Feb 23, 2014

මලී සහ අත්තම්මා තුලින් වන සමාජ බලපෑම


 
මලී සහ අත්තම්මා යන සිංහල මෙගා ටෙලි නාට්‍යයක පළමුවෙනි සහ දෙවැනි කොටස්ය. අනෙකුත් සිංහල මෙගා ටෙලි වලින් මලී යන යථෝක්ත කතා මාලාවේ පළමුවැන්න වෙනස්වන්නේ එය ලාංකේය ජනසමාජය තුල මුල්බැසගත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රකරගෙන ගැමි සමාජය තුල තවමත් නොනැසී පවතින් විශ්වාස වල බලපෑම විදහා දක්වන වෘත්තාන්තයක් වූ බැවින්ය. එයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ “මලී“ නැමති පළමුවෙනි කොටසින් නොනැවතී “අත්තම්මා“ නැමති දෙවනි කොටස දක්වාද අධ්‍යක්ෂවරයා දිගුවක් ලබාගන්නේ මෙහි ඇති ලාභදායිත්වය මැනවින් විදහා දක්වමින්ය. කතානායිකාව වන ඩිංගිරි අම්මානම් වූ පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද පරපුරෙන්ම ප්‍රගුණකල මැදිවයසේ වැන්ඳඹු කාන්තාවක් සහ ඇගේ දියනිය වටා ගෙතී ඇති මෙම කතාමාලාවේ ඔවුන්ගේ සතුරා වන්නේ ඩිංගිරිගේම ඥාතියෙක් වන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ වෙදකම ප්‍රගුණ කල උක්කුවා ගුරුන්නාන්සේ වටාය. එහි දෙවන කොටස වන අත්තම්මා හි වෙනසක් වන්නේ මලී ලෙසින් හඳුන්වාසිටි ඩිංගිරිගේ දියණිය වෙනුවට ඇගේ මිණිපිරිය වන සාරධී එක්වීමය. කතා මාලාව පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්වල බලය සහ ඒවායේ විශ්මයජනක හැකියාවන් පෙන්වන අතර ඒවායින් බොහොමයක් දකුණෙන් හැදෑරු ඒවා බවද සඳහන්වේ. කෙසේ වෙතත් මෙයට ලොල්වූ රසිකයන් සත්‍ය ලෙසම රසවින්ඳනයට එම සිදුවීම් එක්කරගන්නේ තමන්ගේ යටි සිතට ලබාදෙන විධානයත් සමගය. එම විධානයනම් තමන්ටද මෙවන්වූ අකටයුතුකම්, අසරණවීම් සිදුවූ විට මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ පිහිට ලබාගත හැකිවේය යන්නයි.

   සමාජ බලපෑම දෙයාකාරයින් සිදුවිය හැකිය. එනම් අභ්‍යන්තර සාධක නිසාවෙන් සිදුවන සමාජ බලපෑම සහ එකී සමාජයට බාහිර සාධක නිසාවෙන් සමාජයට සිදුවන බලපෑමයි. එකී දෙයාකාරයෙන්ම සිදුවන බලපෑම නිසාවෙන් සමාජයේ විවිධ ස්ථර වල සහ එම සමාජයේ හර පද්ධතියේ දීර්ඝ කාලීන වෙනස්වීම් හෝ කෙටිකාලීන වෙනස්වීම් සිදුවිය හැක. ඉහත කී මලී සහ අත්තම්මා යන ටෙලි නාට්‍ය තුලින් මෙම දෙයාකාරයේම බලපෑම් අප ජීවත්වන බහු වාර්ගික සමාජයට එක්වීම සිදුවේ. බොහෝ ආගම් සහ සංස්කෘතීන් තුල මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රය විෂය කරගත් කොටසක් දක්නට ලැබේ. අප ජීවත්වන සමාජයට මලී සහ අත්තම්මා ටෙලිනාට්‍ය වලින් සිදුවන ප්‍රධානතම බලපෑම වන්නේ මේවා රසවිඳින ප්‍රේක්ෂකයා අදාල යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රවල භාවිතාව සහ ප්‍රතිඵල පිළිබඳ අධි විශ්වාසයක් හෝ ප්‍රබල බලාපොරොත්තුවක් සිතට කාවද්දා ගැනීමයි. සිටගෙන සිටින පුද්ගලයෙක් වටා මන්ත්‍රයක් ජප කල කෙවිටකින් කවයක් ඇඳි කල්හි ඔහුට එම කවයෙන් පිටතට යා නොහැකි ලෙස සිරවීම වැනි විශ්මය ජනක සිදුවීම් තුල රසිකයා සිරවීම තුලින් මහඟු ප්‍රතිලාභ ලබන්නේ අදාල ටෙලියේ නිෂ්පාදකයන්, නාලිකාව සහ අනුග්‍රාහක භවතුන් පමණක් නොවේ. ඔවුන්ටත් වඩා සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ලබන දහස් ගණනක් වේ, ඔවුන්නම් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ජීවනෝපාය කරගත් දස දහස් ගණනක් වූ ගුරුන්නාන්සේලා, මෑණියන් වහන්සේලා සහ දෛවඥයන් බව දැනටමත් සාධක වලින් හඳුනාගත හැක.
 
  මලී ජනප්‍රියත්වයේ කඩඉම වේගයෙන් පසුකරද්දී මා පුද්ගලිකව අධ්‍යයනය කල දෙයනම් සතිඅග සහ සතියේ දිනවල පුවත්පත්වල සහ සඟරාවල පලවන වශීගුරුකම්, කල්ලු මලයාලම් ගුරුකම්, ශාන්තිකර්ම උදෙසා පලකරන දැන්වීම් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයයි. ඉන් පෙරාතුව එක් පුවත්පතකට දහයක් විස්සක් පමණ වූ එම දැන්වීම් ප්‍රමාණය විශාල ප්‍රමාණයේ පිටුවක් හෝ දෙකක් දක්වා වර්ධනය වූයේ බොහොම කෙටි කාලයක් තුලය. එසේ වර්ධනය වීමට නම් ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව ඉල්ලුමේ ඉහල වර්ධනයක් ඇතිවිය යුතුය. එසේනම් ඒ දැන්වීම් හරහා අදාල ගුරුන්නාන්සේලා සහ පුවත්පත් පමණක් නොවේ රූපවාහිනී නාලිකාවල තිරය යටින් වෙනකල අඟල් එකහමාරේ තීරුව හරහා කොතරම් ආදායමක් සොයන්නට ඇත්ද. ගැටළුව ඇත්තේ මේ ගුරුන්නාන්සේලාගෙන් කීයෙන් කී දෙනෙක්නම් හොරුන් වංචාකාරයින්ද යන්නය. මේ සමාජයේ අදාල ටෙලි නාට්‍ය තුලින් අභිප්‍රේරණය වී තමන්ගේ පුද්ගලික ගැටළු සහ අභිමතාර්ථයන් වෙනුවෙන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ පිහිට සොයාගිය කීයෙන් කීදෙනෙක් තමන්ගේ මුදල් මෙන්ම මානසික සැනසිල්ල පමණක් නොව ස්වකීය ආත්මයද අහිමිකරගත්තේද යන්න පිලිබඳ සංඛ්‍යා ලේඛන අප සතුව නැත.
 
   මෙසේ ටෙලි නාට්‍ය නිසාවෙන් රසිකයන් යම් යම් ක්ෂේත්‍රයන් වෙත විශේෂ අවධානය යොමුකල අවස්ථා ලංකා සමාජයේ අතීත පොත පෙරලීමෙන් අපට සොයාගත හැක. ජයන්ත චන්ද්‍රසිරිගේ “දඬුබස්නාමානය“ විකාශනය වන සමයේ ලාංකේය ප්‍රේක්ෂකයන් එයට දැඩිසේ ඇලුම්කල අතර එයින් නොනැවතී අදාල වෘත්තාන්තයේ හරය කොටගත් “අංගම්පොර“ සටන් කලාව සොයායාම උදෙසා දැඩිසේ වෙහෙසවූ බව එකල පුවත්පත්වල පලවූ අංගම්පොර ලිපි මාලාවන් තුලින්ද අවබෝධකරගත හැක. එකල අංගම්පොර ශාස්ත්‍රය හැදෑරීම සඳහා අම සටන් කලාව පවත්වාගෙන යන පරපුරු සොයාගිය දහස් ගණනක් තරුණයන් හා තරුණියන් පමණක් නොව වැඩිහිටියන් ගැනද එකල අහන්නට දකින්නට ලැබුණි. එසේම “වෙද හාමිනේ“ ටෙලි නාට්‍ය විකාශනය වන සමයේ එහි හරය වූ ග්‍රාමීය පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවට පිළිකා පවා සුව කල හැකියි යන මතය කේන්ද්‍ර කරගෙන බොහෝ දෙනෙක් ඒ වෙත යොමුවීම සිදුවූ ආකාරය අත්විඳින්නට ලැබුණි. එයින් කීපදෙනෙක්ට හෝ යහපත් ප්‍රතිඵල අත්වූවානම් වඩාත් වටී. එපමණක් නොව “මනෝකාය“ පිළිබඳ වූ කතාමාලාව සමයේ බොහෝ දෙනෙක් අවධානය යොමුකලේ තමන්ගේ සහ අනුන්ගේ මනෝකායන් පිළිබඳවය. මෙය අපේ සමාජයේ රසික ප්‍රජාවගේ ස්වභාවයයි. එබැවින් මලී සහ අත්තම්මා අපේ රසිකයා ගෙන යන්නේ මෙයටත් එහා තැනකටය.
 
   දකුණේ ප්‍රකට දේශපාලඥයෙක් මාගේ පුද්ගලිකව ඉතා හොඳ මිත්‍රයෙකි. ඔහු සහ මා අතර බොහෝ දේශපාලන සිදුවීම් අලලා සිදුවන සංවාද සහ විවාද ගණන මෙතෙකැයි කියා නිමකල නොහැක. වරක් ඔහු ඉදිරිපත්කල මතයක් මෙලෙසින් ගෙනහැර දැක්විය හැක. රටක රාජ්‍ය නායකයා හෝ නායිකාව අනුව රටේ ජනයාගේ හැසිරීමට ප්‍රධාන බලපෑමක් එල්ලවිය හැකිය. එය කණ්ඩායමකට වුවද එකසේ බලපායි. රටේ නායකයා අන්ත භෞතිකවාදියෙක්නම් බොහෝ විට රටේ බහුතරයක් ජනතාවටද එයින් යම් බලපෑමක් ඇති අතර ඔවුන් ඇදහිලි විශ්වාස හෝ යන්ත්‍ර මන්ත්‍ර තාක්ෂණය පිළිබඳ එතරම් තැකීමක් නොකොට පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන හරහා යන විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා සමාජය දෙස බලන්නට පුරුදු වේ. නමුත් වර්තමාන අප රාජ්‍ය නායකයා දැඩිලෙස යන්ත්‍ර, මන්ත්‍ර සහ ජ්‍යොතීර්වේදය පිළිබඳ විශ්වාසයක් පමණක් නොව ඒවා ප්‍රසිද්ධියේ පිළිපදින අයෙක්බව අප දන්නා කාරණයකි. එබැවින් ඔහු හරහා ඒවාට ලැබෙන අනුග්‍රහයද සාපේක්ෂව වැඩිය. එබැවින් මලී සහ අත්තම්මා තුලින් ඇතිවන ප්‍රේක්ෂක උත්තේජනයට ජාතික වශයෙන් ලැබෙන තල්ලුවක් ලෙස රටපුරා ජ්‍යොතීර්වේදීන්ගේ මධ්‍යස්ථාන, නාලිකා තුල පොකුරු පිටින් එවැනි වැඩසටහන් පමණක් නොව එවැනි දෛවඥයන්ගේ වාද හරඹ මෙන්ම ප්‍රසිද්ධියේ සටන් වලට ආරාධනා කිරීම් පවා දැන් දැන් සාමාන්‍ය දේවල් වී ඇත. සමස්තයක් ලෙස රටම දැන් ජ්‍යොතීර්වේදයට, යන්ත්‍ර මන්ත්‍ර සහ හදි හූනියම් වලට තමන්ගේ ජීවිතය බාර දී අතේ ඇති පිච්චියක් තඹයක් ගානේ ඒ වෙනුවෙන් කැපකරමින් ඇත.
 
   ගුප්ත විද්‍යා ශාස්ත්‍රයන් හෝ ඇදහිලි පිළිබඳ අන්තගාමී හෝ අධි විශ්වාසයක් මා තුල නැති අතර. ඒවායේ විශ්වාස කරන දේ සහ නොකරන දේ ද පවතී. එහෙත් මලී හෝ අත්තම්මා තුලින් ජන මනසට රිංගවන තරම් විශ්මයජනක හැකියාවන් අද පවතිනවා යන්න කිසිසේත් විශ්වාස කල නොහැක. අතීතයේ ග්‍රමා වාසී භික්ෂු නිකාය විසින් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ විවිධ විස්කම් කලබව ගද්‍ය සාහිත්‍ය කියාපෑවද වර්තමානයේ බහුතරයක් සිටින්නේ අදාල ශාස්ත්‍රයේ හරපද්ධතිය පවා නොදන්නා වංචාකරයන් පමණක් බව කිව යුතුය. ඉතා අල්ප ලෙස එම ශාස්ත්‍රයෙන් කලහැකි දේ කර සාධාරණ මුදලක් අය කරන ඇත්තෝද නැතුවාම නොවේ. නමුත් බහුතරයක් හොරුය. ඔවුන්ගේ මකර කටට මුදල් ගෝනි පිටින් හැලීමට මලී සහ අත්තම්මා වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටී. සමාජ බලපෑම ඔස්සේ සංසන්දනය කරන විට රසාස්වාදනයට වඩා ඇතිවන අයහපත් බලපෑම වැඩි බව කිව යුතුමය. යම් කිසි දෙයක් දුටු පමණින් විශ්වාස කිරීම හෝ ඒවායේ ඇලලීම නුසුදුසු බව බුද්ධ දේශනාවේ “කාලාම සූත්‍රයේ“ පවා දේශනාකර ඇත්තේ මෙවැන්වූ සිදුවීම් අලලාය. එබැවින් මලී සහ අත්තම්මා නැරඹුවාට කම් නැත, ඒවායේ ඇලලෙන්න්ට සහ ඒවා සැබෑ ජීවිතයට එක්කරගන්නට ගියහොත් තමන්ට සිදුවෙන්නේ විඳවන්නට බව රසිකයන් මතක තබාගත යුතුය.
 
 
 
අපේ ඉසව්ව Facebook පිටුව

28 comments:

  1. වෙලාවට මං ටෙලිවිසන් එක නොබලන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් ඔබ හරිම බුද්ධිමත්..ඉස්සර අපේ සර් කෙනෙක් ඕකට කියන්නේ idiot box නැත්නම් මොට්ටයාගේ පෙට්ටිය කියලා

      Delete
  2. මැජිකල් රියලිස්ම්..

    ReplyDelete
  3. ///ඒවායේ ඇලලෙන්න්ට සහ ඒවා සැබෑ ජීවිතයට එක්කරගන්නට ගියහොත් තමන්ට සිදුවෙන්නේ විඳවන්නට බව රසිකයන් මතක තබාගත යුතුය. - // මේක කොයි දේටත් වලංගුයි .. මන් මේ කතාව අදමයි ඇහුවේ ,,නෙට් එකේ හොයන බලන්න හිතුන ලිපිය කියෝලා .. වටිනා අදහසක් රංග

    ReplyDelete
    Replies
    1. සැබෑ ලෙසම බොහෝ දේට වලංගුයි..සමාජය තුල දුවන ඕනෑම වෛරසයක අන්තර්ගත කතාව මේකයි. නමුත් මෙයින්ම ගම්‍ය වෙනවා මේ තුලට හොඳදේ මුසුකලොත් සමාජයට හොඳ දේ පැතිරවීම කලහැකි බව. නමුත් අද්‍යතන ජනතාව උකහාගන්නේ වැඩිපුරම නරක දේ..බොහොම ස්තූතියි අපූර්වි සහෝදරයි

      Delete
  4. වටිනා අදහස් ටිකක්........නියමයි.

    ReplyDelete
  5. වටිනා අදහස් ටිකක්..නියමයි..........

    ReplyDelete
  6. ඒකනේ. හැබැයි මෙහෙමයි අපේ අයට අද දේ හෙට මතක නැති වෙන සිරිතක් තියෙනවනේ.... ඒ නිසා ලොකු අවුලකුත් නැ ජනා අයියේ.

    ReplyDelete
  7. ඒත් නංගි මතකයේ තියන කාලය තුල සිදුවන හානිය නිසා අනාගතයටත් දැඩි බලපෑමක් වෙන්න පුළුවන්..මේක සෑහෙන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මාතෘකාවක්

    ReplyDelete
  8. මුලින්ම ආපු දවසේම හොඳ හරබර ලිපියක්....දෙන පනිවිඩය නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  9. මමත් සාමාන්‍යෙයන් නම් රූපවාහිනි බලනවා අඩුයි. ඒ්ත් අත්තම්මා නම් බලනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ පිරිසක් බලනවා..ඒ වගේම යටි හිතේ තියාගන්නවා මිත්‍රයා

      Delete
    2. යටිහිතේ ඉතුරුකරගන්න මතකය පහුකාලෙක උඩට එනවා එන්නේ මේක tv එකේ දැකපු එකක් කියලා අපිටම අමතක කරලා

      Delete
    3. ඇත්තෙන්ම අපූර්වි අදලා ටෙලි සිත්තමේ හරය අපේ යටි හිතට ගියාම බොහොම හොඳින් තැන්පත් වෙනවා. යටිහිත බොහෝවිට මූලාශ්‍රය අමතක කරලා එය උඩුහිත දුන් විධානයක් ලෙස බාරගෙන ක්‍රියා කරනවා. ඒක නිසා කවදහරි තමන්ට හතුරුකමක් කලාම මතක් වෙන්නේ අදාල කෙනාට හදි හූනියමක් කරන්නම තමයි

      Delete
  10. අපේ ගෙදරත් මලී අග ටික බැලුව අහුවෙලා. පස්සෙ ඒ වගේ ඇති කියල ඊළඟ එකත් බලන්න ගත්ත, ඒත් සෙක්කු සීන් එක නිසා අතෑරල දැම්ම. කතාව ඇත්ත. ඕවගෙන් හරි ලොකු බලපෙමක් යටි හිතට එනව තමයි. විශේෂයෙන් එව්ව මතුවෙන්නෙ මිනිස්සු අන්ත අසරණ උනාම සහ මානසිකව අස්නීප උනාම. අන්තිමේ වාසිය ගාලෙ තැන්නෙ වගේ හොරුන්ට.

    ReplyDelete
    Replies
    1. ඉන්දික සහෝදරයා ග්‍රාමීයව අති බහුතරයක් මිනිස්සු ඔය කතාව විනාඩියක් අඩු නැතිව බලනවා.ඒ විතරක් නෙවෙයි කතාව තුල ජීවත් වෙන්නත් පටන් ගන්නවා. ඔබ කිව් පරිදිම තමන්ට කුමක්හෝ අසරණකමක් වුනාම පිළිපදින්නේ යටිහිත කියන කතාව තමයි. එහෙම පුදන සල්ලි වලින් හොර ගුරුන්නාන්සෙලා රත්තරන් පොරවගෙන සැප විඳිනවා.

      Delete
  11. මට නම් ඉතින් ඔය කතා බලන්න වෙන්නේ නෑ කියලා උඹ දන්නවනේ ඉතින්.. ඒත් ඉතින් කියන්න තියෙන්නේ ඔය මන්තර ගුරුකම් ගැන තද විශ්වාසේ ඉන්න එකනම් තේරුමක් නැති වැඩක් කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක රෙස්ලින් බලනවනේ බං..විශ්වාසය කියන දේ තුල අන්තගාමී වුනාම මේ වගේ ඒවා වෙනවා බං..ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ දැනුවත්භාවයේ

      Delete
  12. ජනරංගගේ ලිපියෙන් පැහැදිලිව පෙන්නලා දෙනවා මාධ්‍යකට ජන විඥාණයට කල හැකි බලපෑම කොතෙක්ද කියා.
    මාධ්‍යවේදීන් මේ බව අවබෝධ කරන්නවා නම් මීට වඩා වටිනා දේවල් මාධ්‍ය තුලින් දක්නට ලැබේවි...

    ReplyDelete
    Replies
    1. වර්තමනා පූර්ණ තරඟකාරී මාධ්‍ය වෙළඳපොල සහ ටෙලි නාට්‍ය නිර්මාණ වෙළඳපොල තුල සලකා බලන්නේ ආදායම් වියදම් මිස සමාජයට හොඳ දේ සහ නරක දේ ගැන නෙවෙයි මිත්‍රයා. ඒ නිසා ජන විඥාණයට දෙන දේ තුල ඇති ගුණාත්මකභාවය සහ ප්‍රතිඵල ගැන සෙවීමක් නෑ

      Delete
  13. ඔය නාට්ටියෙන් කේන්දර ගැනයි යන්ත්‍ර මන්ත්‍ර ගැනයි ජනප්‍රවාද ගැනයි කියවෙන ඒවා නම් මරු.. මම ඔය නාට්ටි කෝකත් බලන්නේ නැති නිසා අපේ අම්මා ඔය නාට්ටියෙන් කියවෙන නොදන්න දේවල් ටික (යන්ත්‍ර මන්ත්‍ර, ජනප්‍රවාද එහෙම..) කියලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා තමයි මේ කතාව ප්‍රායෝගික බවට පෙන්නන්නට එකතු කරන පෝෂක සාධක..

      Delete
  14. දැනට මිනිස්සු ඔව පස්සෙ යන්නෙ ආතල් 1ට වගේ කාට හරි අංචියක් අදින්න බාල්දියක් පෙරලලා සතුටු වෙන්න... ඒත් තව කාලයක් යනකොට ලංකාව මිත්‍යා විස්වාස වලිං අංක 1ට එයි

    ReplyDelete
    Replies
    1. විශ්වාස, ඇදහීම් මිනිසුන් අතර තිබිය යුතුයි මිත්‍රයා. නමුත් ඒවා අධි විශ්වාස බවට පත්වුනොත් වැඩිවෙන්නේ අන්ධ භක්තියයි

      Delete