කතු තතු

අපි සිංහලයන් වශයෙන් අනන්‍යතාවයක් තබාගෙන සිංහල බ්ලොග් කලාවේ යෙදෙන්නෝය, එසේ සිංහල බ්ලොග් කලාවට එක්වන්නට ලැබීම මහත් භාග්‍යක්‌ ලෙසින් මම විශ්වාස කරමි. "අපේ ඉසව්ව" නමින් 2010 වර්ෂයේ 4 වැනි මස 17 වැනිදින මෙම බ්ලොග් අඩවිය මම ආරම්භ කලේ මා තුල පවතින්නාවූ ලේඛන කලාවේ හැකියාවක් වේද එය මගින් සයිබර් අවකාශයේ ඔබ වෙනුවෙන් යම් වටිනා දෙයක් තිලින කිරීමටයි. එය මගේ උපරිමයෙන් පුළුවන් තරම් කාලයක් කරගෙන යාමට මම අදහස් කරමි.එසේම
  • ස්වකීය ස්වතන්ත්‍ර නිර්මාණ පමණක් ඉදිරිපත් කිරීම
  • භාෂාව විකෘති කිරීමකින් තොරව ලිඛිත මෙන්ම ඇතැම්විට කථන භාෂාවද භාවිතය
  • අසභ්‍ය සහ සමාජ විරෝධී,සංස්කෘතික විරෝධී නිර්මාණ පලනොකිරීම.
  • ඕනෑම වයස් කාණ්ඩයක අයෙක්ට කියවිය හැකි ආකාරයේ නිර්මාණාත්මක නිර්මාණ පමණක් ඉදිරිපත් කිරීම
මෙහි ප්‍රතිපත්ති ලෙස පවත්වාගෙන යනු ලැබේ.
 මෙම අඩවිය නිර්මාණයට අදහස ලබාදෙමින් මෙහි නම අපේ ඉසව්ව ලෙස නම්තැබූ මාගේ සොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්න සහෘදයාට එමෙන්ම නිතර මේ වෙනුවෙන් මා දිරිමත් කරවන මා අතිජාත මිත්‍ර ධනුෂ්ක කාලිංග ලියනගේට ඇතුලු සහෘද සියලු බ්ලොග් කරුවන්ට මගේ ස්තූතිය. "අපේ ඉසව්ව" සමගින් හැමදා රැඳෙන ඔබට වාසනාවන්ත
 අනාගතයක්! 


ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර 
මාතර 

wijaindu@gmail.com
On Facebook