Oct 11, 2020

කොරෝනා කොතනින් අවසන් වෙයිද? 1918 වසංගතයෙන් පාඩමක්

 


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය අවසන් වන්නේ කවදාද යන්නය.

Apr 30, 2020

අපේ ඉසව්වට අවුරුදු 10 යි! දැන් ඇති වගේ..


අපේ ඉසව්ව බ්ලොග් අඩවියට අවුරුදු 10 යි. අවුරුදු දහයක් කියන්නේ පොඩි පහේ කාලයක් නෙවෙයිනේ, ඒක නිසා අවුරුදු 10ක් ඇතුලේ මොනතරම් දේවල් වෙන්න ඇතිද. කොහොම වුනත් ජීවිත කාලයෙන් දශකයක්ම ගෙවුණ මේ බ්ලොග් එක කියන්නේ ලිවීම කියන එක හිතට දැනෙන්න කරන්න හැදුණු සුන්දරම තැන. ඒ වගේම ජාතික පුවත්පතක ලියන්නෙක් වෙන තැන දක්වාම රැගෙන ගියපු බ්ලොග් එකක්.

Feb 22, 2020

'තණමල්විල කොල්ලෙක්' එක හුස්මට බැලුවෙමි..


'තණමල්විල කොල්ලෙක්' ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන් අරගෙන එකින් එක බලන්න පටන්ගත්තා. ඒත් ඇත්තටම ට්‍රැක් එකට වැටෙන්නේ තණමල්විල සීමාවේ සිද්ධවුණු සිදුවීම් දාමය එකින් එක දිගහැරෙන්න පටන්ගත්තමයි. ඇත්තම කියන්න එක හුස්මට බලාගෙන යන්න හිතෙන තරමට.

Feb 1, 2020

බඩගින්නට වඩා කොළුගින්න දරුණුයි සදාදර "කේක් පටි"


බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද කියන. එක එකම රහක් තිබුණ එවුන් ටිකක් එකම තැනකට වෙලා එක එක විදිහේ ලියවිලි වලින් අපි ගතකරපු තැනක් තිබුණා. කමක් නෑ..ඒ අතීතය අතීතයේම තැනක තිබුණාවේ..

ඒත් ඔය 'අතීතය' කියන වචනය කියන එක ඇහුණ ගමන් පුදුමාකාර කරුමයක්. මොකද ඔය කී වර්ඩ් එක සර්ච් බාර් එකේ වැදුණු ගමන්ම නොදැනීම් සර්ච් බට්න් එක ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තත්තර දශම ගාණකට එන සර්ච් රිසාල්ට් එකේ දිග කිලෝමීටර් ගණනාවක් දිගයි. එහෙම තැනක තියන තවත් එක සිද්ධියක් මතක් වුණේ පහුගිය දවසක ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක ඉඳගෙන අහන්න අකමැති මාතෘකාවක් ගැන දීර්ඝ දේශනයකට සවන්දෙන අතරේ හෝටලයේ සේවක මහත්මයෙක් මේසේ උඩින් ගෙනැත් තිබ්බේ තඩි කේක් දීසියක්. වෙලාව හවස තුනට විතර ඇති, නිදිමත රතු කට්ට දෙකඩ කඩලා. දවල් කාපු ඒවයේ රස්නේ යන්න වුනෙත් නෑ. දැන් කොහෙට කියලා කේක් කන්නද. ඒ නිසා කේක් දීසිය දිහා නොබලාම හිටියා. ඒ අතරේ හිත දුවලා ගියෝ මීට අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් අතීතෙට. ඒ කියන්නේ අලුත් සහශ්‍රයේ මුල්ම දවස් ටිකට.

Jan 30, 2020

ඉන්දියානු සමාජයීය මඩගොහොරුව ප්‍රේමයේ කහ දියරයෙන් තෙත්කල 'ප්‍රේම්චාන්ද්'


උර්දු බසින් 'මුන්ෂි' යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල සුප්‍රකට වදනක්ව පැවතිනි. මුන්ෂි ප්‍රේම්චාන්ද් ඉන්දියානු ලියවිල්ලට සැබෑ ලෙසින්ම ගුරුවරයෙක් වූ බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත. හින්දි බසින් සහ උර්දු බසින් ලේඛනයේ යෙදුනු ප්‍රේම්චාන්ද් ඉන්දියානු සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයා බවට අදටත් පිළිගන්නා කරුණක් වන හෙයින් ඔහුගේ ඉතා කෙටි ජීවිත කාලය තුලින් උගතයුතු පාඩම් බොහොමයක් තිබේ.