May 24, 2010

~~~~ රනිල් වික්‍රමසිංහ භූමිකාව ~~~~


රනිල් වික්‍රමසිංහ යනු වත්මන් එජාප යේ අනන්න්‍යතාවයයි.ඔහුගේ පක්ෂ නායකත්වය මතභේදයකට තුඩුදී ඇති අවස්ථාවක ඔහු ගැන කතා කිරීම සුදුසු නැතත් අපි ඔහු ගැන කෙටි සටහනක් තබන්නෙමු.ජූලියස් රිචඩ් ජයවර්ධන මහාතාගෙන් පසු වැඩිම කාලයක් එජාපයේ නායකත්වය දැරුවේ රනිල් ය.ඔහුගේ කාලසීමාව තුලදී එජාපයට හොඳ වගේම නරකත් සිදුවුනි.එජාප රජයන් යටතේ විවිධ අමාත්‍ය ධූරයන් දරා අත්දැකීම් ලද ඔහු 2001 දී වසර 7 කට පසු නැවතත් එජාප රජයක් ගොඩනැගීමට පවා සමත් විය.පාර්ලිමේන්තුවතුල මෙන්ම ඉන් බාහිරවද විදග්ද ඉංග්‍රීසි කථිකයෙක් වන ඔහු සතුව විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ පරිණත දැනුමක් පවතී.ඔහුගේ නායකත්වයේ සුළු දුර්වලතා පැවතියත් මෑතක් වනතුරුම සාර්ථක ලෙසින් නායකත්වය හැසිරවීය.ඔහුට තිබුණ ලොකුම ගැටළුව වූයේ එජාපයේ නායකත්වයේ කිරුළ උපතින්ම රැගෙන එන කීපදෙනෙක් පක්ෂය තුල සිටීමයි.අතීත එජාප නායකයන් රනිල්ට දක්ෂතා දක්වන්නට ඉඩදී නායකත්වයට ඉඩ ලබාදුන්හ.නමුත් වර්තමාන නවකයින්ට එය නිසි ලෙස නොලැබුණි.එය රනිල් කල එක් වරදකි.නමුත් සමස්තයක් වශයෙන් ගත්කල රනිල් තම මතයේ පිහිටා කෙලින් වැඩකල නායකයෙකි.එය ඔහුගේ නායකත්වය එජාපයටද ප්‍රශ්නයක් වූ අද නොව හෙට හොඳින්ම දැනේවී.

No comments:

Post a Comment