Feb 19, 2012

තනිකඩයින් තම “නිදහස් දිනය“ චාම් එහෙත් අභිමානවත් ලෙස සමරති!


ලොව පුරා වෙසෙන තනිකඩයන් පෙබරවාරි 14 වැනි දින තම නිදහස් දිනය ලෙසින් මේ වසරේත් චාම් එහෙත් අභිමානවත් ලෙස සමරණු ලැබීය. මේ ඒ වෙනුවෙන් නිර්මාණය කල වාර්තාමය වැඩ සටහනකි....

ඔව් ලෝකවාසී තනිකඩයන්ට පෙබරවාරි 14 යනු ඉතා සුවිශේෂී දිනයක්. මොකක්ද එයට හේතුව.එයට හේතුව තමයි එය ලොවපුරා තනිකඩයන්ගේ නිදහස් දිනය වීම. වසරේ දවස් 364 පුරාම විවිධ හේතු මත කාර්යබහුල වන ඔවුන් පෙබරවාරි 14 පමණක් සිය නිවෙස්වලට වී ඉතාමත් සතුටින් සහ අභිමානයෙන් සිය නිදහස් දිනය සැමරීම ඉතාමත් ප්‍රීතිමත් කාරණයක්.මෙවරද එය එලෙසින්ම ලොව පුරා දක්නට ලැබුණා.අපි කතාකරමු මෙවර ලංකාවේ එය කෙසේ සැමරීද යන්න.

පෙබරවාරි 14 ලෝක ආදරවන්තයින්ගේ දිනය ලෙසද නම්කර තිබීම හේතුවෙන් එදින ආදරවන්තයින්ටනම් වසරේ කාර්යබහුලම දිනය වේ. එසේම පෙම්වතුන්ගේ පොකට් හිස්වෙන හා පෙම්වතින්ගේ හිත පිරෙණ එකම දිනය ලෙස එය සමාජ මට්ටමෙන් හදුන්වනු ලැබේ. කෙසේ වෙතත් පෙම්වතුන්ට අභාග්‍යයක් වූ තනිකඩයන්ට අභිමානවත් දිනයක් වූ පෙබරවාරි 14 දින ලංකාවේ පෙම්වතුන් කෙසේ හැසිරුනිද සහ තනිකඩයන් තම නිදහස් දිනය කෙසේ සැමරුවේද යන්න මෙයින් විමසා බලමු. මුලින්ම අපේ සාකච්ඡාව සමගින් එකතුවුනේ ශ්‍රී ලංකා පෙම්වතුන්ගේ සංගමයේ ගරු වැඩබලන සභාපති එස්.එම්.එස්.ආදරබර මහතා.

“මේක තනිකරම කුමන්ත්‍රණයක්.කොටින්ම කියනවනම් මම මේ පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයට අදහස් දක්වන්නත් අකමැතියි. තනිකරම මේ රටේ ආදරවන්තයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්..එසේම ආදරවන්තයින්ට නිදහසේ තමන්ගේ දිනය සමරන්න බැරිවෙන විදියට මේ වතාවේ රටේ ඊනියා බලවේග කීපයක් කටයුතු කරලා තිබුණා..හරිම නින්දිත විදියට මේ සැරේ මේ තනිකඩයන්ගේ නිදහසද මොකක්ද දමාගෙන අපේ සැමරීමේ නිදහස උල්ලංඝනය කලා දැඩි ලෙස.අපි මෙය තරයේ හෙලා දකිනවා. අන්තර්ජාලයේ මෙය විශේෂයෙන්ම ව්‍යාප්ත කරලා තනිකඩයන් විසින් අනෙක් පාර්ශව උසිගන්වලා වැලන්ටයින් ඩේ එක සමරන්න තිබුණු සමාජ වටපිටාව අපිට අහිමි කලා..කොටින්ම එදා එලිවෙනකොට ෆේස්බුක්,ගූගල් ප්ලස් විතරක් නෙවෙයි සිංහල බ්ලොග් අවකාශය,ෆෝරම් මේ සේරම මහා කැත විදියට දිගින් දිගටම පෙම්වතුන්ගේ දිනයට හා ඔවුන්ගේ නිදහසට තර්ජනාත්මකව පහරදීලා තිබුණා..14 වෙනිදා උදේ වෙද්දි රටේම මතය මහ නින්දිත විදියට වැලන්ටයින් දිනයට විරුද්ධ විදියටත් එය ප්‍රසිද්ධියේම හෙලා දකින තත්වයටත් මේ රටේ කාලකණ්ණි තනිකඩයන්ගේ එකතුව නැමති ඊනියා,තුච්ඡ සහ අන්තවාදී සංවිධානය විසින් සිදුකරලා තිබුණා..මේ හේතුවෙන් අපේ සමහර පෙම්වතුන් 14 වෙනිදා  තම පෙම්වතිය හමුවෙලා නිදහසේ හැසිරෙනවා තියා පාන් බාගයක් ගන්න පාර එහාපැත්තේ කඩේටවත් ගියේ නෑ.මොකද ෆේස්බුක් ඉන්න පොඩි එවුන් පවා ඔවුන්ට වැලා..වැලා කියමින් පරිභව කරපු නිසා..මේක හරිම නින්දිත තත්වයක්..මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි...මේක මෙහෙම්ම වැඩසටහනේ පලකරන්න කිසිම වෙනසක් කරන්න එපා..මට අන්තිමට කියන්න තියෙන්නේ මේක ආදරේ දන්නෙ නැති..එහි සුන්දර නිර්මල රසය දන්නේ නැති කෙල්ලෙක් දාගන්න බැරි කොල්ලන් හා කොල්ලෙක්ට දැලක් දාගන්න බැරි තුච්ඡ තනිඩයන් පිරිසක් විසින් ඊර්ශ්‍යාවෙන් කරන ලද පහත්පෙලේ ක්‍රියාවක් පමණයි මේක..අපි මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ගෙනියනවා..අපි එහිදී හරි මෙයට විසඳුමක් ලබාගන්නවා“

පෙබරවාරි 14 ඇතිවූ තත්වය ගැන ඉතාමත් ආවේගශීලි හා සෘජු අදහස් දැක්වීමක් සිදුකලේ ලංකා පෙම්වතුන්ගේ සංගමයේ වැඩබලන සභාපතිතුමන්ය. පසුව පෙබරවාරි 14 සිදුවීම ගැන අදහස් දක්වන්න අප සමගින් එකතුවුනේ ලංකා එක්සත් තනිකඩයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු තුසිත් හුදෙකලාවීර මහතායි. එතුමන් එදින සුවිශේෂී කටයුතු ගණනාවක් කල බව දැනගන්නට ලැබුණා.

“ඔය පෙම්වතුන්ගේ සංගමයක් යැයි කියාගන්නා අඳබාල සංවිධානයේ සභාපති කියන විදියට අපිට කිසිම ඊරිසියාවක් හෝ කෙල්ලෙක් දාගන්නට බැරි හේතුවක් නෑ.ඒක ඔහුගේ චින්තනයේ ඇති වැරැද්ද.ඔහු හිතනවා කෙල්ලෙක් දාගත්තම, අඳබාල සංවිධානයක කඩේ යන තනතුරක් ලැබුණාම ඒක හරි ලොකුයි කියලා. අපිට කියන්න තියෙන්නේ මෙවර පෙබරවාරි 14 ලෝක තනිඩයන්ගේ දිනය අතිසාර්ථක ලෙස ලංකාවේ සමරපු ප්‍රථම වතාවයි.ඒ ගැන අපිට අවංක සතුටක් වගේම මහත් අභිමානයක් තියනවා.මොකද බටහිර ඊනියා සැලෝලයිට් සම්ප්‍රදායන් ලංකාවට ගෙනැල්ලා ලංකාවේ කෙල්ලෝ කොල්ලන්ගේ ඔලුවලට විකාර දීලා උන්ගේ පොකට් සුද්දකරන,අපචාර වැඩිකරන ආදරයකට වඩා තනිකම හොඳයි කියන තැනට අපි මේ රටේ මතය දැන් ගෙනැත් දෙනවා..බලන්න එතනින්ම පෙනෙනවා පෙබරවාරි 14 තනිකඩයන්ගේ නිදහස් දිනය කියලා නම් කරන්න සදාචාරාත්මක අයිතයක් තියනවා..ඔය එක එක පාර්ශව විවිධ විකාර අදහස් දැක්වූවට දැන් රටේ මතය ඕකයි“


එලෙසින් අදහස් දැක්වූයේ ලංකා එක්සත් තනිකඩයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු හුදෙකලාවීර මහතායි. ඔහු පැවසූ පරිද්දෙන්ම තනිකඩයන් 14 වැනි දින චාම් එහෙත් අභිමානවත් ලෙසින් නිදහසේ සිය නිදහස් දිනය සැමරීය. අති බහුතරයක් තනිකඩයන් සිය ‍නිවෙස් වලට වී..

  • පාඩුවේ චිත්‍රපට,රෙස්ලින් තරඟ බැලීම හා අන්තර්ජාලයේ රැඳි සිටීම
  • කියවන්නට බැරිවූ බ්ලොග්,සඟරා පරණ පත්තර කියවීම
  • ගෙදර බල්ලා,මොටර් බයිසිකලය හෝ කාරය සේදීම
  • කාමරය අස්පස් කිරීම
  • වෙනදාට මූණවත් නොබලන අල්ලපු ගෙදර අය සමග ඉතා සුහදව කතාකිරීම
  • ගෙදර අය සමග වෙනදාටත් වඩා ලෙංගතුව හැසිරීම(උදා- අම්මාට කියා බත්කවා ගැනීම,තාත්තාගේ කරේ නැගීම)
  • තනියම සින්දු කීම
මෙවැනි දේ මගින් තනිකඩයන් බොහෝ දෙනෙක් තමන්ගේ නිදහස සැමරීමටත් වඩා තමන් නිදහසේ සිටින බව අනෙකුත් පිරිසට පෙන්වීමට දැඩි උත්සහයක් ගත්බව පෙන්වන්නට විය. 


එසේම සමහර පාසල් හෝ පන්ති යන නව යොවුන් වයසේ පෙම්වතුන් 14 වැනි දින තමන් තනිකඩයන් බවට පෙන්වීමටද ඉහත භූමිකාවන් රඟ දැක්වූ බව අසන්නට ලැබිණි.හුදෙක් ඒ තම පෙම් සබඳතා දෙමව්පියන්ට මාට්ටු වීම වැලැක්වීමටය. කෙසේ වෙතත් පෙම්වතුන් මුහුදු වෙරළ,සිනමා ශාලා,උද්‍යාන,හොටෙල් කාමර,සාප්පු සවාරි වලින් හෙම්බත් වෙද්දී තනිකඩයන් සැබෑ නිදහස විඳි බව දැනගන්නට ලැබීය.
මේ පෙබරවාරි 14 ගැන ඇදහස් දැක්වූ පෙම්වතියක්...

“අනේ හරි ෂෝයි..මගේ ශානුයි මමයි එදා ගොඩාක් ආදරෙන් හිටියා..එයා වෙනදටත් වඩා හැන්ඩ්සම් විදියට එදා ආවා..සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වියදම් කලා..එයා රුපියල් 2000ක් දීලා මට ටෙඩී කෙනෙක් අරන් දුන්නම මගේ ඇස්දෙකට කඳුළුත් ආවා, එයා මාව එක්කගෙන ගිහින් කේ.එෆ්.සී එකෙන් ලොකු පාටි එකක් දුන්නම මට එයාව බදාගෙන ඉන්න හිතුනා, එයා මට ලස්සන නෙක්ලස් එකක් අරන් දුන්නම මට එයා උස්සන් ඉන්න හිතුනා..මම එයාට ගොඩක් ආදරෙයි..වැලන්ටයින් ඩේ එකටත් ගොඩාක් ආදරෙය..“



එසේම පෙබරවාරි 14 ගැන අදහස් දැක්වූ පෙම්වතෙක්..


“හ්ම්ම් වරදක් නෑ..වෙනදා වගේ තමයි..ඒත් ටිකක් එන්ජෝයි කලා එයත් එක්ක..පොකට් එක ගැනනම් දුකයි..කමක් නෑ අවුරුද්දට එක දවසයිනේ..එයා සතුටින්නම් මමත් සතුටින්“


ඒ පෙම්වතුන්ගේ පාර්ශවයෙන් එලෙසින් අදහස් ලැබෙද්දී පෙබරවාරි 14 නිදහස සැමරූ තනිකඩයෙක් අපිට අදහස් දැක්වූවා.


“ඇත්තටම නිදහස කියන සංකල්පේ හරි පුළුල්, එහි අර්ථය වචන මාත්‍රයකින් කියන්න හරිම අපහසුයි. කොහොම වුනත් ඒ උතුම් නිදහස අපි සැමරුවා බොහොම එක්සත්ව එක්සිත්ව. අද පෙම්වතුන් පෙම්වතියන්ගේ රූකඩ බවට පත්වෙලා, නැත්නම් පෙම්වතියන් පෙම්වතුන්ගේ අතකොළු බවට පත්වෙලා.මේ සංකල්පය මෙතනින් නවත්වන්න අපිට භාවිතාමය උදාහරණ දෙන්න හැකිවීම ගැන අපිට බොහොම සතුටුයි.අපේ බලාපොරොත්තුව ලබන වසරේ ජාතික මට්ටමෙන් මේ තනිකඩයන්ගේ නිදහස් දිනය සමරන්නට රජයෙන් සහය ලබා ගන්න එකයි“


මෙලෙසින් පෙබරවාරි 14 තනිකඩයන්ගේ නිදහස් දිනය ගැන මෙන්ම එදිනටම යෙදුනු පෙම්වතුන්ගේ දිනය සැමරීම පිළිබඳ විවිධ තර්ක ප්‍රති තර්ක අතරේ අපි පෙබරවාරි 14 ගැන ව්‍යාපාරික ප්‍රජාවේ අදහස් විමසන්නට මේ සූදානම් වෙන්නේ.


“ඔව් ඉතින් මහත්තයා එදාට අපිට බිස්නස් හොඳයි..වැඩියෙන්ම විකිනෙන්නේ ඔය සුරතල් සත්තු,චොකලට්,සුබපැතුම් කාඩ් වගේ දේවල්,තෑගිත් ගොඩක් ගන්නවා..පෙම්වතුන්ගේ දිනය බොහොම වැදගත් දිනයක්..මම හිතන්නේ ඒක සමරන්නම ඕන..කව්ද සාමි කෙනෙක් නේද ඕක නම්කරලා තියෙන්නේ..මම හිතන්නේ ඕක නිවැරදිම තීරණයක්..මොකද හැමදේටම දවසක් තියන එකේ පෙම්වතුන්ටත් දවසක් තියෙන්න ඕන ප්‍රේම කරන්න..මම මේ බිස්නස් ගැන හිතලා කියනවා නෙවෙය..අර කාලකණ්ණි ටිකක් මේක තනිකඩයන්ගේ දිනයක් කරගන්න හදනවා..මම කියන්නේ කවදාවත් ඒ වගේ දේවල් වලට ඉඩදෙන්න නරකයි.ඒක අපේ රටේ සංස්කෘතියටත් විරුද්ධයි මම හිතන්නේ“


ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි විවිධ පාර්ශව පෙබරවාරි 14 දිනය ගැන අදහස් දැක්වූයේ.පෙම්වතුන් වැලන්ටයින් සමරද්දි තනිකඩයන් නිදහස් දිනය මෙවර වඩාත් ඉහලින් සැමරුවා. මේ වනවිටත් ඔවුන්ගේ සංගමය මගින් තනිකඩ ප්‍රජාව වෙනුවෙන් ගීතයක් හා කොඩියක් නිර්මාණය කරමින් ඉන්නවා.ඒ විතරක් නෙවෙයි එළඹෙන වසරේ තනිකඩයන්ගේ දිනය සමරන්න,ඒ වගේම තනිකඩයන්ගේ අලුත් අවුරුදු සැණකෙලිය,තනිකඩ වෙසක් බැතිගී හා පහන් කූඩු ප්‍රදර්ශනයට, හුදෙකලා මේලා සැනකෙලිය වැනි කටයුතු රාශයක් ඔවුන් කරන්න බලාපොරොත්තුවෙනවා.


එහෙනම් අපි අදට සමුගන්නවා.හැමෝටම සුබ සතියක්....

12 comments:

  1. ලොල්...

    මේ උඹ අදිසි වෙඩික්කරු පයිනල් එක ලියන්නෙ නැද්ද?..

    ReplyDelete
  2. වැඩක් නෑ බන්..අපේ එවුන්ට කතා ලියලා වැඩක් නෑ...

    ReplyDelete
  3. Buddie th enawa next time oka samaranne.
    @Janaranga aulak ganna epa, kawru kiyewwath nethath liyanna.
    ekkenek hari kiyola sathutu wena eka maida

    ReplyDelete
  4. හෙහ්...හෙහ්...තනිකඩ දිනේ ගැන ඇහුවමයි...පුදුම වෙන්න දේකුත් නෑ...වැලාගෙ දිනේ ගැන ඇහුවෙත් මෙහාට ආවට පස්සෙනෙ...

    ReplyDelete
  5. මේ මමත් සාර්ථකව තනිකඩ දිනය සමරපු කෙනෙක් තමයි ඉතින්..

    ඒක නෙමෙයි ඇත්තටම කතාව කෝ? මොකෝ සාතන්ට උත්තර දීලා තියෙන්නේ "වැඩක් නෑ බන්..අපේ එවුන්ට කතා ලියලා වැඩක් නෑ.." කියලා??

    ReplyDelete
  6. ඇත්තටම දිනේෂ් සහෝදරයා මම ඒ කතාව ලියන්න ගිහින් බැනුම් ඇහුවත් එක්ක පොර වෙන්න යනවා කියලා. ඒත් මම ඕවට සැලෙන මිනිහෙක් නෙවෙයි, ඒ වුනත් මම ටිකක් කළකිරුණත් එකක් ඒකට.ඒත දිනේෂ සහෝදරයා සාතන් වගේ ගොඩක් දෙනෙක් ඒක නිතර බැලුවා.මම අන්තිම කොටස දානවා හෙට හෝ අනිද්දා,

    තනිකඩ දිනය වැඩිකලක් සමරන්න ලැබෙන එකක් නෑ දිනේෂ් සහෝදරයට කල වයසත් හරිනේ දැන්

    ReplyDelete
  7. හුරේ තනිකඩයන්ට ජය වේවා....!!!!

    ReplyDelete
  8. තනිකඩයට ජයවේවා ................
    මොන ගෙදරද අප්ප! උදේ වරුව ගණං හදහද ඉඳල දවල් විසි දෙනෙක් එක්ක ගෝල්ෆේස් ගොහිං දියවෙන්න නාල තනියම ගෙදර අාව :D :D

    ReplyDelete
  9. යකෝ ඒ කතාව ලියන්න ගිහින් කවුද බන් උඹට බැනපු එකා... මානසික රෝගියෙක් වෙන්න ඇති... වෙන ඒවට වඩා කමෙන්ට් අඩුවීම ගැන හිතන්න යන්න එපා... මොකද ඒ කතා කොටස් ටිකට මමත් කමෙන්ට් කරල ඇත්තෙ සැරයක් නැත්තන් දෙසරයක්... මොකද කතාව අවසානය වෙනකං ගියහම කමෙන්ට් කරනව කියල හිතපු වෙලාවල් තිබුන නිසා...

    ReplyDelete
  10. ඕවා ගනන් ගන්න එපා යාළුවා.. ඒ කතාවෙන් කාටවත් පහරක් නොගහනකොට එහෙම බනිනවා කියන එක අසාධාරණ කාරණයක්.. පටන් ගත්ත දේට අවසානයක් දෙන්න ඕන නිසා ඉක්මනින් කතාව අසන් කරන්න නම් එපා.. එතකොට ඒක හැමදාම කියවපු අපිට කරන අසාධාරණයක්..

    ReplyDelete
  11. අපිනං ඉතිං බැන්දත් තනිකඩ නෙ . . . .

    ප.ලි.
    //වැඩක් නෑ බන්..අපේ එවුන්ට කතා ලියලා වැඩක් නෑ...//
    යකෝ . . . **තෝ . . . කොමෙන්ට් නොදැම්මට අපි කියෝනව

    ReplyDelete
  12. අනේ අනේ කතාව ලියලා දාන්නකො මල්ලි. අන්තිම වෙනකල් බලාගෙන ඉන්නෙ අපි..අන්තිම ටිකේ කමෙන්ට් කලේ නැතත් කියෙව්වා...

    ReplyDelete