May 22, 2010

::::| මාසයකට පසු |::::

දැන් ඉතින් මේ සිංහල බ්ලොග් කෙරුවාව පටන් අරන් මාසෙකුත් වෙනවා.මේ වෙනකොට අපේ සිංහල බ්ලොග් දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඒ ගැනනම් ගොඩක් සතුටුයි.ඒ වගේම කියන්න ඕන අපේ වැරදි හදාගන්න ඔබගෙන් ලැබුණ හා ලැබෙන යෝජනා හා චෝදනා බොහෝම කැමැත්තෙන් බාර ගන්නවා.සිංහල බ්ලොග් කලාවත් ඒතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා තේරෙන්නේ කරන්න ගියාමයි. ලියන සියලු ලපිවල අපේ අනන්‍යතාව තියාගෙන පලකිරීමත් ඒවා නිර්මාණයටත් කොච්චර වෙහෙසක් දරන්න ඕනද කියලා සංසදේ අනිත් සහෝදරවරුන් හොඳින්ම දන්නවා ඇති.ඉතින් එහෙම ලියන ලිපියකින් ලබන ආත්ම තෘප්තිය කියලා නිමකරන්න බෑ.ගොඩක් දෙනෙක් ඒ නිර්මාණ රසවිඳලා ගතයුත්ත අන්තර්ගහණය කරගෙන නොගතයුත්ත ප්‍රතික්ෂේප කරනවනම් ඒ හොඳටම ඇති.තව ඉතින් අපි ලියන ලිපිය ඔබේ විචාරවලට නිරතුරුවම විවෘත කරලා තියනවා.ඔබේ comments වලින් අපි තීරණය කරනවා ලිපියේ සාර්ථක අසාර්ථක බව.කොහොමවුණත් ඉදිරියටත් පුළුවන් උපරිමෙන් වැදගත් නිර්මාණ ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්, රැඳිලා ඉන්න අපිත් එක්ක හැමදාම.

No comments:

Post a Comment