Sep 22, 2011

සිංහල සිනමාවේ නොමැකුණ සිංහල ලකුණ..

....ඈ යකෝ තෝ කාටද හොරා හොරා කියන්නේ?..මං තොගෙ අහවල් එකක් හොරකං කරලද?...
 මේ දෙබස සිදුවන්නේ සිංහල සිනමාවේ අද්වතීය නළුවෙකු හා කූඩුවක සිටින කට දොඩවන ගිරවෙකු අතරයි. ඒ හිඟන කොල්ලා චිත්‍රපටයේදීය. කූඩුවේ සිටින තිරිසන් සතෙකු සමග වුවත් මනා ලෙස රංගනයේ යෙදිය හැකි නිර්මාණාත්මක හා යථාර්ථවාදී රංගන ශිල්පියෙක් වේ නම් ඔහු ජෝ අබේවික්‍රම හැර වෙන අන් කවරෙකුවත් නොව. සිය ජීවිතය සිනමාව කරගෙන සිනමාවට ජීවයක් එක් කල මේ අද්වතීය රංගන ශිල්පියා අද අප අතර නැත. එනමුත් ඔහු කල රැඟුම් හා කී දෑ තවමත් අප අතර නොමියෙමින් නොමැකෙමින් පවතින්නේ හෙළ සිනමාව නැමති මව්තුමියගේ සුජාත පුතෙක් බව කඳුලින් කියාදෙමිනි.

Sep 21, 2011

ඔබට වරම් නැති..මටද වරම් නැති..

ජවිතයේ සමහර තැන්වලදි, සමහර තීරණ වලදි අපි කොතරම් අසරණ වෙනවද. අපි කොතරම් ව්‍යාකූල වෙනවද කියලා දන්නේ ඒවා විඳින අපේම හිත් තමයි. පිටින් ඉඳන් ඒවට විවරණ සපයන්න ගොඩක් අමාරුයි කියලා සමස්ත සමාජයම නොදන්නවා උනාට. ඒත් අපි ගන්න තීරණවල අග්‍රඵලය විවරණය හා විවේචනය කරන්න මහ සමාජය දෑස් දල්වා බලාගෙන ඉන්නවා කියන දේ අපිට අමතක කරන්න බෑ. සමහර දේවල් තියනවා කරන්න බැරි තරමටම අසරණ තත්වයට පත්වුණත් නොකර බැරි දේවල්, තවත් සමහර දේවල් අතඅරින්න බැරි විදියටම හිත බදාගෙන තිබුණත් අත ඇරීමෙන් සමාජයට වැඩක් වෙන ඒ විතරක් නෙවෙය තවත් සමහර දේ ලංකරගන්න අපිට කොච්චර වුවමනාවක් තිබුණත් ලංකරගන්න ඉඩක් නැති.

Sep 19, 2011

හමුවුණා..... අනේ හමුවුණා 9 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8

*******************************************************

සෙනසුරාදා වෙනකන් හිත තිබුණේ කියාගන්න බැරි හදිස්සියකින් ගැහෙමින්. මම දන්නවා මම කියන්න යන දේ ඉරුදිකාගේ හිත දන්නවා කියලා. ඒත් ඒක නියම විදියට නොකිව්වොත් ආදරේ කරන මේ හිතට අසාධාරණයක් වෙයි කියලා හිතන නිසා මේක කියන්න හොඳම අවස්ථාව ඇවිත් කියලා හිත කියනවා. ආදරේ කියන දේ හිතේ උපදින්නේ අහම්බෙන්.අහම්බෙන් උපදින ඒ සිතුවිල්ල කූටප්ප්‍රාප්තියට ආවම ආදරේ අග්‍රඵලය විඳින්න හිත කියාගන්න බැරි තරමක ලෝබකමක් විඳිනවා.
  ජීවිතේ ආදරේ හොඳම සිදුවීමක් විඳින්න පැමිණෙන මොහොතක ඒ සිදුවීමට හිත සූදානම් කරගන්න දවස් ගාණක් ගියා. ඒත් සෙනසුරාදට දවස් කීපයක් කලින් ඉරුදිකාගේ දුරකතනයට ඇමතුම් කීපයක් ගත්තත් දුරකතනය ක්‍රියාවිරහිතකර ඇති බව සුපුරුදු සුකුමක කටහඬකින් කිව්වා. කෙටි පණිවුඩ කීපයක්ම යැව්වත් එකක් වත් ගියබවට සලකුණක් ලැබුණේ නෑ. හිත අනියත බියකින් වෙලෙන්නට පටන් ගත්තා. ඉරුදිකාට කරදරයක්වත්ද? නෑ එහෙම වෙන්න විදියක් නෑ..එහෙමනම් මට දැනේවි..ඒත් ඇයි මෙහෙම එයාගෙන් කිසිම ආරංචියක් නැත්තේ.

Aug 30, 2011

හමුවුණා...අනේ හමුවුණා...8 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7
******************************************************

වාහනය පදවමින් සිටියත් නෙතත් හිතත් රැදුනේ රුවැති ඇය ලගමයි. වෙලාවකට බයත් හිතෙනවා වා‍හනේ කොහේ ගිහින් නවතියිද කියලා. කතරගම  කොළඹ පාර නිසා වැල්ලමඩම හරියේ මුහුද තීරය ලගින් යන ප්‍රධාන පාරේ වාහන ගොඩක් ‍එහෙ මෙහේ යනවා. වා‍හනේ සුක්කානම මත රැදුනු අත දහස් වාරයක් ඒ සුදු අත්දෙක අල්ලගන්න හැදුවා..ඒත් හිත ඒකට ඉඩදුන්නෙම නෑ. මම කෑ ගහපු නිසා බයවෙලා ඉන්න කෙල්ල තවත් බයවෙයි එහෙම කලානම්. ඉරූ ඉස්සරහ බලාගෙන වාඩිවෙලා හිටියා. හොරෙන්වත් මම දිහා බැලුවේ නෑ.මම විතරයි හොරාටවත් එයා දිහා බලන්නේ. රස්සන්දෙණිය අම්බලම ඉස්සරහින් යද්දි නිකමට වගේ කාර්එකේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කලා...

මේ නිහඩබව බිදින්න
තව මොනවහරි කියන්න
ඔය නෙත්අගින් සිනාසී
මා දිහා දැන් බලන්න...

වෙලාවට ගැලපෙනම සින්දුව යද්දි මටත් ඉරූටත් එකපාරටම දෙන්නගෙම මූණු බැලුනා..එකපාරටම ලස්සන හිනාවක් ගියා ඒ මූණේ..මටත් ඒත් එක්කම හිනාවක් ගියේ හිතේ තිබුණු දුක් දොම්නස් සේරම එක්කයි..ඒ වෙනකොට අපි හිටියේ රුහුණ කැම්පස් එක ඉස්සරහා. හවස දේශන ඉවරවෙලා කඩිමුඩියේ තමන්ගේ බෝඩිං වලට තනියම යන ළමයි සහ කිසිම කලබලයක් නැතුව අත් අල්ලගෙන කතාබහේ යන යුවලවල් අතරින් අපි හිමින් සීරුවේ ආවා.

Aug 20, 2011

හමුවුණා...අනේ හමුවුණා...7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6
*******************************************************
ජංගම දුරකතනය අතට වගේම හිතටත් එච්චරටම ලංවුණු කාලයක් තිබුණේ නැති තරම්. ජංගම දුරකතනේ මිලට ගත්තු මුල්ම දවස්වලවත් මම එච්චරටම ඒකට ආසාවෙන්නේ නැතුව ඇති දැන් තරම්. ඉරූ ගේ කෙටි පණිවුඩයක් කියවන වාරයක් වාරයක් ගාණේ කියාගන්න බැරි ආදරයක් හිතේ දගලනවා. 

   තත්තපරයක් තත්පරයක් ගානේ ඉරූ හිත මගෙන් උදුරගනිද්දි මම හරි අසරණ විදියට තනියම බලන් ඉන්නවා. ඒත් ඒක වැඩි කාලෙකට නෙවෙයි. 
හැමදෙයක් අතරින් කාලයත් ඔහේ ඉදිරියට යනවා. නිසල්ගේ කමිනියුකේෂන් එක විවෘත කරන දිනෙත් ලග ලග එනවා. දුල්මිණි නංගිත් නිසල් එක්ක හරි හරියට මහන්සිවෙලා ඒකේ වැඩ. මටත් පුළු පුළුවන් විදියට ඒකට උදව් කලා. දවසක් මමයි නිසලුයි එකට ඉන්න වෙලාවක මම නිසල්ගෙන් දෙයක් ඇහුවා.

...මචං මම කඩේ ඕපනින්ග් එක ඉරුදිකාට කියන්නද?...

Aug 13, 2011

හමුවුණා...අනේ හමුවුණා...6 වැනි කොටස

1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස 5 කොටස

*****************************************************

 මේ සදීප අයියද කියලා අහපු කටහඩින්ම වගේම ඒ අහපු විදියෙන්ම තීරණය කලා මේනම් ඉරූම තමයි කියලා. මොකද මේ වෙනකොට ඉරූ මගේ ලේ නහර වලට ඇතුල්වෙලා ඉවර නිසා.
 
...ඔව් මම සදීප තමයි කව්ද මේ?...

නොදන්න ගාණට ඇහුවා. කෙල්ල ටිකක් ලැජ්ජාවෙන් වගේ ගොතත් ගැහුණා. අනේ ඉතින් මේ අවස්ථාව එනකං කොච්චර බලං හිටියද මම.

...මම මේ ඉරුදිකා කියලා කෙනෙක්...අයියා ම‍ට නම්බර් එක දුන්නේ පොඩි උදව්වක් ඉල්ලලා...අර ෆ්ලොරන්ස් එකේදි...

කෙල්ල යාං හෑල්ලක් කියාගෙන ගියේ මට එයාව මතක නෑ කියලා හිතාගෙන වෙන්න ඇති. එහෙම අමතක කරන්නේ කොහොමද මගේ ජීවිතේම අරං ගියපු ඔයාව.

...ඔච්චර විස්තර කියන්න ඕන නෑ කෙල්ලේ...මම ඔයාව අදුනගත්තා...

Aug 9, 2011

හමුවුණා...අනේ හමුවුණා...5 වැනි කොටස



*********************************************************************************

  මම ෆ්ලොරන්ස් එකෙන් එලියට බැස්සේ හීනෙන් වගේ. හිතේ මහා බරක් තිබුණා. අතේ තිබුණු බෑග් දෙකේ බර කලින් ගොඩක් දැනුනත් දැන් තදින්ම දැනෙන හිතේ බර නිසා බෑග් බර අමතක වෙලා වගේ. කාත් එක්කද ඉරූ අරවිදියට ආදරෙන් කතාකලේ. දෙයියනේ මගේ හීන ලෝක සේරම එකම තැන බිදිලා යාවිද? හිතාගන්න බැරි විදියට මම අසරණ වෙලා. ඉරූ කාටහරි අයිතිනම් මම මොකද කරන්නේ. ඇයි මට ඒක හරියටම දැනගන්න බැරිවුණේ.

   ෆ්ලොරන්ස් එකෙන් එළියට බැහැලා හීමිට ඇල්ටො පොඩ්ඩට නැගලා බෑග්දෙක පිටිපස්සේ ෂීට් එකට දැම්මා. ටික වෙලාවක් සුක්කානම අත්දෙකෙන්ම අල්ලගෙන කල්පනා කලා. වාහනේ පණගන්වන්න වත් හිතක් නෑ..ඒත් හිත ඒ සිද්ධිය සාධාරණීකරණය කරලා මම සාමකාමී කරන්න හදනවා...කව්රුහරි ඉරූ අදුරන කෙනෙක් වෙන්න ඇති...ඒත් අරවිදියට කතාකරනවද කොල්ලෙක් එක්ක ඇරෙන්න..

   නොදැනීම වගේ ඇස්දෙකත් රතුවෙලා. වා‍හනේ පණගන්වගෙන පුරුද්දට වගේ හිමින් හිමින් බෝධිය පහුකරලා ආවා. මහනාම පාලම උඩදි තදබදය අතරේ නවත්තගෙන හිටිද්දි ඈත මෝය කට පැත්තෙන් පේන දර්ශනේ දකිද්දි හිතට හරිම අසරණ කමක් දැනුනා..ඉදලා ඉදලා මම කරන්න ගත්තු ආදරණීය ආදරය ඇරඹුමම කදුලක් වේවිද?..‍අනේ මංදා..ටිකක් වේගය වැඩිකරලා ගෙදර ආවා. ඇවිත් කතා නොකරම කාමරේට ගිහින් දොර වහගෙන ඇදට වැටුණා.

Jul 31, 2011

හමුවුණා...අනේ හමුවුණා...4 වැනි කොටස

ආදරේ කියන අකුරු ටිකේ තේරුම මට හරියාකාරව දැනිලා තිබුණේ නෑ. ඒත් දැන්නම් ඒක ඇතිවෙන්න දැනෙනවා. ඉරූ...මම ඔයාට ආදරේ කරනවා...ඉරුදිකා මම ඔයාට ආදරෙයි කියලා කෑ ගහලා කියන්න පුළුවන් තරමට හිත දගලනවා. ඒත් දෙයියනේ මම එයාට ආදරේ කලාට එයාට කව්රුවත් ලංවෙලා ඉන්නවද..එහෙමත් නැත්නම් එයා මට කවදාවත් කැමති වෙන එකක් නැද්ද කියලා මම කොහොමද දන්නේ. ඒකත් ඇත්ත..හදිස්සිවෙන එක හොදනෑ..හැමදේම හොයලා බලන්න ඕන හොදට..

 හිතේ දගලන පෙම් කතාව ලියන්න ටිකක් ප්‍රමාදවෙයි වගේ කියලා මට දැනෙන්න පටන් ගත්තා. ආයෙත් හමුවුණොත්..අම්මපා දෙකෙන් එකක් දැනගන්නවා..මොකක්ද දෙක..කැමතිද අකමැතිද කියලද? නෑ..තනිකඩද දෙකඩද කියලා. හිත මාත් එක්ක තර්ක විතර්ක කරනවා රෑ ජාමයක් වෙනකම්ම. ඉරුදිකා මගේ හිතට කොච්චර බලපෑමක් කරනවද කියලා දැන් තමයි දැනෙන්නේ.
   රෑ තිස්සෙ නින්ද යන්නෙත් නෑ. හීනෙන් පේන්නෙත් සොදුරු රුවැත්තියම තමයි.ඉතිං රෑට නින්ද යන්නේ එයාව හිතේ තියාගෙන උදේට නැගිටින්නෙත් එහෙමමයි. ඔයා මේ ජීවිතේට එනකම් මේ ජීවිතේ හරි පාළුයි ඉරූ..

Jul 28, 2011

හමුවුණා...අනේ හමුවුණා...3 වැනි කොටස

මිතුරෙක්ගේ සාදයකට දවසක් හැන්දෑවේ තිහගොඩට යන්න සිද්ධවුණා. යාළුවන්ගේ සාද කිව්වම කොටත් සමහර වෙලාවට එපා වෙනවා එහෙම කියලා යාළුවෝ නැතිකරන්නත් බෑනේ. ඒක නිසා වාහන පොඩ්ඩත් පදවගෙන මාතර හරහා යන්න ආවා. පල්ලිමුල්ල හරියෙන් වාහනේ පදවගෙන එනකොට පුරුදු විදියට මොනැකෝ ක්ලාස් එක ඉවරවෙලා යන ගෑනු ළමයි පිරිමි ලමයි ‍පේලියට බස් නැවතුම පැත්තට යනවා. අනේ අනේ මමත් ඔහොම ගිය හැටි මතකයි..මට හොද හැටි මතකයි... 

  බස් නැවතුම පහුකරද්දි හවස හතර පහුවෙලා මිනිත්තු තිහක් ගතවෙලා කියලා හිරු අභියසේ ෂානු අක්කා කිව්වා. ඔහොම හිමින් සීරුවේ වාහනේ පදවගෙන බෝධිය ගාවින් හරවද්දිම හොදට පුරුදු රූපයක් දැක්කා හක්මණ පාරේ බස් හෝල්ට් එකේ. ඒ රූපේ හොදට හුරුයි කියලා දැනෙන කොටත් වාහනේ බස් හෝල්ට් එක පහුකරලා මහජන බැංකුව හරියටම ගිහින්. ඒත් නොබලම යන්න හිත දුන්නේ නැති නිසා හිමින් සීරුවේ රිවස් එකට ආවා..එනකොටයි පැති කණ්ණාඩියෙන් දැක්කේ මගේ හීන රුවැත්තිය බැබලි බැබලි ඉන්නවා දොස්තර එස්.වික්‍රමසිංහ පිළිරුව ගාව. දෙයියනේ මම මුල්කිරිගල ගිහින් මේ කෙල්ලව ආයෙත් මුණ ගස්සන්න කියලා කියලා දවස් කීයද ගියේ. අපේ දෛවය කොච්චර අපිත් එක්ක පිස්සු නටනවද කියලා හරියටම දැනුනේ අද තමයි. 

Jul 24, 2011

හමුවුණා...අනේ හමුවුණා...2 වැනි කොටස


එක්ස් කියුස් මී අයියා...

ඇය මොනවාදෝ කියනවා දැනුනත් ඒ කිසිදෙයක් ඇහුණේ මට නොවෙ‍යි. රුවැත්තියගේ රුවට මම වශීවී සිටීම එයට හේතුවිය. අවසානයේදී මට වචන සොයාගත හැකි විය.
ඇයි නංගි....

මම යන්තම් වචන ගලපාගෙන ඇසීය.
අනේ අයියේ මේ මගේ පර්ස් එක අරින්න බෑ..චුට්ටක් ඇරලා දෙනවද..මම බැලුවා ගොඩක් අමාරුයි...

 දෙවියන් යමක් දෙනකොට දෙන්නේ ටොකු ඇණ ඇණ උඩ පැන පැන යන්න සනාථ කරමින් සොදුරු රුවැත්තිය මගේ නෙත් ඉදිරිපිටටම පැමිණ ඇත. වහා ඇයට උදව් කිරීමට මම ඇගේ පසුම්බිය අතට ගතිමි.
  දැඩිවෙර දමා විවෘත කිරීමට උත්සහ කලත් විවෘත නොවිණි. ඇය මහත් වුවමනාවෙන් සට සට ගා දගලන මගේ ඇගිලි තුඩු දෙස බලා සිටියාය. මගේ ඇගටද දාඩිය දාන්නට වූයේ එයත් සමගය.. අයියෝ මේ මගදාව ඇරෙන්නේ නෑනේ..වස ලැජ්ජාවේ පණයනවා මේකි ඉස්සරහ...

අමාරුනම් කමක් නෑ අයියා...