Dec 29, 2014

සල්මන් ඛාන් එන්න..දකුණු කරෙන් එන්න..උතුරු කරෙන් එන්න


මහින්ද මාමා කොහේදෝ ඉඳලා දූවලා ඇවිත් වේදිකාවට නැග්ගා. සී.ටී.බී වල ඇවිත් පස්සේ ඇණ ඇනිලා ලාවට පිටගැස්ම හැදිලා හිටපු මිනිස්සු දඩි බිඩි ගාලා නැගිටලා අත් උඩට දාලා මහින්ද මාමාට අත වනන්න පටන් ගත්තා..එතකොටම රැස්වීමේ සංවිධායක බුවා දුවලා ඇවිත් සවුන්ඩ්ස් බාරව ඉන්න බුවාට කිව්වා 

“යකෝ සින්දුව සින්දුව..“ කියලා

එතකොට සවුන්ඩ් බාර බුවා “හරි ලොක්කා“ කියලා සින්දුව දැම්මා

“දකුණු කොරෙන් එන්න - උතුරු කොරෙන් එන්න - නැගෙනහිරින් එන්න- සතර දෙසින් එන්න - එන්න එන්න එන්න..රට හදන්න එන්න..එන්න එන්න එන්න...චක බකාස් ලකා පටාස් චුස්..චුස්..“

සෙට් එක හිරවෙලා ට්‍රැක් එක හිරවුණා..ෆුල් ජොලියේ කට කණේ තියාගෙන අත්දෙක උඩටම දාගෙන හිනාවෙවී හිටපු මහින්ද මාමගේ හිනාව නිකං හිරු දුටු පිණි බිඳු වගේ නස්තාර් වෙලා අතුරුදහන් වුනා..හැරිලා ඔරවලා බැලුවා සවුන්ඩ් බාර බුවා දිහා..


“තොගෙ අ....“ කටට ආව වචනේ ගිලගත්තේ පහුගියේම ලෙසටම ඇණගෙන උගත් පාඩම් මහින්ද මාමට මතක් වුණ නිසා.

පස්සේ සිද්ධිය ෂේප් වෙලා ඊළගට කතාවට ආවේ විමල් ගොයියා. පොර හෙණ පාන්ඩු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන කතාව කරන්න යද්දි මහින්ද මාමා කතා කරා ලඟට‍

“මල්ලි මොකෝ ටී-ෂර්ට් එක අප්සට්..දෙන්නද නිල් බලකායේ කිරි කිරි නිල් පාට ටී එකක්..“

මහින්ද මාමා ඇහුවම විමල් ගොයියා ඇඟිල්ල කටේ ගහගෙන ඇඹරුනා

“නෑ නෑ අයියා..මේ බැල්ලිගේ පුත්තු දැන් මගේ ටී ෂර්ට් වල ගණන් හොයන නිසා බාල ෂර්ට් එකක් ඇඳගෙන ආවා අද..තව මේක මේඩ් එන් තුර්කි..“

මහින්ද මාමා ෆිට් පෙන්නුවා. විමල් ගොයියා කතාව කරන්න ගත්තා

“මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ. 8 වෙනිදා දෙමු අපි රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න..නැත්නම් අපේ ලොක්කා විදුලි පුටුවට ගෙනියනවා..මොන හිතකින්ද හත්තිලව්වේ අපි ඒකට ඉඩ දෙන්නේ..මේ වෙලාවේ ඇමරිකාව,එංගලන්තේ,ප්‍රංශේ ඩොලර් ගෝනි ගනං එවනවා මහින්ද ලොක්කා පරද්දන්න..ඒවට ඉඩ දෙන්න බෑ..අපි උපවාස කරනවා..“

මෙහෙම බෙරිහන් දෙන අතරේ සංවිධායක බුවා ලංවෙලා විමල් ගොයියගේ කණට යමක් කිව්වා. විමල් ගොයියා වේදිකාවේ පැත්තක පඩිපෙල දිහා බැලුවා.

“අාදරණීය මිත්‍රවරුණි..මේ දේශයේ ගලවා ගැනීමට..මේ රටේ ගමන ඉදිරියටම ගෙනියන්න..රාජපක්ෂ නාමය ලෝ පතල කරන්නට..ඉන්දියාවේ සිට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයින්ට අතින් පයින් නෙලපු ආදරණීය ජනනායකයා..අපේ සදාදරණීය විරුවා..අසහාය ජන මූල නළුවා..සලමල් ඛාන්...දැන් මේ වේදිකාවට නැගලා ලොක්කගේ දෑත් ශක්තිමත් කරන්නයි හදන්නේ..අපේ ගොජබි නළුවෝ වගේද සලමන් කියන්නේ..නිකන් අත් ගොබ කෙහෙල් ගොබ වගේ...සල්මන් ඛාන්ට ජයවේවා..අපේ අසහාය නායකයාට ජයවේවා..“

මහින්ද මාමා ඇතුලු සෙට් එකම නැගිටලා සල්මන් ඛාන්ව පිළිගත්තා..සල්මන් නගින්න කලින් නාමල් මල්ලි උපදෙස් දීපු විදියටම වේදිකාව ලඟ හිටපු අම්ම කෙනෙක්ගෙන් දරුවෙක් උදුරලා අරගෙන මහින්ද මාමි කරනවා වගේ හුරතල් කලා..මහින්ද මාමට ඒකටනම් ලැජ්ජත් හිතුනා..ඊට පස්සේ මහින්ද මාමා වගේම අත්දෙක උස්සගෙන විමල් ගොයියගේ සිංහල බෙරිහන් දෙන අස්සේ වේදිකාවට නැග්ගා..ඒ අතරේ සංවිධායක ගොයියට මල් අයිඩියා එකක් ආවා..දුවලා ගියා ආයෙත් සවුන්ඩ් බාර බුවා ලඟට

“මල්ලි මොකක් හරි සින්දුවක් දාපං..“

සවුන්ඩ්ස් බාර බුවා විකාර වුණා. සල්මන්ට හරියන සිංහල සින්දුවක්..නිකං ප්‍රංශ වගේ ඌට දැන්.

“හරි අයියා අපි දාමු වේරලියද්දගේ අවදිකරනු මැන“

සවුන්ඩ්ස් බාර බුවා විකාර පිටින්ම කිව්වා.

“තොට පිස්සුද යකෝ..ඉක්මණට වෙන එකක් දාපං චියර් එක තියන අතරේ..මිනිස්සු කික් වෙලා ඡන්ද ගලනවා යකෝ..ඉක්මණට මොකක් හරි දාපං මිනිස්සුන්ට තව චූන් වෙන්න“

ටිකක් කල්පනා කරපු සවුන්ඩ්ස් බාර බුවාට මල් හතේ අයිඩියා එකක් ඇවිත් දෙන්නං දොඩං කියලා දැම්මා සින්දුවක්.

“ටුට්ටු ටුටූ ටුට්ටු ටූ....ටුට්ටු ටුටූ ටුට්ටු ටූ...ටුට්ටු ටුටූ ටුට්ටු ටූටූ ටා..
  චිංචි චිචී චිංචි චී චින්චි චිචී චින්චි චී ...චිංචි චිචී චිංචි චිචී චා..

ආවෝ ජී, බාවෝ ජී
දිල්සේ දිල් මිලාවෝ ජී
ආගායා හෝ දේකෝ බොඩි ගාඩ්

සබ්සේ හොට්, සබ්සේ හාර්ඩ්
ජෝ බුරා හේ උස්කි වාත්
ආගායා හෝ දේකෝ බොඩ් ගාඩ්“

සින්දුව ඇහෙනකොට අත්දෙක වන වන හිටපු සල්මන් බොඩි ගාඩ් ඩාන්ස් එක දාන්න ගත්තා..මිනිස්සු විකාරෙන් නටන්න ගත්තා..මහින්ද මාමයි විමල් ගොයියයි, සංවිධායක බුවයි තාලෙට අත්පුඩි ගහන්න පටන් ගත්තා



2 comments:

  1. apita suba anagathayaka
    hehe

    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා...............

    දැන් සලමාත් ළමයි වඩා ගන්නවාද හිටං

    ReplyDelete