මං හිතන්නේ පහුගිය මාස 6ටම මම මගේ යූ ටියුබ් චැනල් එකට එකම වීඩියෝ එකක්වත් දාන්න වුණේ නෑ. ඒ ජීවිතේ මට මුහුණදෙන්න සිදුවෙච්ච බොහොමයක් දේවල් නිසා. හරියටම පහුගිය අවුරුද්දක් වගේ කාලයක් කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කාලයක්. ඒ කාලේ ගතවුණේ මාව සහ මගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මට හිතුනා එක පැත්තකින් මම මේ කොටුවෙලා ඉන්න තැනින් අඩියක් එළියට තියලා ආයෙත් චැනල් එක පටන්ගන්නත් එක්ක වීඩියෝ එකක් දාන්න, ඒක එක පැත්තකින් පාපොච්චාරණයක්, නැත්නම් ආත්ම කථනයක්. ඒ වගේම මට හා සමාන සිදුවීම්වලට මුහුණ දෙන ඕන කෙනෙක්ට පුංචි හරි උදව්වක් වේවි ඒකෙන් ගොඩ එන්න.
එහෙම ජීවිතේ හැරවුම් ලක්ෂ්ය එනවා. ඒවා ට අපි මූණ දෙන විදියට තමා අපේ ජීවිතේ හැඩ ගැහෙන්නේ..
ReplyDeleteඒක ඇත්ත..සමහර ඒවා අපිව සම්පූර්ණයෙන්ම හරවලා වෙනත් පැත්තකින් තියනවා. හරියට අපි පයට පෑගෙයි කියලා බයට හෙමින් හෙමින් යන ගොළුබෙලි පැටියෙක් වෙනත් පරිස්සම් තැනකින් තිබ්බම ඌට සිද්ධවෙනවා වගේ වැඩක්.
Deleteසිදුවුණු දේවල්වල හැටියට මෙහෙම ඉන්න එකත් ලොතු දෙයක්
ReplyDeleteඒක ගැඹුරු හුස්මක් අරගෙන කියන්න ඕන දෙයක්. මැරෙමින් ජීවත්වීම සහ ජීවත්වෙමින් මියයාම කියන දෙක අතරේ අපිට බොහෝ වෙලාවට ගැටෙන්න වෙනවනේ.
Delete