Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

May 18, 2012

ආයෙමත් ආදරෙන් - 2 වැනි කොටස

පලමු කොටස කියවන්න



   මගේ කතාවට නැන්දගේ හිනාව නැවතුනේ බොහෝ වෙලාවකට පස්සෙයි. මටනම් හිනා යනවා තියා නිකං ඉන්නත් බැරි තරමට තරහ ගිහින් තිබුණේ අල්ලපු ගෙදර පොඩි වැඳිරිගේ වැඩවලට.

“අනේ නෑ චුටී පුතේ..ඒ දරුවා ටිකක් දඟ වුනාට හරි හොඳයි..ඒක ඒ දරුවගේ හැටි..අන්කල් ඉන්න කාලේ හරි ආදරෙයි අංකල්ට..දැන් ඔය දරුව ඉන්න නිසා වෙන්න ඇති මේ පැත්තට වැඩිය එන්නේ නැත්තේ. නැත්නම් මෙහේම තමයි.ඒත් ලොකු දරුවානම් කොහොමත් වැඩිය නෑ..පාඩුවේ ඉන්නවා“

නැන්දා කියපු කතාවට හිතනම් ටිකක් නිවුනා. එහෙම්ම කාමරේට ගිහිල්ලා ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා. අක්කා පොඩි එකාව සෝදනවද කොහෙද පොඩි එකා හොඳටම කෑ ගහලා අඬනවා. සිතුවිල්ලකිනි තොරව ටික වෙලාවක් එහෙම්ම ගතවුනා.


                         * * * * * * * * * * * * * * * 

      පහුවෙනිදා දවස ගොඩක් කාර්යබහුල දවසක්. උදේ ඉඳන්ම වැඩ. ඩීන් එකට ගොඩක් බඩු ගන්න එන ගණුදෙනුකාරයෝ මාතර නගරය අවට අය නෙවෙයි. දුර පලාත්වලින් එන අය. ඒක නිසා ඒ මිනිස්සුන්ව රස්තියාදු නොකර වෙලාවට බඩුටික දීලා නැත්නම් අලුත්වැඩියා කටයුතු කරලා දීලා යවන්න කියලා නජීබ් ඩීන් මහත්තයා කාර්යාලයේ හැමෝටම නිතරම මතක් කරනවා. ඒක නිසා ඒක ඉබේම කාර්යාල ප්‍රතිපත්තියක් බවට පත්වෙලා තිබුනා.

    දවල් කෑම වෙලාවට එකතු වෙන සුපුරුදු යාළුවෝ ටික මාත් එක්ක එදත් එකතුවුනා. සමීර, ධනුෂ්ක,මුදිත, ඉෂානි,රමති සෙට් එකම හැමදාම එකට එකතුවෙලා කන්න පුරුදු වෙලා හිටියේ. දවල් කෑම වෙලාවෙත් සමීර නෙත්මිව මතක් කලා.

“ඒයි දිස්නකයෝ...කෝ උඹ අර අල්ලපු ගෙදර සුරතල් පොඩි දැරිවිට කිව්වද මම ඒකිව මතක් කලා කියලා“

සමීරයා එහෙම කියලා කෑම කාමරේදී බෙරිහන් දෙද්දි සේරම මගේ දිහා බැලුවා.

“අපෝ දිස්නක ඔයා මේ යකාගේ කන්ට්‍රෑක්ට් බාර ගන්නවද? ඔයාටත් එහෙනම් බෙල්ල නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ“

ඉෂාන කියපු කතාවට අනිත් අය කොක් හඬින් හිනාවෙද්දි සමීර ඉෂානිට අත දික්කරලා හොඳ නමක් කිව්වා.

“බුදු අම්මෝ ඉෂානි..මම බාර ගන්නවද මුගේ කෙහෙල් මලවල්...ඇරත් ඒක් රියල් කටු අත්තක්“

“ ඒ වුනාට ඒ කටු අත්තේ අගින් සොඳුරු මල් පිපෙනවා දිස්නකයෝ...“

කවියක් කියන්න වගේ සමීර කියපු විදිය කට්ටියටම දවසේ වෙහෙස අමතක කරන ආතල් එකක් වුනා.

“සොඳුරු මල්...රෙද්දක් පිපෙනවා..මමනේ යකෝ දන්නේ ඒකිගේ රඟ..ඔන්න අක්කවත් නම් කමක් නෑ ඒකිගේ“

“ඉතින් දිස්නකයෝ උඹ අක්කව දාගෙන නංගිව අසරණ සරණ සමීරයට පූට්ටු කරලා දිපන්...වැඩේ ඉවරනේ....“

අලුත්ම අදහස දුන්නේ මුදිත.

“අන්න පට්ටම පට්ට අදහස..මුදිත උඹේ කටේ ගොල්ඩ් ලීෆ් පැකට් එකක්ම දාන්න වටිනවා“

සමීර නැගිටලම කිව්වේ අදහස අනුමත කරගෙන.සේරම කන්න වගේ මගේ දිහා බලන්න ගත්තා.

“අනේ මේ...මටනම් ඔය ටින්කිරි වලට කරගහන්න බෑ...උඹ ඕනනම් දෙන්නවම බාරගනින් මට පාඩුවේ ඉන්න දීලා“

මම එහෙම කියනකොට කට්ටියම නිකන් අපහසෙට වගේ සද්දයක් දාන්න ගත්තා.

“ඉතින් දිස්නක මොකද ඒ කෙල්ල හරි නැද්ද?“

රමතිත් දැම්මා හොට. මට ඉතින් දෙන්න උත්තරත් නෑ මේ වෙලාවට. ඒත් ගණදෙවි නුවණ පහල වුනා.

“මට කෙනෙක් ඉන්නවා බඳින්න...“

මම කියපු කතාවට කට්ටියම උඩගියා.

“මොකා...තෝ අපිට කිව්වේ නෑනේ...කව්ද බොල ඒ ගැටිස්සි“

“උඹලා එයාව දන්නෑ...එයා අපේ තාත්තගේ යාළුවගේ දුව..අපි පොඩි කාලෙම තාත්තලා තීරණේ කරාලු අපිව ලොකු උනාම බන්ඳන්න...“

මම කියපු අමු කෙප්පෙට සේරම අහුවෙලා වගේ.මට බොක්කෙන්ම හිනාත් එක්ක. අපේ සෙට් එකම නිකන් විකාර වෙලා හිටියේ මගේ ඉතිහාස කතාවට.

“ඒකනම් හරිම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්...“

ධනුෂ්කයා කිව්වා.

“ඔව් ඔව් බන්...එහෙම තීරණේ කරනවද පොඩි කාලෙම බන්ඳන්න...හදිස්සියෙවත් ලොකුවෙනකොට ඒකි මේ ඉෂානි වගේ පට්ට දොදොල් කෑල්ලකවෙලා හිටියොත් සුම්මා නේද?“

සමීරගේ කට කැඩෙන කතාවට ඉෂානි අතේ තිබුනු වතුර බෝතලෙන් දමලා ගැහුවා සමීරට. 

“මොනවා කරන්නද බන්..දෛවය තීරණය වෙන විදිය තමයි“

මම පුල් සීරියස් පිටම සුසුම් පොදියක්ම පිට කරගෙන කිව්වා. අපේ කස්ටිය දැන් තවත් අප්ස්ට්.

“ගණන් ගන්න එපා දිස්නක..දැන් එතකොට කෝ ඒ උඹේ බාලේ තීන්දු වුන ප්‍රේමේ?“

මුදිත වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ මම සිරාවටම හිරකරන ගමන්.

“ඒකි දැන් ඉන්නේ කුරුණෑගල පැත්තේ..හිටපු ගමන් කතාකරනවා දැකලා නෑ“

මෙච්චර කටට බොරු එන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ. ඒත් අපි කස්ටිය කෑම වෙලාව ඉවරවෙලා වැඩට ගියේ සෑහෙන්න හිත බර කරගෙන. මටනම් යටිපතුලෙනුත් හිනා.

                                 * * * * * * * * * * * * 

       එස්.කේ එක ගාවින් මමයි සමීරයි එක්ක මුදිතත් මාරුවුනා ස්ටෑන්ඩ් එක පැත්තට. වෙලාව පහට කිට්ටු නිසා ගොඩක් බස් වගේම වාහනත් එහෙ මෙහෙ යනවා. පන්ති ඉවරවෙලා එගොඩහ පැත්තෙන් වැගේම පල්ලිමුල්ල, වෙරළපාර පැත්තෙන් ළමයි පෝලිමට ස්ටෑන්ඩ් එකට එනවා. අපි තුන්දෙනා යටියන බස් නවත්තන තැන ලඟින් මාරුවෙලා කොළඹ යාඩ් එක පැත්තට ගියා. ගිහින් වැලිගම බස් නවත්තන තැන හිටියා. ගොඩක් සෙනග.

   තුන්දෙනාම රටේ නැති වල්පල් කතාකරන අතරේ සමීරගේ රබර් ඇහැ ක්‍රියාත්මක වෙලා..

“අඩෝ දිස්නක..අන්න උඹලගේ අල්ලපු ගෙදර චූටි කුමාරි ඉන්නවා..මම දැකපු ගමන් ඒකිගේ ඇස් ටොම්බ සයිස් වුනා..මම දුන්නා මචං ඇස්පාරක්..ඒක් වන් ෂොට් නොකවුට්..දැන්නම් ඔලුව උස්සන්නෙත් නෑ...හරියටම ලොකු එකී වගේමයි නේද බන් දැන්...ඔන්න ඉතින් අපි තමයි කෙල්ලෝ පිලිවෙලට හදන කොල්ලෝ..“

සමීරයගේ කතාවට මට ඉහින් කනින් දාඩිය දැම්මා. මම බැලුවා නෙත්මි දිහාව. නෙත්මි තව යාළුවෙක් එක්ක ඉන්නේ. ජිත්මි හිටියේ නෑ. නෙත්මි හිටියේ බිම බලාගෙන තොල් හපාගෙන. මූණේ තිබ්බ තරහ දැක්කම මට තවත් දාඩිය දැම්මා. මේ අවලමා නම් තල්අරඹට යයි. ධනුෂ්කයත් වැලිගමට යයි, මම එපාද මේකි එක්ක මඩිහේ පුබුදු මාවතේ පියමනින්න ඕන.අදනම් මම කම්බස්.

  මම ඒ වෙලාවෙම තීරණේ කලා අදනම් රෑ කීය වුනත් නෙත්ම යන බස් එකකනම් යන්නෑ කියලා. ඕකි සමීරයා කරපු දේට පලියට මට කම්බුල් පාරක් දුන්නොත් බස් එක මැද. ආයෙත් මාතර වසන්න කියලද. මාතර කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් කරන්න බැරිකමකුත්  නෑ..ඇරත් නෙත්මිට ඕව කජු ඇට වගේ වැඩ.

“මචං වැඩේ ගොඩ යයි වගේ නේද?“

සමීරයා අහපු එකට මටනම් යකා නැග්ගා.මු තමයි හැමදාම මට මේ වගේ චාටර් කේස් දෙන්නේ.

“ඔව් ඔව් උඹ ගොඩයයි මට වෙන්නේ වැලලෙන්න...යකෝ නැන්දලගේ ගෙදරින් යන්න වුනොත් මට වෙන නවතින්න තැනක් නෑ දෙනියාය ඇරෙන්න“

මට තරහට සමීරගේ හොම්බට දෙන්න හිතුනා.

“හරි බන් මම ඇහැක් ගහමු එකෙයි උඹට නැන්දගේ ගෙදර කාඩ් කැන්සල් වෙන එකයි අතර තියන ඉන්ටර් රිලේෂන්ෂිප් එක මොකක්ද බන්“

මේ යකාට ඉතින් කියලා වැඩක් නෑ. කියන කොටම නෙත්ම නැගපු බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටවුනා. ඒකි වෙඩි පිටවෙන ඇස්දෙකෙන් අපි දිහා බලාගෙන ගියා. සමීරයා දැම්මා තවත් සෙවල හිනාවක්. මම දුවලා ගිහින් ඊලග බස් එකේ වාඩිවුනා.


20 comments:

  1. //ඒකි දැන් ඉන්නේ කුරුණෑගල පැත්තේ..හිටපු ගමන් කතාකරනවා දැකලා නෑ//

    මම හොයලා දෙන්නද? :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හොයලා දෙන්නකෝ එහෙනම්....තැන්කු මචං...රජ සැප නම් නැතත් කමක් නෑ

      Delete
  2. නැගලා යනවා කතාව.ඔච්චර බොරු කියලා ඕවා පල දෙයි වගේ මටනම් හිතෙන්නෙ.:D

    ReplyDelete
    Replies
    1. එහෙම පල දෙනවද? ඒකනම් බරපතල ප්‍රශ්නනයක්නේ

      Delete
  3. හෆ්ෆා.. කෙල්ල කම්මුල් පාරක් දෙයි කියලා ඔහොමත් බය වෙනවාද හෆ්ෆා??

    ReplyDelete
    Replies
    1. නැතුව නංගියේ..බස් එකක් මැද කම්බුල අතගෑවම සනීපයි කියලා ඔයා හිතනවද අනේ...අපොයි

      Delete
  4. එල කතාව .....මමත් අද බ්ලොග් එකක් පටාන් ගත්ත කස්ටිය පුලුවන් කමක් තිබුනොත් ඇවිත් යන්න

    ReplyDelete
  5. අම්මට සිරි.. කොලුවා ඇත්ත වගේ ලියලා නේ! එල ඈ.. ඊළඟ කොටසත් ඉක්මනට දාපන්කෝ..

    ReplyDelete
    Replies
    1. සිරාවට..එල එල එහෙනම්..ඊලග කොටස සඳුදා

      Delete
  6. සමීරට කලින් නෙත්මි එක්ක දිස්නක යාළු වෙයි වගේ... :) බලමු.

    ReplyDelete
    Replies
    1. අපි දන්නෑ ඕවා...දිනේෂ් සහෝදරයා වැල යන අතට මැස්ස ගහමු හොදේ

      Delete
  7. මැක්සා කථාව මචා !!!

    ජනරඟ සහෝ ගේ මේ තාක් බලපු කථා තුනම එකිනෙකට වෙනස් ශෛලීන්ට ලියවෙන්නේ... ඇත්තටම හොඳ ලේඛකයෙක්ගේ ලක්ෂණය වෙන්න ඕනේ ඒක... නොදන්නා කෙනෙක් “හමුවුනා අනේ හමුවුනා“, “අදිසි වෙඩික්කරු“ හා මේ කථාව වෙන වෙනස කියෙව්වොත් මේ කථා තුන ලිව්වේ එක් කෙනෙක් කියලා හිතාගන්නත් බැරිවේවි...!!!

    මේ කථාව පාවෙන යෞවනයේ කථාවක් වගේ...! පේන විදියට සමීරට කලින් දිස්නක අමාරුවේ වැටෙයි වගේ...

    දවස දාන එක හොඳයි සහෝ... ඇඟිලි ගැන ගැන ඉන්න පුළුවන්නේ... ජය !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් ස්තූතියි චතුරංග..වෙනස් විදියට ලියන්න උත්සහ කරන්නේ එතකොට කියවන අය අලුත් ශෛලියක් වගේම අලුත් මිම්මකින්ම කතාවට අනුවර්තනය වෙන නිසා..වචන ටික ගොඩක් වටිනවා..චතුරංග සහෝදරයට ඒ ශෛලීගත වෙනස හොඳටම දැනෙන්නේ මගේ කතා මුල ඉඳලා අගට දිගටම කියවපු නිසා

      Delete
  8. ආයෙමත් ආදරෙන් පළවෙනි කොටස කියෙවිවේ
    දිගට කියවන්න හිතා ගෙන නෙමෙයි ඒත් දෙවෙනි කොටස දැකපුවාම කථාව දැන් බැලුවා වගේ මතක් උනා
    ඒ කියන්නේ දැන් මම දිගටම බළනෝ

    ReplyDelete
    Replies
    1. එහෙමද..එහෙනම් ඉතින් එච්චරයි..බලමුකෝ ඉස්සරහට මරු මරු ඒවා

      Delete
  9. හරි රසවත්... ඉක්ක්මනට අනික් කොටසත් එනකන් බලන් ඉන්නවා...

    ReplyDelete
  10. //“මචං වැඩේ ගොඩ යයි වගේ නේද?“//

    අම්මප....:D

    ReplyDelete
  11. ඉලංග කොටස තවත් රසවත් ඇදෙ මාතර ආපු වෙලාවක කෝල් එකක් දිහන්කෝ පැය දෙක හමාරක් ගෙවල එන්නන් මාතරට ඔය කොහේ හරි රවුමක් ගහන්න හරි ^_^

    ReplyDelete