Jun 21, 2011

නුඹට ලියමි...

අනේ මන්දා..උඹත් හරියට ජපානේ කාලගුණේ වගේ. වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියනව තියා හිතන්නවත් බෑ. ඒ ඇයි කියලා කියන්න ඔයාවත් දන්නවද මංදා. ඒත් මේ හිතේ තියෙන ආදරේ නිසා ඉවසගෙන ඉන්නව මිසක් වෙන එකෙක් නම් මෙලහකට දමල ගහල ගිහින් කොහේහරි. ඒත් උඹේ අඬන ඇස් දෙක මෙහෙම  ඇති කියලා මතක් කරගන්න උත්සහ කරද්දි එහෙම යන්න හිතෙන්නෙත් නෑ..


  මගේ චූටි කෙල්ලේ කියලා ආමන්ත්‍රණය කරද්දි ඇත්තටම නොදැක්කත් උඹේ මූණෙ මොනවගේ හිනාවක් මතුවෙනවා ඇත්ද කියලා මතක් වෙද්දි මටත් හීන් හිනාවක් ඉබේම එනවා කියලා උඹනම් දන්නේ නැතුව ඇති. ඔව් උඹට දැනගන්න වුවමනාවක් නෑනේ. ඒත් මම දන්නවා උඹේ හිත කොච්චර මුරණ්ඩු විදියට මාව අමතක කරන්න හැදුවත් ඉස්කෝලේ ඉවරවෙලා ඇවිත් කන්නත් කලින් මාව මතක් වෙන්නේ ඇයි කියලා. ඒක උඹට නොතේරුණාට මට තේරෙනවා. ඔයා කියයි පිස්සු කියලා..ඔව් මටනම් ටිකක් විතර පිස්සු කලින් තිබුණා. දැන් මටත් වඩා ඔයා පිස්සු වැටිලා හැමතිස්සෙම මතක් වෙන මම නිසා.
  රෑටත් ඇස්දෙක පියවි පියවි..නිදිමතේ වුනත් මාත්එක්ක කතාකර කර ඉදිද්දි ඔයාට යන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මම නිතර කල්පනා කරනවා. සමහරවිට ඒ මම කියන දේවල් වලට ආසාවේ වෙන්න ඇති..චුට්ටක් හරි මම නිහඬ වුනොත්..අනේ මොනාහරි කියන්න කියලා කෙඳිරි ගානවා මට ඇහෙන්න වගේ..ඉතිං චූටි කෙල්ලේ කියන්න කොහොමද ඉතිං තරහ වෙන්නේ චුට්ටකටවත්..

 නොදැක්ක ඇස්දෙකට ජීවිතේ කියලා දෙන්න මට බෑ. ඒත් මගේ අඩිපාරෙන් ඔයා ජීවිතේ හොයාගනී කියලා මම දන්නවා. මගේ හිත කියද්දිත් චූටි කෙල්ලට එයාගේ ජීවිතේ ඒ පාරෙ යන්න දෙන්න කියලා..කෝ මේ මුරණ්ඩු හාදයා ඒක අහන්නේ නෑ නේ..මතකද අර දෛවයෝගකින් නොවේදෝ හමුවුණේ...සිංදුව කිව්වම දැනුනු දේවල්..සමහර විට ඒක ඇත්ත ජීවිතේදිත් වෙන්න පුළුවන්..
 උඹ දන්නෙත් නෑ මේ මොනවද වෙන්නේ කියලා..මම දන්නෙත් නෑ. දැනගන්න ඕනත් නෑ. ඒත් හිත්වලට යටින් හීනියට ගලන පුංචි සිසිල් දියපාරක් හරි හිමින් සිරි සිරි සද්දෙත් එක්ක ගලනවා..ඇහෙනවද චූටි කෙල්ලේ ඒ සද්දේ..දැන් ඇහුණත් නෑ කියයි..මට පිස්සු කියයි..විකාර කියයි..ඒත් මම දන්නවා උඹටත් ඇහෙනවා..මටත් ඇහෙනවා ඒ සද්දේ..ඒ සද්දේ උඹට නොතේරෙන මට තේරෙන දෙයක් කියනවා..උඹ ඒක තේරුම් ගනීවි..ඒත් එතකොට ගොඩක් දේවල් වෙලා තියේවි චූටි කෙල්ලේ. ජීවිතේ ගලාගෙන ගියපු තැනක මාත් නතර වේවි. හැමදේම එක ඉවුරක තියලා...

                                                   මම
                                                   ........................

10 comments:

  1. උඹ ඒක තේරුම් ගනීවි..ඒත් එතකොට ගොඩක් දේවල් වෙලා තියේවි....
    චූටි කෙල්ලේ මූ පව් බොල....

    ReplyDelete
  2. ලස්සනට ලියපු ලියුමක්. මම පතන්නේ අර ලියුම ඉවර කරපු තැනට මගේ නම දාන්න පුලුවන් විදිහේ ආදරයක් ලැබෙන්න කියලා. එලටම ලෙසටම ලියලා තියෙනවා.

    ReplyDelete
  3. @කිඩෝ - අනේ ඔව් බං..මම පව් බං..වැඩැක්නෑ බං

    @මධුරංග - සිරාවට..එහෙනම් මේක පොදු ලියුමක් වෙලාද..මගේ චූටි කෙල්ල මේක බලලා මොනවා හිතලා අදරෑම වැඩේ දෙයිද දන්නෑ

    ReplyDelete
  4. කව්ද අයියගෙ මේ චූටි කෙල්ල? ලස්සනයි ඒත් චුටි කෙල්ල පව් නේද?

    ReplyDelete
  5. යාළුවගේ චුටි කෙල්ල මේක දැකලා තේරුම් ගනිවි කියලා මං හිතනවා..

    ReplyDelete
  6. @හිම හංසි - අනේ නංගි මගේ කව්රුවත් නෙවෙයි..ගොඩක් ආදරේ දැනෙන සිතුවිල්ලක් විතරයි..ඉතිං අනේ චූටි කෙල්ල විතරද පව්

    @දිනේෂ් - ඔව් දිනේෂ එහෙම වෙනවනම් හොඳයි නේද

    ReplyDelete
  7. අනේ චූටි කොල්ලො ඔය චූටි කෙල්ලට හිතේ තියෙන චූටි අදහස චුට්ටක් කිව්වානම් හොඳ නැද්ද? එතකොට චූටි අපි කවුරුත් චුට්ටක් නෙමෙයි ගොඩක් සතුටින්.

    ReplyDelete
  8. කියන්න ඉඩක් දෙන්නේ නෑනේ..චූටි කෙල්ල විතරක් නෙවෙයි මේ කාලයත් ඉඩ දෙන්නේ නෑ..සදා දුක තමයි

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. චූටි කෙල්ලත් ඔයා වගේම හැමදේම එක ඉවුරක තියලා නතර වුනොත්, ගඟෙන් එගොඩට යන්න චූටි කෙල්ල බය වුනොත්...
    ලස්සනයි ජනරඟ..

    ReplyDelete