Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jul 28, 2011

හමුවුණා...අනේ හමුවුණා...3 වැනි කොටස

මිතුරෙක්ගේ සාදයකට දවසක් හැන්දෑවේ තිහගොඩට යන්න සිද්ධවුණා. යාළුවන්ගේ සාද කිව්වම කොටත් සමහර වෙලාවට එපා වෙනවා එහෙම කියලා යාළුවෝ නැතිකරන්නත් බෑනේ. ඒක නිසා වාහන පොඩ්ඩත් පදවගෙන මාතර හරහා යන්න ආවා. පල්ලිමුල්ල හරියෙන් වාහනේ පදවගෙන එනකොට පුරුදු විදියට මොනැකෝ ක්ලාස් එක ඉවරවෙලා යන ගෑනු ළමයි පිරිමි ලමයි ‍පේලියට බස් නැවතුම පැත්තට යනවා. අනේ අනේ මමත් ඔහොම ගිය හැටි මතකයි..මට හොද හැටි මතකයි... 

  බස් නැවතුම පහුකරද්දි හවස හතර පහුවෙලා මිනිත්තු තිහක් ගතවෙලා කියලා හිරු අභියසේ ෂානු අක්කා කිව්වා. ඔහොම හිමින් සීරුවේ වාහනේ පදවගෙන බෝධිය ගාවින් හරවද්දිම හොදට පුරුදු රූපයක් දැක්කා හක්මණ පාරේ බස් හෝල්ට් එකේ. ඒ රූපේ හොදට හුරුයි කියලා දැනෙන කොටත් වාහනේ බස් හෝල්ට් එක පහුකරලා මහජන බැංකුව හරියටම ගිහින්. ඒත් නොබලම යන්න හිත දුන්නේ නැති නිසා හිමින් සීරුවේ රිවස් එකට ආවා..එනකොටයි පැති කණ්ණාඩියෙන් දැක්කේ මගේ හීන රුවැත්තිය බැබලි බැබලි ඉන්නවා දොස්තර එස්.වික්‍රමසිංහ පිළිරුව ගාව. දෙයියනේ මම මුල්කිරිගල ගිහින් මේ කෙල්ලව ආයෙත් මුණ ගස්සන්න කියලා කියලා දවස් කීයද ගියේ. අපේ දෛවය කොච්චර අපිත් එක්ක පිස්සු නටනවද කියලා හරියටම දැනුනේ අද තමයි. 
 හිමිහිට වා‍හනේ සම්පත් බැංකුව ඉස්සරහා නවත්තලා ඉක්මණින් දිව්වා බස් හෝල්ට් එකට. හිත සතුටින් පුපුරන්න වගේ. ඒත් රුවැත්ති බස් එකට නැගලවත්ද? හිතට පුංච් බයක් ආවා..නෑ ඉන්නවා හෝල්ට් එකේ..පුරුෂ ශක්තිය ඇගට අරන් ගියා ලගට..එයා බැලුවා මාව දවා අලු කරන බැල්මක්..

..නංගිට මතකද මාව...
අතේ තිබුණු යතුර සාක්කුවට දාගෙන හිමිහිට ඇහුවා..එයා ටිකක් බයවුණා වගේ. හරි සැකෙන් වගේ බැලුවා මගේ දිහාව..

...ම්ම්ම්ම්...මතක නෑනේ...
එච්චරම සුහදශීලී නොවුණත් හරිම අහිංසක විදියට කිව්වා...

...දැන් සතියකට විතර කලින් කොටුවේ කඩේදි...අර..අර..ඔයාගේ පර්ස්  එක ඇරෙන්නේ නැතුව...හෙණ ගේමක් දීලා ඇරලා දුන්නේ...
මම කියපු විදයටද මංදා නැත්නම් ඒක අරින්න මම විදපු දුක මතක් වෙලාද මංදා අහිංසක මූණට මාර හිනාවක් ආවා..එයා ඇදන් හිටියේ සාරිය නෙවෙයි.දිග සායට රෝස පාට අත්කොට බ්ල්වුස් එක..හරිම අහිංසක පෙනුමක් එයාට ඇවිල්ලා තිබුණා.ඒත් එයාට ඕනම ඇදුමක් ලස්සනයි කියලා මට හිතුණා...

...හරි හරි මට මතකයි..තෑන්ක්ස් අයියා...මට එකපාරටම මතක් වුණේ නෑ...
..ඒකට කමක් නෑ නංගි...ඔයා මේ ගොම්මන් වෙලාවේ තනිපංගලමේ කොහේද යන්නේ...

එච්චර හොදනැති මගේ කට කියවන ඒවා මටම පාලනය කරගන්න බැරිවයි තිබුණේ.
...මම ගෙදර යන ගමන් අයියා...

එහෙනම් ගෙදර තියෙන්නේ මේ පැත්තේ. දවස් ගාණක් තිස්සේ මගේ හිත අහන ප්‍රශ්න එකින් එක දැන් සම්පූර්ණ වෙනවා..
...හක්මණ පාරේ ගොඩක් දුරද නංගි ඉන්නේ...

මමත් ඉතිං ඇහු‍වේ ගෙදර එන්න වගේ..
..නෑ ටිකක් ලග...

කියපු විදියෙන්ම මට තේරුණා ගෙදර තියන තැනනම් කියන්නේ නෑ කියලා. ඇරත් වැදගත් කෙල්ලෙක් එකපාරටම කොල්ලෙක්ට ගෙදර තියන තැන කියයිද..
..යං නංගි මාත් යන්නේ තිහගොඩට..ඊට මෙහායින් බහිනවනම් මාත් එක්ක යන්න පුළුවන්...

පැනලා කිව්වට එකපාරටම සොදුරු රුවැත්තිගේ මූණ වෙනස් වුණා. උත්තර දෙන්නේ කොහොමද කියන්න වගේ..ඒත් මට තේරුණා එහෙම කියපු එක එච්චරම හොද නෑ කියලා.
..නෑ අයියා මම බස් එකේ එන්නම්..තෑන්ක්ස් අයියා...
 කෙල්ල ලැජ්ජාවෙන් වගේ කිව්වා. කමක නෑ දෙයියනේ උන්න හැටියට මලා මදෑ..ටිකක් කතා කලා හරිනේ..

...ඕකේ නංගි...ඒක නෙවෙයි ඔයාගේ නම මොකක්ද..?

කෙල්ලගේ මූණට ලැජ්ජාවෙන් බරවුණු මල් හිනාවක් ආවා..පුංචි රතුපාට තොල් හොලවලා

..මම ඉරුදිකා...

හෝ ඉරුදිකා..ලස්සන නම. මට ‍එහෙම හිතුනා. අනේ ඉරුදිකා ඔයාට මගේ ඉර වෙන්න බැරිද මේ කළුවර ජීවිතේට..විකාර..

..මම සදීප...

ඉරුදිකා ලස්සනට හිනාවුණා. ඒත් එක්කම කඹුරුපිටිය බස් එකක් ආවා.

...එහෙනම් මම යන්නම් අයියා...බුදු සරණයි...

...බුදු සරණයි නංගි..පරිස්සමින් යන්න..සී යූ...

එයා හැරිලා බැලුවෙත් නෑ..මොකුත් කිව්වෙත් නෑ. හිත ටිකක් සැලුණා.ඒත් මේ සදීප සැලෙනවද එහෙම. දුවලා ගිහිං නැග්ගා ඇල්ටෝ පොඩ්ඩට. දැම්මා තියන ගියර් සේරම. ගියා බස් එක පස්සෙන්.

 දැන් හෝල්ට් එක හෝල්ට් එක පහුවෙනවා.මම කාර් එකේ බස් එක පස්සෙන් යනවා. නවත්තන හෝල්ට් එකක් ගානේ බලනවා ඉරුදිකා බහිනවද කියලා. ටිකකින් බස් එක තුඩාවේ තෙල් පිරවුම්හල ගාව නැවැත්තුවා. බැස්සා මගේ හීනෙට බැහැලා හිටපු කුමාරිය ඉරුදිකා..බැහැලා ටිකක් වෙලා පාර අද්දර හිටියා. මම කාර් එක ටිකක් මෙහායින් නවත්තගෙන බලං හිටියා. ටිකකින් එයා පාර මාරුවෙලා හිමින් හිමින් ඉස්සරහට ගිහිං හැරුණා නැදුන් උයන පාරට..

  තුඩාවේ ඉන්නේ සැර ජනතාවක්. පොඩ්ඩ ඇත්තන් අතක් පයක් ගලවනවා. තුඩාව ගැන මගේ මිත්‍රයෙක් කිව්ව කතාවක් මට මතක් වුණා. තුඩාවට නෙවෙයි ඕක මුළු මාතරටම පොදුයිනේ. මමත් මාතර එකානේ.

  ටිකක් පාරට හැරෙන තැනට ලංකරලා බලං හිටියා. හිමින් හිමින් ගියපු ඇය හතරවෙනි ගෙදර ගාවින් දකුණට හැරුණා. මම හිතුපු විදියට ගෙදර තිබුණේ ප්‍රධාන පාරේ නෙවෙයි. ගේ බලාගන්න ඕන නිසා කාර් එක හරවන් නැදුන් උයන පාර‍දිගේ අර අතුරු පාර ගාවට ගියා. ඒ අතුරු පාරේ දෙවනිගේ ගේට්ටුව ඇරගෙන ඉරුදිකා ඇතුලට ගියා. හරි දැන් ගේ දන්නවා. මේ ලග පාත කෙල්ලෙක්නේ. 

 පස්සේ බලමුකෝ ඉතුරුවා කියලා හරවගත්තා කාර් එක. ඊට පස්සේ හිතින් එයාව තුරුල් කරන් ගියා තිහගොඩ පැත්තට.

- 4 වැනි කොටස -

11 comments:

  1. දන්න කියන place ගැන කියනකොට ඉතින් මේ කතාව නොබල කොහොමද....එල එල.... හොඳයි........

    ReplyDelete
  2. මමත් මාතර එකානේ. :D

    ReplyDelete
  3. තුඩාව කෙසේවෙතත් මාතර ගැන නං, අනේ මංදා ලු :|

    ReplyDelete
  4. මාතර ගැන ඉතින් අනේ මන්දා නෙවෙයි..පට්ටයි කියල තමයි කියන්න වෙන්නේ..මටර යාලුටෝ ඉන්නවනම් දන්නවැතිනේ?;)

    කතාව දිගට යනවනේ??කමක් නෑ ඉක්මනට අනිත ටිකත් දාන්න අයියේ..අපිත් මාතර තමයි..අපිත් ෆුල් සපෝට් හොඳේ? :D

    ReplyDelete
  5. හි හී... මොනැකෝ එක ගැන කිව්වාම මට හොඳටම හිනා ගියා. ඒ කාලෙ නම් මතක කරත්දිත් ආස හිතෙනවා. රෑ 7ට විතර පන්ති ඇරුනම අපිත් ඔතන ඉඳන් ගියා මතකයි. මුලු කතාවම දෙපාරක් කිව්වා ආපහු 11 වසරට යන්න. තාමත් ඒ බයිසිකලේ තියනවද??
    නියමයි ජනරඟ කතාව ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  6. අම්මෝ කෙල්ලො ෆලෝ කරලා සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ. හැපි එන්ඩින් උනොත් හොඳයි. ලස්සනට ලියාගෙන යනවා. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න හොඳේ.

    ReplyDelete
  7. හම්මේ..ආදරේ බුබුලු නගිනවා :D :D :P

    ReplyDelete
  8. සඳරුවා කියනවා ව‍ගේ 'ඔකඳයි'

    අර ඔයාගේ dream girl ගේ පින්තූරෙ මගෙත් favorite ආ... +1

    ReplyDelete
  9. කොටස් තුනම කියවගෙන ගියා ආසාවෙන.නියමයි.අපේ ගම රට ගැන කියන්නේ.දන්න කියන තැන්.ඉතින් ආසාවෙන කියවන්නේ.ඉස්සරහට ලියන්න.නිතරම කියවන්නම්

    ReplyDelete
  10. ආ ආ ඔහොම යං ඔහොම යං :D

    ReplyDelete
  11. මොනැකෝ එකට දේව්දාස් නුත් ගියා... ඇත්තට ආපහු ඒ අතීතය මතක් වුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්... තුඩාව... අම්මෝ... දේව්දාස් ඒ ටික කියෙව්වේ අතින් අස් දෙක වහගෙන... දේව්දාස් ගෙන් ලකුණු 10 ක්...

    දේව්දාස්...

    ReplyDelete