Jan 28, 2012

සුළං පහර හෙවත් ඔලමොට්ටල සංස්කෘතියකට යාම

හෝ ගාලා හමන හුලං පාර. පාර පුරා විසිරෙන කොළ රොඩු,පත්තර කෑලි ඒ අතර එකෙක් ඇවිදගෙන එනවා. තවත් එකෙක් එනවා ඔහුත් එක්කම. ප්‍රශ්න පත්තරයක් මහපාර මැද.

“තමුසේ කව්ද ඕයි?“

දෙවැනියට කියූ පුද්ගලයා පලවැන්- නාගෙන් අහනවා. පලමුවැන්නා සන්සුන් සහ විමර්ශණශීලී පුද්ගල- යෙක්.
“මම මගියෙක් “ පලමුවැන්නා දෙන උත්තරය සංකීර්ණයි ඒ වගේම සරලයි. වචන මාත්‍රයක්.

“ඕයි තමුසෙ මගියෙක් කියලා මට තේරෙනවා..නැත්නම් මේ මහපාරේ පයින් ඇවිදගෙන යයිද?..ඇත්තටම තමුසෙ කව්ද කියනවා ඕයි“

Jan 26, 2012

Friends Never Say Good Bye | මිතුරන් කිසි විට නොයයි සමුදී


පොඩිකාලේ සෙල්ලම් කරද්දි සෙල්ලම් ගෙවල් හදාගෙන ජීවිතේ තමන්ම ඉගනගන්න පුංචි පුංචි උත්සහ දරන කාලේ කොයිතරම් යාළුවෝ අපිත් එක්ක එකට රැඳෙනවද. සෙල්ලම් ගෙවල්වල විවිධ චරිත හදාගෙන සැබෑ ජීවිතේ පුරෝකථනය කරන්න කොතරම් කැමැත්තක් දක්වනවද. ඒ අතරේ තමන්ට ඕන දේවල් කරන්න ලබන්න නොහැකිවුණාම “මම තරහයි..මම ආයෙත් එන්නේ නෑ“ කියලා යන අවස්ථා කොතරම්ද. ඒත් ඒ මිතුරුකම බිඳින්න ඒ පුංචි ආවේගයකට පුළුවන්ද.

සැබෑ මිතුරන් අතරේ විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.ඒත් මිතුරු දමේ ශක්තිය අනුව තම මතය මෙන්ම අන්මතයටද හිසනමා ආචාර කිරීමේ සොඳුරු පුරුද්ද තියනවා. ඕනෑම අවස්ථාවක එන සොඳුරු මල් මෙන්ම ගල් පහරවල්ද පිළිගන්න මිතුරුකම සූදානම්. එකට එක් වෙන්නේ එක අත්තේ වහන්නේ එක විදියේ සියොතුන්ය යන මතය සමාජය පිළිගන්නා දෙයක්. එසේනම් එකම විදියේ කුරුල්ලන් අතර පුංචි විවාදයක් ඇති වුනත් ඒ තමන්ගේ එකෙක් තමන් වෙනුවෙන් කරන දෙයක් නේද කියලා හිත හදාගන්න පුළුවන් තත්වයක් හා වරදක් නම් එය නිවැරදි කල හැකි තත්වයකුත් මිතුරන් අතර තියනවා.

Jan 24, 2012

අහෝ ඩිල්ෂාන්...නුඹේ ස්කූප් පහර උඩපන්දුවක් විය


“ඩිල්ෂාන්ට කැප්ටන්සි එක දීලා“ ඒ පුව ත කණවැකුනේ මීට මාස ගණනකට පෙර රුහුණු ගුවන් විදුලියේ මැදිරිය අසල සිට පාසල් තරඟයක් නිවේදන කටයුතු කිරීමට පිටත්ව යන අවස්ථාවේ දීය. එම පුවත කණවැකුණු වහා ක්‍රීඩා අංශයේ ප්‍රධානී අමිත් කරුණාරත්න මහ තා මගෙන් ඇසුවේ “ ජනරඟ..මොකද හිතන්නේ ඩිල්ෂාන් හොඳද කැප්ටන්සි එකට?“.. තරඟයක සජීවී විස්තර විචාර යෙන් අනතුරුව සමාලෝචනයේදී කරන විශ්ලේෂනයක් මෙන් මේ පැන යට පිලිතුරු දුන් මම කියාසිටියේ..


“ඩිල්ෂාන් හොඳ ප්ලේයර් කෙනෙක්..ඒ ත් කැප්ටන්සි එකට ආවේගශීලී වැඩියි..මොකද ලංකාව වගේ විවිධ මාන සික හා දක්ෂතා මට්ටම්වල ඉන්න ක්‍රීඩකයන් මෙහෙයවන්නයි පරිපාලනේ සමග දැලිපිහියෙන් කිරිකන්නයි ඩිල්ෂාන්ට ටිකක් අමාරුයි“

Jan 22, 2012

“පිස්සු නැත්නම් ෂෝක් පුතා“ වෙතට අනුර ශ්‍රීනාත්

      කලකට ඉහත “ලංකා“ පුවත් පත ටැබ්ලොයිඩ් පත්‍රයක් ලෙසින් වෙළඳපොලට නිකුත් වූ සමයේ එහි අවසන් පිටුවේ අපූරු කාටූනයක් පලවිය. එය “පිස්සු නැත්නම් ෂෝක් පුතා“ ලෙස නම්විය. එකල බෙහෙවින් ජනප්‍රිය කාටූනයක් වූ එය විශේෂයක් වූයේ සතිපතා පුවත්පත් කාටූන් පල්ලම් බැසි යුගයක බිහිව උඩුගම් බලා පිහිනූ කාටූනයක් වීමයි. එහි නිමැවුම්කරු වූයේ ලංකාවේ සිටින අති දක්ෂ සිත්තරෙක් වන අනුර ශ්‍රීනාත් මහතාය. “පිස්සු නැත්නම් ෂෝක් පුතා“ කාටූනයට පාදක වී තිබුණේ වත්මන් ජන සමාජයේ ඇති විපරීතකම් මෙන්ම සමාජ අසාධාරණයට උපහාසාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ඥානය මූලික් කරගෙන විසඳුම් සොයන අපූරු තරුණයෙක්ගේ භූමිකාවකි.

Jan 20, 2012

කාන්තාව සහ අරක්කු බෝතලය..

මත්පැන සහ මත් භාවිතය එකහෙලාම ප්‍රති ක්ෂේප කරන නමුත් කාන්තාව හා අරක්කු බෝතලය ගැන පුංචි අදහසක් ඉදිරිපත් කරන්න හිතුවේ රසවත් අදහසක් පමණක්ම විදියට බාරගන්න කියන කාරුණික ඉල්ලීම ත් කරන ගමන්මයි. මේ මාතෘකාව කතාවුනේ සිංහල බ්ලොග්කරුවන් පසුගිය දිනක ගාල්ල රූමස්සලට එකතුවුන දවසේ. මේ කතාවට සම්බන්ධ වුනු කීප දෙනෙක් හිටියා. ඒ අතර ලිෂාන් අයියා, රංග අයියා, සිංහයා,රෙප් මහත්තයා,චිරාන් ලඟ පාත හිටියා වගේ මතකයක් තියෙනවා. කොහොම වුනත් මට මතක කතාව විතරයි. මේ කතාවේ සාරය වුනේ කාන්තාව හා අර ක්කු බෝතලය අතර තියන සම්බන්ධතාවය පිළිබඳවයි.ඇත්තටම ඒ අදහස ඇහුනම මටත් හිතුනා කොච්චර සමානකම්ක තියනවද කියලා.

පලමුවැන්නා - ඇය උඹ තාම බඳින අදහසක් නැද්ද?

දෙවැන්නා - නෑ බං..අපොයි ඔය ගෑණු ලංකරගත්තාම හරි අමාරුයි..

තෙවැන්නා - සහතික ඇත්ත බන් ඒ කතාව..ඊට වඩා දාහකින් සැපයි මේ බෝතලේ..(අතේ තිබෙන ජින් බෝතලය පෙන්නමින්)

Jan 19, 2012

පවස නිවන දිය පොදක් නොවී ඔබ..ඇයි මහ සාගරයක් වූයේ..


මනුස්සයෙකුට හිතක් කියලා දෙයක් තියනවා.තැනක්  මිම්මක් හරියට කියන්න බැරිවුණත් මහ බලයක් තියන සංවේදී හිතක් කියලා දෙයක් මනුස්සයෙක්ට තියනවා. මේ හිතට දැනෙන විවිධ සංවේදනා එහෙමත් නැ තිනම් හැඟීම් අතර ආදරය කියන හැඟීමට සුවිශේෂ තැනක් තියනවා.ඒක පුද්ගලයාගෙන පුද්ගලයාට වෙනස්විය හැකියි. ආදරයකදී බලාපොරොත්තු වෙන දේවල් පවා විවිධයි.

“පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ“ කොල්ලෙ ක් හෝ කෙල්ලෙක් වේවා ආදරයේදී මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුංචි දිය පොදක් වෙන්න පුළුවන්නම් විඩාබර මෙන්ම පිපාසයෙන් පෙලෙන හදවතට එයම ඇති මුළු ජීවිතයටම.ඒත් මහා සාගරයක් වෙලා දරාගන්න බැරිතරම් දේ දීලා වගේම දරාගන්න බැරිතම් දේවල් බලාපොරොත්තු වෙලා ඒ ආදරේට කැළලක් ඉතිරි කරන සිද්ධිත් අනන්තයි. ඒ වගේම පහනක් ප්‍රාර්ථනා කරලා හිටිද්දි සඳක්ම හමුවෙන ආදර කතාත් නැත්තෙම නෑ. ජීවිතේට ආදරේ ඒ තරම්ම වෙනස් විදියට දේවල් එකතු කරන්නේ පුදුම විදියටයි.

Jan 18, 2012

ටයිටැනික් ඛේදවාචකය නැවතත් කරළියට ගෙන ආ “කොස්ටා කොන්කෝඩියෝ“ අනතුර


ටයිටැනික් යනු 1912 වර්ෂයේ අප්‍රේල් 11 වැනි එංගලන්තයේ සදන්මිටන් වරායෙන් ගමන් අරඹා අප්‍රේල් 14 වැනි දින එක්සත් ජනපදය පෙනෙන නොපෙනෙන දුරින් අයිස් කන්දක ගැටීම හේතුවෙන් විනාශ වූ එකල සුපිරිම ගණයේ කෘ ෘසර් නෞකාවකි. එම ඛේදවාචකය හේතුවෙන් එදා මෙදාතුර ඉතිහාසයේ නෞකා අනතුරකින් අහිමිවූ වැඩිම ජීවිත ගණන පෙන්වමින් 1500 කට ආසන්න පිරිසක් ජීවත් විය. පසුකලෙක එහි කතා සාරය ඇසුරින් ටයිටැනික් සුන්දර ආදර කතාවක්ද අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් අතින් නිමවිය.

ඉන් වසර සියයකට පසු නැවතත් ටයිටැනික් ඛේදවාචකය පුනරුප්පත්ති ය ලබන්නේ ඉතාලිය අසබඩ මුහුදේ දීය. ඒ පසුගිය දිනක නොසිතූ විරූ අයුරින් අනතුරට පත්වූ “කොස්ටා කොන්කෝඩියා“ නම් සුපිරි ගණයේ අධි සුඛෝපභෝගි මගී නෞකා අනතුර හේතුවෙන්ය. මෙම අනතුර හේතුවෙන් විස්සකට ආසන්න පිරිසකගේ මළසිරුරු හමුවූ අතර තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ. මෙම අනතුරද ටයිටැනික් අනතුරට සමාන කමක් දක්වයි.

Jan 17, 2012

අරුන්දතී සමග ගමට යාම..


“තව දුරද බන්..“

මිතුරියන් පිරිස අසන්නේ ගව්වෙන් ගව්ව දිගුවෙන ගමන ගැන නිශ්චිත අදහසක් නැතිවය.අරුන්දතී සිනාමුසු මුහුණින් තම මිතුරියන් දෙස බැලුවේ තමන්ට නොදැනෙන විඩාව මිතුරියන්ට දැඩි ලෙස දැනෙන බව දත් හෙයිනි. අරුන්දතීට විඩාව නොදැනෙන්නේ කාරණා දෙකක් නිසාවෙනි. එකක් කලකට පසු තම ගම්පලාතට යන්නට ලැබීම ඇරත් මිතුරියන් රොත්තත් සමගින්ම. අනෙක් කරුණනම් මේ ගමන අරුන්දතීට බෙහෙවින් හුරුපුරුදු ගමනක් වීම නිසාය.

Jan 16, 2012

ඉක්මණ් සුවය ලැබේවා “සිත් අහස“ ට...


සිංහල සයිබර් අවකාශයේ සැරිසරන ඔබ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන “සිත් අහස“ බිලොග් අඩවියට අකුරු කරන අප හිතවත් ප්‍රාර්ථනා සෙව්වන්දි සොයුරිය සැත්කමක් හේතුවෙන් රෝහල් ගතවී සිටිනවා. බ්ලොග් අවකාශයේ හැමදෙනාම එක්ක බොහොම මිත්‍රශීලීව ඒ වගේම ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු මිතුරියන් සමග නිතරව නිර්ව්‍යාජව අදහස් හුවමාරුකරගන්නා ඇය පසුගිය දිනක ගාල්ල රූමස්සලදී පැවති සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පවා සහභාගීවුනා. ඒ වනවිටත් මෙම සැත්කම සඳහා දින ලබාදී තිබුණා.

සුළු සැත්කමක් බැවින් එතරම් අවදානමක් නොවන බව ඇය කලින්ම ප්‍රකාශකර තිබුණා. ඇයගේ අතේ ඇතිවී තිබෙන තත්වයක් හේතුවෙන් සුළු ශෛල්‍යකර්මයක් සිදුකිරීමට අද ඇය රෝහලගත වුනා. කෙසේ වෙතත් තවමත් සුපුරුදු ලෙසින්ම විනෝදයෙන් රෝහලට වී කල්ගත කරන බවත් දැනගන්නට ලැබෙනවා. රෝහලේ කාර්යමණ්ඩලය හා රෝගීන්ට සිංහල බ්ලොග් කලාව පිළිබඳ දේශන පවත්වමින් ඇය සැත්කම සඳහා සූදානමින් සිටිනවා. අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ඇයගේ සැත්කම කරන්නට නියමිත බව ඇය ප්‍රකාශකලා.

Jan 14, 2012

කටුවෙන් පිටතට එන්න.. CHAnge වෙන්න


පසුගිය දිනක පැවති ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂයේ තරුණ එකමුතුව විසින් සංවිධානය කර පවත්වනු ලැබූ ඡායාරූප හා පොත් ප්‍රදර්ශනය සමගා මීව පැවති සංවාද මණ්ඩපයේදී කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකා කීපයක් විය. ඒ අතර වත්මන් තරුණ පරපුරේ ප්‍රවණතා ගැන දැඩිලෙස කතාබහට ලක්විය. එනම් අතීතය හා සසඳා බැලීමේදී තරුණ පරපුර මත සිදුවූ පසුගාමී හා පෙරටුගාමී සාධකයන් මත ඇතිවූ බලපෑම් පිලිබඳවය. අතීතය හා සසඳා බැලීමේදී එයට සියයට සියයක් සර්ව සමාන හා සම්පූර්ණ තරුණ පරපුරක් බලාපොරොත්තුවිය නොහැක.

Jan 12, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට්..වැටීම,නැගිටීම හා වැටීම



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දශක තුනකට ආසන්න එක්දින තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පුවත ඇසෙන විට ඔවුන් සිටියේ 1996 , 2007 හා 2011 යන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයන් පසුකර මිස 70 හෝ 80 දශකයේ ක්‍රිකට් තිඹිරි ගෙයින් බට සමයේ නොවීම ඉතා ඛේදජනක කාරණයක් විය. වරක් ලෝක ශූරයන් වීම හා පිට පිට දෙවරක්ම අනුශූරයන් වූ කණ්ඩායම් එතරම් පහලට වැටෙන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානයේ සුසුම්නාවට එල්ල කරන දැවැන්ත පොලු පහරක් සමගය, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මාන්‍ය නැමති වේග පන්දුවට එල්ල කරන අතිශ්‍යයින්ම ප්‍රබල ලොප්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරක් සමගය.ලංකා කණ්ඩායම එසේ වැටුනේ ඇයි?

Jan 7, 2012

2012 සොඳුරු නිමේෂයක සිංහල බ්ලොග්කරුවන්ගේ ගාලු ආගමනය...සතුටින් නිමවිය..


කලක පටන් සිංහල බ්ලොග්කරුවන් රාශියක් එකට එකතුවෙලා වින්දනා ත්මක අවකාශයක සිසිලස විඳින්න ආසාවෙන් සිටියත් එයට අවස්ථාවක් නොලැබුණා.නමුත් ඒ අවස්ථාව සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රවීනයන් හා නවකයන් රැසකට අද විඳගන්නට ස්වර්ණමය ඉඩකඩක් ලැබුණා. ඒ අද ගාල්ල රූමස්සල වෙරළ ප්‍රදේශය කරගෙන පැවති 2012 සිංහල බ්ලොග් කරුවන්ගේ ගාලු හමුව නිසාවෙන්. එහි උණුසුම පහව යන්නටත් කලින් එහි සොඳුරු මතක ගෙන එන්නට “අපේ ඉසව්ව“ ට හැකිවීම එම සුන්දර අත්දැකීම විඳීමෙන් ලද පන්නරය බව සඳහන් කල යුතුමය.

Jan 6, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6


මාධ්‍ය උසිගැන්වී තිබිණි.විවිධ සිරස්තල වලින් දවසට පුවත්පත්වල වෙළුම් කීපයක් නිකුත්වන තරමටම සිදුවීමේ කූටප්‍රාප්තියට ලඟාවී තිබිණි. ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පත හැකි උපරිමයෙන් ආරක්ෂක අංශ විවේචනය කරමින් පුවත් පලකෙරෙනි. විද්‍යුත් මාධ්‍යද සජීවී පුවත් ඉදිරිපත් කරමින් මහචාර්ය ඩෙවන්ස්ගේ ඝාතනය හා රුඩී මෙන්ඩලගේ පාපොච්චාරණය නමින් නම්කල මාධ්‍ය සාකච්ඡාව පලකිරීමට සූදානමින් සිටියේය.

Jan 1, 2012

සයිබරයේ සිංහල තරු නැවතත් ගාල්ල රූමස්සලට...


අලුත් අවුරුද්දේ මංගල ලිපිය ලෙස ලියන්න පටන් ගත්තේ බොහොම සුන්දර වගේම වැදගත් ලිපියක් වීම බොහොම සතුටු දායක කාරණයක්. ඒ තමයි සිංහල බ්ලොග් අවකාශයේ තරු ගාල්ල රූමස්සලට එක්වෙන්න යන වැඩසටහන් සම්බන්ධව. ඉතින් දැනටමත් මේ සඳහා පිඹුරුපත් සකසලා වැඩේ බොහොමයක් සංවිධාන කටයුතු අනුෂ්ක ලක්මාල්(බනියා) , කිඩෝ මල්ලි සහ රිද්ම කසුන් (පොඩි මෑන්) සිදුකර තිබීම ඉතා සතුටුදායක කාරණයක් කියලත් මතක් කරන්න ඕන. මොකද ඒ වගේ ක්‍රියාකාරී සංවිධාන ශක්තියක් හා ව්‍යූහයක් නොවන්න මේ වගේ සුන්දර කටයුත්තක් බිහිකිරීම බොහොම අපහසු නිසා.