සහෘද පිටුව

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By | Blog Gadgets Via Blogger Widgets

සුළං පහර හෙවත් ඔලමොට්ටල සංස්කෘතියකට යාම

හෝ ගාලා හමන හුලං පාර. පාර පුරා විසිරෙන කොළ රොඩු,පත්තර කෑලි ඒ අතර එකෙක් ඇවිදගෙන එනවා. තවත් එකෙක් එනවා ඔහුත් එක්කම. ප්‍රශ්න පත්තරයක් මහපාර මැද.

“තමුසේ කව්ද ඕයි?“

දෙවැනියට කියූ පුද්ගලයා පලවැන්- නාගෙන් අහනවා. පලමුවැන්නා සන්සුන් සහ විමර්ශණශීලී පුද්ගල- යෙක්.
“මම මගියෙක් “ පලමුවැන්නා දෙන උත්තරය සංකීර්ණයි ඒ වගේම සරලයි. වචන මාත්‍රයක්.

“ඕයි තමුසෙ මගියෙක් කියලා මට තේරෙනවා..නැත්නම් මේ මහපාරේ පයින් ඇවිදගෙන යයිද?..ඇත්තටම තමුසෙ කව්ද කියනවා ඕයි“


“මම මගියෙක්..අතීතයේ සිට ඇවිදගෙන එන“
තවත් සංකීර්ණ උත්තරයක්.මගියෙක්..ඔව් මගියෙක් අතීතයේ සිට ඇවිදගෙන එන.හත්තිලව්වේ අපි හැමෝම එහෙමනේ.ඇවිදින්න පුළුවන් වුණ දවසේ ඉඳන් අතීතයේ ඉඳන් ඇවිදගෙන එනවා. ඒක හැමෝටම පොදු දෙයක්නේ. 

“මේ ඕයි තමුසේ මොකෙක් වුනත් කමක් නෑ ඇයි තමුසේ මාවත් ඇදගෙන යන්නේ“

දෙවැන්නා ප්‍රශ්න කරනවා. ඒත් දෙවැන්නා සහ පලමුවැන්නා අතර කිසිඳු බැඳීමක් නෑ.පලමුවැන්නා ඉදිරියෙන් පාඩුවේ යනවා, දෙවැන්නා අතො- රක් නැති ප්‍රශ්න අසමින් පසුපසින් එනවා.

“මම ඔබව අරගෙන යන්නේ නෑ..ඔබ සිය කැමැත්තෙන් මා සමග එනවා“
ඒකත් ඇත්ත නේ. කිසිඳු බැඳීමක් නැත්නම් දෙවැන්නා පලමුවැන්නා පස්සේ යන්නේ කොහොමද. ඔව් යන්නේ දෙයක් දැනගන්න,ඒ පලමුවැ- න්නා කව්ද කියා දැනගන්න. දෙනෝදාහක් යන පාරේ එකෙක්වත් මේ දෙදෙනා දිහා නොබලන හැටි. ඒක සාමාන්‍ය දෙයක්.

“මට මේ දේ විතරක් කියනවා..තමුසෙ කොහොමද ඔය විදියට නිවිලා සැනහිලා ඉන්නේ..බලනවා මේ අනිත් මිනිස්සු දිහා..එක්කෝ කාත් එක්ක හරි ඕපදූපයක්..ආර්ථිකේ,සමාජේ,දේශපාලනේ,ඔබාමා නැත්නම් ‍ඓශ්වර්යාගේ බේබි බී.ඒකත් නැත්නම් අල්ලපු ගෙදර රොසලින් නැන්දගේ අලුත් සෙට්අප් එක...

ඒ විතරක්ද අර පැත්ත බලනවා..අර මොබයිල් ෆෝන් එක කනේ ගහගෙන රටටම ඇහෙන්න කෑ ගහනවා..පාරේ යන්නේ එලෝ විකාරෙ- න්..දැක්කනේ තව පොඩ්ඩෙන් අර නංගි කාණුවේ වැටෙනවා..ඒත් කැත නැතුව කුණු කාණුවේ ඉඳගෙන මල් කඩයි..තමුසේ කොහොමද මෙහෙ- ම ඉන්නේ..තමුසේ මේ එකෙක් වත් වගේ නෙවෙයි..ඒකයි මම තමුසේ පස්සේ පන්නන්නේ“

“වෙන්නත් පුළුවන්..එහෙම නොවෙන්නත් පුළුවන්..මොකද මම ඒ කිසි දෙයක් දිහා නොබලන නිසා..මම මම විතරක්ම නිසා.ඔය දේවල් ගැන තදින්ම විවේචනය කරන පුද්ගලයන් තමයි වැඩියත්ම ඕවට ඇබ්බැහිවෙලා ඉන්නෙත්“

“මේ ඕයි තමුසෙගේ අපභ්‍රංස මට තේරෙන්නේ නෑ..මටත් මේ විකාර තිත්ත වෙලා..මටත් කියනවා තමුසේ වගේ නිවිලා සැනහිලා හරියට හරියටම පිරිසිදු වතුර වගේ ඉන්න විදිහක්..අනේ කියනවා ඕයි..“

දෙවැන්නා පින්සෙන්ඩු වෙනවා පලමුවැන්නාට. පලමුවැන්නා යන ගමන නවත්වලා හැරෙනවා දෙවැන්නා දිහාට. සමච්චලයට වගේ හීන් හිනාවක් දානවා දෙවැන්නාට. පස්සේ මෙහෙම කියනවා.

“තමන් තමන් කියලා විතරක් හිතන්න..ඔය වෙන වෙන දේවල් වලට උපමා නොකර“

දෙවැන්නා වික්ෂිප්තව බලාගෙන හිටිද්දි මගියා හෙමින් හෙමින් අතීතෙන් අනාගතයට යන්න ගත්තා

10 Responses to සුළං පහර හෙවත් ඔලමොට්ටල සංස්කෘතියකට යාම

  1. තමන් තමන් විදියට හිතීම අනුන්නට අපබ්‍රංශ්‍යක් වීමම නැවත ආපිට කරදරයක් වෙන්න පුළුවන්

    අහ්. මාත් කොටුවෙලා නේද?

  2. තමන් තමන් ගැන හිතන විදියට හිතන තාක්කල් කොහොමද සහෝදරයා අනුන්ට අපබ්‍රංසයක් වෙන්නේ..එතකොට අනුන් එය අනුගමනය කරනවනම් උනුත් තමන්ගේ අපබ්‍රංස මානසිකත්වයෙන් මිදෙනවා

  3. වැදගත් කතාන්දරයකි..

  4. Sabith says:

    පලමුවැන්නා චේ ගුවේරා කාරයෙක්ද?

  5. @අමිල - වැදගත්කම ග්‍රහණය කරගන්නවානම් අන්න එතැනයි ස්වර්ග රාජ්‍යය..

    @සබිත් - මම හිතන්නේ නෑ..මොකද චේ ගුවේරා කාරයෝ මීට වඩා ආවේගශීලියි වගේම ආක්‍රමණශීලීයි..

  6. මේක හරියට සෙන් කතාවක් වගෙයි. බ්ලොග් අවකාශයේ මේ මොහොතටත් ගැලපෙනවා නේද ?

  7. @සුමිත් - ඔව් සෙන් කතාවලත් මේ උරුව තියනවා..නමුත් මම ලිව්වේනම් හිතට ආපු අනන්‍ය උරුවකට..කොහොම වුනත් බ්ලොග් අවකාශයේ ඔය කියන තරම් කැලඹිලි තත්වයක් නෑ..එහෙත් එහෙම දෙයක් පෙන්නනවා

  8. Dinesh says:

    අනේ මන්දා මාත් කොටු වෙලා වගේ..

  9. @දිනේෂ් - වරහන් ඇතුලට කොටුවෙන්න එපා සහෝදරයා..

Leave a Reply