Nov 12, 2014

පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංග??


රටතුල දේශපාලනය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් ඇති ජනතාව තුල පවතින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා කව්ද යන්නයි. ආසන්නතම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන පරිදි එම පොදු අපේක්ෂකත්වය සඳහා පාර්ශව ගණනාවක එකඟත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා තෝරාගැනීමට තීරණය කර ඇති බවයි. තවමත් එය සම්පූර්ණයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට සිදුවන්නට යන්නේ මෙය බව පැහැදිලිය.

   1963 දෙසැම්බර් මස 1 දින ගම්පහදී උපත ලබන අර්ජුන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයෙක් වේ. 1996 ලෝක කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේත් ඔහුයි. වර්තමාන පාර්ලිමේන්තුව තුල ස්වාධීනව ක්‍රියාකාරන අර්ජුන විපක්ෂය තුල පොදු අපේක්ෂකයා වශයෙන් අවධානය ලැබීමට හේතුව වූයේද එම කාරණයමයි. එසේම විපක්ෂයේ බොහෝ පක්ෂ සමග සබඳතා පැවතීම හේතුවෙන් එය අර්ජුනට වාසි සහගත කාරණයක් විය.


   මුලින්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සෝභිත හිමියන්ගේ බලාපොරොත්තුවක් තිබුණත් සුළු ජාතික ඡන්ද නොලැබීයාමේ අවදානම නිසාවෙන් එම බලාපොරොත්තුව අකර්මණ්‍යය විය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පොදුවේ විපක්ෂය ඒකරාශී කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාකලත් කාලයක් තිස්සේ පරාජයවීම නිසා සිදුවූ අපකීර්තිය මෙන්ම පක්ෂය තුලද පැනනැගි විරෝධතාව හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාටද පසු බසින්නට සිදුවිය. ඉන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා පිළිබඳ එතරම් අවධානයක් නොවූයේ පසුගියවර උරඟා බැලූ කාසියම වීම නිසාය. ඉන් පසුව කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙළබීමක් තිබුණත් විපක්ෂයේ ඇතැම් පක්ෂ එයට විරුද්ධවීම නිසා එයද ඉවතට විසීවීයාමක් තිබෙන බව පෙනෙන්නට ඇත. අවසානයේ 09 වනදා රැස්වි සාකච්ඡා කිරීමෙන් අනතුරුව සහ ඉන් අනතුරුව පැවති සාකච්ඡා වටවලදී පැමිණි එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට අර්ජුන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතිබව වාර්තා වේ.

   එසේ වුවහොත් මැතිවරණයේ ස්වභාවයට සිදුවන වෙනස්කම් පිළිබඳව මෙන්ම මහින්ද සමග කරට කර තරඟයක් දියහැකි මට්ටමකට අර්ජුන පැමිණේවිද යන්න ඉදිරියට තැබිය යුතු ප්‍රශ්නාර්ථයකි.

12 comments:

  1. Replies
    1. ස්තූතියි මිත්‍රයා නිවැරදි කිරීමට

      Delete
  2. ඊළඟට හැම තැනම රණතුංගලා ඉඳීවී.. උන්ගේ ආන්ඩුවක් නැතුවත් ඔක්කෝම කන්නේ අපේ සල්ලි වලින්..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව සත්‍යම කතාවක් මාතලන්..බලලෝභය කියන එක තුල අර්ජුනත් ඉන්නවා මම දකින විදියට

      Delete
  3. අපේ රටේ පොදු අපේක්ෂයකය තෝරන්න හදන්නෙ පත්තරකාරයෝ ටිකනෙ බං. උන්ට තමා විපක්ෂෙටත් නැති තදියමක් තියෙන්නෙ. ලක්බිමේ පොදු අපේක්ෂයා ගැන තරඟෙකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි සිරස තමයි ඔය දේශපාලනය රියලිටි තරඟ මට්ටමට ඇදලා දැමීමේ පලවෙනි මෙහෙයුම 2001 ඡන්දෙන් පස්සේ පටන් ගත්තේ..අදටත් ඒක ඉවරයක් වෙලා නෑ

      Delete
  4. මෙයා නං අප්පිරියයි. දෙන්නෙ නෑ ආවත්!

    ReplyDelete
  5. මේවා නම් නිකන් කට කතා. දේශපාලන බුද්ධියක් තියෙන කෙනෙක් මේ වගේ තීරන ගනීවිද...මම නම් හිතන්නේ නැහැ. මේවා නිකම් වැඩ අල කරන්නත්, අවධානය වෙන පැත්තකට යොමු කරන්නත් යවන කතා. උඹට කිව්වා නෙමේ. මේ කතාව දැන් දවස් පහ හයක් තිස්සේ යවලා බලනවා...පොදු අපේක්ෂකයා ..කියන මාතෘකාව හෑල්ලුවට ලක් කරන්න.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා මොකා වුනත් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ බං..අපිත් නිකං ඉන්න බැරි කමට මේ වගේ එකක් වත් කතාවට අරගෙන ආතල් එකක් ගන්නවා..ඊටත් වඩා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ වගේ පුද්ගලයෙක් ආවොත් අපේ අය මොනවගේ අදහස්ද දරන්නේ කියලා මේ තුලින්

      Delete