Dec 30, 2013

නිහඬ නුඹ නොදැන සිටින ආදරේ


ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළිගන්න වෙන සත්‍යයක් බවට පත්වෙලා. සමහර විට ජීවිතේ අපි වඩාත්ම ආදරේ කරන දේවල් අපේ ඇස් ඉදිරිපිට සිතුවමක් බොඳවෙලා යන්න වගේ නැතිවෙලා යන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයයි. ආදරේ කියන අකුරු අතරේ ඒ වේදනාත්මක මතක බොහොමයක් ලියවෙන්නේ ඒ හින්ඳම වෙන්න ඇති.

   සංසාරය කියන සංකල්පේ එක්ක අපි ජීවිතේ ගැන ගැඹුරට හිතද්දි සංසාරය පුරාවටම අපි විසින් එකතු කරගෙන එන දේවල් අතර ප්‍රිය වර්ගයාද රැගෙන ඒම නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒත් ඒ ප්‍රිය වර්ගයා මේ ජීවිත කාලය තුල කරන බොහෝ දේවල් වලින් හිතටම දැනෙන වේදනාව මෙතෙක් කියලා කියන්න මිම්මක් නෑ. සමහර විට අපි ආදරේ කරද්දි හරි ආත්මාර්ථකාමීව ආදරේ කරනවා. ඒ ආදරේ අපිටම විතරයි, එයින් අංශුමාත්‍රයක්වත් බෙදාහදාගන්න අපි කැමති නෑ. පොදු සමාජයේ විචාරක ඇසට මෙය විවේචනයට ප්‍රස්තුතයක් වුනාට පෘතග්ජන හිතට මෙය සාමාන්‍ය කාරණයක් බව තේරුම්ගත යුතුයි.

Dec 25, 2013

සංකලනී - 6 වැනි කොටස (පමාවට සමාවුව මැනවි)


පහුගිය කොටස් - 1 2 3 4 5


බස් එකේ ෙමහ සෙනගක් මැද්දේ දැකපු මිතුලගේ මූණ නිසා සංකලනී එකපාරටම තිගැස්සුණා. එදා පන්සලේදි වුණ හැමදෙයක්ම සංකිට මතක් වුණා. මේ යකා බස් එකේ මොන නාඩගමක් නටාවිකියලා කෙල්ල කල්පනා කලා, කොහොම වුනත් හොඳම දේ නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එක තමයි කියලා සංකි තීරණය කලා. බලෙන්වගේ තමන්ගේ උකුල උඩින් තියපු බෑග් එක දිහා එක බැල්මක් හෙලපු සංකි ජනේයෙන් එහා පැත්ත බලාගත්තා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් එලියට ඇවිත් වටරවුමෙන් හරවලා ටෙලිකොම් එක ඉස්සරහින් කොටුවේගොඩ පැත්තට සේන්දුවුණා. එතකොට කොන්දොස්තර ටිකට් නිකුත් කරමින් සල්ලි එකතු කරනවා. ඒ අතරේ සෙනතෙරපෙනකොට මිතුලට ටිකක් ඉස්සරහට යන්න වුණා. දැන් සංකිව හොඳට පේනවා. ඒත් කෙල්ල ගල් පිළිමයක් වගේ ජනේලයෙන් පිටපේන මාකට් හරස්පාර පැත්ේ වාහන දිහා බලාගෙන ඉන්නවා.

“මහත්තයා  ‍කොහේටද..?“