Jul 17, 2011

හමුවුණා...අනේ හමුවුණා...

මාතර කොටු දොරකඩ ලගට ගියෙත් නිකං බාගෙට මැරිලා වගේ. අම්මපා මේ රස්නේ නම්. කියලා වැඩක් නෑ ඉර අතිජාත මිත්‍රයෙක් වගේ ලගටම ඇවිත් දස වද දෙනවා. කණ පැලෙන්න හීතල දවසටනම් මේ ඉර පැත්ත පලාතක් බලන්නේ නෑ මගේ. ඒත් අදනං ඉන්නවා මටම වද දෙන්න. දිසාපති කාර්යාලයට යන්නේ අද ලොකු වැඩක් කරගන්න තියන නිසා. කොච්චර වෙලාවක් ගියත් දෙයියම්පා වැඩේ කරගන්නේ නැතුවනම් එන්නේ නෑ. දවස් ගණනක් තිබුණු වැඩ කන්දරාව නිසා මේකට එන්න වුනෙත් නෑ. ඒත් අදනං කරගෙන මිසක් යන්නෙත් නෑ. හෙමින් හෙමින් කොටුවට ප්‍රධාන දොරෙන්ම ඇතුල් වුනා.

Jul 14, 2011

මරණානුස්සතිය...

මරණය..සමහරු ඇහුණත් බය මාතෘකාවක්. මරණය ජීවිතයෙ කෙළවර. හැමදේම දමායන්නට සිදුවන නිමේශය. වස්තුව.දේපල.බැදීම් හැමදේම මරණයෙන් කෙළවර වෙනවා. ඒ නිසා මරණයට බියක්  දැක්වීම සාමාන්‍ය කාරණාවක්වෙලා. ඇයි අපි මරණයට බය. මේ හැමදේම දාලා යන්න වෙන නිසා විතරක්මද ? නෑ මරණයේ වේදනාවටත් බයයි. ඇත්තටම අපි බියක් දක්වන්නේ මරණයටමද?

  අපි මරණයට බියක් දක්වන්නේ නෑ. මරණය කියන සංකල්පය අපට දැනෙන්නේ නෑ. එය පුද්ගලිකව විදදරාගන්නා විට අපතුල ප්‍රාණයක් ඉතිරිවන්නේ නෑ.එනිසා එය පුද්ගලිකව අත්දකින්නට බැහැ. එහෙනම් හිතවතු‍න්ගේ අවමගුල් අවස්ථාවලදී වත් මරණය නිසියාකාරව අභ්‍යන්තරයට ගොස් අත්විදින්නට බෑ. එහෙනම් අපි බියවන‍්නේ මරණයට නොවෙයි. අපි බියවන්නේ මරණය සිදුවන ආකාරයටයි. එය වේදනාකාරී අවස්ථාවක් හෝ සංසුන් අවස්ථාවක් වේවිද යන්න අපට පූර්ව නිගමනයක් කල නොහැකි හෙයින් අප එම අවස්ථාවට මුහුණ දීමට බියකින් පසුවෙනවා. සිහියකින් යුතුව මරණයට මුහුණ දෙන අය සන්සුන් මරණයක් අත්විදිනවා. නමුත් වේදනාකාරී හා අතිබිහිසුණු මරණයන් හිමිවන අයත් අනන්තයි.

Jul 12, 2011

ආත්මීය ගීතය..

  ආදරය එක්තරා විදියක යාත්‍රාවක යන ගමනක් වගේ. විවිධ ඉවුරු දකිමින් ගොඩවෙමින් යන ගමන විවිධාකාරයි. ජීවිතයේ යථාර්ථයට ඔබ්බෙන් ආමන්ත්‍රණය කරන ආදරය නැමති සංකල්පය බොහෝවේලාවට හරිම  ආත්මීයයි. ජිවිතානුබද්ධ අත්දැකීම් එක්වුණාම ආදරය හරියට සරසපු මල් බදුනක් වගේ. පුදදෙන්න මල්අසුනක් හොයන.

  ජීවිත ගමනේ විවධ මංසංධි හමුවීම ස්වාභාවික දෙයක්. ඒත් ඒ මං සංධිවල අතරමං වීම අස්වාභාවික දෙයක්. ආදරයට හමුවෙනවා වෙන්වෙනවා නැවත හමුවෙනවා. ලෝකපූජිත විද්වතෙක් ආදරය නම්කලේ හමුවීම වෙන්වීම හා නැවත හමුවීමකට. ඒ ආදරේ හැටි. අනන්‍ය ලක්ෂණය වුණු ඒ සිද්ධි නොතිබුණානම් ආදරයත් පොදු මාතෘකාවක්.

Jul 6, 2011

ගාල්ලේදී අපි එක් Rock වු දා (Unrated Version)

සිංහල බ්ලොග්කරුවන්ගේ දකුණු අත වගේ ඉන්න ගාල්ල මාතර සිංහල බ්ලොග්කරුවෝ පහුගිය දවසක එකට සෙට් වු‍ණා. මේ ඒ පිළිබද වාර්තා වැඩ සටහනකි.


පූර්විකාව
අන්තර්ජාලයේ එක්එක් අහුමුලු වලට වෙලා බ්ලොග් ලියන මිතුරන් හමුවෙන්න හිතේ ලොකු වුවමනාවක් තිබුණා.විශේෂයෙන්ම ලගපාත අය. ඉතිං මං ඔය ගැන හිතාගෙන මනෝ ගහගෙන ඉන්න අතරේ හිම හංසි නගා මාව දැනුවත් කලා මෙන්න මෙහෙම වැඩක් සෙට් වෙනවා කියලා. ඉතිං හිම හංසි නගා බලෙන්ම වගේ මමත් ඔය කණ්ඩායමට ඇදලා දාලා බලෙන්ම මමත් මේකට මූට්ටු කලා(ඒ වුණාට එයාට පින් සිද්ධවෙන්න තමයි වැඩේ වුණේ මටත්) පස්සෙ මට කිව්වා අනුෂ්ක ලක්මාල් අයියා තමයි වැඩේ සංවිධානය කරන්නේ කියලා. මම බැලුවා මොකාද මේ අනුෂ්ක කියලා. බැලිනං මේ අපේ වල් හාවා හෙවත් බනියා නේ. බනියා ඉතිං වැඩක් බාරගත්තොත් අනිවා නිකං කිරිගහට බල්ලො පැන්නා වගේ කරන බව දන්න නිසා මමත් හදවතින්ම හා අග්න්‍යාශයෙන්ම වැඩේට බැස්සා. කොහොම හරි දින ලංවෙනකං ගාල්ලේ වැසියෝ කණ්ඩායමේ කමෙන්ට් දදා විකාර කර කර වැඩේට සෙට් වුණා. මම ඒ කණ්ඩායමේ හිටපු එවුන්ගෙන් අදුනගෙන හිටියේ වත් අක්කා හෙවත් බියුටිපුල් මයින්ඩ්. බනියා හා හිම හංසි විතරයි. අනිත් එවුන් නිකං මැජික් වගෙයි මට. කොහොමහරි මුන් එක්ක සෙට්වෙලා මට අතවරයක් වෙයි ද කියලා හිතුනත් පස්සේ පුරුස ශක්තිය අරගෙන වැඩේට බැස්සා. කොහොමහරි වැඩේ යෙදිලා තිබුනේ 2වැනිදා උදේ 11ට නේ. හිම හංසි මට කිව්වා ගාල්ල පොලෝසිය ගාවට එන්න..මම එනකං එයා බලාගෙනම ඉන්නවා කියලා. එහෙම කිව්වම දෙයියනේ නොගිහිං පුළුවන්ද. ඊට කලින් දවසේ එෆ්.එම් එකේ මැච් එකේ කොමෙන්ට් කරලා ගෙදර යද්දිත් 12. එදා හීනෙනුත් පෙනුනා...ගාලු කොටුවෙ ගල් බැම්මේ- ඈත පෙනෙන සිතිජ ඉමේ- පාට සරුංගලයක හැඩ බලන හැටි...

Jun 27, 2011

කවි අඩ ශතකය සපුරන "සිතුවිලි පලස" දෙස අපේ ඉසව්වේ සිට බැලීම...


අද මගේ සිංහල බ්ලොග් දිවියේ සුන්දර මෙන්ම හැඟුම්බර දිනයක්ය. එයට හේතු දෙකක් තිබේ. එකක්නම් අපේ ඉසව්ව වෙනුවෙන් මා රචනාකල "නුඹ නාව නෙතුගාව කඳුලැල්" කෙටි කතාව ට ඉතා හොඳ ප්‍රතිචාර ලැබීමයි. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් අතලොස්සකගේ ප්‍රතිචාර හා විදෙස්ගත මෙන්ම ලංකාවේ වෙසෙන බ්ලොග් රසවිඳින් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු මට්ට‍මේ පිරිසකගෙන් ලද විද්‍යුත් පණිවුඩ.කමෙන්ට්ස් හා මූණු පො‍තේ පණිවුඩ ‍ගැන එක් අතකින් සතුටුය. සතුටු වීමට අනික් කාරණය නම් අද සිතුවිලි පලස නැමති මගේ කවි සංකල්පනා අඩවිය මගේ 50 වැනි කවිය සයිබර් අවකාශයට මුදා හැරීමේ සිදුවීමයි.

  අපේ ඉසව්ව හා සිතුවිලි පලස එකකුස උපන් නිවුන් සොයුරන් දෙදෙනෙකු ලෙස සැලකීම වඩා වටී. මෙම සිංහල බ්ලොග් අඩවි දෙක නිර්මාණය වූ කාල අතර පරතරය විනාඩි ගණනක්වීම එයට හේතුවයි. මෙහිදී මම නැවතත් ‍මගේ සොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්නට මගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටින්නේ ඔහුගේ සංකල්පනාවක් මත මෙම අඩවි දෙකම නිර්මාණය කල බැවිනි. ඇත්තටම සිතුවිලි පලසේ අතීත කතාව කියන්නට සිටියේ සිතුවිලි පලසට වසරක් පිරුණු පෙබරවාරි 18 වැනිදාය. නමුත් අන්තර්ජාල සබඳතා ගැටළුවක් හේතුවෙන් පසුගිය වසරක කාල පරිච්ඡේදයේ මෙන්ම අදාල දිනයේද එම කටයුත්ත කිරීමට නොහැකිවිය.

Jun 23, 2011

නුඹ නාව නෙතුගාව කඳුලැල්....(ආදරණීය කෙටි කතාව)

 දුලාරිගේ රථය වේගයෙන් පැමිණ නතරවුනේ චමත්කාගේ නිවසේ ඉදිරිපසය. සුවිසල් නිවස වටපිටාවට දර්ශනය වූයේ මහා මන්දිරයක් ලෙසය. දුලාරිගේ රථයේ තිරිංග තදකල ශබ්දයට ඉහල මාලයේ කාමරයේ සංගීත නාදයට කන්දෙමින් සතුටින් නර්තනයේ යෙදීසිටි චමත්කාද ජනේලයෙන් පහත බැලීය. එය තම මිතුරියගේ කාරය බව දුටුවත් මෙතරම් වේගයෙන් තිරිංග තදකර වාහනය නතර කරන පුරුද්දක් ඇයට නැත. අනිවාර්යයෙන්ම හදිස්සියක් විය යුතු බව චමත්කා අනුමාන කලහ.

  විනාඩියක් යන්නට මත්තෙන් චමත්‍කාගේ කාමරයේ දොරට තට්ටුකරන හඬ ඇසුනි. ඒ තමන්ගේ මිතුරිය වන්නට ඇතැයි ඈ සිතුවාය.
"ඇතුලට වරෙන් දුලා..දොර ඇරලා"

දුලාරි කාමරයට ඇතුල්විය. ඒත් ඇගේ මුහුණ කළුගැසී දැඩි කම්පනයට පත්ව ඇති බවක් දිස්විය. දුලාරි ඇවිත් චමත්කාගේ ඇඳේ වාඩි වුණා නොව වැටුණාය. මෙය දුටු චමත්කාද ඉද්දගැසුවාක් මෙන් නැගිට දුලාරි ලඟට පැන්නාය.

Jun 21, 2011

නුඹට ලියමි...

අනේ මන්දා..උඹත් හරියට ජපානේ කාලගුණේ වගේ. වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියනව තියා හිතන්නවත් බෑ. ඒ ඇයි කියලා කියන්න ඔයාවත් දන්නවද මංදා. ඒත් මේ හිතේ තියෙන ආදරේ නිසා ඉවසගෙන ඉන්නව මිසක් වෙන එකෙක් නම් මෙලහකට දමල ගහල ගිහින් කොහේහරි. ඒත් උඹේ අඬන ඇස් දෙක මෙහෙම  ඇති කියලා මතක් කරගන්න උත්සහ කරද්දි එහෙම යන්න හිතෙන්නෙත් නෑ..

Jun 20, 2011

ගිරවා හා සදාචාරය...

නිකං මාතෘකාව දැක්කම කට්ටියට හිනායන්නත් පුළුවන්. ගිරවා හා සදාචාරය කියන්නේ හරියටම ඌරා හා සෞඛ්‍ය වගේ මාතෘකාවක් කියලා මම දන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයි ගෝලීය කතාබහකුත් නෙවෙයි. අහපු කතාවක් සහ ඒකෙන් ගන්න පුළුවන් දෙයක් ගැන කියන්න යන්නේ. ඉතිං බොහොමයක් අය ඉස්සරනම් ගොඩක් ගෙවල්වල ගිරව් ඇතිකලා. ඒත් අද මිනිස්සුන්ට ඇතිවෙලාද ගිරව් අඩුවෙලාද කියන හේතු දෙකෙන් එකක් නිසා මේක ගොඩක් අඩුයි දැන්.

Jun 18, 2011

නොමල හේතුවාදියා...

මම හිතන විදියට ඒබ්‍රහම් ටී. කෝවුර් කිව්වම නොදන්න කෙනෙක් නෑ. මෝහන්දකාරයෙන් මත්වෙලා හිටපු ලෝකවාසීන් එයින් මුදවගෙන යථාර්ථවාදී මිනිසුන් බවට පත්කරන්න ජීවිතේ බොහෝ දේවල් කැපකරපු පුද්ගලයෙක් තමයි ඒබ්‍රහම් ටී. කෝවුර්..ඉන්දියානුවෙක් විදියට උපත ලැබුවත් ජීවිතයේ වැඩි කොටසක් මේ සුන්දර ලංකාද්වීපයේ සේවය කරමින් මෙහි ජනයාට වඩාත් යහපත් හා බුද්ධිමය සමාජයක් දායාද කරන්න අනූපමේය මෙහෙවරක් කරපු කෝවුර් මහත්මයා හේතු වාදියෙක් විදයට හදුන්වන්නේ ඔහු ජනයාතුල මුල් බැසගත් මිත්‍යා විශ්වාස හේතුවත් එක්ක සංසන්දනය කරලා ප්‍රතික්ෂේප කරලා දාපු කෙනෙක් නිසා. ඔහු ඒ දේවල් ප්‍රායෝගිකවම කරලා පෙන්නුවා. හොල්මන්. අවතාර.යක්ෂ ප්‍රේතයෝ.දෙවියෝ වැනි සංකල්ප එකහෙලාම ප්‍රතික්ෂේප කරපු කෝවුර් මහත්තයා එවැනි සිද්ධියක් වාර්තාවුණොත් තමන්ගේ කණ්ඩායම එක්කම  ගිහින් ඒවා විසඳලා දීලා එනවා.

Jun 17, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම(අවසන් කොටස)


ඔන්න ඊයේ ඉදිරිපත් කරපු Twilight Tubelight  හෙවත් පමාවී වැටහුණු පෙම 1 කොටස කියවලම ඉන්න නොකියවපු අය..මේක එකපාරට දැම්මේ නෑ කියලා මම අහපු බැනුම්..හිතාගත්තා තවත්නම් අත්දැකීම් ලියන්නෙත් නෑ කියලා
*********************************

 වරුණයා මගේ කාමරේට කඩාපාත් වුණේ ඔළුවේ අත්දෙක තියාගෙන. ඒක අහලා මගේ මොලෙත් කොලොප්පන්වුණා. මටත් ඉස්පාසුවක් නෑ දැනගන්න කවුද පසන් කාරයාගේ හිත ගත්තු අසාමාන්‍ය කුමාරි කියලා. වරුණයා විකාරෙන් වගේ කියවනවා මිසක් හරියට දෙයක් කියන්නේ නෑ. මම කීප සැරයක්ම ඇහුවා.
"ය‍කෝ මේකා ට්‍රයි කරන්නේ ******* මුඩුක්කු ඒරියා එකේ කළුම කළු කෙල්ලෙක්ට..ඒකනම් කමක් නෑ කියමු..ඒකි තනිකර කොල්ලෙක් වගේ බජාර් එක රන් කරන එකක්..යකෝ ඒකි මල්ටි චුට්ටගේ එකම නංගී බං"