Jun 2, 2010

මට හුගක් දුකයි....(වෙනුර සනත් කුමාර)

මං තවම සීතල කළුවරේ (වෙනුර සනත් කුමාර)


මෙම නිර්මාණය කලේ අපේ කාලයේ දක්ෂ යොවුන් නිර්මාණකරුවෙක් වන වෙනුර සනත් කුමාර විසින්. "අපේ ඉසව්ව" බ්ලොග් අඩවිය "ආරාධිත නිර්මාණ" යනුවෙන් බාහිර නිර්මාණකරුවන්ට අපේ අඩවියේ ඉඩකඩ ලබාදීමේ පළමු පියවරලෙස වෙනුරගේ ආකර්ශනීය නිර්මාණයක් ඔබ වෙත ගෙනෙනවා

May 30, 2010

ගෝත්‍රවාදය හා වංශය කබල්ගෑම


වංශය, කුල ගැන කතා කරන්නට පෙර බුදුන්ගේ බණ පදයක් මතක් කල යුතුය."නචච්ජා වසලෝ හෝති නචච්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහ්මණෝ" මෙහි අරුත අපි උගත් පරිදිනම් යමෙක් බමුණෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු හෝ ඇයගේ ක්‍රියාකලාපය අනුවය යන්නයි.මෙය අතීත කුල කේන්ද්‍රික සමාජයට පමණක් නොව වත්මන් සමාජයටත් එකලෙස ගැලපේ.විවාහයක් කරගන්නට ගියත්, ව්‍යාපාරයක් කරන්නට ගියත්,මැතිවරණයට තරඟකලත්,සසුනේ පැවදි වෙන්නටත් පමණක් නොවෙයි ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වීමට පවා කුලය වැදගත්ය.කොහේගියත් කුල ප්‍රශ්නය මත සිදුවන හිත් අමනාපකම්,අසාධාරණනම් එමටය.නූතන ලෝකයේ පවා මිනිසුන් ජීවත් වන්නේ හැම ලෙයකම පාට රතුය යන්න හා සැමදෙනාම මියගියවිට යන්නේ එකම තැනටය යන්න නොදන්නා ලෙසය.මේ ගෝත්‍රවාදය කෙසේ හෝ නිමාවක් දැකිය යුතුය.එසේ නොවන්නට එකට සිටින්නන් පවා පාගාදමන්නාවූ මේ කුල ප්‍රශ්නයෙන් පීඩාවිඳින්නන්ගේ ප්‍රමාණය තව තව වැඩිවනු ඇත.සැම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමි මේ සමාජයේ මේ උස් පහත් කුලමල භේද ඉවත දැමීමට තවමත් ප්‍රමාද නැත.එවිට මේ සමාජය තවතවත් ලස්සන වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

May 25, 2010

වෙසක් ලබන්නට පෙර අපේ පැතුම


වෙසක් සමරන මේ පින්බිමට සදහම් වැස්සක් ලෙසින් උතුම් ඇරයුමෙන් නැවතත් වඩිනු මැනවි සම්මා සම්බුදු පියාණනි

May 24, 2010

~~~~ රනිල් වික්‍රමසිංහ භූමිකාව ~~~~


රනිල් වික්‍රමසිංහ යනු වත්මන් එජාප යේ අනන්න්‍යතාවයයි.ඔහුගේ පක්ෂ නායකත්වය මතභේදයකට තුඩුදී ඇති අවස්ථාවක ඔහු ගැන කතා කිරීම සුදුසු නැතත් අපි ඔහු ගැන කෙටි සටහනක් තබන්නෙමු.ජූලියස් රිචඩ් ජයවර්ධන මහාතාගෙන් පසු වැඩිම කාලයක් එජාපයේ නායකත්වය දැරුවේ රනිල් ය.ඔහුගේ කාලසීමාව තුලදී එජාපයට හොඳ වගේම නරකත් සිදුවුනි.එජාප රජයන් යටතේ විවිධ අමාත්‍ය ධූරයන් දරා අත්දැකීම් ලද ඔහු 2001 දී වසර 7 කට පසු නැවතත් එජාප රජයක් ගොඩනැගීමට පවා සමත් විය.පාර්ලිමේන්තුවතුල මෙන්ම ඉන් බාහිරවද විදග්ද ඉංග්‍රීසි කථිකයෙක් වන ඔහු සතුව විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ පරිණත දැනුමක් පවතී.ඔහුගේ නායකත්වයේ සුළු දුර්වලතා පැවතියත් මෑතක් වනතුරුම සාර්ථක ලෙසින් නායකත්වය හැසිරවීය.ඔහුට තිබුණ ලොකුම ගැටළුව වූයේ එජාපයේ නායකත්වයේ කිරුළ උපතින්ම රැගෙන එන කීපදෙනෙක් පක්ෂය තුල සිටීමයි.අතීත එජාප නායකයන් රනිල්ට දක්ෂතා දක්වන්නට ඉඩදී නායකත්වයට ඉඩ ලබාදුන්හ.නමුත් වර්තමාන නවකයින්ට එය නිසි ලෙස නොලැබුණි.එය රනිල් කල එක් වරදකි.නමුත් සමස්තයක් වශයෙන් ගත්කල රනිල් තම මතයේ පිහිටා කෙලින් වැඩකල නායකයෙකි.එය ඔහුගේ නායකත්වය එජාපයටද ප්‍රශ්නයක් වූ අද නොව හෙට හොඳින්ම දැනේවී.

May 22, 2010

::::| මාසයකට පසු |::::

දැන් ඉතින් මේ සිංහල බ්ලොග් කෙරුවාව පටන් අරන් මාසෙකුත් වෙනවා.මේ වෙනකොට අපේ සිංහල බ්ලොග් දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඒ ගැනනම් ගොඩක් සතුටුයි.ඒ වගේම කියන්න ඕන අපේ වැරදි හදාගන්න ඔබගෙන් ලැබුණ හා ලැබෙන යෝජනා හා චෝදනා බොහෝම කැමැත්තෙන් බාර ගන්නවා.සිංහල බ්ලොග් කලාවත් ඒතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා තේරෙන්නේ කරන්න ගියාමයි. ලියන සියලු ලපිවල අපේ අනන්‍යතාව තියාගෙන පලකිරීමත් ඒවා නිර්මාණයටත් කොච්චර වෙහෙසක් දරන්න ඕනද කියලා සංසදේ අනිත් සහෝදරවරුන් හොඳින්ම දන්නවා ඇති.ඉතින් එහෙම ලියන ලිපියකින් ලබන ආත්ම තෘප්තිය කියලා නිමකරන්න බෑ.ගොඩක් දෙනෙක් ඒ නිර්මාණ රසවිඳලා ගතයුත්ත අන්තර්ගහණය කරගෙන නොගතයුත්ත ප්‍රතික්ෂේප කරනවනම් ඒ හොඳටම ඇති.තව ඉතින් අපි ලියන ලිපිය ඔබේ විචාරවලට නිරතුරුවම විවෘත කරලා තියනවා.ඔබේ comments වලින් අපි තීරණය කරනවා ලිපියේ සාර්ථක අසාර්ථක බව.කොහොමවුණත් ඉදිරියටත් පුළුවන් උපරිමෙන් වැදගත් නිර්මාණ ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්, රැඳිලා ඉන්න අපිත් එක්ක හැමදාම.

May 19, 2010

ගං ඉවුරට


මේ ගං මිටියාවතේ
ඔබත් මමත් තනිවූ දින
යන්තම්වත් මතකනම්
අහකබලා නොයනු ඇත ඔබ
අද මෙසේ

පවසා නිවන දියපොදක් නොවී ඔබ ...ඇයි මහා සාගරයක් වුයේ


ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. ආසාවෙන් හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙන්නේ බොහොම ඉක්මනට. හදවතට ඒ වෙනස උහුලන්න එතරම් ලේසි පහසු වෙන්නේ නෑ. ආදරය කරන හිත්වල තියෙන්නේ ගොඩක් වෙනස් පරමාර්ථ. එක හිතක් බලාපොරොත්තුවෙන දේට හාත්පසින්ම වෙනස් දෙයක් අනිත් හිත බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ගටීමම සමහර විට ඒ ආදරේ අවසාන තිතට මුලික හේතුව වෙන්න පුළුවන්. එක හිතක බලාපොරොත්තුව අනිත් හිතට තදින්ම දැනෙනවානම් ඒ බලාපොරොත්තුව ආදරයේ පොදු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. මේ හිත අතරේ හුවමාරුවෙන අදහස්වලට ඒ බලාපොරොත්තු පනගන්වන්න පුදුමාකාර ශක්තියක් තියනවා. එත් සමහර හිත ඒ පුංචි පුංචි ප්‍රර්ථනා හිතක් පපුවක් නැති විදියට නොසලකා හරිනවා. ඒ දුක කවදාහරි දැනෙන්නේ ඒ හිත්වලටත් පුංචි හරි බලාපොරොත්තුවක් ආපු

May 18, 2010

::::| වැදූ මව් මරා දමන්නෝ |::::


උසස් අධ්‍යාපන ඇමති ලෙස පත්වූ ඇමති සුදු බණ්ඩා දිසානායක තම මංගල ප්‍රකාශය ලෙස කල කතාවේ හරය වූයේ මොනබාධක ආවත් ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බවයි.මෙරට අධ්‍යාපනය රටට බරක්නම් විකුණාගෙන කෑවාට කම්නැත,නමුත් තමන්ගේ සාක්කුව හා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එසේ කිරීම හෙණගහන අපරාධයකි.එස්.බී ඉගනගත්තේද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වෙන්නටය,ඔය අධ්‍යාපනය පුද්ගලීකරණය යහපත්ය යන්න පාරම්බාන අනෙක් පිංගුත්තර මාහාචාර්යවරුන්ද ඉගනගත්තේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්ය.මොවුන් මේකරන්නේ වැදූ මව් මරා දැමීම වැනි ආනන්තරීය පාපකර්මයකි.එය එසේවුවහොත් කෙදිනක හෝ එම පව්‍ පලදෙනු ඇත.එදා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන් නිදහස් අධ්‍යාපන පනත ගෙනෙන විට ධනේශ්වර නායකයන් සභා ගැබෙන් නැගිට ගියහ.එවකට කැබිනට්ටුවේ ප්‍රධානියා කීවේ ඔය පනත ගෙනාවොත් ගහක ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිවෙයි යන්නයි.අදද එළඹී තිබෙන්නේ එවැනිම තත්වයකි.මෙය කරන්නට ඉඩදී කරබාගෙන සිටියහොත් අනාගත පරපුර අපට කෙළගසා ආචාර කරනු ඇති. අපි ලද නිදහස් අධ්‍යාපනය නැමති උතුම් සම්පත අනාගත පරපුරටත් ලබාදිය යුතුය.එය අප සතු වගකීමකි.එම වගකීම ඉටුකරන්නට පටු දේශපාලනය පැත්තකට දා එකට එකතුවන්න.

::::| ශුභාරංචියේ දිනය |::::


අද මැයි 18 මතකේ අවුරුද්දක් ආපස්සට අරගෙන යද්දි අද දවස තමයි දශක තුනක් තිස්සේ මේ සුන්දර දිවයින කඳුළු සලන පාරාදීසය බවට හරවපු පාපතර ත්‍රස්තයා හා උගේ වියරු සේනාව නන්දි කඩාල් කලපුවෙදි නිෂ්ප්‍රභා වෙන්නේ. රටම කොයිතරම්නම් සතුටු වුනාද එදා. මටනම් අදටත් ඒ දවස හීනයක් වගේ.අපේ රට කියන්නේ ලෝකයට ලොකුම ආදර්ශයක් දීපු රට බවට පත්වුනු දවසේ අපි නිදහස් රටක නේද ඉන්නේ කියලා දැනෙනකොටත් සතුටුයි.අඩු නොඅඩු වශයෙන් ඒ ජයග්‍රහණයට බොහෝ දෙනෙක් දායකවුනා.සමහරු කුහක සිතින් අකුල් හෙලුවා.මේ හැමදෙයක්ම අපට තවමත් හොඳින් මතකයි.මේ අභිමානවත් සැබෑ නිදහස සමරන මොහොතේ මගේ ප්‍රාර්ථනය මේ ලක්බිම දිනෙන් දින දියුණු වේවා යන්නයි.