Jun 8, 2012

ආයෙමත් ආදරෙන් - 8 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7 




  හවස් වරුවක මිදුලට වෙලා නැන්දයි,අක්කයි පොඩි  එකයි එක්ක දඟලා දඟලා ඉන්න වෙලාවක අල්ලපු ගෙදර වැට ගාවින් එබුනේ නෙත්මි. එයාගේ පුරුද්ද තමයි ඔය වැට ගාවින් හොට දාන එක.

“ආ ඇන්ටි මොකද මේ ඥාති මුණුපුරෝ එක්ක චක්ගුඩු ගහනවද?“

අපේ නැන්දත් ඉතින් නෙත්මිට වෙනස් වෙන්නේ වයසින් විතරයි මගේ හිතේ. කටේ නම් කිසිම අඩුවක් නෑ.

“නෑ පොඩි දුවේ අපි මේ වල කජු ගහනවා“

නෙත්මිට බකස් ගාලා හිනා ගියා. මගේ අතේ හිටපු පොඩි එකා අක්කගේ අතට දීලා මම නෙත්මි දිහා බැලුවා.ඒ ආපු සද්දයක් නිසා.

“ෂ්...ෂ්...දිස්නක අයියේ...“

“ඇයි මොකෝ“

“පොඩ්ඩක් මෙහාට වර්තනය වෙනවකෝ“

“ඒ මොකටද..අපෝ ඔයාගේ පලාතේ එන්න බයයි“

“කිව්වම අහලා එනවා...පොඩි බඩ්ඩක් කියන්න“


මම හිමීට වැටගාවට ගියා. නෙත්මි වැට උඩින් අත්දෙක තියාගෙන ලොකු කතාවකට සූදානම් වුනා.

“මේ...අර ඔයාගේ අඹ යාළුවා..අර ඇස් දෙකේ ලෙඩක් තියන එකාට...මම කිව්වා හොඳ දෙකක්“

“අහා...මට ආරංචියි...බොහොම වටින වැඩක් නංගි ඒකනම්“

“ඒ මොකෝ ඒ...ඒවා මම දන්නේ නෑ...මිනිහට කන්දෙකේ ඇඟිලි ගහගන්න මම කිව්වා“

“ඒක තමයි වැදගත් වැඩක් කිව්වේ...අපි කොච්චර කිව්වත් සමීරයගේ ඔය කෙල්ලන්ට විහිලු කිරිල්ල නවතින්නේ නෑ..දැන්නම් හරියාවි ලෙඩේ“

“මේ ඒක නෙවෙයි...මම ඔයාටත් ලකුණු ටිකක් දැම්මා...ඒකට සලකනනවා හොඳේ අපිට“

“අහා...ඒකත් එහෙමද...බලමුකෝ අපි“
එහෙම කියලා අපි දෙන්නා ටිකක් කතාකරකර හිටියා. ඒ වෙනකොට නැන්දයි අක්කයි පොඩ්ඩයි ගේ ඇතුලට ගිහින් හිටියේ. මම ටිකක් විපරම් කරලා ආයෙත් නෙත්මි එක්ක කතා කලා.

“මේ නංගි...ඔයාට මේ හොඳට සුහදව කතාකරන්න පුළුවන් කම තියෙද්දි මොකද අර ඔයාලගේ අක්කට එහෙම බැරි“

“අහා...ඒකද ප්‍රශ්නේ..මේකනේ අයියේ ...අපේ තාත්තා හෙණ සයිලන්ට් චරිතයක්...අම්මා ටිකක් කටර් එක...මට අම්මගේ ගතිගුණ පිහිටලා තියනවා...අක්කට තාත්තගේ ගතිගුණ අඩුනැතුව තියනවා“

“ඒකනම් සහතික ඇත්ත නංගි“

“මේ අයියේ මම යන්නම් හොඳේ...මල් කඩන්න තියනවා..බායි“

“බායි“


                                  * * * * * * * * * * *

  අඟහරුවාදා දවසක දික්වැල්ලේ පැත්තේ මුදලාලි කෙනෙක්ගේ ගනුදෙනුවක ප්‍රශ්නයක් විසඳන්න උදේ වරුවම වැය කලා. දවල් කෑමට කලින් යන්තම් ඒක ඉවර කරගත්තා. හොඳ හුස්මක් ගත්තෙත් කන වෙලාවේ තමයි. කාලා හවස ආයෙත් වැඩ කරන අතරේ කාර්යාලයේ සුළු සේවකයෙක් වෙච්ච සාලිය මගේ ලඟට ආවා.

“දිස්නක මහත්තයා මුණගැහෙන්න කව්ද ඇවිත්“

“මාව...මොකද ඩීල් එකක ප්‍රශ්නයක්ද?“

“ඒකනම් හරියට දන්නේ නෑ...මම එලියෙන් ඉන්න කිව්වා කවුන්ටර් එක ලඟ“

“හරි මම එන්නම් සාලිය“

මම කරකර හිටපු වැඩේ නවත්තලා කවුන්ටර් එ ක ලඟට ගියා. එතන හිටියේ උස මහත අවුරුදු විසිපහක් විතර ඇති තරුණයෙක්. සාමාන්‍ය විදියට ඇඳලා හෙල්මට් එකක් අතේ තියාගෙන හිටියා.

“මේ දිස්නක මහත්මයද?“

“ඔව් මම දිස්නක තමයි...මොකක්ද මගෙන් කෙරෙන්න ඕන මහත්මයට“

හීන් හිනාවක් මුහුණට ආවේශ කරගත්තු  තරුණයා කතා කරන්න පටන් ගත්තා.

“මට ඕන සහෝදරයත් එක්ක විනාඩි කීපයක් කතා කරන්න“

“ඔව් කතා කරන්න“

ටිකක් වටපිට බලපු තරුණයා ආයෙත් මගේ මූණ දිහා සෘජුව  බැලුවා. ඒ මූණේ තිබුණේ කිසිම දේකට සැලෙන්නේ නැති පෞර්ශත්වයක්. ඒ සෘජු මුහුණේ බැල්ම දිහා එක දිගට බලාගෙන ඉන්නත් මට අමාරුවුණා. ඒ කොල්ලගේ ඉස්සරහ මෙච්චර අපහසුවක් මට දැනේනනේ ඇයි කියලා මටම තේරුණේ නෑ.

“මෙතන බැහැ..නැද්ද වෙන නිස්කලංක තැනක්...නැත්නම් ටිකකට එලියට යමු“

මේ වගේ වැඩකරන වෙලාවක එලියට යාම ආයතනික නීතිරීතිවලට පටහැනි නිසා වගේම මොකක්දෝ අනතුරක සේයාවක් දැනුන නිසා හිත ඒක ප්‍රතික්ෂේප කලා.

“හරි...පස්ට් ෆ්ලෝ එකේ විසිටින් රූම් එකට යමු“

“හොඳයි සහෝදරයා“

මගේ පිටිපස්සෙන් ඔහු ඇවිදගෙන ආවා. මම අමුත්තන්ගේ කාමරය ඇරලා ඔහුට වාඩිවෙන්න කිව්වා. ඔහු වාඩිවෙලා ආයෙත් මගේ දිහා බැලුවා.

“මම දිලූප...ගම කොප්පරාවත්ත..“

“ඉතින්“

“සිංහල භාෂාවෙන් කියනවනම් මඩිහේ ඉඳලා එන..දිස්නක සහෝදරයා පණ දාගෙන පදින ජිත්මිගේ අනාගත සහකාරයා මම“

මගේ හිතේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්න ගණනාකවකටම ඒ ප්‍රකාශයෙන් උත්තර ලැබුණා වගේම තවත් ප්‍රශ්න ගණනාවක් මතුවුණා.

“මේ දිලූප සහෝදරයා...මට ඔයා කොහේ කෙනෙක් වුනත් කවුරු වුණත් ගැටළුවක් නෑ...ඒ වගේම මතක තියාගන්න තමන් ඉන්නේ වැරදි වැටහීමක...මට ජිත්මි පස්සේ යන්න කිසිම වුවමනාවක් නෑ“

අතේ තිබුණු හෙල්මට් එක පැත්තකින්  තියපු දිලූප මගේ දිහා ආයෙත් සෘජු විදියට බැලුවා.

“සහෝදරයාගේ ක්‍රියාකලාපය ගැන මම හොඳට දැනුවත්...මම කියලා යන්න ආවේ එක දෙයයි...තමන්ගේ හිතේ මොන බලාපොරොත්තු තිබුණත් ජිත්මි මගේ...සහෝදරයා කරුණාකරලා එයාගෙන් ඈත්වෙලා ඉන්න“

ඒ කතාවත් එක්ක මගේ ඇඟේ මස්පිඩු නලියන්න පටන් ගත්තා. අදාල නොවන දේකට මාව ගෑවෙද්දි නිදොස් වෙන්න  තවදුරටත් උත්සහ කරලා වැඩක් නෑ කියලා තේරුනා..මුලින්ම මාතර කොල්ලෙක් විදියට කටින් සටන් කරන්න පටන් ගත්තා.

“මේ සහෝදරයා...ජිත්මි තමන්ගේ අනාගත සහකාරිය නම් ඔච්චර එයා ගැන බය ඇයි..එයා තමුන්ට ආදරෙයි නම් කවුරු පැද්දත් ප්‍රශ්නයක් නෑනේ“

මගේ කටේ සැර වැඩිවීම සහ කතාවේ අර්ථය යථාරූපී වීමත් එක්ක දිලූප ටික්ක සලිත වුණා. කියන්න දෙයක් නැති වුනා.

“ඒ වගේම දිලූප සහෝදරයා මම දන්න විදියට ජිත්මි කාටවත් ආදරේ කරන්නේ නෑ...“

ඒපාරනම් මම නොදන්න තැනකට හීයක් විද්දා. ප්‍රතිඵල දැනගන්නකම් මම නොඉවසිල්ලෙන් හිටියා.

“හරි එයා මට තාම ආදරේ නොකරනවා වෙන්න පුළුවන්...ඒත් ලඟදිම ආදරේ කරාවි“

අන්න හීය නියම තැනට වැදුනා. මම හිතුවා හරි මේ යකා තාම ජිත්මි පස්සෙන් යනවා විතරයි. ඒකයි කවුරුවත් එයාට ලංවෙනවට බය. බොරු චන්ඩි

“එහෙනම් ඕනම කොල්ලෙක්ට එයාට ලංවෙන්න සාධාරණ අයිතියක් තියනවා“

මම කිව්ව කතාවට දිලූපට යකා නැග්ගා.

“ඒක එහෙමයි කියලා තමන්ට මම කියපු දේ අමතක කරන්න එපා...ජිත්ම අයිති මට...මට විතරයි“

හිතේ තරහටත් එක්ක මට කටවහගෙන ඉන්න හිතෙන්නෙම නෑ.

“එහෙම අයිතිවෙන්නේ කොහොමද...එයා මට කැමති වුනොත් එයා මගේ“

“ඒකත් එහෙමද...හරි අපි බලමු ජිත්මි කාගේ වෙයිද කියලා...මරාගෙන මැරෙන්න වුනත් මම ලේස්තියි දිස්නක සහෝදරයා“

තීරණාත්මක අවස්ථාවක විවාදයෙන් කීයටවත් පරාදවෙන්න මට හිතුනේ නෑ.

“මමත් ඕනම දේකට සූදානම් සහෝදරයා...බොරු තර්ජනවලට බය කෙනෙක් නෙමෙයි මම...ඕන ඔට්ටුවක් මට දෙයක් ඕනනම් මම ඒක ගන්නවා“

මගේ ප්‍රකාශයට දිලූප සලිත වුනා.ඒත් ඒක මූණෙන් නොපෙන්නා ඉන්න උත්සහ කලා.

“හරි මමත් ඕන ඔට්ටවකට සූදානම්...මාස තුනක් ඇතුලත ජිත්මි මගේ කරගෙන පෙන්නනවා මම සහෝදරයට“

අධික තරහා පාලනේ කරගෙන දිලූප කිව්වා.

“මමත් ඕනම ඔට්ටුවකට සූදානම්“

“හරි එහෙනම් රුපියල් ලක්ෂයක් ඔට්ටුයි...මම මාස තුනක් ඇතුලත ජිත්මි මගේ කරගන්නවා...හරිද“

දැන්නම් ටිකක් මගේ හිත ගැස්සෙන ත ැනකටත් ආවා. හදිසියට කිව්වට මේ දේවල් තවමත් හීනයක් වගේ මට.

“හරි මම ඔට්ටුව බාර ගන්නවා..හැබැයි ඔට්ටුව අදාල කාලයේ බලු වැඩ කරන්න බෑ...මැර බලය බෑ“

“හරි ඒක එහෙම්මයි“

“හරි ලක්ෂයක් ඔට්ටුයි“

හැම දෙයක්ම විනාඩි ගාණක් ඇතුලත ඉවර වුනා. මීට විනාඩි ගාණකට කලින් හිටපු දිස්නක සම්පූර්ණයෙන් වෙනස් වුනා. හිතට කලින් කට ඉස්සර වුනා වගේ දැනුනත් අභියෝග මාතර කොල්ලන්ට අමුතු දේවල් නෙවෙයි කියලා හිත කිව්වා.



44 comments:

  1. අප්පිටසිරි මේ මොකෝ මේ එන්නේ..!! ඉල ඇදෙන සටන් ජවනිකා , ඇග කිලිපොලා යන විහිලු තහලුත් ඉස්සරහට තියෙයි ද ..??

    (ප.ලි අර මුලින්ම දාලා තියන පිතුරේනම් මාරු අෆ්ෆා ..!! ඇඩේනවා තනි ඇහැට )

    ReplyDelete
    Replies
    1. තත්වය කෙමෙන් කෙමෙන් උණුසුම්..හොඳ හරිය ඉදිරියට..ඇත්ත බන්..පොටෝ එකට මාත් පික්ෂු වැටුනා

      Delete
    2. ෆොටො එක දැක්කම මට හිතුනේ නිලිය වෙනස් වෙලා කියලා.. කලින් හිටියේ මෙයා නෙමෙයි නේ... ;)

      Delete
  2. අනේ බං අයියේ සදුදා වෙනකන් ඉන්න බැ නේ :(
    ඉක්මනට දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. කලබල නැතුව හිටපං මලේ...මම මේ ලක්ෂෙට පන්සීයේ ඒවා ගණිනවා

      Delete
    2. ඇයි දැන්ම පරාජය බාරගත්තද ?

      Delete
    3. කෝකටත් සල්ලි රෙඩි කරන් ඉන්න එක හොඳයිනේ මස්සිනා

      Delete
  3. disnaka ayyat mara chandiya welane.kathawa dan yanne wenama pattakata wage.balamuko issarahata meke mokada wenne kiyala......onna aniwa monday meke itiri tikat danna hode ayya.

    ReplyDelete
    Replies
    1. මාතර කොල්ලෝ ඔහොම තමයි නංගි...සඳුදා දානවා අනිවා

      Delete
  4. Replies
    1. කෝ අද මෙයාගේ කට...තරහ වෙලාද කොහේද

      Delete
    2. ane na man threha na :) poddak silent wela inne hithuna :D

      Delete
    3. එහෙම සයිලන්ට් වෙන්න එපා අනේ...රණ්ඩුවෙන්නත් කවුරුහරි ඉන්න එපාද

      Delete
    4. අන්න හොඳ දරුවා

      Delete
    5. ko ithin thama nane appa kathawe dala :(

      Delete
  5. මලා.. දැන් පන්නපියකෝ දිස්නකයා ජිත්මි පස්සෙන්.. එළ එළ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ දවස්වල උඹ ඇක්ට් කරන රෝල් එකට

      Delete
  6. අන්න දකුණේ කොල්ලෙක් :ඩ
    වලියක් සැට් වෙන්න වගේ එල කමෝන් කමෝන් :ඩ

    ReplyDelete
    Replies
    1. හුරු පුරුදු දකුණේ වලි..මාතර නම් තොටමුණ, කොප්පරාවත්ත,වල්පල,තුඩාව,මගවත්ත,මහවත්ත ඕන තැනක්

      Delete
  7. කතාව නොහිතුව පැත්තකට හැරෙනවා වගේ.. එල එල.. ඔහොම යමු.. :)

    ReplyDelete
    Replies
    1. වර්තන ලක්ෂයක් ලයාන් සහෝදරයා...

      Delete
  8. ඒ මොකද්ද අප්පා හදිස්සියේ කඩා වැටිච්ච මරාලෙ...?
    ගොනා පොල්පැලේ වටේ ලෑටි ගගා හිටියෙ රබර් ඇහැ විතරයි පොල්පැලේ පැත්තට තිබුනෙ...එහෙව් ගොනාව අරූ දැක්කුවා පොල් පැලේටම....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..පනින රිලවුන්ට ඉනිමං බැඳීමේ කලාව..ඉතින් මෙහෙම හරි දක්කන එවුන් ඉන්න එක වටිනවා සුමිත් අයියා

      Delete
  9. මාස තුනක් හොදටම ඇතිනේ ජනා කෙල්ලෙක් යාළු කරන ගන්න.. ඔය දිලූපයට වැඩිය දිස්නකයට වාසි වැඩියිනේ.. ලොකුම වාසිය තමයි අල්ලපු ගෙදර වීම.. මම හිතන්නේ ඒක අර මෑන්ස් දන්නේ නෑ.. හැබැයි ඉතින් නිහඬ ප්‍රතිපත්තිය උඩ සෑහෙන කට්ටක් කන්න වේවි..

    ReplyDelete
    Replies
    1. මාතර කෙල්ලෝ එච්චර ලේසියෙන් බාගන්න අමාරුයි දිනේෂ් සහෝදරයා. ඒකටනම් මාතරට වඩින්නම වෙනවා හරියට බලාගන්න

      Delete
    2. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.. මගෙත් ඉතින්නේ උප්පැන්නේ ගාල්ලේ උනාට දැන් ඒවා වෙනස් වෙලානේ.. අනික යුරෝපේ ක්‍රමේටනම් දවස් 3කුත් ඇති... ;)

      Delete
  10. අප්පට සිරි ගජ, මලු කතාව ඕයි...අනේ බං අර දිස්නකයා වෙනුවය මං උන්නනම් අර මූකලං බස්සගේ දත් ගලවනවා... ඔහොම යං කොල්ලා... වී ආර් ලුකිං 4wrd...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තමයි සහය අවශ්‍ය වෙන්නේ..ලේසි නෑ වැඩේ

      Delete
  11. එල එල කාලෙකින් වලියක් බැලුවේ නැහැ ,දිලුප අර දේශපාලන පක්ෂයේ සාමාජිකයෙක්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා කිව්ව විතරයි උඹ ඒ කොල්ලා අර බෝඩ් ලෑල්ල විතරක් තියන පක්ෂෙට ඇදලා දැම්මද

      Delete
  12. අහ් හා !!! කථාව උණුසුම් වේ ගෙනයි එන්නේ නේද ? දැන් ඉතින් දිස්නකයට ලේසි වෙන්නේ නෑ වැඩේ.

    අක්කට ට්‍රයි කියලා දැන ගත්තම නෙත්මිත් රෝල් එක මාරු කරාවිද දන්නෑ... මෙතනදී දිස්නකගේ ජය පරාජය තීරණය වෙන්නේ නෙත්මි සාධකය උඩ !

    ජනරඟ සහෝ, උඹ කලින් ලියපු කථා දෙකටම වඩා මං මේ කථාවට ආසයි... සංජීවියි, තාත්විකයි, ඉළ ඇදිලා ඇඟ කිලිපොලා යන සුළුයි !!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒකත් එහෙමද...එහෙනම් චතුරංග සහෝදරයා කැමති නිකං ක්‍රියාදාම චිත්‍රපටි වගේ ඒවටද...මරු මරු

      Delete
  13. appata siri den thama kathawa mam asama hariyata awe. Hebei kellawa dagaththoth eka galen kurullo dennai... Kellai salli dennama athe...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වැදගත් වටිනාකමින් වැඩි ඔට්ටු දාන්න ඕන කියන්නේ...ඒත් අවදානම වැඩියි

      Delete
  14. මේ මොකක්ද මේ වෙන්න යන්නේ?? මං නම් කැමති දිස්නක නෙත්මිට සෙට් වෙනවට.... :)

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔයා එහෙම වෙනවට කැමති ඇයි කියලා...මමත් කැමතියි එහෙම වුනානම්...ඒත් එහෙම වුනේ නෑනේ...

      Delete
    2. අවකැපෙන කතා කියන්න එපා දෙයියනේ, මං මේ ජනාටත් කියල නෙත්මිව සෙට් කරගන්න හදනවා, මෙයා ඒකට බාල්දිය දාන්න හදනවා :( :(

      Delete
  15. "අපි කොච්චර කිව්වත් සමීරයගේ ඔය කෙල්ලන්ට විහිලු කිරිල්ල නවතින්නේ නෑ..දැන්නම් හරියාවි ලෙඩේ" පේනවද... චීත්ත කෑල්ලක් දැක්කාම යළුවාව පාවල දෙන ලස්සන.. හි හි...

    ප.ලි.: දිස්නකයට පිස්සු

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ගතයුතු දෙයක් තියනවා...මොකද කෙල්ලෙක්නේ කිව්වේ

      Delete
  16. Adawath damuda kathawa.
    Ada angaharuwada ne.

    ReplyDelete