
අද මැයි 18 මතකේ අවුරුද්දක් ආපස්සට අරගෙන යද්දි අද දවස තමයි දශක තුනක් තිස්සේ මේ සුන්දර දිවයින කඳුළු සලන පාරාදීසය බවට හරවපු පාපතර ත්‍රස්තයා හා උගේ වියරු සේනාව නන්දි කඩාල් කලපුවෙදි නිෂ්ප්රභා වෙන්නේ. රටම කොයිතරම්නම් සතුටු වුනාද එදා. මටනම් අදටත් ඒ දවස හීනයක් වගේ.අපේ රට කියන්නේ ලෝකයට ලොකුම ආදර්ශයක් දීපු රට බවට පත්වුනු දවසේ අපි නිදහස් රටක නේද ඉන්නේ කියලා දැනෙනකොටත් සතුටුයි.අඩු නොඅඩු වශයෙන් ඒ ජයග්‍රහණයට බොහෝ දෙනෙක් දායකවුනා.සමහරු කුහක සිතින් අකුල් හෙලුවා.මේ හැමදෙයක්ම අපට තවමත් හොඳින් මතකයි.මේ අභිමානවත් සැබෑ නිදහස සමරන මොහොතේ මගේ ප්‍රාර්ථනය මේ ලක්බිම දිනෙන් දින දියුණු වේවා යන්නයි.
හරි දැන් අවුරුද්දක් ගත උනානෙ මට කියන්න අපේ රටේ මොන අ0ශයද ඔය අවුරුද්ද ඇතුලෙ සීඝ්‍ර ලෙස දියුනු වෙලා තියෙන්නේ............
ReplyDeleteඋඹ වගේ අලුගුප්තේරැවෙක්. ඇයි බොල කොටස් වෙළඳ පොළ
ReplyDeleteඅපේ රටේ ආර්ථිකයේ සැබෑව කොටස් වෙළඳපොල තුලින් නිරූපනය වෙන්නෙ නෑ..හෙට දවසෙ...ලන්කාවෙ පඩි ගෙවන්න බැරිව ගාමන්ට් වැහෙන එක ප්රමුඛ පෙලේ දුරකතන සමාගම් වල අධික ලෙස ලාභ අඩුවීම( ලන්කාවෙ ආර්ථිකයේ විශාල සමාගම් )...මූල්‍ය හා බැ0කු ක්ෂේත්රයේ කඩාවැටීම...නව ආයෝජන ප්රවනතා අඩුවීම...ආදී බොහෝ දේ ඔය කොටස් වෙළදපොල මගින් පෙන්නන්නෙ නෑ..ඇත්තටම මධ්‍යම පාන්තික බහුතරයට ඕක නිකම් මේ දවස්වල කැලනි ගඟ යටින් පොලෙල්ලක් ගියා වගෙ.....
ReplyDelete