අයිලය හෝ පොප්ලර් ගස් තවදුරටත් ඉතිරිව නැතිබව හොඳාකාරවම දනිමි. අයිලයක් හෝ පොප්ලර් ගස් සෝවියට් දේශය පුරා තිබිය හැක. එහෙත් ඒ පොප්ලර් ගස් දෙක, ඒ අයිලය කිසිවිටකත් තිබිය නොහැක. තිබුණත් එය තවත් දුෂෙයින් කෙනෙක්ට හෝ අල්තීනායි කෙනෙක්ට කතා මාතෘකා සපයන්නක් විය නොහැක. අප හදවතට දැනෙන මට්ටමට ආදරයක් ගොඩනගා ගැනීමට එම පොප්ලර් ගස්වලට හැකිවණු නොහැකිය. ආදරය සමපාතනය කිරීමට වස්තු බීජ සොයන්නෙක්ට අයිලය හෝ පොප්ලර් ගස් තවමත් සුවිශේෂී මතක වනවා නොඅනුමානය.
ඇයි අපි ඇස් මට්ටමේ ආදරයකට වඩා දෙයක් අල්තීනායි හා දුෂෙයින් පෙම් පුවත නැතිනම් ඒ සිද්ධි දාමය තුලින් දකින්නේ. කිසිදා නොකියවුණු පෙමක් ගැන, ස්මාරක සැමරුම් හල් හෝ ගීත නිබන්ධන නොනැගුණු ආදරයක් මෙතරම් පැවැත්මක් ලැබුවේ කෙසේද? ඒ ආදරය පිළිබඳ චින්තන පරාසයට වඩා ගැඹුරින් විඳ හෙයින්ය.
වර්තමානයේ ගුරුවරයෙක්ට ශිෂ්‍යයාවක් පෙම් කිරීම සාමාන්‍යය. ඇය ඔහුගේ පෙම් කරන්නේ කුමකටද? මෙන්න මෙම ගැටළුවට පිළිතුරු අද සමාජය ඇසුරින් භාවිතාමය සාධක මත ගෙනහැර පාන්නට ගියහොත් සිදුවන්නේ ඒ අතීත පෙම්පුවත් ලියූ පැපිරස් පත් මත රතු තීන්ත හෙලීමටය. ඒ තරමටම ඒ පැනයට පිලිතුර විශිෂ්ටය. එසේනම් එදා අල්තීනායි ඇයගේ සදාදර ගුරුවරයාට පෙම්කලේ මන්ද? එය ප්‍රේමයක්මද.
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි යන කියමනෙන් කියවෙන ආදරයක් පිලිබඳ භාවිතාමය සාධකයක් ලෙසින් ගෙනහැර දැක්විය හැකි යමක් අල්තීනායි හා දුෂෙයින් අතර විය. ඇතැමෙක් මෙම ප්‍රකාශය සමග එකඟ නොවෙනවා ඇත. කෙසේ වෙතත් රාගයෙන් තොර ආලය භෞතිකමය බැඳීමකට වරම් නොලද හෝ ඒ බැඳීමට අරුත් සම්පාදනය නොකරන ආදරයකට සමපාතනය කල හැකිවනු ඇත. කෙසේ වෙතත් පසුගිය දිනක මා පලකල කවියක් සම්බන්ධයෙන් ඉතා ඉහල පැසසුම් ලැබීමම මෙම ලිපියට හේතූ සාධක විය.
එදා රුසියානු සාහිත්‍යයේ
විප්ලවයට ලේ මස් දහදිය දෙන
ආඩම්බරකාර පෙම්වතා...
ඔහුගේ
ආත්ම ධෛර්යට
විප්ලවීය මානසිකත්වය
බුද්ධි මහිමයට
ආකල්පයෙන් විහිදුවන
වචන වලට පෙම්බඳින
නමුදු පෙම සිත්හි සඟවාගෙන
විප්ලවයට දිරිදෙන
පෙම්වතිය..
අද සමස්ත ලෙසටම
හඬාවැටෙන
විකාරරූපී ගීතවලින්
නපුංසක විලාසිතාවෙන්
පෙම යදින පෙම්වතා..
ඌටම ගැලපෙන
යැපුම්වාදී චින්තනයෙන්
යන මග නොදන්නා
පෙම්වතිය..
දශක ගණනකට - ආදරය කොතරම්
සංවර්ධනය වී ඇතිද
ඒ විතරක්ද
සාහිත්‍යය..
මෙම පදපෙලට ලද ප්‍රතිචාර ගැඹුරු මෙන්ම සරල එහෙත් ගතයුතු බොහෝ දේ ඇති ඒවා විය. නමුදු වර්තමානය ගැන විවේචන කර පමණක් පලක් නැත. යනමග පෙන්වීමේ අරමුණින් යමක් අප කල යුතුය. එය වචනයකින් හෝ කරන්නට පියවරක් තැබීම සමාජයීය අවශ්‍යතාවකි.
කොහේ කොතන කොයි ලෙසින් කරක් ගැසුවද, වත්මන තුල ආදරයට ලඝු කරන සාධක සමූහය හා සසඳා බලන කල ආදරයට එදා තිබූ තැන අද නැති සෙයක් දැනේ. මේ වට පිටාවේ ඇවිද ගියෙමි.. එහෙත් නොදුටුවෙමි අල්තීනායි. දකින්නට අපේක්ෂාද නොකරමි.
නපුංසක පෙම්වතා සහ යන මඟ නොදන්නා පෙම්වතිය... පට්ට..
ReplyDeleteගුරුගීතය කියන්නෙ කියවපු පොත් වලින් හොඳම පොතක්... ඒක එච්චරට හිතට වදින පොතක් වුනේ කොහොමද කියන එක උත්තර නොදන්න ප්‍රශ්නයක්... :)
ස්තූතියි සාතන්..අන්න ඒ නොහැඟෙන කාරණය තමයි මම විචාරයට ප්‍රස්තුතය කරගෙන තියෙන්නේ
ReplyDeleteගුරු ගීතය....... සිය සැරයක් කියෙව්වත් ඒ කියවන හැමවතාවේම හිතට අලුත්ම චමත්කාරයක් දනවනවා..
ReplyDeleteරුසියානු සාහිත්‍යය, විඳලා ඉවරයක් කරන්න බැරි තරම් ලස්සනයි..සරලයි, සුගමයි, ඒ තරමටම ගැඹුරුයි... :):)
ඇත්තටම නංගි..ඒත් ගුරු ගීතයේ විසඳගන්න බැරිවුණු ආදරණීය ගැටළුව භාවිතාමය සාධකයකින් වත් විවරණය කරගන්න බැරිවීම ශෝචනීයයි..
ReplyDelete