Nov 11, 2012

අයවැයට පසු ආ Prison Break


වැලිකඩ බන්ධනාගාරය හරි සුන්දර තැනකි.රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ටද සුන්දර බව එක ලෙස දැනේ. ඇතැම් රැඳවියන් එයින් පිටව යන්නට කිසිම කැමැත්තක් නැත. ඇතමුන් බැරිම තැන පිටව යන්නේ බන්ධනාගාර නිලධාරීන් බදාගෙන හොටු පෙරාගෙන අඬමින්ය. එය මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශිෂ්ට ලකුණකි. හිටපු හමුදාපතිතුමන්ද වැලිකඩ සිටින සමයේ ඔහු කොතරම් මොරාල් පිට හිටියාද යන්නෙන් මෙය තවත් ප්‍රත්‍යයක්ෂ වනවා නොවේද.

    බන්ධනාගාර නිලධාරීන් බුල්ත් විටක් කද්දී එයින් කොටසක් රැඳවියන් ට ලබා දෙන්නේ බියකට නම් නොවේ. ඒ සහෝදරකමටය. ඔවුන් හැමදිනකම රැකියාවට එද්දී දකින්නේ “සිරකරුවෝ මනුෂ්‍යයෝය“ යන පාඨයයි. එය දකින නිලදරුවන්ට තනියම බුලත් විටක් කද්දී,අඩියක් ගහද්දීත් එය මතක්වීම සාමාන්‍යය. එවිට නෙතට නැගෙන කඳුලක් නිසාම රැඳවියන්ටද එයින් කොටසක් දීමට අමතක නොකරති. රැඳවියන්ද තමන්ට ලැබෙන “විසිට් එකෙන්“(කවුරුන් හෝ රැඳවියෙන් බැලීමට පැමිණෙනවිට රැගෙන එන දෑ) කොටසක් නිලදරුවන්ට දෙන්නේද එබැවින්. එසේම ඒකාකාරී රැකියා ජීවිතයෙන් මිදීමට නිලධාරීන් සිරකරුවන් සමග සිටින්නේ “මොත්තයෙන්ය“(සරල වචනයෙන් “ෂේප් න්‍යායෙන්“ය). එබැවින් සිරකරුවන්ට වැලිකඩ ගෙදර වගේ බව සත්‍යයකි.

Nov 7, 2012

ගී මිහිර 5 වැනි පටිගතකල වැඩසටහන - කලකින් ගලන ගී මිහිර


ගී මිහිර 5 වැනි පියවර ගෙන එන්නේ හතරවැන්නේ සිට බොහොම කාලෙකට පස්සෙයි. විවිධ වූ කාරණා නිසාවෙන් නොහැකිවූ පස්වැනි පියවර මෙලෙසින් ගෙන එන්නේ ගී මිහිර ඉදිරිපත් කල යුතුමයයි දැනෙන තරමට භාෂාවට,ගීතයට සහ සංස්කෘතියට කරන හිංසනය පිළිබඳ අධික පිළිකුලකින් යුතුවයි. එවැනි හරසුන් වැඩසටහන් විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරන සමයක ඒවාට විකල්ප ලෙස සුභාවිත ගීතය රසනංවන ගී මිහිර වැඩසටහන නැවතත් ඔබ වෙත ගෙන එන්නට තීරණය කලා.

   අද ගී මිහිර පෙල ගැසෙන්නේ මෙසේය

Nov 5, 2012

කියවන්නෙක්ගෙන් ලද ලිපියක්...


අද උදෑසන දෛනික විද්‍යුත් ලිපි පරික්ෂාව සිදුකරන විට මගේ විද්‍යුත් ලිපි ගබඩාවට අලුත් මෙන්ම නන්නාඳුනන්නෙක්ගෙන් ලිපියක් ලැබී තිබිණි. කියවූ විගස මුලින් දැඩි කලකිරීමකුත්, පසුව සැනසිල්ලකුත් පසුව යථාර්ථය පිලිබඳව ඇල්මකුත් ඇතිවිය. එබැවින් අනන්‍යතාව හෙලි නොකර අදාල ලිපිය ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.

අයියේ,

මම අයියගේ බ්ලොග් එක දැන් අවුරුද්දකට වඩා කාලෙක ඉඳන් කියවනවා. අයියගේ බ්ලොග් එක හොඳයි..ඇත්තටම මට කියවන්න හොඳයි..මම හිතන්නේ අයියා දැන් අවුරුදු දෙකකට වඩා කාලයක් බ්ලොග් ලියනවා නේද? ඒත් බලන්නකෝ අයියගේ බ්ලොග් එකේ විසිට්, රෑන්ක් අඩුයිනේ මාරෙට..ඒ මොකද ඒ. අයියා එච්චර කල් බ්ලොග් ලියලත් ඇයි කට්ටිය මේකට නොඑන්නේ..අයියා බ්ලොග් එක ප්‍රොමෝට් කරන්නේ නැද්ද..මම හිතන්නේ අයියා ඒක ගැන හිතුවොත් හොදයි.

Nov 4, 2012

ඔබාමා සහ රොමේනි..නැතිනම් දෙදෙනාම..


මෙම ලිපිය ලිවීමට අදහස් කලේ මීට ටික දිනකට පෙරයි. නමුත් කාලීන හේතු සාධක සහ ලෝක පොලිස්කාරයාගේ මැතිවරණ උණුසුම ඉක්මවා ලාංකේය ජන සමාජය තුල හටගත් විවිධ කාලීන සාධක හේතුවෙන් ප්‍රමුඛතාව දෙක දක්වා මෙම ලිපිය වැටීම හේතුවක් විය. කෙසේ වූවත් මෙම ලිපිය නැවත රචනයට ප්‍රධානතම හේතුවක් වූයේ රාජගේ ඔබාමාට ලියුමක් මැයින් රචිත අපූරු ලිපියත් සමගය. එබැවින් නැවතත් ජාත්‍යන්තර දේශපාලනය දෙසට මා නැවතත් තල්ලු කිරීම වෙනුවෙන් රාජ්ට මගේ කෘතඥතාව පිරිනැමිය යුතුය. එසේම මේ දිනවල ඇමරිකානු ඡන්ද සටන පිළිබඳව නිරතුරුවම මගේ මතය විමසන මාගේ සහෘදයන්ටද මා ලෙංගතු ප්‍රණාමය පිරිනැමිය යුතුය.

   මා කතාකල යුත්තේ ඇමරිකාව පිළිබඳව හෝ ඇමරිකානු දේශපාලනික තත්වය පිළිබඳව නොව. එහි දේශපාලනික විචල්‍යයන් මගින් ලංකාවට එල්ලවන බලපෑම කුමක්ද යන්න පිළිබඳවය. අප කෙලෙසින් දුරස්ථ භාවය හෝ ලංකාවේ භූමි ප්‍රමාණය හා ආර්ථික තත්වය සලකා එක්සත් ජනපදය වෙතින් ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවෙතියි උපකල්පනය කලත් විමලසිරි ගම්ලත්ගේ(විමල් වීරවංශ) කෝකටත් තෛලය “ආධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ“ සංකල්පයෙන් බැහැරව මේ පිළිබඳ අර්ථ ගැන්විය යුතුය.

Nov 3, 2012

ලද හැමදේටම වඩා නොලද එක් දෙයක් අගනා බව...


ගැලයිපෝස් අවන්හල නිතර යන එන යාවජීව සාමාජිකයන්ගෙන ගහන සුප්‍රකට තැනක්. සවස් යාමයට මධුවිතෙන් තොල් තෙමට බහුතරයක් පිරිමි අය.එයිනුත් බහුතරයක් උසස් රැකියාවල නියුතු මහත්මාවරුන්. එත් ඒ ඇත්තන් හවස හෝරා ගණනාවක් තිස්සේ ඇතිපදම් වෙරි වෙන්නේ කුමන කාරණයකටද කියලා ගැලයිපෝස් හි පුටු මේසවත් නොදන්නා කාරණයක්. ඒ හැමෝටම හේතු තිබුනා. සතුටට, දුකට, වෙනසකට, පීඩනයට, තිබහට. මේ හැමෝම විවිධ කාරණා මත අවන්හලේ යාවජීව සාමාජිකයන් වුනු අය. ඇතමෙක් රාත්‍රිය වෙනකම් මධුවිතෙන් මත්වෙලා නිවසට යාගන්න බැරිව අවන්හලේ සුඛෝපභෝගී කාමරයකම රෑ ගත කරලා බරවුණු හිසින් පසුවදා අවදිවන්නන්.

   ගැලයිපෝස් අවන්හලට එදා හවසත් හවස් වුනා. පුටු මේස අතරේ වීදුරු ඉහල ගණයේ මධුවිතෙන් පිරිලා පෙන දමමින් එහෙට මෙහෙට සද්දෙන් හුවමාරු වෙද්දි ඒ හැන්දෑව ගෙවිලා ගියා. ඒත් එක් මහත්මයෙක්. සම්පූර්ණ යුරෝපා ඇඳුමෙන් සැරසුනු තරුණ මහත්මයෙක් තවමත් සුරා භාවිතය නතර කරලා තිබුණේ නෑ.

Nov 2, 2012

හිත ගිය තැන මාලිගා දැක ඇත්ද? ප්‍රශ්නාර්ථයක් නැගී නැද්ද?


උදේ ඉඳන් රෑ වෙනකම්ම එහෙ මෙහෙ යන සමාජ වටපිටාව තුල දකින දේවල් ගැන පොඩ්ඩක් හිතන්න ඉඩක් තමයි මේ වෙන්කරන්නේ. ඔබ දැකලා ඇති මේ වගේ දේවල්. දැකලා තියද පට්ට ලස්සන කෙල්ලෝ පට්ට කැත කොල්ලෝ එක්ක ආදර සබඳතා පිහිටුවාගෙන බෙල්ලේ අතේ පයේ එල්ලිලා යනවා. ඒ වගේම පට්ට ලස්සන කොල්ලෝ අමු කැත කෙල්ලො අතේ පයේ එල්ලගෙන යනවා. මහ පාරේ මේ වගේ දේවල් දැක්කම අපිට දැනෙන කාරණා කීපයක් තිබෙනවා. ප්‍රායෝගික සත්‍ය විදියට ගත්තොත්
  • තදබල ඊර්ශ්‍යාවක් ඇතිවීම
  • අදාලා කැත කොල්ලා/කෙල්ල සමග දැඩි වෛරයක්.
  • එවැනි ලස්සන කෙල්ලන්ගේ/කොල්ලන්ගේ තේරීම් සහ රුචිකත්වය පිලිබඳ කුතුහලයක් සහ කලකිරීමක්.
  • එවැනි ලස්සන කෙල්ලෙක්/කොල්ලෙක් ඒ ආකාරයෙන්ම අතේ පයේ එල්ලාගෙන යාමේ ආශාවක්.
  • අදාල කැත කොල්ලා/කෙල්ල කොතරම් වාසනාවන්තද යන හැඟීම.