“ඔන්න ඕක තමයි සිද්ධිය...“
මම හවස ස්ටෑන්ඩ් එකේදි සමීරට දවල් සිද්ධ වුන දේවල් කිව්වා. එක අතකට මේකට සමීරගේ සහයෝගයත් අනිවාර්යයෙන් ඕන වෙනවා.ඒක නිසා කලින්ම මිනිහට කියලා තියන එක හොඳයි කියලා හිතුනා. මම සිද්ධිය කියලා ඉවර වෙනකොට සමීරයා මගේ දිහා බලන් හිටියේ පීක්වැල්ල පන්සලේ භූත ගුහාවට ඇතුල්වෙන තැන හිටගෙන හිටපු ගරා යකා වගේ වයින් වෙලා.
“ඈ බොල් පොල් හරකෝ...තොට ඔල්මොරොන්දන්ද ඔය වගේ අසමජ්ජාති ඔට්ටු දාන්නේ..බූරුවා පාරක් ගහලා දාහක් දෙදාහක් පරාදවෙන එක දුක නෑ..මේක යකෝ ලක්ෂෙක ඔට්ටුවක්“
සමීර කෑගහනවටත් වඩා නහයෙන් අඬනවා.මටත් වඩා සමීර බයවෙලා. මගේ හිතට බයක් දැනුනේ නැත්තේ කොහොමහරි මේ ඔට්ටුව දිනනවා කියන අදහස හිතේ තිබුණ නිසා.
“උඹ බයවෙන්න එපා මස්සිනා..“
මම සමීරයගේ පිටට තට්ටුවක් දාලා කිව්වා. සමීරයා ආයෙත් මූණ නොරොක් කරගෙන මගේ දිහා බැලුවා.
“බය...කෙහෙල්මල් බය...ඒක නෙවෙයි උඹ ගාව උගස් තියන්න ඉඩමක් හරි විකුණන්න මොකක්හරි වටින දෙයක් හරි තියද? නැත්නම් එකතු කරපු සල්ලි එහෙම?“
සමීර එහෙම ඇහුවම මම කල්පනා කරා මූ මොකාටද එන්නේ කියලා.
“ඒ මොකටද? උඹට සල්ලි හදිස්සියක්වත්ද?“
“සල්ලි හදිස්සිය මට නෙවෙයි බං තොට...දැන් ඉතින් ලක්ෂයක් දෙන්න විදියක් හොයපන්කෝ උඹ...ටින්කිරි ගාගන්නේ කනේ ඉඳන්“
සමීරයා නහයෙන් අඬන විදියට මට හිනාත් ගියා. මට හිනායන කොට මිනිහට තවත් යකා නගිනවා.
“උඹ බය නැතුව ඉඳපන් බං..මම මේ ගේම අනිවා දිනනවා..මේක එච්චර ලොකු චැලේන්ජ් එකක් නෙවෙයි..උත්සහ කලොත් ලේසියි“
“ඔව් ඔව්...ලේසියි තමයි..යකෝ අර කට කැඩිච්ච කරාටි කාරිවනම් ගුටියක් දෙකක් කාලා හරි දාගන්න පුළුවන් වෙයි..ඒත් බං අර ගහක් ගලක් වගේ කිසිම හැඟීමක් දැනීමක් නැතුව යන කෙල්ලෙක්ට ආදරේ කරලා ලංකරගන්නවා කියන එක ගලේ මල් හොයනවා වගේ වැඩක් බන්...ඇරත් උඹ දෙනියායේ එකා මාතරට බැහැලා මාතර කෙල්ලෙක් දාගන්නකං අර කොප්පරාවත්තේ අයියණ්ඩි ගැන් එකත් එක්ක නිකං ඉඳිවි කියලා හිතනවද“
සමීර මගේ ඉස්සරහා තියපු ලයිස්තුව වැරදිත් නෑ. ඒත් මට මේ වෙලාවේ පෙනුනේ අභියෝගය සහ ජිත්මිගේ ලස්සන මූණ විතරයි.
“ඇමරිකාව පාකිස්ථානෙට බැහැලා බින් ලාඩන් අල්ලගෙන යනකං පාකිස්ථානේ දන්නෙත් නෑ බං..ඒ වගේ තමයි මේකත්..උඹ බයිල නොගහ මේකට ටිකක් හෙල්ප් එකක් දීපන්“
“ඒක නෙවෙයි මේක මට කියපං“
බස් එකට නැගලා ටික දුරක් යද්දි සමීර මට කිව්වා.
“මොකක්ද?“
“මම දන්න විදියට උඹේ හිතේ ජිත්මි ගැන ආදරයක්වත්,කැමැත්තක්වත් තිබුණේ නෑ..එහෙම එකේ කොහොමද උඹ ජිත්මිට මාස තුනක් වගේ කාලෙකින් ලංවෙන්න හදන්නේ?“
ඇත්තටම ඒක මෙච්චර වෙලා මට නොදැනෙනු,නොතේරුනු දෙයක්. ජීවිතේ පලවෙනි වතාවටද කොහෙද සමීර වැදගත් තර්කයක් මතු කලා. ඇත්ත..ජිත්මිගේ ආඩම්බරකමට, පාඩුවේ ඉන්න ගතිගුණවලට කැමති වුණා වගේම බැන්නා වුනාට එයාට ආදරේ කරන්න හරි එයාව ලංකරගන්න හරි හිතක් මට තිබුණේ නෑ. ඒත් ජිත්මිට කෙනෙක් ලංවෙන්න හදනවා කියලා දැනගත්තම මොකක්දෝ කවදාවත් නැති ලෝබකමක් දැනුනා කියන එක විතරයි මම දන්නේ.
“ඒකනම් සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්..ඔහොම ටික දවසක් යද්දි ඒ ආදරෙත් ඇතිවෙන්න බැරි නෑ බං“
එහෙම කියලා මම බස් එකෙන් බැස්සා. ගෙදරට යනකං නෙවෙයි ගෙදරට ගිහිල්ලත් කල්පනා කලේ අද දවසේ වෙච්ච දේවල්.
පැනගෙන ඔට්ටු දැම්මට මොකද ටිකක් හිතට බයයිත් වගේ. ඒත් එහෙම පස්ස ගහන එක මාතර කොල්ලන්ගේ විදිය නෙවෙයි. හැමදෙයක්ම හොදින් වෙන්න කියලා හිතාගත්තා.
* * * * * * *
පහුවෙනිදා හවස ටිකක් කලින් ගෙදර ආවා. ඇවිත් රෙදි එහෙම හෝදලා දාලා මිදුලට වෙලා ටිකක් මහන්සි ඇරියා. පොඩ්ඩත් නිදාගෙන හිටපු නිසා ගෙදර තිබුණේ සාමකාමි වටපිටාවක්.
“මේ නිහඬ බව බිඳින්න තව මොනවාහරි කියන්න....“
ජිත්මිගේ කටහඬ අල්ලපු ගෙදර පැත්තෙන් ඇහුනා. හවස නාලා කොණ්ඩේ වනාදාගෙන රෙදි ගන්නවා වහීවි කියලා හිතාගෙන. නෙත්මිනම් පේර ගැටයක් හපනවා පඩියට වෙලා.
වැස්සක පාටක් නොතිබුණ නිසාද මන්දා ජිත්මි වැලෙන් රෙදි ගන්නේ හරි හුරතලේට. ඒක බලන් හිටියත් භාවනාවක් වගේ. ජිත්මි රෙදි ගන්න අතරේ මම ඒ පැත්ත බලන් ඉන්නවා දැකපු නෙත්මි සද්දයක් දාලා මට අතවැනුවා.
“මොකද නංගි දොලදුකද අමුගැට පට්ට ගහන්නේ?“
මම අහපු දේට ජිත්මිටත් බකස් ගාලා හිනා ගියා. ඒත් ඉක්මණටම හිනාව තදකරගත්තා. සාමාන්‍යයෙන් නෙත්මි ගැන දන්න කෙනෙක් මෙහෙම කට කැඩිච්ච කතාවක් නෙත්මිට කියන්නේ නැති එකේ මම කියපු කතාවට ජිත්මිටත් හිනා ගියා.
“දොලක් නම් පහල තියනවා...දුකක් නම් මට නෑ...ඇයි ඔයාට තියනවද?“
නෙත්මිත් ඉතින් කතාවෙන් පරදින්න කවදාවත් සූදානම් නෑ.
“මට නම් දුකක් නෑ නංගි..ඒත් අහසට දුක හිතිලද කොහෙද කඳුළු කඩාවැටෙන්න යන්නේ..ඒ කඳුළු වලට බයේ කුරුල්ලෝ රෑන් පිටින් පියාඹගෙන යනවා කූඩු වලට“
නෙත්මි මගේ දිහා බැලුවේ මේ යකාට මේ මොනවා වෙලාද කියලා කියන්න වගේ.
“මේ අයියේ...ඔයා අද මොකක්හරි පරණ සාහිත්‍ය පොතක්වත් කියෙව්වද? නැත්නම් රටකජු ගොට්ටක් කද්දි ඒකේ ගොට්ට ගහල තිබුණ පරණ ලිපියක්වත් කැවුනද?“
“ඔය එකක්වත් නෙවෙයි නංගි..වැස්සක මානයක් වත් නැතුව හුලං හමන හැටි මම කල්පනා කලා“
“මේ ඔයාටනම් අද මොනවම හරි වෙලා තියනවා“
මම සොඳුරු පද වපුරද්දි ජිත්මි ගෙට වැදිලා කාමරේ ජනේලෙත් වහගත්තා. මෙහෙම කෙල්ලෙක්. සියලුම සංවේදී සංකල්පයන් උපතේදීම එකතු කරන්න අමතක වෙලාද කොහෙද.
“මේ පොඩි නංගි...ඇත්තටම ඔයාලගේ අක්කට වයර් ෂෝට් එකක් තියද?“
“ ඒ මොකෝ එහෙම අහන්නේ...“
“නෑ ඉතින් නෝ කතා නෝ සිනා.. සදාකාලිකවම“
“හරි හරි ඕවා ගණන් ගන්න එපා...මම මේ එයාටත් එක්කම තමයි කතාකරන්නේ“
මට ඒකටනම් හිනාගිහින් කැස්සකුත් හැදුනා. කියන්න දෙයක් කල්පනා වුනේ නෑ.
“අපොයි ඔව්..අම්මපා ඔයාගේ කටනම් බ්රේක් නෑ තමයි...“
එතකොටම දොර ඇරගෙන එලියට ආවේ ජිත්මි. අතේ තේකක් තිබුණා. මගේ දිහා බැලුවා එක පාරක්, ආයෙත් නංගි දිහා බැලුවා
“නංගි අන්න අම්මා එන්න කිව්වා..තේ බොන්න“
“මගේ තේ එකත් අරගෙන ආවනම් නරක ඇති කුමාරිහාමි...මේ අයියේ මම යනවා හොඳේ...මෙයාගෙන ඕනනම් තේ ටිකක් ඉල්ලගෙන බොන්න..හැබැයි කුණු ලෝබි“
ඒ කියපු කතාවට මට හීන් දාඩිය දැම්මා මමයි ජිත්මියි දෙන්නම එකපාර නෙත්මි දිහා බැලුවා. ජිත්මි එහෙම බලලා ඊලඟට බැලුවේ මගේ දිහා. මම තේ උගුරක් දෙන්න පුළුවන්ද වගේ බැල්මක් දාලා හිනා වුනා. හපෝ දොර වහගෙන ආයෙත් ඇතුලට ගියා.
෴ ඊලඟ කොටස මෙතනින් ෴
අදමනේ මේ පැත්තේ ආවේ. මේ කතාව මුල ඉදන්ම කියවන්න වෙනවා
ReplyDeleteඑහෙනම් ආයුබෝවන් කියලා පිලිගන්නවා සහෝදරයව
Deleteඔය පැණිය හලන්නෙ... දැන් බලා ඉඳපියකෝ සිකුරාදා වෙනකම්
ReplyDeleteඔව් ඉතින් මේ පැණි හැලිල්ලට බස්වල කොන්දොස්තරලා භාවිතා නොකරට මේකත් එක විදියක් තමයි
Deleteහි...හිඃ..5%ක් විතර හරි වගේ....
ReplyDeleteමමනම් හිතන්නේ නෑ සුමිත් අයියා
Deleteහා හා ඔය වැඩ පටන් අරන් තියෙන්නෙ.. ඔහොම යමු .. :D
ReplyDeleteහෙල්ප් එකක් දෙන්නවත් කවුරුවත් නෑනේ කොල්ලට
Deleteමල පනිනවනෙ.. ධෙන් බල ඉඩ පියකො සිකුරඩ වෙනකම්
ReplyDeleteඑහෙනම් අමුඩයක් ගහගනින් බං..සිකුරාදා කියන්නේ දවස් කීයද අනේ
Deleteපට්ට නේ :ඩ්
ReplyDeleteඔහොම තමය් ඉතින් කෙල්ලෝ මුලින් මුලින් ගණන් නේ
සිකුරාදා වෙනකන් බලන ඉන්නවා හරිය..
කෙල්ලෝ එකිනෙකාට ගොඩක් වෙනස් සහෝදරයා..අපිට එකම කෝණයකින් විනිශ්චය කරන්න පුරෝකථනය කරන්න අමාරුයි
Deleteජිත්මිව කතාවට අල්ලගන්න බන් තිබ්බෙ දිස්නකයට, :D :D
ReplyDeleteඑල එල ඉක්මනට ඊලඟ කොටසත් දාපන් මස්සිනා (Y)
ආඳෙක් අල්ලගන්න එක ඊට වඩා ලේසි ඇති මම හිතන්නේ
Deleteapi balamuko.......matara kollonge wada.mehema kiyewwata mamat jithmi wage kenek tama.
ReplyDeleteදෙන්නම මාතර කොල්ලෝ නිසා කාට හරි ගියත් මාතර කොල්ලෙක් තමයි ගොඩ යන්නේ...අපෝ මම නොදන්නවද ඔයාගේ ගතිගුණ..හිකිස්
Delete"මම තේ උගුරක් දෙන්න පුළුවන්ද වගේ බැල්මක් දාලා හිනා වුනා"
ReplyDeleteඅපෝ පෙරේතයා....
ඒවා ආදරණීය මුලපිරුම් සංඥා..ඔයාටත් ඕවා ඕනතරම් ලැබිලා ඇති
Deleteහිකිස්..
Deleteඅනේ සිකුරාදා වෙනකන් ඉන්න බැ බං අයියේ.
ReplyDeleteටිකක් ඉවසපන් බං මලයෝ
Deleteඑල එල පටන් ගැන්මට ඔය හොදයි ,වැඩිය 1ක දාන්න යන්න එපා එහෙම උනොත් තමා ගනන් බලන්න වෙන්නේ ...
ReplyDeleteඔන්න දීර්ඝ කාලීනව පැදීමේ නියුතු රොබින් අයියාගෙන් උපදෙස්..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..එල එල
Deleteහයියෝ අප්පා ! මං හිතුවේ ජිත්මි තේ එක අරන් ආවේ දිස්නකට කියලා... නොහොමද නෙත්මිවත් තේ බොන්න යවලා ෂේප් එකේ දිස්නකට තේ එක දුන්නා නම් !!! ෂික් !!! කෑවා වැඩේ...
ReplyDeleteජනරඟ මස්සිනා... මේක නම් පබ්ලිෂ් කොරලා ඉවර වුනු ගමන් ප්‍රින්ට් කරන්න ඕනේ හරි... පොටෝකොපි ගහල හරි කමක් නෑ... අනිවා හිට් ෂුවර් & ෂොට් !!! හි හී !!!
කමෝන් දිස්නක... සැලෙන්න එපා කොල්ලෝ... ඔහොම යං !!!
මේ මෝඩ කෙල්ලොන්ට ඕවා තේරෙන්නේ නෑ චතුරංග සහෝදරයා..දිස්නක තාමත් පැටි අවදියේ ආදරයකට දත කනවනේ..ගිය සැරෙත් කතාව පබ්ලිෂ් කරන්න කියලා අදහස දුන්නේ සහෝදරයම තමයිනේ
Delete" මම සොඳුරු පද වපුරද්දි ජිත්මි ගෙට වැදිලා කාමරේ ජනේලෙත් වහගත්තා. "
ReplyDeleteහයියෝ සල්ලි.. පුතෝ ලක්ෂයක් වතුරේ...
mahalokuwate ottuwak dammate jothmige muna mada nahayak wath thiyenewade kiyala balanewath eya balannne nane :P
ReplyDeleteපවු අප්පා .. තාම පජ වෙන සීසන් එක නෙහ්හ්.. බලමු ඉලංග එපිසෝඩ් එක
ReplyDelete