Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jun 30, 2015

අපේ අයියා ගෙනා මනමාලයා..



කට්ට කෙළවරටම මහන්සි දවසක ඉස්කෝලේ ඇරිලා සී.ටී.බී එකේ අමර දුකක් විඳලා හන්දියෙන් බැහැලා මම ගෙදර එමින් හිටියේ. මහන්සියටයි,බඩගින්නටයි ගෙදරට දුවලා යන්න හිතුන වාර අනන්ත වුනත් අමාරුවෙන් බරබාගේ ඇදගෙන එනවා වගේ ගෙදර පැත්තට ගොඩවුනා. කඩුල්ලෙන් පනිනවා එක්කම ගේ පැත්තෙන් ඇහුණ සද්දෙන් තේරුනේ ගෙදර වාතාවරණේ එච්චර හොඳ නෑ කියලා.

   අපේ අප්පොච්චා කවදාවත් අරක්කු සිගරට් කටේ තියපු කෙනෙක් නෙවෙයි. තැපැල් පියුන් කෙනෙක් විදියට අවුරුදු ගානක් තිස්සේ බයිසිකලෙන් කඳු පල්ලම්, ගම් ගාණකම ඇදපු අපේ අප්පොච්චා කවදාවත් අම්මා එක්ක ගෝරි දාගන්නේ නැති තැන්පත් මනුස්සයෙක්. අපේ අම්මා ඉඳලා හිටලා අල්ලපු ගෙදර සොපි නැන්දලා එක්ක බර බර දාගත්තට ඒවත් අද තරම් සද්දෙන් ගිගුම් දෙන මට්ටමේ කචල් නෙවෙයි. 

   කොල්ලොම තුන්දෙනෙක් වෙච්ච අපේ ගෙදර බැනුම් අහන්න තරම් වැඩක් කරන්න හිටියේ මම විතරයි. ලොකු අයියා ඉතාලි හීනයක් හිතේ තියාගෙන කොළඹට වෙලා ජොබ් කට්ටක් කරනවා, පොඩි අයියා කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ..එහෙව් එකේ අපේ ගෙදර අම්මගේ සද්ද පූජාව මෙච්චර ප්‍රබල ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා. ගෙට ඇතුල් වෙන තැනම අම්මා කම්මුලේ අත තියාගෙන අඬ අඬ බෙරිහන් දෙනවා, අප්පොච්චා පඩි කොණේ වාඩිවෙලා වැඩිය සද්දෙ නැතුව බෙරිහන් දෙන අම්මට බනිනවා. මට හිතාගන්න බැරිව හිටියේ මොකක් නිසාද මේ රණ්ඩුව කියලා.


“ඇයි අම්මේ මේ බෙරිහන් දෙන්නේ... නන්දෙ අයියලගේ කඩේ ලඟටත් ඇහෙනවා සද්ද පූජාව..“

මම අම්මට දරුණු හින්ට් පාරක් එක්කම දීපු අවවාදේ හැරෙන තැපෑලෙන කරකැවිලා ආවේ මගේ දිහාවටමයි.

“ඔව් වෙච්ච වින්නැහිය මදිද මට කෑ ගහන්න..පුළුවන්නම් තෝත් කරපන් මට හැඳිගෑවිලා යන්නම විලිලැජ්ජා නැති වැඩක්..“

ඒ කියපු හරුප ටිකට මම කරකවලා අතෑරියා වගේ වුනා..මම මූණත් අප්සට් කරගෙන අප්පොච්චගේ පැත්තට ගියා..අප්පොච්චගේ කණට ලංකරලා ඇහුවා මොකෝ සීන් එක කියලා..

“උඹලගේ අයියා කසාදයක් කරගෙන ඇවිත් හිතුමතේට..ඒකයි..“

ඒ කතාවට එක පැත්තකින් මම පුදුම වුණා. අනික් පැත්තෙන් හිතට සතුටකුත් ආවා..ආසාවට වලලු හඬක් ඇහෙන්නේ නැති, කිංකිණි කෙලි හඬක් ඇහෙන්නේ නැති අපේ ගෙදරට හිතුමතේට වුනත් අඩුපාඩු ටික සම්පූර්ණ කරපු අයියට එහෙම බැනලා හරියනවද..

මම අඩියට දෙකට ගෙට රිංගුවේ අයියවයි අයියගේ අලුත් මනමාලියි බලන්න..අයියගේ කාමරේ දොර රෙද්දත් බලහත්කාරෙන්ම ඈත් කරගෙන හතිදාගෙන කාමරේට රිංගපු මට තරු පෙනුනේ දැකපු දෙයින්..හත්තිලව්වේ අයියා ෂෝටක් ගහගෙන බත් පිඟානක් අතේ තියාගෙන ඇඳේ වාඩිවෙලා ඉන්න තව කෙට්ටු සෝමාරි කොල්ලෙක්ට කවනවා.. මම කලින් හිතුවේ පොඩි අයියවත් ඇවිත් කියලා..ඒත් මේ නොදන්න කොල්ලෙක්..මම කාමරේ පුරා ඩ්‍රෝන් එකක් යවනවා වගේ ඇස් දෙක යැව්වේ අයියා ගෙදරට ගෙනාපු කෙලි පොඩ්ඩ හොයන්න..මගේ ඇස්දෙක දුවනවා දැකපු ලොකු අයියා හිනාවක් දාලා මට කතා කලා..

“මොනවද පොඩ්ඩෝ හොයන්නේ..“

මම හිමීට අයියට ලං කරලා ඇහුවා.. “කෝ මනමාලි..“ කියලා

ලොකු අයියා අර නාඳුනන කොල්ලා දිහා බලලා මහ හිනාවක් දාලා මට කියපි.

“මනමාලි...?? ඒ ඉස්සර පොඩ්ඩෝ..මම බැන්ඳේ මෙන්න මෙයාව තමයි..“

එහෙම කියලා අයියා බත් පංගුවත් අතේ තියාගෙන අර නන්නාඳුනන අඩ නිරුවත් කොල්ලා දිහාට පාත්වෙලා උගේ දකුණු කම්බුලට දීග උම්මා එකක් දුන්නා..යකෝ මේ පේන ඒවට මට චූ යන්න වගේ.. මම නිකං අඟහරු ලෝකේ පිරමීඩේ ගාව ඉන්න ෆාරාවෝ කෙනෙක් ගාණට වැටුණා..

“තොට පිස්සුද ලොකු අයියේ.. මාන්දමද?“

මල පැනපු පාර හෙණ හයියෙන් ලොකු අයියගෙන් ඇහුවම ලොකු අයියගෙත් අර අනික් කොල්ලගෙත් මූණ දෙක වුණා. ලොකු අයියා මට තර්ජනයක් දැම්මා.

“මේ පොඩ්ඩෝ, උඹත් අම්මයි, අප්පොච්චයි වගේ සද්දේ දාන්නේ නැතිව කට වහගෙන ගිහින් වැඩක් බලා ගනින්..මේක මගේ වැඩක්..උඹ දඟලන්න ඕන නෑ..“

ඇස් දෙකට කඳුළු පැන්නා.ආපු තරහටයි, ලොකු අයියගේ වචන සෙට් එකටයි, ඒ මදිවට හිතේ මහ ආසාවකින් බලාගන්න හිටපු නෑණා පොඩ්ඩව මතක් වෙලා..

  හිතේ ලොකු හිස්කමක් තියාගෙන සාලේ සැටි පුටුවේ බෑග් එක දමලා ගහලා වේදනාව එක්ක මගේ කාමරේට රිංගුවා. ඉස්කෝලේ ඇඳුම් ගලවන්නෙත් නැතිව කල්පනා කලේ අයියා කරලා තියන නරුම වැඩේ ගැන..අයියා ගමේ ඉන්න කාලේ ජේ.වී.පී කලා..හැම එකාම ඌට කිව්වේ වෙනස් මිනිහෙක් කියලා..අයියා ඒ ප්‍රතිචාර වලට හැම තිස්සෙම හිටියේ හරි කික් එකේ. පස්සේ ඉතාලි පිස්සුව ගහලා ගමෙන් කොළඹට ගිහින් ඉතාලි යන්න දඟලපු එකා ඉතාලියක් මිසක් කොල්ලෙක් කසාද බඳී කියලා හිතුවේ කව්ද.

  මගේ හිතට ආවේ හෙට ඉඳන් කොහොමද පාරෙ තොටේ යන්නේ කියලා..කොල්ලෝ විහිලු කරන ඒවා, රටේ තොටේ මිනිස්සු කියන කතා..කොච්චර ගෝලීයකරණය වුනත් අපි ඉන්නේ කහටගස්දිගිලියේ කියලා මූට අමතකවුනානේ..මට ලොකු අයියා ගැන ඇතිවුනේ ලොකු තරහක්. ඒදා ලොකු අයියට වෙනස් කෙනෙක් කියලා ගරු නම්බු දුන්නට අද ගමේ එවුන් එහෙම කරාවි කියලා හිතන්න බෑ. කෙල්ලෙක්වත් පන්නගෙන ආවත් දුක නෑ, අඩුම ගානේ නෑනා කියලා හිත හදාගන්න තිබුණා. ඒත් මේ සෝමාරි කොළු නාම්බෙක් අයියගේ කසාදේ නැත්නම් ජීවන සහකාරයා කියලා පිලිගන්නේ කොහොමද..හිත ඇතුලේ ප්‍රශ්න ගණනාවක් පිනුම් ගහනවා. එතකොත් අම්මයි, අප්පොච්චයි එළියේ හූල්ලනවා ඇහෙනවා..ලොකු අයියටනම් ගාණක්වත් නැති ගාණයි.

   ඇඟේ තිබුණ මහන්සිය, බඩගින්න අමතක වෙලා යන තරමට හිතට දැනුනේ මහා අපුල හැඟීමක්, මීට ටික දොහකට කලින් අම්මට රක්තවාතේ වැඩිවෙලා ඇඳට වෙලා ඉන්නකොට අප්පොච්චා කකුලේ තෙල් ගාද්දි අම්මා අප්පොච්චට කිව්වේ ලොකු කොල්ලගේ දරුවෙක් මේ ගෙදර පුරා දණ ගානවා බලනකන් කෙලින් කටින් හිටියම ඇති කියලා, තම අම්මා ඇස්දෙකේ කඳුළු පුරවගෙන කියෙව්වා මතකයි ලොකු කොල්ලගේ පොඩි එකෙක් නාවන්න වතුර හට්ටියක් ලිපේ තියනකන් කිසිම ඉස්පාසුවක් නැති කතාවකුත්. ඒ කතාවලට අප්පොච්චා හිනාවෙලා ඔළුව වැනුවේ හිතේ දහසකුත් එකක් හීන තියාගෙන කියලා මට එදා හිතුනා..එහෙව් දෙන්නා දෙමහල්ලෝ අද කොහොම විස්සෝප වෙනවා ඇතිද කියලා මට හිතෙනකොට හැමදේම අමතක වුණා.

   හවස් වෙන්න කළුවර එක්කම පොඩි අයියත් කැම්පස් ඉඳලා ගෙදර ආවා. අම්මා පොඩි අයියට දවල් කෝල් කරලා අඬ අඬ විස්තරේ කියලා තිබුණ නිසා එසයින්මන්ට් ගොඩ ගැහිලා තියෙද්දිත් ගෙදර ආවේ අම්මලගේ හිත හදලා යන්නයි. සාමාන්‍යයෙන් අම්මයි, අප්පොච්චයි පොඩි අයියා කියන දේ අහනවා, ඒ දැනුම් තේරුම් ඇති කෙනා නිසාම විතරක් නෙවෙයි හැම දේකම මැදිහත්කම දැකපු කෙනා නිසා.

“බලහන් පොඩි පුතේ මූ කරලා තියන විලිසංගේ නැති වැඩේ..මට වහ ටිකක් දියං පොඩි පුතේ..“

අම්මා පොඩි අයියව බදාගෙන අඬද්දි පොඩි අයියා අම්මව වත්තන් කරගෙන සැනසුවා.

“හරි අම්මේ..දැන් මැරෙන්නද අපි..නැත්නම් ඌව මරන්නද.. ඒක ඌට වරදක් නෙවෙයිනම් අපි කියලා මොනවා කරන්නද...“

පොඩි අයියගේ කතාවට අපි ඇස් උඩ තියාගෙන බලාගෙන හිටියා.

“අම්මේ අයියා තනියම තීරණ ගන්න වයසක කෙනෙක්..එයා බැන්ඳේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක එයාගේ වැඩක්.. හැබැයි අම්මේ එයා අම්මලගේ කැමැත්ත අකමැත්ත අමතක කරපු එක වැරදියි.. අපිට ගමේ පාරෙ බැහැලා යන්න බැරිවෙයි අම්මේ..ඒත් අපි ඉවසමු අපේ එකානේ කියලා..“

අම්මා ඉකි ගහ ගහ අහගෙන හිටියා. පොඩි අයියා ලොකු අයියටත් ඇහෙන්නම කිව්වා.

“මේ අයියේ..ඔයා කරපු වැඩේ හරි වැරදි මනින්න මම එන්නෙත් නෑ, මට ඒකෙන් වැඩකුත් නෑ..ඒත් කොච්චර රැඩිකල් වුනත්, කොච්චර මානුෂීය වුනත් අපි තාම ඉන්නේ ලංකාවේ හලෝ..“

ලොකු අයියා කිසි හාවක් හූවක් නැතුව අලුත ගෙනාපු මනමාලයා එක්ක කාමරේටම වෙලා හිටියා.

“හැබැයි ලොකු අයියේ ඔය කොලු නාම්බා ගැන ඔයාගේ තියන ආකල්පෙ වෙනස්වෙන දවසක් ආවොත් එදාට උඹ ගෑනියෙක් අරගෙනවත් ඉවරයි.. අම්මටයි, අප්පොච්චටයි ඇස්දෙක පියවෙන්න කලින් හුරතල් කරන්න දරුවෙක් දෙන්න මටහරි, මල්ලිට හරි බැරිකමක් නෑ අයියේ..ඒත් මටවත්, මල්ලිටවත් උඹට වගේ කොළු නාම්බෙක් ගේන්නනම් ආසාවක් මළාට ඇතිවෙන එකක් නෑ..“

මටත් ඉකි ගැහෙන්න ආවේ ඉබේටම. පොඩි අයියා කතාකලේ හැඟීමෙන්. කැම්පස් එකේ මොන දේශපාලනේ කලත් අම්මා, අප්පොච්චා කියපු දේවල් වලට පොඩි අයියා හැමදාම ඇහුම්කන් දුන්නා. සමහර දේවල් ඒ විදියටම නොකලත් කරනවා වගේ පෙන්නුවේ දහදුක් විඳලා හදපු වඩපු ඒ මිනිස්සු දුක් වෙනවා දකින්න බැරි නිසා. 

   ලොකු අයියට හැමදාම ඕනවුනේ තමන් වෙනස් කියලා පෙන්නන්න, කව්රුහරි “තමන් වෙනස්“ කියලා කියනකොට ලොකු අයියා කික් වුනෙත්, ඒ වචන දෙක අහගන්න ඕනම කට්ටක් කෑවෙත් රටට ලෝකෙට පේන්නමද කියලා මට හිතුන වාර අනන්තයි. සමහරවිට ලොකු අයියගේ කැමැත්ත වෙනස් එකක් වෙන්න ඇති, ඒත් හෙට ගමේ තව එවුන් සමහර විට කොල්ලෝ කසාද බඳීවි, කෙල්ලෝ කෙල්ලොම කසාද බඳීවි..ඒක සාමාන්‍ය දෙයක් වේවි..ඒත්.. මේ රිදුනු හිත් වලට, ඒ හැමෝම ආශිර්වාද කරාවිද. ඒක මට ලොකු ප්‍රශ්නයක් වුනා.

  ඉස්කෝලේ ඇඳුම් ගලවලා දාලා ඇළ මණ්ඩිය ගාව හැඟීමක් නැතිව වතුර පාර දිහා බලාගෙන හිටිද්දි රිලා තාත්තා කෙනෙක්ගේ ඇඟේ මැක්කෝ අහුලන රිලා අම්මා කෙනෙක්, නිකන් නෙවෙයි පැටියෙකුත් බඩ බැඳගෙන.. උන්ගේ පවුලේ හරි අපූරු හැඩක් දැක්කා වෙනදටත් වඩා, ඉන්න හිටින්න වහලක් නැති, කන්න හරියට කෑමක් නැති උන් පවුලක් වගේ එකට ඉන්නවා.. කොළු නාම්බෙක් කසාද බැඳපු අපේ ලොකු අයියා මොන විදියේ අනාගතයකට අඩිය තියාවිද කියලා මට හිතුනේ නෑ. ඒත් හෙට ලොකු අයියගේ මනමාලයා එක්ක එක ගෙදර එකට ජීවත් වෙන්නේ කොහොමද කියන ගැටළුව එක්ක හිත බරකරගෙන මම ගේ පැත්තට නොගිහින් හංදිය පැත්තට ගියා.


( හෙට ඔබේ ගමේ සිදුවිය හැකි සිදුවීමක්)

9 comments:

  1. සමලිංගික කියන්නේ විකෘතියක් නෙවෙයි කියලා කියන දොස්තරයොත් ඒ ජාතියේ ඈයො. සමාජ විජ්ජාක්නයෝද මොක්කුද කියන එවුනුත් ඒ ජාතියේ ඈයො.

    සමලිංගික බල්ලන්ට බැල්ලියන්ට මේ රටේ ඉඩ නොදෙමු.

    ReplyDelete
  2. පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය දුන්නෙක්මි. එසේම නූතනවාදී අදහස් ඇත්තෙක්මි. බටහිර විනීත දියුණු මිනිස් ගුණධර්මවලටද කැමැත්තෙමි.සමාජවාදී අදහස් ඇත.
    එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් රට උඩුයටිකුරු වීමට ඉඩ ඇත. ඔබ මොන පැත්තට දුන්නත් කමක් නෑ. එක්සත් ජාතික පක්ෂයට නම් ඡන්දය දෙන්න එපා. අපට හෙට පාරෙ බැහැල යන්න බැරි වන දේවල් අසන්නට ලැබෙන්නට ඉඩ ඇති නිසා.

    ReplyDelete
  3. /* යකෝ මේ පේන ඒවට මට චූ යන්න වගේ..*/

    ඇයි ඒ?

    ReplyDelete
  4. ලිංගික ආකර්ෂණය ඇති වෙන විදියට තමයි මානවයා තම සහකාරයා හෝ සහකාරිය තෝරගන්නේ

    ReplyDelete
  5. පුදුම පිළිකුලක් අර උඩ ඇනෝ කීව වගේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න නම් එපා. හතර විලිලැජ්ජාවෙ වහකාල මැරෙන්ඩ වෙන්නෙ

    ReplyDelete
  6. Some of these comments as well as this post clearly show that most Sri Lankans are still frogs in a well. Gay people cannot help being gay-that's how most of them are born with. They cannot change it. It is natural and it's not weird. There's no rule that everyone should be straight. Just be open minded and have compassion for those people. Don't forget that there's a chance that some of you will be born gay in your next births (assuming most of you are Sinhalese Buddhists hikis..).

    ReplyDelete
  7. මොකුත් කියන්න දෙයක් නෑ. මොකද මද්දු කොල්ල කතාව කියල.
    මොනා කලත් කාලය දීපය දේසය හරියාකාරව තේරුං ඇරං කරන්න ඕන. බාගෙට මොඩනයිස් වුණාට වැඩක් නෑ. ඔළුව මොංගලයිස් නං

    ReplyDelete
  8. අනාගතය අති භයානකයි. මොකකින් මොකක් වෙන්න එනවද මන්දා. ලෝක විනාසෙ ද මන්ද
    මේව හොර රහසෙ කරගත්තට කමක් නෑ .මෙහෙම කසාද බැදල. මොන විකාරයක්ද
    ප්‍රශ්නෙ මේකයි මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා පොෂ් සමාජය පුක් කෙළිය තමයි හොදම කෙළිය කියල සාමාන්‍ය විවාහ වෙන අයට හිනා වෙන්න ගත්තොත් මොකක් වෙයිද
    ගෑනු මිනිස්සු කසාද බදින එක ගොඩේ බයියන්ගෙ වැඩක් සුද්ද දැන් ඔය යල්පැනගිය ඒව අත ඇරල. දැන් පුකේ අරගෙන ආතල් එකේ ඉන්නවලු.
    ඇමරිකානු ශ්‍රෙෂ්බටහිරන තීන්දුවෙන් පස්සෙ බටහිර පුක් සමාජය ඒ අයගෙ පුකේ සංස්කෘතිය එන්ජීඕ හරහා අපට පටවන්න ආවොත් මාර වැඩේ වෙන්නෙ.


    අපේ රටේ කාන්තාවන් තමන්ගෙ ආරක්ෂාව ගැන සැලකිළිමත් වෙනව කාමාතුරයො නිසා. බටහිර සමාජයෙ පිරිමි ඒවාගෙ ආරක්ශා වෙනවලු පිරිමින්ගෙන් .මොකද පුකේ අරින්නන් ඒ රටවල විශාල සමාජ උවදුරක් නිසා. බටහිර ලෝකය කියන්නෙ සුරපුරයක් කියා සිතන අයටයි මේක කිව්වෙ.

    කරන්න තියන හොදම දේ ඝෝර සසර ගැන බිය උපදවාගෙන තපස් රකින්න යන එක

    ReplyDelete
    Replies
    1. ශ්‍රෙෂ්බටහිරන = ශ්‍රේෂ්ඨාධිකරණ

      හැබැයි ප්‍රින්ටින් මිස්ටේක් එකෙත් අරුතකුත් නැත්තෙම නෑ

      Delete