Nov 10, 2013

සෙංකොට්ටං කියවනා සමාජ තලය මත හිඳ

සෙංකොට්ටං අතට ගත්තේ එතරම් ප්‍රසාදයකින් නොවේ. පසුගිය වසර කීපයේ ස්වර්ණ පුස්තක ලෙස ලේබල් ගැසූ නීරස සහ සැබෑ ලෙසම එවැන්නකට සුදුසුදැයි හැඟෙන මට්ටමේ පොත් කියවීමෙන් ලද කටුක අත්දැකීම නිසා සෙංකොට්ටම් යන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත කියවන්නට ගනිද්දීම හිතුනේ හරි නැත්නම් පැත්තකට දානවා යන්නය. ඒත් එක හුස්මට පිටු පනහක් අවසන් කිරීමේදීම හැඟුනේ සෙංකොට්ටං යනු අපි නොදන්නා රහක් ඇති රස කැවිල්ලක් බවයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මවා ඇති සෙංකොට්ටං වපසරිය තුල අපද ජීවත්වීම වැලැක්විය නොහැකිය. වත්මන් සමාජයේ පවා අළු යට ගිනි පුපුරු සේ පවතින මීට දශක කීපයකට කලින් සුළුතරයකට ආයුධයක්ද බහුතරයකට නින්දාවක්ද වූ ග්‍රෝතවාදය නොහොත් කුල ක්‍රමය තුල ජන සමාජයේ තිබූ නින්දා සහගත තත්වය සහ එයට ඈඳුනු අඩුයයි සම්මත පවුලක් තතු මත ඇඳෙන සෙංකොට්ටං කතාව කියාපාන කතා ගණනාවක්ම ඇත.

   “නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝත් බ්‍රාහ්මණෝ...කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ“ යන බුද්ධ වචනයේ අර්ථය නොපිළිගත් සිංහල බෞද්ධ සැදැහැවතුන් වාසයකල රටක් මීට දශක හතකට අටකට පෙරාතුව මේ රටේ තිබුණ බව වත්මන් සමාජ තලයට කියාදෙන කතාන්තරයක් ලෙස සෙංකොට්ටං හැදින්විය හැක. වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උප්පත්තියෙන් නොව තමන්ගේ කල්ක්‍රියාවෙන් බව උතුම් බුදු බණේ කියවෙද්දී, එයම පන්සලේ බණමඩුවේ සාධුකාර දී කමටහන් කරන රදල පැලැන්තියම පොදු සමාජයේදී අඩුකුල යයි සැලකූ පාර්ශව තලා දැම්මේ කෙසේද යන්න ඒ ජීවිත තුලටම එබීබලා විමසන්නට මහින්ද ප්‍රසාද් නියමාකාර අවස්ථාවක් ලබාදී ඇත.

Nov 8, 2013

දයාබර සර් වෙත ආදරයෙන් ....



“සර් සර්...දන්නවද වැඩක්...සසිනි යාළුයිලු නිශාන් එක්ක...“

පන්තියට ගොඩවෙද්දිම උණුසුම් ප්‍රවෘත්තියක් කියන්න වගේ දුවගෙන ඇවිත් කේලමක් කිව්වේ ශාලිකා. එහෙම කියලා මොකුත් නොදන්නවා වගේ ගිහින් පන්තියෙන් වාඩිවුණා. පන්තියේ තිබුණ මහ සද්දේ මම ඇතුල් වෙනවත් එක්කම අඩුවෙලා නැතිමවෙලා ගියා. ඒත් පන්තියට ගොඩවෙද්දිම කණට ගොඩවෙලා හිතට මහා යගදාවකින් පහර දීපු ප්‍රවෘත්තිය නිසා පන්තියට ගොඩවුණාද කියලවත් මතකයක් තිබුණේ නෑ. 

   සසිනි,...පුදුම කෙල්ලෙක්..තමන්ගේ පාඩුවේ වැඩකරගෙන හිටපු පන්තියේ එකම කෙල්ල..අනිත් අයගේ කතාවලට සම්බන්ධ වෙන්නේ නැතුව තමන්ගේ වැඩ බොහොම උනන්දුවෙන් කරගෙන හිටියා. සසිනි ගණන් වලට බොහොම දක්ෂයි. ඒ නිසාම පන්තිය පටන් ගත්තු දවසේ ඉඳලම සසිනි කියන නම මගේ කටින් දස දහස් වාරයක් පිටවෙලා ඇති..සසිනි ගෙදර වැඩ කලාද?...සසිනි හදපු ගණන ටිකක් දෙන්න...සසිනි මේක මෙහෙම නෙවෙයි මෙහෙම හැදුවම වැඩිය ලේසියි...සසිනි බොහොම හොඳයි දරුවෝ... මේ වගේ සසිනිගේ නම නිතරම මුවට හුරුවෙලා තිබුණා.

Nov 7, 2013

කජු කිරි කොල්ලන්ගේ සිනමාවේ තුන්වෙනි දිගහැරුම..ලඟදීම


මේ අපේ රටේ දේශීය සිනමා කර්මාන්තයට ටිකක් විතර හොඳ කාලයක්, පලමුවෙනි වතාවට දෙමල චිත්‍රපටයක් ලංකාවේ ප්‍රධාන සිනමා උළෙලකදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුලු ප්‍රබල සම්මාන කීපයක් උරුම කරගන්නවා, ඒ අශෝක හඳගමගේ “ඉනියවන්“. දන්න තරමින් හඳයාවත් හිතන්න නැතුව ඇති දෙමල සිනමා පටයකට එහෙම තැනක් ලැබෙයි කියලා 83 න් පස්සේ. ඒ වගේම තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන රසිකයාගේ හදගැස්මට තට්ටුකරන නිර්මාණකරුවා දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගරිල්ලා මාර්කටින් වලටත් එහා ගියපු ආධ්‍යාත්මිආදරයකට කරන ආමන්ත්‍රණයක් පරිද්දෙන් නිර්මාණය කරපු “සමනල සංධ්වනිය“ චිත්‍රපටයත් ඉතාමත් රසික ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වනවා. ඒ අතරේ අපේ ඉසව්වෙන් මීට ටික කාලෙකට කලින් විස්තර කියපු කජු කිරි කොල්ලන් රංචුව යෙත් වෙනස් විදියයේ නිර්මාණයක් කරලා එය ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආධුනික සිනමා කරුවන් විදියට ක්ෂේත්‍රයට අඩිය තියන්න බලාපොරොත්තුවෙන් ඉන්න උන් ටික තමයි “නැව් ටෝක්ස්“ කියන කෙටි විනෝදාත්මක මෙන්ම නිර්මාණශීලී චිත්‍රපට මාලාව නිර්මාණය කල කණ්ඩායම. මේ කජුකිරි කොල්ලන්ගේ සිනමාව ගැන කලින් ලියපු ලිපිය නිසා ඒ කණ්ඩායම විශේයෙන් හඳුනගන්න ලැබූණා. ඒ අතරින් සචිත්‍ර යෂ්මින්ද ඉදිරි කටයුතු ගැන මාව දැනුවත් කලා.

Nov 6, 2013

සංකලනී - 5 වැනි කොටස


පසුගිය කොටස්  1  2  3  4


කෙල්ලෙක්ගේ හිතට ආදරේ දැනුනම ඒකට ප්‍රතිචාර දක්වනවටත් වඩා හිතට තරහා දුක දැනුනම ප්‍රතිචාර දක්වන විදිය බොහොම ප්‍රබලයි. වෙන මොනදේකට හිත හදාගන්න බැරිවුනත් කෙල්ලෙක්ට තරහ පිටකරන්නනම් ක්‍රම ගණනාවක් හරි අපූරුවට හදාගන්නවා. සංකලනිත් කලේ ඒකම තමයි. වැරදිලාවත් ඔලුව උස්සලා බණ මඩුවේ තමන්ට පේන මානේ හිටපු මිතුල දිහා බැලුවේ නෑ. මිතුලගේ හිතට වදදීපු කාරණත් ඒකම තමයි. මිතුල වැරදිලාවත් බණමඩුවේ පිරිත් දිහා නොබලා සංකලනී දිහාම බලාගෙන හිටියා, බණ මඩුවේ ඒ වෙනකොට හිටපු මහා සෙනග අතරේ හිටපු කීපදෙනෙක්ටම මිතුලගේ මේ බැලිල්ල සලකුණු වෙලා තිබුණා. 

“මේ.උඹ ඔය කන්න වෙගේ බලන් හිටියට ඕකි බලන්නේ නෑ බං..පේනවනේ මූණේ තියන තරහා...“

ඕෂධ සංකලනිව හොඳට අධ්‍යයනය කරලා වගේ කිව්වා. ඒ කතාව ඇත්ත කියලා මිතුලට තේරුණා.

ඒ වගේ තමයි බං...“

කාලේ ගෙවිලා ගියේ බොහොම හිමින්. ඒත් මිතුලගේ හිතේ බලාපොරොත්තු ටිකින් ටික කඩාගෙන වැටුණා.මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙද්දි සංකලනී ගොඩක් දුරට ගිහින්.