Jun 24, 2021

යළිත් දවසක හිනැහෙන්න - 08 කොටස


පසුගිය සියළුම කොටස් මෙතනින්

මිනිස්සුන්ගේ ජීවිතවලට එක් එක් කාලවලදි එක් එක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම තමයි දේවල් නිසා ජීවිතේ ඇතිවෙන වෙනස්කම්වලට අනුවර්තනය වෙන්න වෙනවා. කාලෙකට ඉහත තමන් කියවපු පොතක මේ අදහස ගැබ්වෙලා තිබුණා කියලා තද්ධිතට මතකයි. ඕනම මනුස්සයෙක්ගේ ජීවිතය කියන්නේ බොහොම සරලව සුමටව ගලාගෙන යන ගඟක් නෙවෙයි කියන එක අමුතු දෙයක් නොවුණට ජීවිතේ නිදහස වගේම සැනසිල්ල අවශ්‍යම කාලයේදී ඒවා නැතිවීම මානසික තත්වයට කරන්න පුළුවන් ලොකුම බලපෑමක්.

Jun 19, 2021

යළිත් දවසක හිනැහෙන්න - 07 කොටස

 


පසුගිය කොටස් සියල්ලම කියවන්න

ගාලු පාරේ එහා මෙහා යන වාහන සිය ගාණක අධික ශබ්දය අතරේ පවා ඇයට ඔහුගේ හුස්ම පිට කිරීමේ ශබ්ද ඇහුණා. මිට මොහොතකට කලින් හිටි ඔහු වෙනුවට යම්කිසි අසීරුතාවයකට පත්වුණු ඔහුගේ මුහුණේ හැඟීම් කියවන්න ඇය උත්සහ කලා.

Jun 13, 2021

යළිත් දවසක හිනැහෙන්න - 06 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින්

ෆේස්බුක් පණිවිඩය එක්කම තිබුණු ඇගේ නම දැක්කම තද්ධිතගේ මුහුණේ අපූරු හිනාවක් ඇඳුනා. ඒක කොයිම වෙලාවකවත් ඔහු බලාපොරොත්තු නොවුණු පණිවිඩයක් නිසාම මොනවගේ උත්තරයක් දෙන්න ඕනද කියන එක හිතාගන්න බැරිවුණා.

Jun 7, 2021

යළිත් දවසක හිනැහෙන්න - 05 කොටස

 


පසුගිය කොටස් සියල්ල මෙතැනින්

‘ඉක්මණට තීරණය දැනුම් දෙන්න මිස්..නැත්නම් අපි තුන්දෙනාටම නාන්න වෙයි..’

චමීරා තීරණයක් ගන්න බැරිව ලතවෙද්දි තද්ධිත අහස දිහා බලලා වැස්ස ගැන පුරෝකථන කරද්දි අසරණකමත් එක්කම මූණේ තියන හැඟීම් ටික පිටකරගන්න වුවමනාවෙන්ම ඇය අහස දිහා බලලා ඇස්දෙක පුංචි කරලා කට තදකරගත්තා. මීට මොහොතකට කලින් තමන්ගේ මුවින් පිටවුණු වචන ටික එක්ක මෙච්චර දවසක් හොඳට හිතලා බලලා වැඩකරපු තමන්ගේ අදහස් මොහොතත් එක්කම වෙනස්වීම චමීරාට විශ්වාස කරන්නත් අමාරුයි.

Jun 4, 2021

යළිත් දවසක හිනැහෙන්න - 04 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින් කියවන්න

පාට පාට ඇඳුම් ඇඳගත්ත පැටව් පේලීයට ඉඳගෙන අත් අල්ලගෙන සිංදු කියනවා. පරිසරයම ඒ සුන්දර නාදයන් එක්කම උදේ කාලය අමුතු සතුටකින් ගතකරනවා වගේ. ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ පොඩ්ඩෝ සේරම වගේ මිදුලේ කොළපාට තණපලස මත ගී කියමින් නටමින් ඉන්න දිහා ඈත ඉඳන් චමීරා හීන් හිනාවක් එක්ක බලාගෙන හිටියා. ඇයට මතක් වුණේ තමන්ගේ පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිලා කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට ගියපු හැටි. ගෙදර ඉඳන් වැඩි දුරක් නැති නිසා පයින්ම තාත්තා එක්ක උදේ යන ගමනෙදි ටිකක් දුර ගිහින් කකුල් රිදෙද්දි තාත්තා වඩාගෙන ගියපු හැටි මතක්වෙලා ඇස්දෙකට කඳුළුත් ආවා. දැන් මේ පොඩ්ඩෝ ගතකරමින් ඉන්නේ තමන් ඒ ගතකරපු කාලය කියලා මතක් වෙද්දි එක පැත්තකින් කාලය කොච්චර නම් වේගයකින් ගමන් කරලද කියලා චමීරාට පුදුමත් හිතුණා.

Jun 1, 2021

යළිත් දවසක හිනැහෙන්න - 03 කොටස

 


පහුගිය කොටස් 1 2

බ්‍රවුන්ස් හිල් කියන්නේ මාතර වෙරළේ ඉඳන් බැලුවම කෙළවරෙන්ම පෙනෙන සුන්දර කඳුවැටිය. ඒ මැද්දෙන් වංගු ගනිමින් දිවෙන මාතර-කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි ගොඩක් වෙලාවට දෙපැත්තේ දකින්න ලැබෙන්නේ සුඛෝපභෝගී නිවාස සහ හෝටල්. බ්‍රවුන්ස් හිල් නමත් එක්ක යටත් විජිත කාලයේ මාතර කතා ප්‍රවෘත්ති ගොඩක් මාතර ඉතිහාසයේ තියනවා. බ්‍රවුන්ස් හිල් වලට ඔබ්බෙන් ඈතින් පේන්නේ දෙවුන්දර තුඩුව. හවස් කාලෙට මේ තුඩුවෙන් විහිදෙන ආලෝකය ලංකාවේ උසම ප්‍රදීපාගාරයෙන් ඉපදෙනවා.