්වුණා. මටත් ඉස්පාසුවක් නෑ දැනගන්න කවුද පසන් කාරයාගේ හිත ගත්තු අසාමාන්‍ය කුමාරි කියලා. වරුණයා විකාරෙන් වගේ කියවනවා මිසක් හරියට දෙයක් කියන්නේ නෑ. මම කීප සැරයක්ම ඇහුවා.
"ය‍කෝ මේකා ට්‍රයි කරන්නේ ******* මුඩුක්කු ඒරියා එකේ කළුම කළු කෙල්ලෙක්ට..ඒකනම් කමක් නෑ කියමු..ඒකි තනිකර කොල්ලෙක් වගේ බජාර් එක රන් කරන එකක්..යකෝ ඒකි මල්ටි චුට්ටගේ එකම නංගී බං"


වරුණ කිව්ව‍ම මගේ ඇගේ වතුරටික සේරම වාෂ්ප වුණා. යකෝ මූ ඉඳලා ඉදලා කරගන්න යන මගුල. අනේ දෙයියනේ මූ මලයකින්නක් එක්ක යාළුවුණානම් දුක නෑ. මේකි ඊටත් අන්තයි.ප්‍රදේශය වත් මිනිස්සුන්ගේ හැසිරීමවත් අපහාසයට ලක්කරනවා නෙවෙයි. පසන්ගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් අම්මා ටීචර් කෙනෙක්. ඉතිං එහෙම එකේ මූ කරගන්න යන මගුලනම් ටුව්ලයිට් එකටත් එහා.
  ඒ විතරක් නෙවෙයි අපේ සෙට් එක තුන් හතර පාරක්ම මේ මල්ටි චුට්ටේ නොහොත් බජාර් කුමාරිගේ අයියාගෙන් කන්න ගිහින් නූලෙන් බේරුණා. මේ සැරේනම් අනිවා ගුටිකාලා මැරෙනවා කියලා මම දැනගත්තා.

"ජනේ ඒ විතරක් නෙවෙයි..මම ටිකක් ඒ කෙල්ල ගැන හොයලා බැලුවා ඒකි කනත්ත සෙන්ට්‍රල් එකට ගිහින් තියෙන්නේ..ඒකිගේ පස්සෙන් ආපු කොල්ලෝ හතර දෙනෙක්ටම ඒකි අම්බානෙක නෙලලා"

වරුණයා කිව්වම මට තේරුණා කව්ද ඒකිගෙන් ගුටිකාපු 5 . 6 සහ 7 වෙන්නේ කියලා. වහාම පියවරක් ගත්තේ නැත්නම් 6 හෝ 7 වෙන්නේ මං කියලා මං දැනගත්තා. ටක් ගාලා ගත්තා කොල් එකක් පසන්ට පුරුදු විදියටම ආන්සර් කලේ නෑ.

ඔහොම පණබයේම සතියක් ගෙවුණා. එක දවසක් හවසක ආවා මං ජීවිතේට අපේක්ෂා නොකල ඇමතුමක්...කාගෙන්ද...
පසන්ගෙන්...

"මචං ජනේ අරකි මං දාගත්තා..මං දිනුම් මචං...මං හොයාගත්තා අසාමාන්‍ය පෙමක්..දැන් මං හරියට Twilight එකේ වගේම තමයි...මං ඒකිට උත්තුංග ප්‍රේමයක් දෙනවා සදාකාලිකවම"

යකෝ මූ මොකාද වගේ උන්මත්තක ලීලාවෙන් කියාගෙන යනවා..මං මේ අන්ත අසරණව බලාගෙන ඉන්නවා..මට දැන් මැවිලා ‍පේනවා මල්ටි චුට්ටේ හෙවත් පසන්ගේ වෙන්ඩ මස්සිනා පල්ලිමුල්ලෙදී දාගෙන අපිට නෙලන හැටි..අනේ අපි නවතින්නේ මාතර හොස්පිට්ල් එකේ හදිසි අනතුරු ඒකකේ..ඩොක්ටර් රාජපුර ඇවිත් කැඩුණු මගේ අතට ලී පටියක් තියලා බැන්ඩේජ් කරනවා..මං වම් පැත්ත බැලුවා..ඔළුවේ දරුණු පැලුම් තුවාලෙකුත් එක්ක වරුණයා කෙඳිරි ගගා ඉන්නවා..වම් පැත්තේ ඇඳ බැලුවා..නර්ස්ලා දෙන්නෙක් ඇවිත් රෙද්දකින් ඔළුවේ ඉදන් වැහුවා එකෙක්..යන්තම් වගේ මම දැක්කා ඒ පසන් කාරයා කියලා..මෙහෙම විකාර දැක දැක ඉඳිද්දි එක පාරටම කෝල් එකක් ආවා..මට නිකං ඇඬෙන්න වගේ..

 කෝල් එක බෙකම් කියලා අපේ යාළුවෙක් ගෙන්..මං ආන්සර් කලා..

"මචං ජනේ අන්න පසන් කාරයා අම්බ යකින්නක් එක්ක බීච් එක පැත්තට ගියා..ඒකි බජාර් එකේ හෙණ කකුලක් බං මූ ඉතුරු වෙයි ද දන්නේ නෑ..

මට නිකං විකාර වුණා. මට මොකෝ මූ මොනවා කරගත්තම. ඒත් හවස ආවා ආරංචියක් අපේ හිත හැදෙන ඒත් පසන්ගේ අනාගතේ අදුරුවෙන..ඒ ආවෙත් බෙකම් ගෙන්මයි.

"මචං ජනේ.....අන්න අර බජාර් එකේ රැජින දුන්නා පසන් කාරයාට කොටුවේගොඩ සම්පත් එක ගාවදි දුවන්න..දුව දුව ගැහුවා බං..පණ්ඩිතයට ඕන එකක් වෙච්චාවේ කියලා මාත් නිකං හිටියා.."

බෙකම්ගේ පණිවුඩෙත් එකක් මගේ හිතේ තිබුණු යකඩ ගුලියක් ගහගෙන ගියා වගේ හිත හරී සැහැල්ලු වුණා. මම ටක්ගාලා කෝල් එකක් අරං වරුණට කිව්වා. වරුණයටත් නිකං හඳ පෑව්වා වගේ..කොච්චර වුණත් අපිනේ අවදානමේ හිටියේ අරූ විතරක් යැ..

  අපි හවස සැප දුක බලන්නත් එක්ක මොකුත් දැන්නෑ වගේ ගියා පසන්ලගේ ගෙදර..මූ ඉන්නවා නිකං අස්සයා මැරිච්ච ජොකියා වගේ..අපි දැක්ක ගමන් මූ අඩාගෙන දුවගෙන ආවා..

"අනේ බං අරකි නෙළුවා බං මට..මගේ පිවිතුරු පෙම අරකි කොටුවේගොඩදි විනාස කලා බං

පසන්කාරයා අඬ අඬ කියනවා..අපිත් ඉතිං බොරුවට සෑහෙන්න දුක්වෙලා මුගේ හිත හදන්න ට්‍රයිකලා.

"කමක් නෑ බං..ඔන්න ඔහොම හිතහදාගන්න බලපං..උඹට බැරිද එළකිරි කෑල්ලක් හොයාගන්න..උඹ ටියුබ් ලයිට් වෙලා හරි තේරුණ එක ලොකු දෙයක්"

මම කිව්වා.. පුටුවෙන් නැගිටපු පසන්කාරයා ලොකු සුසුමක් පිටකලා..පිටකරලා මෙහෙම කිව්වා

"ඔව් බන්..පමාවෙලා හරි මට තේරුණා එක දෙයක්..ඒකි මං හොයන විදියේ අසාමාන්‍ය කෙල්ල නෙවෙයි..ඔව්"

මමයි වරුණයි රත්වෙලා මූණට මූණ බලාගත්තා

- Twilight Tubelight  හෙවත් පමාවී වැටහුණු පෙම ඉවරයි -    

12 comments:

  1. "ඔව් බන්..පමාවෙලා හරි මට තේරුණා එක දෙයක්..ඒකි මං හොයන විදියේ අසාමාන්‍ය කෙල්ල නෙවෙයි..ඔව්"
    අප්පට සිරි මූ ඊට පස්සෙ තවත් අසාමාන්‍ය පෙමක් හොයාගෙන ජීවිතේ ටොයිලට් වගේ කරගත්තද? (ටොයිලට් කිව්වේ හිතාමතා හොදේ...)

    ReplyDelete
  2. මූගේ ඔලුවට ටුවිලයිට් කියන එක හෙනටම වැදිලා වගේ. ඇතියාන්තන් කොල්ලට පමාවෙලා හරි තේරුනා

    ReplyDelete
  3. @කිඩෝ - අම්මපා ඔව්..මුගේ කෙරුවාවල් ඕකෙන් නැවතුනේ නෑ

    @මධුරංග - පමාවෙලා තේරුණානම් දුක නෑ බං..මූ තාමත් ටියුබ් ලයිට්

    ReplyDelete
  4. ඊට පස්සේ කාවද කර ගහ ගත්තේ ? ඒකත් දාමුකෝ බලන්න...

    ReplyDelete
  5. අපොයි ආයිත් අත්දැකීම් ලියන්නේ නෑ..තර්ජන වැඩියි

    ReplyDelete
  6. අෆ්ෆා එල සීන් එකක්නෙ බොලාට වෙලා තියෙන්නෙ, එල එල

    ජය කියල අපි කැපුනා

    ReplyDelete
  7. ඉතුරු ටිකත් දාපන් බන්... කියන්න බෑනේ මගේ විමානෙ කෑල්ලකටවත් ට්‍රයි කොරලද කියල...

    ReplyDelete
  8. අපොයි නෑ..ඌ හරකා උනත් එච්චරම මෝඩ නෑ බං

    ReplyDelete
  9. @මලියා - ඕවා කැලේ බං..තව තියනවා එළ සීන්ස්

    ReplyDelete
  10. " ඒකි මං හොයන අසාමාන්‍ය කෙල්ල නෙමෙයි බං"

    ඊට පස්සේ පසන් කාගේ පස්සෙන්ද ගියේ.. කලින් එකටත් වඩා අන්ත එකක් එක්කද?? ටුවිලයිටි කෙල්ලොන්ගේ ඔලුවටනම් සැහෙන්න යන බව දැනන් හිටියා.. ඒත් කොල්ලෙක්ට මෙහෙම වෙයි කියලා හිතුවෙම නෑ...

    ReplyDelete
  11. ඒකනේ..මේ යකා කෙල්ලෙක්ටත් අන්ත විදියටනේ පිස්සු නටන්නේ..ඊට පස්සේ මීට අන්ත වැඩකලා..ඉඩක් ලැබුණම ලියන්නම් ඒවත්

    ReplyDelete