May 30, 2022

අම්මලා ගිනි උහුලන රටක් !

 


රාජකාරී ආයතනයේ එක පැත්තක කවුළුවෙන් බැලුවම අනිත් පැත්තේ SLIDA එකේ රථ අංගනයත් මිදුලත් පේනවා. ඒ කැටගල් අල්ලපු මිදුලේ අම්මා කෙනෙක් ගිනි අව්වේ බිම වාඩිවෙලා දැන් දවස් කීපයක් තිස්සේ ඒ කැට ගල් අතරේ වැස්ස එක්ක මතුවුණු පුංචි පුංචි තණකොල සහ පැල උදුරනවා. මට එතකොට මතක්වුණේ ප්‍රවීණ සාහිත්‍යවේදී නන්දන වීරසිංහයන්ගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ පැදි පෙල. ඒ එක්කම ඇස්දෙකට කඳුළු උනන එක නවත්තන්න මට බැරිවුණා. මොකද මට එතකොට මතක්වෙන්නේ මගේ අම්මව.

May 10, 2022

ඔබ සිහින දකින අළුත් ලෝකය සහ මිලේච්ඡත්වය

 


ඊයේ දවස මේ රටේ ඉතිහාසයේ ‘අඳුරු දිනයක්’. ප්‍රචණ්ඩත්වය, උසිගැන්වීම්, සාමකාමී විරෝධතාවන්ට පහරදීම්, හිංසනය සහ විනාශය එක්ක නපුර රජකරපු දවසක්. අද දවස වෙද්දිත් එහි ශේෂ පත්‍රය පැහැදිලි නැති නිසා වසර 33කට පසුව ක්‍රියාත්මක මහජන ආරක්ෂණ ඇඳිරි නීතිය යටතේ රටේ ජනතාව ඊළඟට වෙන්නේ කුමක්ද කියන අවිනිශ්චිතතාවයෙන් පසුවේ.