Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jul 24, 2011

හමුවුණා...අනේ හමුවුණා...2 වැනි කොටස


එක්ස් කියුස් මී අයියා...

ඇය මොනවාදෝ කියනවා දැනුනත් ඒ කිසිදෙයක් ඇහුණේ මට නොවෙ‍යි. රුවැත්තියගේ රුවට මම වශීවී සිටීම එයට හේතුවිය. අවසානයේදී මට වචන සොයාගත හැකි විය.
ඇයි නංගි....

මම යන්තම් වචන ගලපාගෙන ඇසීය.
අනේ අයියේ මේ මගේ පර්ස් එක අරින්න බෑ..චුට්ටක් ඇරලා දෙනවද..මම බැලුවා ගොඩක් අමාරුයි...

 දෙවියන් යමක් දෙනකොට දෙන්නේ ටොකු ඇණ ඇණ උඩ පැන පැන යන්න සනාථ කරමින් සොදුරු රුවැත්තිය මගේ නෙත් ඉදිරිපිටටම පැමිණ ඇත. වහා ඇයට උදව් කිරීමට මම ඇගේ පසුම්බිය අතට ගතිමි.
  දැඩිවෙර දමා විවෘත කිරීමට උත්සහ කලත් විවෘත නොවිණි. ඇය මහත් වුවමනාවෙන් සට සට ගා දගලන මගේ ඇගිලි තුඩු දෙස බලා සිටියාය. මගේ ඇගටද දාඩිය දාන්නට වූයේ එයත් සමගය.. අයියෝ මේ මගදාව ඇරෙන්නේ නෑනේ..වස ලැජ්ජාවේ පණයනවා මේකි ඉස්සරහ...

අමාරුනම් කමක් නෑ අයියා...


ඇයට මම විදින දුක තේරීදෝ අහිංසක මූණට හීන් හිනාවක් නගාගෙන කීය. ඒත් මම අතාරිනවද එහෙම වැඩක්...යංතං දගලා පසුම්බිය නොකඩා විවෘත කරගැනීමට හැකිවිය.වාසනාවකි.

ආ මෙන්න නංගි...මම හිතන්නේ සිප් එක හිරවෙලා...
මම ඇගේ රන් වන් පැහැ සුරතට පසුම්බිය බර තැබීය. ඇය සිනාමුවින් මා දෙස බැලීය.

තෑන්ක්ස් අයියා... 
වචන දෙක පවසා ඈ මවෙතින් ඉවත් වී මදක් එහාට ගොස් පසුම්බිය විවෘතකර රෙදි කැබැල්ලක් එළියට ගත්හ. එය තබා එයට ගැලපෙන රෙදි සොයන ඇය දෙස සිනාපිරි මුවින් මම මොහොතක් බලා උන්නෙමි. 

ලියන්න පුළුවනි මට දහසක් කවි...
බලා ඔබ දෙස තත්පර ගණනක්...
ගයන්න පුළුවනි ගී ගගුලක් මට...
සවන් යොමා ඔබෙ එක වදනකට

කාව්‍ය සංකල්පනා ඉබේ පහලවේ.ටික වෙලාවක් ඈ දිහා හොරෙන් බලා සිටියේ දමා යන්නට ලෝබ කම නිසාම වන්නට ඇති. මම තෝරපු ඇදුමකුත් නැත එහෙත් හිතපුරා නෙත්පුරා ඒ රුවැත්තිය අහිංසක සොදුරු හිතැත්තිය මම බලාගතිමි.

දුරකතනය නාදවිය...අතට ගෙන ඇමතුමට සවන් දුන්නෙමි මම

හෙලෝ අම්මේ...

සුදු පුතේ...මොකද වැඩේ කරගන්න පුළුවන් උනාද..

ආ වැඩේ මතක් වූයේ එවිටමය..සොදුරු රුවැත්තිය පසුපස පැමිණ මට මගේ වැඩද අමතක වී ඇත. අනේ මගේ විකාර හිත..අම්මට අමාරුවෙන් හරි බොරුවක් කියන්නට විය.

තාම නෑ අම්මා..ම‍ම මේ ඒ.ජී ඔපීස් එකේ ඉන්නේ...

හා හොදයි සුදු පුතා පරිස්සමින් එන්න...

දුරකතනය තබා මම දිගු සුසුමක් හෙලා නැවත ඇය දෙසම බැලීය. යන්නද කෙසේ දමා නුඹේ අහිංසක නෙත්..අයියෝ ආයෙත් කවි හිත පත්තු වෙන්න කලින් යා යුතුය..

ආයේ කොයි මොහොතේ හෝ මාතර නගරයේදී ඇය හමුවේදෝ..ඒවා අවිනිශ්චිතය..ඇය හා කතාකර තතු දැනගන්නටද හිතේ ධෛර්යයක් නැතුවා මෙන්ය...අවසානයේ හිත හදාගෙන ඇය වෙතට යන්න හදද්දිම ඇය ත වත් යුවතියක් සමගින් කතාකරමින් උඩුමහලේ පියගැට පෙල තරණය කරයි. මා ඇය දෙස බලත්ම ඇය සිහින් සිනාවකින් සංග්‍රහ කලාය...එයම ඇති මට දැන් යන්නට..ඒ කවදා හෝ නැවත අප හමුවන බවේ සංඥාවයි...

  මම කොටුවෙ කඩේන් එළියට ආවේ අතට ගත් පේස් වොෂ් එකට බිලද ගෙවාය..දඩි බිඩියේ දිසාපති කාර්යාලය දෙසට දිව්වේ හති දමමිනි...දවල් නොකා හවස් වරුවද කැප කරමින් මම යංතං වැඩේ කරගෙන ගෙදර යන්නට බස් නැවතුමට ආවේය..

  එස්.කේ එක පැත්තෙන් යන්නට ආ නිසා මගදීම ගන්දර බස් රථයක් මුණ ගැහුණි. මැද්දවත්තට ටිකට් එකත් අරගෙන බස් රථයේ ඉදිගත්තේ සොදුරු රුවැත්තියත් හිතට බර කරගෙනමයි...අනේ අද මරු දවසක්නේ අම්මපා

***************************************************

       හා හා පුරා කියා මෝටර් රථයක් ගත්තේ දහසක් පෙරුම් පුරාය. විධායක ශ්‍රේණියේ රැකියාවකට ගොස් වසර කීපයක් ගතවුණත් මගේම කියා වාහනයක් නැතිවීම මහා පාඩුවක් විය. අවසානේ මගේ ඒ ආසාව ඉටුකර ගැනීමට හැකිවුයෙ අතේ එකතුකල මුදල් හා ලීසිං වලට පිංසිද්ධ වෙන්නය.

   මගේ සොදුරු ඇල්ටෝ රථය පඹුරණ ඒ.එම්.ඩබ්ලිව් අංගනයෙන් එලියට ගෙන ගාලු පාරට දාද්දී හිතට දැනුනු සතුට කියා නිමකරන්නට බැරිය. අනෙක් අසුනේ වුනේ මගේ අතිජාත මිතුරා නිසල්ය. නිසොල්මනේ මගේ සතුටට ඔහුද හවුල් විය. 

  දින දෙකකට පසු අම්මා තාත්තා අක්කා හා නිසල්ද සමගින් මුල්කිරිගල ගියේ වාහනයේ මුල්ම ගමන ලෙසින්ය. කව්රුත් කීවේ කතරගම යන්නට කියාය. අපිට කියා ගෞතම බුද්ධ සාසනයක් තියෙද්‍දී මොකටද හින්දු ආගමට පේ වෙන්නේ. මගේ අදහස තාත්තාද අනුමත කල නිසා මුල්කිරිගල ගමන ස්ථීර විය. බොහොම විනෝදෙන් අපි ගමන ගොස් ආවෙමු. 

 ජීවිතයේ තවත් කඩඉමක් පසුකරන මොහොතේ හද්ස්සියේම මට සොදුරු රුවැත්තිය සිහිවිය..අනේ එයා කොහේ ඇද්ද...කමක් නෑ මම කවදාහරි එයාව හොයාගන්නවා..මුල්කිරිගලදී මම සිතින් එයට දිරිගත්තෙමි..එයා මාතර මමත් මාතර...මේ මාතර අපිව මග ඇරෙන්න විදියක් නෑ...

  ආපසු ගෙදර එද්දී රෑ වූ බැවින් සියල්ල ඉක්මනින් කා බී නින්දට වැටුණි. දික්වැල්ලෙන් නිසල්ද ගෙදරටම බස්සවා ආවේ අතිජාත මිත්‍ර සෙනෙහස අතිප්‍රබල හෙයිනි. 

 රෑ නින්දට වැ‍ටුණේ මහන්සිය තද නිසාය. එහෙත් හිත සතුටින් පිරී ඇත. බොහෝ දේ ජීවිතයේ ලැබී ඇත..හොද පවුලක්..නෑදෑ හිත මිතුරන් පිරිසක්..හොද රැකියාවක්..උරුමයෙන් ලද නිවසක්...දැන් වාහනයක්...අඩුව ඇත්තේ හිතේය...හිත ලග කව්රුත් නැති වීමය...අනේ සොදුරු රුවැත්තියේ උඹ එන්නකෝ ඒ පාළු හිතට...නිකම්ම ඒ සිතුවිල්ල හිතට කාන්දුවිය..කොට්ටය බදාගෙන ඇදේ පෙරලුනේ හිත ඒ සිතුවිල්ල තදින් බාරගත් හෙයිනි.

   3වැනි කොටස

7 comments:

  1. මුල් ටික නම් ඇත්ත වගේ. කෙල්ලො පස්සෙ යනව කිව්වොත් ආයිත් වෙන මොනවද? (විහිලුවට ) හැබැයි අන්තිම ටික අතින් දාලා නේද?? හැබැයි ඉතින් දන්නෙ නැති කෙනෙක් නම් මේක ඇත්තමයි කියල හිතයි. නියමයි ජනරඟ.

    ReplyDelete
  2. ආ ආ ජනරංග අයියා ලව්‍ස්ටෝරිත් ලියන්න ගත්තනේ හි හි හොදයි හොදයි බලමු ආපහු කෙල්ල හම්බවෙයිද කියලා

    ReplyDelete
  3. එයා කාලයත් එක්ක වෙන කෙනෙක්ගේ වෙලා හිටියොත්,, ආයෙමත් එයාව මුණ ගැහේවිද?

    ReplyDelete
  4. එහෙනම් කෙල්ලව හම්බෙයි වගේ.. මරු මරු.

    ReplyDelete
  5. ම්ම්...මුල් ටික නම් පට්ටයි..ඒත් අන්තිම ටික ඒක පාරට දුවපු ගතියක් තියෙනවා..අවුලක් නෑ.කතාව ඇත්තටම ලස්සනයි.!!

    ReplyDelete
  6. අර කාර් එක ගන්න කොටස එක පාරටම ආපු එක නම් අවුල...ඒත් ලස්සනයි...3 වෙනි එකට යනවා.........

    ReplyDelete