Jun 15, 2011

සක්කිලින්ද සිටිති...සිංහල බ්ලොග්කරුවනි මෙන්න එක සක්කිලියෙක් ගැන

මගේ සාමාන්‍ය පුරුද්ද උදෑසනම අන්තර්ජාලය හරහා මා නිතර පිවිසෙන වෙබ් හා බ්ලොග් අඩවි තුලට පිවිසී පුවත් හා විවිධ දේ කියවා උදෑසනින්ම ලෝකය ගැන ලංකාව ගැන දැනුමින් සන්නද්ධ වීමයි. ලංකාවේ දිවයින පත්තරේ සිට ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පත දක්වාත්.අදදෙරණ වෙබ් අඩවියේ සිට බී.බී.සී පුවත් අඩවිය දක්වාත්. බ්ලෝග් අවකාශයේ නිතර යන එන තැන් වලට පිවිස උදෙන්ම ඇගට අමුතු පණක් ලබාගැනීම පුරුද්ද වී ඇත. අදත් උදෑසනම ඒ වෙබ් අතර සැරිසරන විට අහම්බෙන් දුටු ලින්ක් එකකින් ගිය මට ලිපියක් කියන්නට ලැබුණි.

   එය ලියා තිබු‍ණේ පිටරට ජීවත්වන ලාංකිකයෙක් විසින්ය. ඉංග්‍රීසි බසින් ලියාතිබුණ එම ලිපිය අඩංගු බ්ලොග් අඩවියත් ඔහුගේ බව ඔහු සඳහන් කර ඇත. එසේම එහි පලව තිබුණේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු ලිපි ගණනකි. එහි අන්තර්ගතය කියවූ මට පොසොන් දවසේ උදෑසනම ඇග රත්කර ගැනීමට හැකිවිය. මගේ ලේ ප්‍රකෝප කල ලිපියේ තොරතුරු සහෘද සිංහල බ්ලොග්කරුවන්ට මෙන්ම පාඨකයන්ටද ඉදිරිපත් කිරීම මගේ යුතුකමක් බව මා තරයේ විශ්වාස කරන අතර එම ලිපියට ලින්ක් එකක් නොදෙන්නේ අදාල ලිපිය ලියූ තැනැත්තාගේ බ්ලොග් අඩවිය හිට් කිරීම නොකලයුතු නිසාය.
  ඔහු සාරාංශගතව කියා ඇති කාරණය නම් සිංහල බ්ලොග්කරුවන් හුදෙක් කමේනට්ස් හා හිට්ස් පිටුපස දුවන්නන් මිස සාරවත් ලිපියක් ලියා පලකිරීමට උත්සහ නොදරන්නන් ලෙසය. එසේ ලිවූ සක්කිලියාගේ ඒ ලිපිය වචන 150කට පමණ සීමා වුණු අතර එහි අන්තර්ගතයේත් සාරයක් නැති බවත් ඇත්තේ උගේ බ්ලොග් එකට පාඨකයන් නොපැමිණ සිංහල බ්ලොග්කරුවන්ගේ බ්ලොග් සොයායාම නිසා ඇතිවුණු පශ්චාත්තාපය නිසා ඇතිවුණු හොටු වැගිරීමක් පමණක්ය. උගේ වැකිවලට අනුව පහත නිගමනයන් කර තිබිණි.

  • සිංහල බ්ලොග්කරුවන් එලවන්නේ කමෙන්ට්ස් හා හිට්ස් පිටුපස පමණි.
  • සිංහල බ්ලොග්කරුවන් සිංහලෙන් බ්ලොග් ලියන්නේ ඒ සක්කිලියාට මෙන් ඉංග්‍රීසි නොහැකි නිසාවෙන්ලු.
  • අන්තර්ජාලය තුල සිංහල බ්ලොග්කරුවා තම බ්ලොගය ජනප්‍රිය කිරීමට ඕනෑම තුප්පහි වැඩක් කරන එවුන් ලෙස.
  • සිංහල බ්ලොග් ලිපි අන්තර්ගතය දෙකයි පනහේ ඒවා  බව.
  • උගේ බ්ලොගය පාළුවීමට හේතුව සිංහල සිංඩි බව.
  • සිංඩි කරුවන්ගේ උත්සහය දෙකයි පනහේ සිංහල බ්ලොග් උස්සා තැබීම පමණක් බව.

මේ කාරණා ටික දකින් ඔබේත් ලේ ප්‍රකෝප වනවා නොඅනුමානය. ඒ සක්කියලියා හිතේ තියන දේ බ්ලොගයේ ලියූ පසු ඒවාට දන්නා ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් දැමීමට ලංකාවේ සිංහල සක්කිලියන් පිරිසක්ද සිටී. උන්ගේ අදහසත් එයම විය. ඇත්තටම සිංහල බ්ලොග්කරුවන් සිංහලෙන් බ්ලොග් ලියන්නේ ඉංග්‍රිසි බැරිකමට යන්න උපකල්පනය කිරීමට උගේ අවජාතක මොලය සෑහෙන පිටුබලයක් දී ඇත. මෙතරම් අනන්‍ය බසක් තිබියදී හා එවන් අනන්‍ය බසක රසය අතිබහුතරයක් විදෙස් බස රජයන අන්තර්ජාලය තුල පවා පරිශීලනයට යොමුවෙන සිංහලයන් සිටින කල ඉංග්‍රීසියෙන් ලියන්නේ අහවල් ලබ්බටදැයි අවජාතකයාගෙන් ඇසිය යුතුය. අනිවාර්යයෙන්ම ඌ කොත්තු සින්ඩිය බලන එකෙකි. කොත්තු සින්ඩියේ අපේ ඉසව්වද ඇති බැවින් ඒ අමනයා අනිවාර්යයෙන්ම මෙය බලනවා සත්තය. එවිට ඌට දැනෙන්නට කිව යුතු දෙයක් ඇත. එනම් ඌට ඉංග්‍රීසි ලොකු වුනාට අපිට එය හුදෙක් ජාත්‍යන්තර බස පමණක්‍ බවය. ඌට වඩා සාර සහ වියත් බසකින් ඉංග්‍රීසි භාෂාමය බ්ලොග් අඩවි පළකිරීමට හැකියාවක් සිංහල බ්ලොග්කරුවන්ට ඇත. ඉංග්‍රීසි භාෂාමය ඥානයෙන් හා සිංහල භාෂා අලංකාරකල අදහස්වලින් සුපුෂ්ටිමත්ව සිටින්නන්ට ඒවා ටොයිස් වැඩය. එසේ ලියන්නට පටන් ගතහොත් ඒ අමනයාට තමන්ගේ බ්ලොගය ගහගන්නට වෙන්නේ දෙපා අස්සේය. මන්ද එදාට ඒ සාර වියත් ඉංග්‍රීසි ලිපි බැලීමට ඌට ආවඩන අනෙක් කළු සුද්දන්ද යන බැවින්ය. 
  මේ සා අනන්‍ය බසක් තබාගෙන එවන් දේවල් කල යුතු නැත. අපේ අදහස් කියවන්නට තවමත් සිංහලයන් සිටිති. ඒත් සලකා බැලිය යුතු කාරණයක් ඇත.එයනම් මෙසේ සිංහල බ්ලොග්කරුවන්ට පහර දෙන්නේ ඇයි?? පිළිතුරු නම් ඔවුන් සවිමත්වීම.ඔවුන් කණ්ඩායමක් ලෙස හොඳ එකතුවකින් සමන්විත වීමයි. සිංහල බ්ලොග් ජනප්‍රිය කරවීමට උරදුන් දහසක් දෙනාට ඒ අමනයා කල නින්දාවට පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවෙන්මය. අද ලංකාව තුල සිංහල බ්ලොග් ඉදිරියටම පැමිණ ඇත. අවසානයේ දෙරණ පවා සින්ඩියක් ඇරඹුවේ එහෙයිනි. එසේම ලෝකවාසී සිංහලයන් සිංහල බ්ලොග් කියවා ඒවාට අදහස් දැක්වීම.මූණු පොතේ ප්‍රසිද්ධ කිරීම.බස්වල ප්‍රචලිත වීම හා රෑන්කින් වල මුලට ඒම ඒ සක්කිලියාට දරාසිටීමට බැරිය.

  සිංහල බ්ලොග්කරුවන් එකතුවී අවුරුදු උත්සව තියද්දී.විපතට පත්වූ බ්ලොග්කරුවන් වෙනුවෙන් ආධාර එකතුකරද්දී.අවමගුල් වෙනුවෙන් ශෝකය පලකරද්දී අමනයන්ට ඇහේ කටුඅනිනවා වගේය. ඒවාට අපි ක්‍රියාවෙන් පිළිතුරු දෙමු. සිංහල බ්ලොග්කරුවන් එකට සිටින තාක්කල් අනෙක් සක්කිලින්ට දෙයක් කල නොහැක බැවින් ඒ සමගිය දිගටම ගෙනයා යුතුය. ඒ අමනාය වැපිරූ දේවල ඌට ලැබෙනවා ඇත. ඌගේ ද්වේශ සහගත ප්‍රකාශ අඩංගු බ්ලොගය කවදාහරි ගහගන්නට වෙන්නේ මා කලින් සඳහන් කල තැනමය.

23 comments:

  1. බල්ලෝ බුරනවා..පඩ අරිනවා...අපි කන් වහගෙන නහය වහගෙන පාරේ යනවා...
    බල්ලගේ කට බදින්නවත් පුකට ඇබ ගහන්නවත් යන්නේ නෑ නේ

    ReplyDelete
  2. ඔය ඕන එකෙක්ට ඕන මඟුලක් කියන්න කියපන්. ඔවාට සැලෙන වුන් නෙමේ සිංහල බ්ලොග් ලියන උන්...

    ReplyDelete
  3. අනිවා සහො වටින කියන අදහසක්. බල්ලො බුරති සද බැබලෙති.

    ReplyDelete
  4. ඔව් , මේ සිංහල බ්ලොග් කළාව මගින් ඔබ සැම ඉටු කරන්නේ සමාජමය වශයෙන් වැදගත් කාර්යයකි , විටෙක් එය සිනහව ලබා දෙන අතර විටෙක එය තම අත්දැකීමක් ලබා දෙයිි...තවත් විටෙක දැනුම ලබා දෙයි ...ඒත් මම දන්නා තරමින් අසභ්‍ය වෙබ් අඩවි වැනි සමාජ විරෝධි දේ සිංහල බ්ලොග් කරුවන් අතර නැත ....සතුට පිරුණු ලොවකට අන්තර්ජාලයේ නියම සිංහල මග මෙම කළාවයි ...
    අනෙක සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් මෙමගින් ලබන්නේ නිරාමිස ප්‍රීතියක් බව සිතමි , තම වෙළද ව්‍යාපාර ප්‍රචාරණයට නොව තමා ලියූදේ වෙනකෙක් රසවිදීමෙන් , රස විදි බව දැනගැනීමෙන් ඒ නිරාමිස සතුට ලබන්නේ ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ගේ අහිංසක සොදුරු බවම නොවේද ? අද දවසේ දන්සැල් දෙන තරුණ දරුවන් තම දන්සලෙන් වැඩි වැඩියෙන් කන්නට බොන්නට දෙන්නේ මුදලට නොවේ ඒ තම නිරාමිස ප්‍රීතිය වෙනුවෙනි ...මෙවන් සොදුරු බවක් ඇත්තේ කිනම් වෙනත් කිනම් රටකද ? සැමගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමින් අපි අපේ සිංහල බ්ලොග් කළාව ඉදිරියට ගෙන යමු....මම නම් මේ ක්ෂේත්‍රයට අලුත් මේ මගේ blog එක .. ඇවිති බලන්න ,
    http://nursinglanka.blogspot.com/

    ReplyDelete
  5. නියම කථාව... නියම පෝස්ට් එක... හෙල භාෂාවට අවුරුදු 5000 කටත් වඩා ඉතිහාසයක් තියෙනවා. එතකොට සුද්දන්ගේ ඉංග්‍රීසිය තියා උන් ඇඳුමක් වත් අ‍ඳින්නැති වනචාරියෝ. දැන් යටත්විජිතකරණය නිසා ඉංග්‍රීසිය ලොකු වුනාට අවුරුදු දාස් ගාණක් පැවතුනු සිංහල බස වගේ පොහොසත් භාෂාවකින් අදහස් ප්‍රකාශ කරන එක මට නම් ලොකු ආඩම්බරයක්. ඔය සහෝ කිව්ව බ්ලොග් එක කරන එකා කලවම් අවජාතකයෙක් වෙන්නැති. මේ සිංහල රටේ සිංහලෙන් ලියන්න කියවන්න අපිට තියෙන අයිතිය ප්‍රශ්ණ කරන්න කාටවත් බෑ. ඔයා කිව්වා වගේ සිංහල බ්ලොග්කරණයේ පිබිදීම කාටත් දැන් දිරවා ගන්න බැරි වෙලා. ඇයි දැන් ඉංග්‍රීසි අඩවි වලට යන්න ඕනෙ නෑනෙ.

    අපි අපේ කාර්යය කරමු සහෝ... කවුරු මොනවා කිව්වත් සැලෙන්න එපා. සිංහල භාෂාව ප්‍රබල භාෂාවක්. ඔය වගේ බල්ලෝ බිරුවට අපි පාත් වෙන්න හොඳ නෑ. අනිවා මේ එකමුතුව තව ඉස්සරහට තවත් ශක්තිමත් කරගෙන අපි මේ ගමන යමු සහෝ...

    හෙළයට ජයවේවා !!!

    ReplyDelete
  6. හි හි පවු බන් අසරනයා... ඔය වගේ උන් එක්ක තරහා ගන්න එපා අනුකම්පා කරපන්... උඩ චතුරංගයි මහේශුයි දෙන්නා උත්තරේ දීලා තියනවනේ... ඉතින් මම මෙතන වෙන මුකුත් කියන්න යන්නෑ (මම පොඩි එකානෙ හි හි) පුලුවන්නං උගේ බ්ලොගේ ලින්ක්එක දීපන්... සමහරවිට උගේ බ්ලොගේ ප්‍රමෝට් කරගන්න කියපු එකක්ද දන්නෑ ඔය වගේ ****ත් බ්ලොග් අවකාශෙ ඉන්න එක ගැන දුකයි... තමන්ට වැඩක් කරන්න බැරිනං කරන උංගෙ ඇදකුද හොයන්නැතුව ඉන්න ඕනෙ නොදකින් ඔය වගේ ****

    ReplyDelete
  7. මටද ඉංග්‍රීසි චුට්ටක් පුළුවන්ය, ඒත් සිංහල කියවීමට වැඩියෙන් ආසය.

    ReplyDelete
  8. අඩෝ මොකාද ඩෝ එහෙම කියන්නේ ,...අපිට තද වෙනව හරී . ඔය සුද්දගේ භාෂාවේ වගෙ නෙවේ අපෙ භාෂාවේ ඔනි තරම් කුණුහරුප එහෙමත් තියනව ඩෝ , මොකෝ ගේමද ඉල්ලන්නෙ ආ...

    ReplyDelete
  9. කතාව සහතික ඇත්ත යාළුවා.. අර රත්ගමයා කියපු ටික තමයි මටත් කියන්න තියෙන්නේ..ඉංග්‍රිසියෙන් බ්ලොග් ලියන්නට මේ ලොකේ ඕනැම කෙනෙකුට පුළුවන.. ඒත් සිංහලෙන් බ්ලොග් ලියන්නට හැක්කේ ලංකාවේ අපිට පමනක්ය.. ඒ ගැන අපි ආඩම්බර විය යුතුය..

    ReplyDelete
  10. blog වලට මම ඇවිත් දවස් කීයද කියලා දන්නවනේ ඉතින්. මට නම් ලොකු දැනුමක් නෑ. හැබැයි සිංහල blog වලින් ගන්න දේවල් ගොඩක් තියනවා. කර කියාගන්න දෙයක් නැති උනාම මිනිස්සු ඔහොම කතාත් කියනවා..

    ReplyDelete
  11. හැක් හැක්... උන්ගෙ අවජාතක කම්වලට අපි උට බැනලත් බෑ... අම්ම තාත්තගෙ වැරැදි.. ඒත් ඉතින් ඌත් දැන ගන්න ඔනි පාරයන බල්ලන්ට ජාතක උනත් ඔවුව ප්‍රසිද්ද කොරන්නෙ නැතුව ඉන්න.. :D :D :D

    ReplyDelete
  12. ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම කියන්නෙ තමන්ගෙ මව් භාෂාවට ගරහන්න දීපු බලපත්‍රයක් කියලා හිතාගන ඉන්න මහත්මයාට බැරිවෙලාවත් 'බුදු අම්මෝ' කියන්න වුනොත් තමයි වැඩේ.බ්ලොග් එකකින් සුද්දන්ට වත් කරගන්න බැරි වෙච්ච වැඩකින් අපි ලඟදීම මුණ ගැහෙමු.අපි දැනටමත් කරන දේවල් උන්ට හිතන්න වත් අමාරුයි.බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නැහැ.

    ReplyDelete
  13. රත්ගමයගෙ කතාව විතරයිමට කියන්න තියෙන්නෙත්... දැක්කාම ලේ කෝප වෙනව තමයි... යතාර්තය හිතල ඒ කෝප උන දේ නිවාගෙය පාඩුවේ ඉන්නයි තියෙන්නෙ....

    ReplyDelete
  14. හැමෝම කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.... ඒත් පුලුවන්නම් ඔය ලින්ක් එක දෙනවද? අසරණයට සලකනවා අපි මදි වගේ.. ටිකක් සලකන්නවත්...
    සිංහල බ්ලොග් ගැන ආයේ එහෙම නොහිතන්න.. මේවගේ අගය නොතෙරෙන්නේ ඇත්තටම කොහෙහරි අඩුවක් ඇති...

    ReplyDelete
  15. ඔච්චර තරහ ගන්න ඕන නෑ බං.. උඹේ ලේ පිච්චෙන එකනේ වෙන්නේ.. ඒ වගේ උන්ට අනුකම්පා කරමු.. පව් ඇත්තටම.. රත්ගමයාගේ කතාව තමයි හරි!!

    ReplyDelete
  16. නෑ බං උදේ පාන්දර ඕක දකිනකොට මට අම්මපා නෙලන්න හිතුනා උගේ සනුහරේටම..යකෝ ඉංග්‍රීසි බැරිවුණානං උගේ පෝසට් එක කියවන්නත් බෑනේ..ඒ යකාට ඒකවත් තේරෙන්නේ නෑ

    ReplyDelete
  17. සැලෙන්නේ නැතුව ඉන්න අයියා...බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ....

    ReplyDelete
  18. අනේ පව් අහිංසකයා...උගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් හිට්ස් නැති නිසා දැනුණු ආත්මානුකම්පාව දරාගන්න බැරුව වෙන්ටැති ඔහොම එකක් ලියන්න ඇත්තෙ.. හික් හික්...පව් අප්පා.. :D

    ReplyDelete
  19. පරණ පොස්ට් එකක් වුනත් මොකුත් නොකියම බැහැ . තමන් දන්නා සහ පහසු බසකින් ලිවීමේ වරදක් නැහැ . ඒත් අනික් බසකට ගැරහීම පහත් දෙයක්. විශේෂයෙන් මව් බසට . මේ බ්ලොග් ලියන හැමෝම ඉංග්‍රීසි බස අඩු වැඩියෙන් දන්නවා . නැත්නම් අන්තර්ජාලය පරිහරණය කරන්නේ කොහොමද .භාෂාව කියන්නේ පාලමක් . එකෙන් එගොඩ වෙනවා මිසක් පාලම කරේ තියන් යන්න ඕන නැහැනේ . අපේ ළමයින්ට සිංහල උගන්නනේ ගෙදර . එයාල යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්කෝලේ සතියකට විනාඩි 45 කාලයක් දෙනවා කැමති නම් ඇවිත් තමන්ගේ බස උගන්නන්න . දෙන්නටම හොඳට ඉංග්‍රීසි පුළුවන් . හොඳට සිංහලත් පුළුවන් වෙච්ච දාට තමයි මට සැනසීමක් ලබන්න පුළුවන්. දෙන්නකෝ බලන්න ලින්ක් එක පොඩ්ඩක් . නිකන් බලන්න කවුදැයි මේ ගොඩ සුද්දා ..

    මෙව්වට දෙන්න තියන උත්තරේ තමයි වැඩියෙන් හොඳ සිංහල බ්ලොග් ලියන එක . අන්තර්ජාලයේ සිංහලෙන් දත්ත වැඩි කරන එක .

    ReplyDelete
  20. නියම ලිපිය සහෝ..ඒ පාහර බල්ලට...මහ ලොකු ඉංගිරීසිය......අපිට අපේ රන් බස වටී....

    ReplyDelete
  21. ඔය වගේ ලිපි ලියන්නේ පොර වෙන්න හරි අවධානයක් ලබා ගන්න ඉතින් අපි මේවට ජනප්‍රියතාවක් ලබා දෙන්න ඕනේ නෑ.

    ReplyDelete
  22. එච්චර හිතන්න ඔන නැ අපි පුලුවන් විඩියට දන්න සිංහාලෙන් දිගටම ලියමු....එතකොට ඔය නරියන්ට දුවන්න පරමදි..............

    ReplyDelete
  23. මාද්‍ය වල තියෙන්නෙ එකාධිකාරයක් අනාගත ලෝකය පාලනය කරන්නෙ වෙබ්කරුවන් හා බ්ලොග් කරුවන්.ඊලඟ චන්දවලදි මේක හොදට පෙනෙයි

    ReplyDelete