May 25, 2014

සංකලනී - 13 වැනි කොටස



පසුගිය කොටස් සියල්ල මෙතනින්


ගොඩක් හවස් වෙලත් මිතුලගෙන් ප්‍රතිචාරයක් නැති තැන සංකි ජංගම දුරකතනය පැත්තක දාලා කාමරෙන් පිටවෙලා මිදුලට ගියා. මිදුලේ ගස් අතරේ ඇවිදිමින් සංකි කල්පනා කලේ තමන් ඇයි මේ තරම් මේ කොල්ලගේ කෙටි පණිවිඩයක් හරි බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා. සංකිට ඒ අතරෙම හිතුනා තමන්ගේ හිත ආදරයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවදෝ කියලා..මල විකාර..වෙන වැඩනෑනේ..ඒත් එහෙනම් තමන්ගේ හිතේ මෙච්චර හොල්මන් කරන්නේ මොන හැඟීමක්ද කියලා සංකිට තේරුනේ නෑ.

සංකිට පාර පැත්තේ හවස ලොතරැයි විකුණන කෙනෙක්ගේ බයිසිකලේක සවිකරලා තියන රේඩියෝවක වාදනය වෙන ගීතයක් ඇහුණා.

May 17, 2014

සංකලනී - 12 වැනි කොටස



මිතුල සතුටට ඇඳ උඩ දඟලද්දි තමන්ගේ ජංගමේට ආපු කෙටි පණිවිඩයට පිළිතුරක් යවන්නත් කලින් ජංගමේ නාද වෙන්න පටන් ගත්තා. කෝල් එක එන දුරකතන අංකය දැක්කම මිතුලගේ ඇඟට දාඩිය දාන්න පටන් ගත්තා. සංකලනිගේ නම්බර් එක තමන්ගේ දුරකතනේ දිස්වෙද්දි මිතුලට වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරිවුණා.

“මල කෙළියක් වෙන්න යනවද මන්දන්නේ නෑ...මම මේකි කියලා වෙන මොකෙක්ටවත් මැසේජ් කරලද දන්නේ නෑ...ඒත් මගේ නම කිව්වම අඳුනගත්තනේ..“

මිතුල එක එක විකාර කල්පනා කර කර ඉන්න අතරේ කෝකටත් කියලා ආන්සර් කලා. ඒත් මිතුල මොකුත්ම කියන්නේ නැතිව අහගෙන හිටියා.

May 2, 2014

සිංදු කුමාරිය - The Singing Princess


ඇයගෙන් දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොමැතිව ගතවන සිව්වන දිනයද අවසන් වෙන්නට තව ඇත්තේ හෝරා කීපයකි. හාත්පස අන්ධකාරය, නිහැඬියාවට මුසුවූ පාළු මූසල හැඟීම තොර තෝංචියක් නැතිවම  හිතට වදදෙන්නට පටන්ගෙන ඇත. හැමදෙයක්ම අවසන්ය යන හැඟීම තුලින් එක් අතකින් ගෙන එන්නේ සහනදායී සිතිවිල්ලකි. අනික් අතින් එයම තනිකමක් සහ වෙනසක රංගනයද යෙදීම තුලින් සිතතුලම දෙයාකාරී උත්තේජනයන් සපයන සිදුවීම් බවට පෙරලී ඇත. ඒ සියල්ල අතරේ ඇය කොහිද යන්න හෝ මා නොදනී. ඇය සමග ගතකල අන්තිම හෝරා කීපයේ පවා ඇය මා පිළිබඳ පැහැදිලි හෝ පහන් හැඟීමකින් ගතනොකල බව පමණක් මා දනී.

“ඔයා ඔය රේස් එක දුවලා හති වැටෙන දවසක් ඒවි...එදාටවත් හැරිලා ආපස්සට බලන්න..නැත්නම් ඔයාගේ බෙල්ලට අංශක දෙසීය හැත්තෑවකට වැඩිය හරවන්න පුළුවන් කියන එකත් අමතක වෙයි“

මගේ ඒ වචනවල ගැබ්ව තිබූ උපහාසය, අවවාදය හෝ අන්යමක් ඇය ගත්තාද යන්න මා නොදනිමි. එහෙත් ඇය එයින් යමක් අවබෝධකරගත් බව පෙනෙන්නට තිබුණි.

Apr 29, 2014

“සුනිල් අයියා“ ගේ සටන් ජවනිකාව - Review of an expected movie


සුනිල් අයියා අපේ ගමට සිටි වීරයාය. ගමේ ඕනෑම ආරවුලකදී නිතැතින්ම සිහිවන චරිතය සුනිල් අයියාය. ඔහුට ගම්මුන් බොහෝ දෙනෙක් ගෞරව කලේ ගමතුල නිල නොලත් පොලිස්කාරයාගේ භූමිකාව ඔහුගෙන් ඉටුවන බව ගම්මුන් බහුතරයක් විශ්වාස කල නිසාවෙනි. වැඩුණු දේහදාරී ශරීරයත්, ගැඹුරු හඬත් නිසාවෙන් ඔහු පිළිබඳ මතය සත්‍යාපනය කිරීමට එයම සාධයකයක් විය. ගමේ එකෙක් කොහේදී හෝ ගුටි කෑවත් මතක් වූයේ “සුනිල් හිටියනම් ඕක වෙන්නේ නෑ“ යන යෙදුම් වලින්ය. එබැවින් සුනිල් යන සාධකය කොතරම් දුරට ගමේ පොදු ධාරාව තුල නිදන්ගතව තිබෙන්නක්ද යන්න ඔබට වටහාගත හැකිවනු ඇත.

එකල හින්දි සිනමාව සහ සිංහල සිනමාවේ සටන් ජවනිකා දැඩි ලෙස ගැමි ජනතාවගේ සිත් තුල වීරත්වයක් බිහිකල සමයක් විය. හින්දි සිනමාවේ සටන් ජවනිකා රූපවාහිනියෙන් නැරඹූ අපි චිත්‍රපටයේ වීරයා පිළබඳ ඇතිකරගත් “මහා පොර“ සංකල්පය හිතේ තබාගෙන ජීවිත්විය. සිංහල චිත්‍රපට තුලද මහා පොරවල් බිහිවන සටන් ජවනිකා තිබුණද ඒවාටත් වඩා හින්දි චිත්‍රපටවල නළුවන් අපිට පොරවල් විය. සුනිල් අයියාද අපට පෙනුනේ පියවි ඇසින් දැකිය හැකි එවැනි පොරක් ලෙසය. හින්දි චිත්‍රපටවල රූපරාමුවල දකින නළුවාගේ වීර භූමිකාව අප දුටුවේ සුනිල් අයියා තුලින්ය. සුනිල් අයියා පාරේ යනවිට ඔහුගේ ක්‍රියාකාරකම් දැකීමෙන් අප එහි සමාන අසමානකම් පිරික්සන්නටද විය. ඒ හැම කරුණකින්ම සුනිල් අයියා යන වීර චරිතය හුදෙක්ම හින්දි චිත්‍රපටවල හෝ සිංහල චිත්‍රපටවල වීරයාගේ චරිතයට එහාගිය සජීවීබවකින් අත්විඳින්නට අපට හැකිවිය.

Apr 26, 2014

සංකලනී - 11 වැනි කොටස


සංකලනී පසුගිය කොටස් මෙතනින් කියවන්න......

“මොන රෙද්දක්ද බං...දෙයක් කිව්වම අහං ඉඳපං..“

සිසුරු කාමරේට ඇවිත් පිස්සු කියවද්දි මිතුල කෑ ගැහුවා. ඒත් සිසුරුවා නෙවෙයි නතර වුනේ. ඌ කියන්නෙම සංකලනි ගැන හිතේ තියනවනම් දැන්ම ඒ ගැන ඒකිට කියන්න කියලා. ඒත් යන්තම් යකඩයක් වගේ හිටපු සංකලනී ගිනියම් වෙලා මෙලෙක් වෙන්න පටන් ගත්තා විතරයි. ආයෙත් පොඩිහරි දෙයක් වෙලා ආයෙත් යකඩයක්ම වුනොත් ජීවිතේට සංකිට ලංවෙන්න බැරිවෙයි කියලා මිතුල හොඳටම දැනගෙන හිටියා. ඒක නිසා බොහොම සීරුවට වැඩේ කරගෙන යන්න ඕන කියලා මිතුල හිතුවා. 

“ඒ වුණාට මිතුලයා මොකෙක් හරි අර කැරකෙන ග්‍රහයෙක් ඕකිගේ පෘශ්ටයට පාත්වුනොත් ආයෙත් උඹ මැරෙන්නද..?“

සිසුරු කියන කතාව ඇත්ත වුනත් මිතුල තව ටිකක් හිතන්න ඕන කියලා හිතුවා.

“උඹ කියන එක ඇත්ත මචං.. ඒ වුනත් මේ වෙලාවේ හදිස්සි වෙලා බෑ..උඹත් හෙමීට  හිතපං...“

“මට ඇත්තම කියපං...උඹ අර කැත්තට පොල්ල වගේ ඉන්න සංකිට කැමති සිරාවටමද..නැත්නම් උඹ ඇරියස් එක කවර් කරන්නද ඒකි එක්ක යාළු වෙන්න හදන්නේ?“

Apr 23, 2014

සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“...


සිංහල බ්ලොග්කරුවන් එකතුවන්නේ කිනම් අවස්ථාවකදීද, එහි සිදුවීම් නම් අඩුවක් නැතිව විඳගන්නට අවස්ථාව ලැබීම පුදුමයක් නොවේ. 2014 සයිබර් සිහින බක්මහ උළෙලටද එය එලෙසින්ම අදාලය. ඒ හා බැඳුනු බ්ලොග් ලිපිවල හැමදෙනෙක්ම පාහේ දන්නා කතා ලියා තිබුණු අතර නොදන්නා කතාද එමට ඇතිබව කිව යුතුමය. මාගේ තෙවැනි සිහින බක්මහ උළෙල නිසාවෙන් දැන් කණද මා ලෙසින්ම එවැනි “නොකී කතා“ වලට දැඩි සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“ කිහිපයකි.
 
ජවනිකා අංක 01
 
කොල්ලන් දෙදෙනෙක් බුද්ධදාස පිටියට පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අතරතුර කතාබහක යෙදෙමින් සිටිති.
 
“මචං මට 12.30 ට විතර යන්න වෙනවා බං...“
 
“ඒ මොකද බං..අද යකෝ ආතල් එකක් ගන්න දවස..උඹ කොහේ කෙළවන්නද?“
 
“නෑ බං...කෑල්ල තරහවෙලා..ෆෝන් එකත් ඕෆ් කරගෙන..මගෙ බඩ බොක්ක දනවා..ඕකි මාව අතෑරියොත් මම මොනවා කරන්නද යකෝ..“
 
“හරි හරි ඉතින් දැන් උඹ දවල් කොහේද යන්න හදන්නේ..“
 
“මම යනවා බං ඒකිගේ ක්ලාස් එක ලඟට කොස්වත්තේ..වැඳලා හරි ෂේප් වෙනවා අදනම්..නෑනත් ෂේප් නිසා අවුලක් නෑ බං...“

Apr 21, 2014

සයිබර් සිහින බක්මහ උළෙලට පසුව???


2014 සයිබර් සිහින බක්මහ උළෙල ඊයේ අවසන් වුණා. බොහොමයක් අලුත් මුහුණු සහ ප්‍රමාණයෙන් අඩු පැරණි මුහුණු එක්වුණු අවස්ථාවක් වුනත් හැමෝටම ඉතාම තෘප්තියෙන් කතා කරන්න පුළුවන් මොහොතක් අවසන් වුණා කියලා කියන්න පුළුවන්. පුද්ගලකිව සහභාගීවුන තුන්වෙනි සයිබර් සිහින බක්මහ උළෙල. වැල්ලවත්ත සහ මහරගම පැවති ඒවාට වඩා සාර්ථකත්වය ලෙස දකින්න පුළුවන් වෙන්නේ සහභාගිත්වය සහ දායකත්වය කියන කාරනා එක්ක. බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් සංවිධාන ශක්තියට කැපවුණු කණ්ඩායම තමන්ගේ උපරිමය සිදුකරලා තිබුණා කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රහය ලබාදුන්න ඔෂනික් ගේම්ස් ආයතනයත් ඉතාමත් මිත්‍රශීලීව මේ කටයුත්තට දායක වීම අගය කල යුතුයි. හුරු පුරුදු මාධ්‍ය සගයා බස් රේඩියෝව තමන්ගේ  සුපුරුදු කාර්යය සිදුකිරීම අමතක කල නොහැක්කක්.

Apr 19, 2014

සුබ උපන් දිනයක් “අපේ ඉසව්ව“ සහ “සිතුවිලි පලස“


අප්‍රේල් 18 කියන්නේ අපේ ඉසව්ව සහ සිතුවිලි පලස කියන නිවුන් බ්ලොග් අඩවි දෙකේ සංවත්සරය සැමරෙන් දවස. හරියටම 2010 වර්ෂයේ අප්‍රේල් 18 වෙනිදා උදෑසන ගාල්ල වටරැක ප්‍රදේශයෙන් මුලින්ම අන්තර්ජාලයට එක්කල බ්ලොග් අඩවි දෙක අදවන විට සිව් වසරක කඩඉම පසුකරලා. නිරාමිස ප්‍රීතියක් විඳින්නට හැකි මට්ටමට මේ බ්ලොග් අඩවි දෙක අද පත්වෙලා. “සිව් අවුරුදු අස්වැන්න“ නෙලන මොහොතේ ඒ සතුට විඳින්නට හැකිවීම ඉතාමත් තෘප්තිජනක සිදුවීමක්.

   සිංහල සයිබර් අවකාශයට දෛනිකව එකතුවන බ්ලොග් අතරේ බොහොමයක් රසවිඳින්න අද අන්තර්ජාලයේ සිංහල වපසරිය තුල සැරිසරන හිතවතුන්ට හැකිවෙලා තියනවා. අපේ ඉසව්ව නිර්මාණය කලේ කාලීන, දේශපාලනික මති මතාන්තර ඉදිරිපත් කිරීමට සහ නව කතා, කෙටි කතා වෙනුවෙන්මයි. එහි ප්‍රතිපලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5ක් ඉදිරිපත් කරන්නට හැකිවුනේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි. ඒ අතරේ පාඨක සිත් ඇද බැඳ තබාගත් නව කතා තුනක් සම්පූර්ණ කල අතර “සංකලනි“  නවකතාව තවමත් පලවෙමින් පවතිනවා.

Feb 26, 2014

“බිහිරි අලින් මැද වීණාව“ අපේ ඉසව්වෙන් ඔබ වෙත



වසර හතරක් පුරාවට අපේ ඉසව්ව බ්ලොග් අඩවිය හරහා මා විසින් රචනයේ යෙදුන කාලීන සහ දේශපාලනික ලිපි සියයකට අධික ප්‍රමාණයක් අතරින් තෝරාගත් ලිපි මාලාවක් අන්ර්ගත කරමින් නිර්මාණය කල “බිහිරි අලින් මැද වීණාව“ The Fiddle among Deaf Elephants මෙලෙසින් ඊ-පුස්තකයක් ලෙස ඔබට තිළිණ කරන්නට තීරණය කලා. වසර හතරක් පුරාවට අපේ ඉසව්ව සමග නිරතුරුවම රැඳෙන සහෘද පාඨකයින් වෙනුවෙන් තිළිණ කරන මේ කෘතිය මෙහිදී ඔබට භාගතකල හැකියි.

Feb 23, 2014

මලී සහ අත්තම්මා තුලින් වන සමාජ බලපෑම


 
මලී සහ අත්තම්මා යන සිංහල මෙගා ටෙලි නාට්‍යයක පළමුවෙනි සහ දෙවැනි කොටස්ය. අනෙකුත් සිංහල මෙගා ටෙලි වලින් මලී යන යථෝක්ත කතා මාලාවේ පළමුවැන්න වෙනස්වන්නේ එය ලාංකේය ජනසමාජය තුල මුල්බැසගත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රකරගෙන ගැමි සමාජය තුල තවමත් නොනැසී පවතින් විශ්වාස වල බලපෑම විදහා දක්වන වෘත්තාන්තයක් වූ බැවින්ය. එයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ “මලී“ නැමති පළමුවෙනි කොටසින් නොනැවතී “අත්තම්මා“ නැමති දෙවනි කොටස දක්වාද අධ්‍යක්ෂවරයා දිගුවක් ලබාගන්නේ මෙහි ඇති ලාභදායිත්වය මැනවින් විදහා දක්වමින්ය. කතානායිකාව වන ඩිංගිරි අම්මානම් වූ පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද පරපුරෙන්ම ප්‍රගුණකල මැදිවයසේ වැන්ඳඹු කාන්තාවක් සහ ඇගේ දියනිය වටා ගෙතී ඇති මෙම කතාමාලාවේ ඔවුන්ගේ සතුරා වන්නේ ඩිංගිරිගේම ඥාතියෙක් වන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ වෙදකම ප්‍රගුණ කල උක්කුවා ගුරුන්නාන්සේ වටාය. එහි දෙවන කොටස වන අත්තම්මා හි වෙනසක් වන්නේ මලී ලෙසින් හඳුන්වාසිටි ඩිංගිරිගේ දියණිය වෙනුවට ඇගේ මිණිපිරිය වන සාරධී එක්වීමය. කතා මාලාව පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්වල බලය සහ ඒවායේ විශ්මයජනක හැකියාවන් පෙන්වන අතර ඒවායින් බොහොමයක් දකුණෙන් හැදෑරු ඒවා බවද සඳහන්වේ. කෙසේ වෙතත් මෙයට ලොල්වූ රසිකයන් සත්‍ය ලෙසම රසවින්ඳනයට එම සිදුවීම් එක්කරගන්නේ තමන්ගේ යටි සිතට ලබාදෙන විධානයත් සමගය. එම විධානයනම් තමන්ටද මෙවන්වූ අකටයුතුකම්, අසරණවීම් සිදුවූ විට මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ පිහිට ලබාගත හැකිවේය යන්නයි.