Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Mar 22, 2012

ඥාතීත්වය කොතරම් ප්‍රබලද


ඔබ ඇතැම්විට අද මම මේ ලියන කතා කොටස දන්නවා ඇති, නැතිනම් මම මේ ලියන සිදුවීම මීට වඩා වෙනස් ආකාරයකට ඔබ දන්නවා ඇති. ඒ කෙසේ වුනත් මම මේ කතාව ඉදිරිපත් කරන්නට හේතුව වන්නේ ඥාතීත්වය කියන එක කොතරම් ප්‍රබල බන්ධනයක්ද හා ඥාතීත්වය යන සංකල්පයේ අරුථ බුද්ධකාලීනව සමාජය පිළිගත් ආකාරය මෙන්ම බුදුවරයෙක් පවා ඥාතීත්වයට ගරුකල ආකාරය හා ඥාතීත්වය පිළිගත් ආකාරය මේ කතාවෙන් ඔබට පැහැදිලි වේවි.

  කතාව මේකයි..බුද්ධ කාලීනව ජීවත් වුනු විඪූඩභ කියන කුමාරයාට කපිලවස්තුවේ ශාක්‍ය වංශික ජනයා සමග ජන්මාන්තර වෛරයක් පැවතුනා. එයට හේතු සාධක වුනේ විඪූඩභගේ මෑණියන්ට ශාක්‍යයන් කල මහා නින්දාවක් හේතුවෙන් තමයි. ඒ විඪූඩභගේ මෑණියන්ට ශාක්‍ය වංශිකයෙක් යැයි හඟවා අඩු කුලයක පුද්ගලයෙක් අවාහකර දීමයි. කෙසේ වෙතත් මෙම වෛරය පිරිමැසීමට පෙලඹුනේ විඪූඩභයි. ඔහු නිරතුරුවම සැලසුම්කලේ සේනා සංවිධානය කර කපිලවස්තු පුරය ඇතුලු ශාක්‍ය දේශය වන කිඹුල්වත්පුරයට පහරදී ශාක්‍යයන් පන්නාදමා බලය සියතට ගෙන සිය මාතාවට සාධාරණය ඉටුකිරීමටයි.

Mar 21, 2012

සුබ පැතුම්... හිස් අහස මත මෙලෙසින් තබමි..අපේ ඉසව්වේ සිට


අන්තර්ජාල අවකාශයේ සිංහල සංස්කෘතිය නැංවීමට සෑම සිංහල බ්ලොග්කරුවෙක්ම ශක්තියක් ලබාදෙයි. එයින් පෝෂණය වන අන්තර්ජාලයේ සිංහල ලකුණු කෙදිනක හෝ ඉහලින්ම වැජඹේවීයයි පුද්ගලික විශ්වාසයයි. අද සයිබරයට සිංහල අදහස් කවන සමතුන් අතර හුවමාරුවන මෙන්ම දිගහැරෙන අදහස් අනාගතයටත් සුරැකිව තිබීම වඩාත් වටී.

   “හිස් අහස“ බ්ලොග් අඩවිය රචනා කරන සඳරු ලබාගත් ඒ ජය හදවතින්ම අගය කරමින් සුබ පැතුම් එක්කර සිටිමි. නිදහස් අතැඟිලි මත ධාවනය කල නිවහල් අදහස් මතින් ඔහු කල කාර්යභාරයට කොළඹ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය අංශය මගින් සංවිධානය කරන “අසනිය කුසුමේ“ හොඳම බොලොග් අඩවියට හා හොඳම පුද්ගලික බ්ලොග් අඩවියට හිමි සම්මාන ලබමින් සැබෑ තාත්වික හා ප්‍රායෝගික ඇගයීමට ලක්වීම මිත්‍රස්නේහයෙන් අගය කරමි.

Mar 19, 2012

අසල්වැසි ඉන්දියාව අහක බැලූ කල්හි ලංකාවේ සිට ලියමි

මේ ලියන මොහොත වන විට අප අසල්වැසි ඉන්දියාවේ අගමැති මෙන්ම ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයේ පහන් ටැඹ ලෙස හඳුන්වා දෙන ආචාර්ය මන්මෝහන් සිංහ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර වක්‍ර හා සෘජු යන දෙයාකාරයෙන්ම කියා සිටියේ තමන් ඇමරිකාව,නෝර්වේ හා ප්‍රංශය විසින් යුධ අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම යටතේ ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයටලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එකඟත්වය පලකරන බවත්ය. කෙසේ වෙතත් එම ප්‍රකාශය සිදු කිරීමත් සමගම ලෝග් සභාවෙන් නැගුනු අත්පොලසන්නාදය කියාපෑවේ සමස්ත ලෝග් සභාවේම මතය එය බවය. එසේනම් ලංකාව තවත් තීරණාත්මක අඩියකට පත්වීම එයින් සිදුවිය. ඉන්දියානු කැමැත්තේ වටිනාකම පිළිබඳ විවිරණයක් කිරීම යුතුකමකි.

Mar 17, 2012

මානව හිමිකම් රැකීමේ හා ලෝක සාධාරණත්වයේ සුර දූතයා චැනල් 4

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර අමරිකා එක්සත් ජනපදය ලෝක මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ භාර දූර කාර්යභාරයේ භාරකාරයා වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ හා නැවත නගා සිටුවීමට පියවර නොගැනීමේ චෝදනාව ඉදිරිපත් කරමින් යෝජනාවක් ගෙන ඒමට එළඹෙන සතියේ බලාපොරොත්තුවෙන් සිටී. එයට පක්ෂ මෙන්ම විපක්ෂ මත පලකරන රටවල් මේවන විටත් අප දන්නා අතර නොදන්නා කාරණය වන්නේ මෙම යෝජනාවත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන්නට දත කමින් සිටින බලවේග නැවතත් ඉතාමත් වේගයෙන් නැගී සිටින ආකාරයයි.

Mar 13, 2012

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ මළගම...



ලංකාවේ දේශපාලන වින්‍යාසයේ කලක් පැවතියේ කොට්ඨාශ ක්‍රමයට මන්ත්‍රී සභිකයන් තෝරාගන්නා ආකාරයටයි. අත්තනගල්ලනම් බණ්ඩාරණායකය, දැදිගම නම් ඩඩ්ලිය, වැලිගමනම් මොන්ටෙගු ජයවික්‍රමය, අකුරැස්සනම් දොස්තර එස්.වික්‍රමසිංහය මෙවැනි ප්‍රදේශයට වගකියන හා ප්‍රදේශයේ ජනතාව අතර රැඳෙමින් ජනතා සිත්සතන් මතින් සභාවට ගිය ජනතා නියෝජිතයන් මත අතීතයේ සුන්දර මෙන්ම රටට හා ජනතාවට වැඩක් කෙරුණු මැතිවරණ ක්‍රමයක් විය. බොහෝ විට මේ කොට්ඨාශ ක්‍රමය නිසා තේරී පත්වුණේ අදාල ප්‍රදේශයේ ජනතාව බෙහෙවින් හඳුනන මෙන්ම,ජනතා විශ්වාසය දිනාගත් කෙනෙකි. ඒ විතරක් නොවෙයි තමන්ට මැතිවරණ කටයුතු සිදුකල යුත්තේ දැනට ආසනයක් යනුවෙන් හඳුන්වන කොටස වැනි උපරිම විශාලත්වයකින් යුතු කොටසක බැවින් අඩුම පිරිවැයක් දරමින් පාගමනින් මැතිවරණ කටයුතු කල සුන්දර ආකාරයෙන් මෙන්ම විටක ඉතාමත් දැඩි තරඟකාරිත්වයක් යටතේ ජයගත හැකි වටපිටාවක් විය. අද වැනි විෂම හා අප්‍රියජනක වටපිටාවක් එම ක්‍රමය යටතේ නොවීය.

Mar 10, 2012

රසවින්ඳනයේ කුංකුම විල මත පිපි කාව්‍යමය අරවින්දය “ සඳැස “


පුද්ගල රුචිකත්වය වෙනස්ය. එය අවස්ථානුකූලව,ජීවිතානුබද්ධ අත්දැකීම් අනුව සහ පුද්ගලික විඥානය යනාදී නෙක්විද හේතුමත විවිධත්වයකින් සැදුමලත්ය. කවියට ඇති රුචිකත්වයද සඳැස් කවිය හා නිසඳැස් මෙන්ම ලොව විවිධ රටවලට අදාල කාව්‍ය සම්ප්‍රධායන් හා බැඳී රුචිකත්වයක් බිහිවී ඇත. එහිලා වත්මනේ සඳැසට වඩා නිසැඳසට යොමුවන පිරිස් වැඩි  බව සඳහන් කල යුතුය.

කවියේ සඳැස් නිසඳැස් වෙනස්කම හඳුනාගත යුතුමයැයි මා තීරණය කලේ මීට වර්ෂ 12 කට පමණ පෙර මාකාවිට පෙදෙසේ පැවති කවි හටනකදී කාව්‍යශූරී කිරගහවෙල මාටින් ජයවර්ධන මහතා කල ප්‍රසිද්ධ අභියෝගය නිසාවෙනි. ඔහු කල අභියෝගය නම් ඕනෑම නිසඳැසක් තමන් මොහොතකින් සොඳුරු හා අර්ථ සම්පන්නව සමානවන සඳැසක් බවට පත්කරන බවයි. එම අභියෝගය කව්රුන්හෝ බාරගෙන ඔහුට සඳැසක් කල නොහැකි නිසඳැසක් ඉදිරිපත්කලාද යන්න සැක සහිතය. නමුත් එම කවි හටනින් අනතුරුව මා පුද්ගලිකව සඳැස් කවියට ආදරය කරන්නට පටන් ගත් අතරම කවිය ගැන හදාරන්නටද ලොබ බැඳිනි. 

Mar 6, 2012

රුසියාවට කොන්දක් දුන් පුටින්..


වැලැදිමීර් පුටින් නැවතත් රුසියාවේ ජනාධිපති ධූරයට පත්ව ඇත. එම ජයග්‍රශණය ලෝක මාධ්‍ය හා විවිධ පාර්ශව විවිධ කෝණවල සිට නරඹති. නමුත් පුටින්ගේ ජයග්‍රහණය වැදගත් ජයග්‍රහණයක් වන්නේ එය ලෝක දේශපාලනය නැමති තරාදියේ සමතුලිත බව ආරක්ෂාවන බර වැඩි පඩියක් බවට පුටින් පත්ව සිටීම නිසාවෙනි. එබැවින් පුටින් වැන්නෙක් නැවතත් රුසියාවේ ජනාධිපති ධූරයට පත්වීම සැබවින්ම ලෝක දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් බවට පත්වනවා නිසැකය. 

පසුගිය මැතිවරණයට පුටින්ට ඉදිරිපත් වීමට නොහැකි වුනේ එරට මැතිවරණ ව්‍යවස්ථාව පුටින්ට බාධාකල හෙයිනි. පුටින් කරබා නොගොස් අවස්ථාව ලබාදුන්නේ සිය දේශපාලන හිතෛශියා ලෙසින් සලකන එමෙන්ම තම දේශපාලන මල්ලී ලෙස සලකන දිමිත්‍රි මෙද්වදෙව් ඉදිරිපත්කර ඔහු ජනාධිපතිවරයා කරවා තමන් අගමැති බවට පත්විය. පුටින් යන්නටම යයි සිතූ සැමට එය ප්‍රජාතන්ත්‍රවිරෝධී පිලිවෙතක් විය. නමුත් පුටින් අවශ්‍යයයි සිතූ පාර්ශව වලට එය ශක්තියක් විය. කෙසේ හෝ මෙවර නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව කොමිනියුස්ට්වාදීන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ 60% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන රුසියාවේ පාලනය සියතට ගැනීම බටහිර රටවල් මෙන්ම බොහෝ සංවිධානද මවිත කල ජයක් විය.

Mar 3, 2012

ප්‍රාථමික අධ්‍යාපනය,දරුවා සහ දෙමව්පියන්

නූතන අධ්‍යාපනය කොතනටද යන පැනයට දිය හැකි සරලම පිළිතුර “නොදනී“ යන්නයි. ඒ මන්ද වත්මන් අධ්‍යාපනය හුදෙක් අධ්‍යාපනයට වඩා තරඟකාරිත්වය පෙරටුගාමී කරගත් නිලලත් සූදුවක් බවට පත්වීමේ ගති ලක්ෂණ සමස්ත වශයෙන්ම විද්‍යමාන කරන බැවින්ය. ඕනෑම දෙයකට තරඟයක් තිබීමෙන් වඩාත් හොඳ සහ නව්‍ය දේ බිහිවිය හැකි වූවත් තරඟකාරීත්වය යටතේ බිහිවන දේ ඇති ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවක් ඇත. වත්මන් අධ්‍යාපනයේදීද මේ සමාජ සත්‍ය ප්‍රත්‍යක්ෂ වන අවස්ථාවකි. නූතන ප්‍රාථමික අධ්‍යාපනය දෙස අවධානය යොමුකලහොත් මෙහි කූටප්‍රාප්තිය දැකගත හැක. දරුවෙක් ඉපදුනු පසු භෞතිකමය පෝෂණයටත් වඩා ඉහල මට්ටමකින් ලබාදිය යුතු ආධ්‍යාත්මික පෝෂණය අද ලෝකය තුල කුඩා දරුවාට ලැබේද යන්න ගැටළුවකි. එසේ ආධ්‍යාත්මික ගුණවගාවකින් (Spiritual Development) තොරව අනාගතයට රැගෙන එන දරුවා දැන් අකුරු ගැලපීම ආරම්භකරන්නේ බොහෝවිට වයස 2 හෝ 3 කාලයේදීය. සැබෑලෙසම පරිසර අනුයෝජනයට දරුවා අනුගතවීමට ස්වභාවිකවම ඉඩ ලැබෙනවානම් මේ කාල පරාසය තුල දරුවා ඉගනගත යුතු වන්නේ පරිසරයේ සංසිද්ධි පමණකි. ඒ මන්ද දරුවාගේ මොළයේ ධාරිතිව අනුව ස්වයං අධ්‍යයනයකින් හා දරුවාගේ ජීවිතයට මාතෘ සෛල එක්කරන මවගේ ඇකයෙන් ලැබෙන අධ්‍යාපනය මිස ABC හෝ ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර්ස්.. නොවේ. නමුත් විකෘති සමාජමය වටපිටාවක් තුල අද සියල්ල ගමන් කරන්නේ සම්මත රටාවෙන් පිටය.