Dec 18, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 6 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5



උදෑසනම වැඩ කටයුතු ආරම්භකර සිටි ගානර් සිටියේ කෝපි කෝප්පයක් පානය කරමින්ය. මහාචාර්යවරයාගේ මිතුරා මෙන්ම මහාචාර්යවරයාගේ ඝාතනය පිළිබඳ සැක කරන රුඩී මැන්ඩල් ගැන සෙවීම ස්ටීවන්ට බාරදී තිබූ අතර ඔහු එම කටයුතු අරඹා තිබිණි, එසේම මරණය සම්බන්ධව සැකකරන මහාචාර්ය බින්ස් හා මහාචාර්ය කොන්ටෝ ගැන අවධානයෙන් සිටීමට මැක්ට හා සහයකයන් කීප දෙනෙක්ට පවරා තිබිණි. ජෙෆ් ගානර් තම ජංගම දුරකතනය සූදානම් පිට තබාගෙන සිටියේ කොයි මොහොතේ හෝ ලැබෙන දුරකතන ඇමතුමක් වෙනුවෙන්ය. ඔහු හදිසි තොරතුරක් අපේක්ෂා කලේය.


 එසේම ඔහු මෙතෙක් ලැබුණු සාක්ෂි පරිඝණකය අධාරයෙන් විශ්ලේෂණය කරමින් සිටියහ. විද්‍යා හා තාක්ෂණ සරසවිය අසලින් ලැබුණු සාක්ෂි, වෙඩි උණ්ඩ කීපය, එය නිකුත් වූවායැයි සිතිය හැකි ස්නයිපර් තුවක්කු වර්ගය, වෙඩි තැබූ පුද්ගලයා රැදී සිටි ස්ථානය තවමත් ව්‍යාකූලය. නමුත් පියවරෙන් පියවර මෙම ගැටය ලිහීමට ගානර් උත්සහ දරමින් සිටියේය. එසේම මැන්ඩල්, මහාචාර්ය බින්ස් හා මහාචාර්ය කොන්ටෝ ගැනත් ඔහු අවධානය යොමු කෙරීය. ඔහුගේ හිත පැවසූයේ මේ තිදෙනාගෙන් කෙනෙක් හෝ කීපදෙනෙක් මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධතාවක් දක්වයි යන්නයි.


“ සුබ උදෑසනක් ගානර් මහත්මයා“

ගානර්ගේ කාර්යාල කාමරය වෙත පැමිණ සිටියේ ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රධානී මෙන්ම රජයේ විශේෂ ආරක්ෂක උපදේශකයා වූ ඉයන් හෙයිඩ්මෝන් ය.

“සුබ උදෑසනක් සර්“

“මට ඔබ එවූ වාර්තාව ලැබුණා.ඔබගේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව මට සතුටුයි“

“බොහොම ස්තූතියි සර්“

“ඒ වගේම මතක තියාගන්න ගානර් රජය හා ආරක්ෂක අංශ මේ සිදුවීම වෙලා දින හතරක් ගතවෙලත් කටවහගෙන පාඩුවේ ඉන්නේ ඔබ මේ පරීක්ෂණය භාරව ඉන්න නිසාවෙන් කියලා. ඔවුන් මෙන්ම මමත් දන්නවා ඔබගේ හැකියාවන් හා ඔබ කටයුතු කරන ආකාරය. ඒ නිසා ඒ විශ්වාසයට උපරිමය ඉටුකරයි කියලා බලාපොරොත්තු වෙනවා“

“ ස්තූතියි සර්. මම හිතනවා ඉදිරි පැය ගණනක් ඇතුලත අපිට මෙම මරණය හා සිද්ධි සියල්ල අනාවරණය කරගන්න පුළුවන් කියලා..හැබැයි මේ හැමදේම සොයාගැනීමේ යතුර තිබෙන්නේ මහාචාර්යතුමාට වෙඩිතැබූ තැනැත්තා සහ ඔහු යෙදවූ අනුග්‍රාහකයා සොයාගැනීම මතයි“

ගානර් තමන්ගේ පියවර පහදා දීය.

“ඔව් ගානර්. ඔබ මොන පදනමකින් රුඩී මැන්ඩල් මහත්මයා මෙන්ම මහාචාර්ය බින්ස්  හා කොන්ටෝ පසුපස එලවනවද කියලා සමාජය හෝ දේශපාලන නායකයෝ තියා සංගමයවත් දන්නේ නෑ. ඒ රහස්‍යභාවය ප්‍රශ්නයක් නෙවෙයි.ඒත් ඔවුන්ට ගැටළුවක් නොවන ආකාරයට එය සිදුකරන්න. ඒ මොකද එය ස්කොට්ලන්ඩ්යාඩ් එකට ගැටළුවක් නොවීමට“

මෙම ගැටළුව විසදීමේ බරපතල භාවය ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රධානියා පහදා දුන්හ.

“ඔව් සර්. අපි ඒ හැමදේම විනිවිදභාවයකින් යුතුව කරන්න අමාරුවුනත් සියල්ල අවසන් කල සැනින් මේ හැමදේම හෙලිකරනවා“

“එය තමයි කල යුත්තේ..ඒ වගේම ඊට පෙරාතුව තවත් පැය කීපයකින් රැස්වීම් ශාලාවේදී ඔබට සිදුවෙනවා පිස්සු බල්ලන් රාශියක් වගේ දඟලන මාධ්‍ය කාරයන් හැට හැත්තෑවකට ප්‍රකාශයක් කරන්න. එය දැනටමත් සූදානම්“

“හොදයි සර්..මම එය කරන්නම්“

**************************************************

“සර් මම මැක් කතාකරන්නේ“

“ඔව් මැක් කියන්න“

“සර් මේ දැන් සුළු මොහොතකට කලින් මහාචාර්ය බින්ස් හදිසියේම තම සුඛෝපභෝගී රථයෙන් පිටව ගියා. මම මේ ඔහු පසුපසින් පැමිණියා. මැන්සෙන්ටන් නගරයටයි ඔහු ආවේ....“

මැක් කියාගෙන කියාගෙන යන්නට විය.

“හරි මැක් දැන් ඔතන මොකද වෙන්නේ“

“ මහාචාර්ය බින්ස් දැන් කව්දෝ නාඳුනන පුද්ගලයෙක් එක්ක ටිකක් උණුසුම් සාකච්ඡාවක් කියන දේවල් එතරම් තේරුමක් ඇති දේවල් නෙවෙයි..මගේ සහයකයෙක් අවධානයෙන් අහගෙන ඉන්නවා ඒවා..ඒත් වැදගත් යමක් අල්ල ගන්න බැරිවුනා“

“කමක් නෑ මැක්. දිගටම ඔහු ගැන අවධානයෙන් ඉන්න. මම හිතන්නේ මේ දම්වැලේ පුරුකක් සම්බන්ධකිරීමට ඔහු දායකත්වයක් දෙයි වගේ...ඒ විතරක් නෙවෙයි එතකොට මොකද මහාචාර්ය කොන්ටෝ...?“

“ඔහු පුරුදු විදියට අදත් මල්ලක් අරගෙන කඩපොලට ගොස් පුරුදු විදියටම නිවිසට ගිහින් තිබෙනබව අපේ ඔත්තුකරුවා මට දැනුම් දුන්නා. ඔහු පත්තරය ගැන බොහොම උනන්දුවෙන් කතාකරලා තියනවා කඩයක් ලඟදි“

“මැක් බොහොම හොඳයි ඔබගේ කටයුතු..එහෙනම් සවස් වරුවේ මගේ කාර්යාලයේදී හමුවෙමු“

දුරකතනය විසන්ධිකල ගානර් මොහොතක් කල්පනා කලේය. අනතුරුව තම සටහන් පොතගෙන යමක් සටහන් කලහ. නැවත් කල්පනාකර දුරකතනයි අතට ගත්හ.

“ හෙලෝ ස්ටීවන්...කොහොමද අපේ හිතවත් මැන්ඩල් මහත්තයගේ තත්වය“

“වෙනසක් නෑ සර්..ඒත් අද දවසෙම ඔහු ඉන්නේ වෙඩි වැදුනු ඌරෙක් වගේ..අද උදේම වත්ත බලාගන්න මිනිහට හොදටම බැන්නා...පස්සේ ගේට්ටුව අරන මිනිහට සාප කර කර බැන්නා...කුමක් හෝ හේතුවක් මත මිනිහා හොඳටම කැළඹිලා ඉන්නේ“

“ඔහෝ...එහෙමද එහෙනම් කුරුල්ලා දැඩිලෙස කලබල වෙලා ඉන්නේ..“

“ඒ වගේ තමයි පේන්නේ සර්“

“ එහෙනම් තවත් පැය කීපයකට පස්සේ ඔය කැළඹීම තවත් වැඩිවෙලා කුණාටුවක් බවට පත්වේවි..එතකොටනම් මැන්ඩල් මහත්තයට පිස්සු වැටෙන්න වගේ වෙයි“

“ඇයි සර් මොනවද වෙන්න යන්නේ ඔහේ“

ස්ටීවන් නොඉවසිලිවන්තව ප්‍රශ්න නැගීය.

“මම පැය කීපයකින් මාධ්‍ය ප්‍රකාශයක් තියලා මැන්ඩලීන්ගේ වෙස් මුහුණ ගලවනවා..ඒ වගේම අනිත් දැල් එලීමත් ආරම්භ කරනවා“

“ඒකත් එහෙමද සර්..එහෙනම් මම දිගටම ඔබට මෙහිසිට කටයුතු වාර්තා කරන්නම්“

හුදෙකලාව ගැටළුව විශ්ලේෂණය කිරීමේ ගානර්ගේ පුරුද්ද මැනවින් වටහාගෙන සිටි ස්ටීවන් පැවසීය“

“ස්ටීවන් හවස මගේ කාර්යාලයේදී හමුවෙමු“

***********************************************

“මහත්වරුනි මේ වන විට මහාචාර්ය ‍ඩෙවන්ස් ගේ මරණය සම්බන්ධව බොහොමයක් කටයුතු අනාවරණය කරගෙන අවසන්..ඒ වගේම සැකකරුවන් කීපදෙනෙක් දෙනෙක්ම අනාවරණය කරගෙන අවසන්. ඒ අතර මහාචාර්යතුමාගේ ඉතා හිතෛශී පුද්ගලයෙකුත් ඉන්නවා..ඔහුගේ ආදායම් ගිණුම් හා අනෙකුත් කටයුතු අපි මේ වනවිටත් පරික්ෂාකරලා අවසන්. ඒවායේ සැකකටයුතු හා ව්‍යාකූල කරුණු ගණනාවක් තිබෙනවා. අපි බොහොම ඉක්මණින් ඔහු ඇතුලු අනෙක් සහචරයන් අත්අඩංගුවට ගන්නවා“

මාධ්‍යවේදීන් විශාල පිරිසක් අමතමින් ජෙෆ් ගානර් ප්‍රකාශ කලේය. මාධ්‍ය වේදීන් පොරකමින් ගානර්ගෙන් ප්‍රශ්න කලහ. නමුත් විශේෂිත හා වැදගත් පැනවලට පමණක් ගානර් අවධානය යොමුකෙරිනි.

“එතකොට කව්ද වෙඩි තිබ්බේ? කෝ වෙඩි තියපු ආයුධය“

මාධ්‍යවේදීයෙක් ආවේගශීලීව ප්‍රශ්න නැගීය.

“ඒක මෙම සිදුවීම් දාමයේ එක් සාධකයක් විතරයි. මෝරා අල්ල ගත්තම උගේ ඇගමත ජීවත්වෙන කුඩා මාලුවන් සියල්ල අහුවෙනවා ඉබේම“

ගානර් තම මතය පැහැදිලි කලහ.

“එතකොට කව්ද මේ සැකකරන පුද්ගලයින්“

“එය ලගදීම හෙලිකරනවා“

මාධ්‍ය සාකච්ඡාව සජීවීව ප්‍රචාරණය කෙරුණු අතර වෙබ් අඩවි හා පුවත් පත් වල මෙම සිදුවීමේ නවතම තතු සුලගක් මෙන් වේගයෙන් හමා ගියහ“

*************************************************

සැන්දෑවේ ගානර්,ස්ටීවන් හා මැක් කාර්යාලයේදී මුණ ගැසිනි. තම තම කටයුතු ගැන මෙන්ම සිදුවීමේ වර්තමාන තත්වය පිලිබඳ කතිකා කෙරිනි.

“එතකොට ඔබ ප්‍රසිද්ධියේ මැන්ඩලින් සැකකරන බව කියපු එක අවාසියක් වෙන එක්ක නැද්ද? මොකද එහෙම කලාම මැන්ඩලින් නිදහසේ හැසිරෙන එක නවත්තයි.ඒ වගේම රහසිගතව කරන දේවල් නවත්තයි“

මැක් තම අදහස දැක්වීය.

“ ඒ වගේම සර් මෙහෙම එක් අංශයක් ගැන විතරක් අවධානය යොමු කිරීම නිවැරදිද?“ 

එවර ස්ටිවන්ය. මේ හැමදෙයක් ගැනම ගානර් සිටියේ අවධානයෙනි.

“ නෑ මැක්..මෙතනදි මම කලේ......“

ගානර් ට කතාව අවසන් කරන්නට නොදී කාර්යාල කාමරයට පුද්ගලයෙක් කඩා වැදුනේ සාප කිරීමක් ද සමගය.

“ මොන පදනමක් ඇතුවද තමුසෙලා මාව සැක කරන්නේ.. තමුසෙලා මොකාටද එන්න හදන්නේ..මම තමුසෙලාගේ මං පහරන වැඩ වලටයි මේ අනුන්ගේ කුණු හොයන සහ නිරපරාදේ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන ආයතනයටයි විරුද්ධව නඩු දානවා..“

කාමරයට කඩා වැදුනේ අතිශ්‍යයින්ම කෝපයට පත්ව සිටි රුඩී මැන්ඩල්ය. ඔහුගේ මුහුණ කෝපයෙන් රතුවී තිබිණි.

“ සැක කරනවා? කව්ද?“

ගානර් ප්‍රශ්න නැගීය. එම ප්‍රකාශයෙන් මැන්ඩල්ට තවත් කෝපය ආවේශ විය.

“ඇයි තමුසෙ මාධ්‍ය කාරයෝ ගෙන්නගෙන කිව්වේ“

“ඉතින් මම ඔබගේ නමක් කිව්වේ නෑනේ..ඔබ ඇයි නිකන් තමන්ගේ පැත්තට ඒක හරවා ගත්තේ..මට පේන්නේ මම විදපු හීය නියම තැනට වැදිලා වගේ“

ගානර් පැවසීය.එම කතාවෙන් මැන්ඩල්ගේ මුහුණ වෙනස්විය. තමන් විහින් අමාරුවේ වැටුණු බවක් එයින් පෙනෙන්නට විය.

“මම ඔය කෙහෙල්මලක් දන්නේ නෑ..හැබැයි මම හෙට මාධ්‍යකාරයෝ සේරම ගෙනැල්ලා මේකේ ඇත්ත නැත්ත සේරම කියනවා..තමුසෙලත් බලාගෙන ඉන්නවා..එදා අන්තිමට මහචාර්යතුමා මාත් ඒකක කතාවුනු සිදුවුනු හැමදේම මම හෙට කියනවා..තමුසෙලටත් බලාගන්න පුළුවන් වෙයි“



෴ මැන්ඩලින් කියන්නට යන කතාව කුමක්ද?෴
    

2 comments:

  1. මම හිතන්නේ ඔය මැන්ටලේ නෙවෙයි වගඋත්තරකරු... මොකද කියන්නේ !!!

    ReplyDelete
  2. බලමුකෝ චතුරංග හිතනදේද වෙන්නේ කියලා...

    ReplyDelete