මල්බර වසන්තය කුරගගා ඇදෙද්දී
දයාබර සෙනෙහෙ වේසි හිසමතට වැටෙද්දී
සංසාර නවාතැන නුඹම බව හිතෙද්දි
දුව එන්න හිතයි මට සරසවිය මැද්දෙදි
කිරිකෝඩු නොවේ නුඹ මාද මුණගැසෙද්දී
හිරු සඳුද ගොළුවෙවී අපිට අපි දැනෙද්දී
මහරුතක් දුන් කවිය පෙම්පාට කරද්දී
විශ්වයකි මට නුඹව සෙනෙහෙදිය දොවද්දී
හිස්තැනක් වූ හීන රන්පැහැය ගනිද්දී
සත්පියුම් පිබිදිලා අපිට සුබ පතද්දී
දුර ඈත ඉදන් හිරුකිරණ උණුසුම දිදී
සදක් බව හැඟුනි මම ප්‍රපාතය වැටෙද්දී...
සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment